| මාර හිනාව...... |
අද උදේ මනෝජව duty දාන්න ගියේ අද මොනවා ගැන ලියමුද කියල හිත හිත , මොකද ඊයේ ලියන්න හිටියත් ටිකක් rest එකේ හිටිය , මොකද ඔක්කෝම ගෙදර හිටිය දවසක් නේ , මේ යන එන අතරේ හැමදාමත් දකින සිදුවීමක් අදත් දැක්ක , සේවා මුරය නිමා වුනු , සේවා මුරය වෙනුවෙන් යන රෝහල් සේවකයින් , නිලධාරින් බොහොමයක් අපි මේ යන පාරෙදි මුණ ගැහෙනවා , ඒ බොහෝ දෙනෙක් uniform ගතියක් තියෙනවා , ඒ කිව්වේ නිල ඇඳුමින් කියන එක නෙවි , uni+form එක වගේ දකින්න පුළුවන් , ඒ අය බොහෝ දෙනෙක් පාරේ යන්නේ එක කනක් වහගෙන , මොකකින්ද ? Mobile phone එකෙන් , මම දකින් විදියට රෝහලේ සිට ගෙදරට හරි බෝඩිමට හරි quarters වලට යනකම්ම හරි මේ phone එක කනෙන් ගැලවෙන්නේ නැහැ වගේ , මේ අතර විශේෂයි ලාබාල තරුණ නිලධාරිනියන් ,
| මෙන්න ඒ පුංචි කෙල්ල.... |
| මෙන්න film එක .. |
අද මේ පිළිබඳව ලියන්න හිතාගෙන ගෙදරට ආවම මතක් වුනේ ඊයේ නැරඹූ ලස්සන film එක ගැන , TRUST , Owen Keener ගේ හරිම ලස්සන , සංවේදී චිත්‍රපටියක් ,තමන්ගේ ජංගම දුරකථනයත් , උපන් දිනයට ලැබෙන laptop පරිගණකයත් එක්ක ජිවිතේ ගෙවන අවුරුදු 14ක යෞව්වනියක් , ජංගම දුරකථනයෙන් හඳුනාගන්නා “නොහදුනන මිතුරකු“ සමඟ සිදුවන “ආදර බැඳීමකින්“ ,ඇය , ඇගේ මිතුරු අපරාධකාරයා විසින් දූෂණයට ලක්වීමත් , එ තුලින් ඇයට ඇති වන මානසික සහ සමාජයීය ගැටළුත් , ආදරණීය පවුලක , බැඳිම් ගැනත් කතා කරන ඇත්තටම ලස්සන film එකක් , එතනදිත් මේ කෙල්ල හැම තිස්සේම phone එකේ , මට හිතෙනව අද දවසේ තරුණ දරුවන් ඉන්න හැම දෙමාපියෙක්ම බලන්න ඕන film එකක් කියලා , අද දවසේ විය හැකි දෙයක් ගැන කතා කරනවා එහි , ඔය සිදුවිම් දෙකම අරගෙන අපි අද කතා කරමු , ජංගම දුරකථන වැරදි අයුරින් භාවිතයේ අනතුර ගැන .
| ඇතුවත් බැරි නැතුවත් බැරි ... |
මම මෙතැනදි ජංගම දුරකථන හෝ එබඳු උපකරණ ගැන සම්පුරුණ තාක්ෂණීක වග ගොත ගැඹුරින් කතා කරන්නට යන්නේ නැහැ , මම මෙතැනදි මූලිකව යොමු වෙන්නේ , එම උපකරණ මඟින් නිකුත් වන radiofrequency electromagnetic fields - RF.EMF ගැන විතරයි , මොකද එය තමයි මේ අනතුරේ ප්‍රධාන සාධකය , මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මගින් නිපදවන්නේ ජංගම දුරකථනයෙන් විතරක් නොවෙයි , ස්වභාවිකව අපි හමෝම යම් තරමක චුම්බක ක්ෂේත්‍රයක ගිලිල තමයි ඉන්නේ , දන්නවනේ පොළොවෙ තියෙන magnetic field එක ගැන . අපිට උතුර-දකුණ මාරු නොවන්නේ මේ නිසානේ ,( එත් දවසක උතුර දකුණ මාරුවේද මන්ද , එහෙම කිව්වේ “සත් සමුදුරේ“ තිබුණු සටහනක අනාගතයේ විය හැකි යැයි අනුමාන කරන සිදුවීමක් ගැන තිබුණ, ගිහින් බලන්නකො මෙතැනින්) , ඊට අමතරව විවිධ විද්‍යුත් උපකරණ මගිනුත් මේ වගේ magnetic fields නිපදවෙනවා , නමුත් ජංගම දුරකථනයෙන් නිකුත් වන මේ “පොඩි-දරුණු“ විද්‍යුත් චුම්බක ක්ෂත්‍රෙයන් අපට අනතුර වන්නේ , එය නිපදවන ස්ථානය සහ අපේ ඇඟ අතර පවතින ඉතා අඩු දුර නිසයි , තව විදියකින් කිව්වොත් ජංගම දුරකථනේ උනත් ඈතින් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ ඇඟට වන හානිය අඩුයි ,
| වෙනස .....බලන්න ....අහන්න ... |
| අපට වෙච්චදේ ....දෙයියෝ ... |
| තුන් දෙනාම හොඳ වුනොත් හොඳා..... |
ඊළග දේ ෆෝන් එක පාවිච්චි කරන කාළ සීමාව , විශේෂයෙන්ම මේ කියන අනතුරු හුඟක් වැඩි ජංගම දුරකථනය කනේම තියාගෙන ඉන්න අයට , ඔවුන් කියන විදියටම අවුරුද්දකට පැය 1640ක් හෝ වැඩි කාළ සීමාවක්(greater than or equal to 1640 hours per year) mobile එක අනාරක්ෂිතව භාවිත කළානම් අවදානම් තත්ත්වයක් බව මතක තියා ගන්න , ඒ වගේම ජංගම දුරකථනයන් අවුරුදු 10කි හෝ ඊට වඩා වැඩි කාළයක් භාවිත කළා නම් ටිකක් පරිස්සම් වෙන්න Past studies have also shown an increased risk of tumours on the same side as cell phone use in heavy users who used cell phones for 10 years or longer
තාමත් අපි මේ විය හැකි හානිය කිව්වේ නැහැනේ , පර්යේෂකයන් කියන විදියට ප්‍රධානව මොළයේ Glioma කියන පිළිකාමය විය හැකි ගෙඩි , ඊට අමතරව ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා වර්ග කිහිපයක් (Acoustic neuroma) ඇති වීමේ අවදානමත් මෙමගින් වැඩි වෙනවා ,
| මේ වැඩෙත් බබා(ට) හොඳ නැහැ ... |
දැන් අපි බලමු මේ අනතුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා , මුලින්ම කියන්න ඕන , “හොඳ ෆෝන් එකක් , හොඳ නෙට්වර්ක් එකක්“ පාවිච්චි කරන්න , මම මේ බිස්නස් කරනවා නම් නෙවෙයි , අනෙක හොඳ ෆෝන් එකක් කිව්වේ ජංගම දුරකථන නිශ්පාදනය සහ ආශ්‍රිත පර්යේෂණ පිළිබඳ පර්යේෂණ ලොව පිළිගත් ආයතනයක නිශ්පාදනයක් තෝරා ගන්න , මිල ටිකක් වැඩි වෙන්න පුළුවන් , හැබැයි ඔය මිල හුඟක් වැඩි වෙන්නේ එහි තියෙන පහසුකම් මත , ඒ නිසා තමන්ට අවශ්‍ය මූලික පහසුකම් පමණක් තියෙන “හොඳ ෆෝන් එකක් “ තෝර ගන්න කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා , ඒ වගේම “හොඳට සිග්නල් තියෙන“ නෙට්වර්ක් එකක් තෝර ගන්න , ඒත් අපේ රටේ සමහර ඈත ප්‍රදේශ වලදි මෙය ගැටළුවක් තමයි , නමුත් එය ඉක්මණින් නිවැරදි වේවි ,
අනෙක් වැදගත්ම දේ තමයි ෆෝන් එක මිලදී ගත් ගමන් “වැඩේ “ පටන් ගන්නේ නැතිව , නිශ්පාදකයා විසින් ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව කියවන්න , එහි SAR අගයන් ගැන හඳුනගන්න මේ අගය SAR (Specific Absorption Rate) අඩු ෆෝන් එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි , ආරක්ෂක පියවර ගැන කියවන්න ,ඒක ෆෝන් එකට වගේම ඇඟටත් හොඳයි ,
අනෙක් පුළුවන් නම් call කරනවාට වඩා හොඳයි text එහෙම නැත්නම් SMS කරන එක , එකතොට අපේ ඇඟෙන් ඈත තියෙන නිසා විය හැකි හානිය අඩුයි ඒවගේම එහිදි නිපදවෙන , අනෙක් වටපිටා යහපත් නම් ඕක කනේ තියන් ඉන්නවට වඩා හොඳයි Speaker - on කරලා , කතා බහ කරගෙන යන්න , වට පිටාව ගැන හිතන්න කිව්වේ ඔබේ ආරක්ෂාවට වගේම අනෙක් අයටත් බාධාවක් නොවන විදියට එය භාවිත කරන්න.ඒ වගේම wired hand set එකක් තිබේනම් එය භාවිත කරන්න , දැන් ඉතින් hand set එක දාගෙන ෆෝන් එක පපුව උඩ තියාගෙන ඇඳ උඩට වෙලා කතාව පටන් ගත්තොත් ඉතින් මං මේ දැං කියපුදේ වැඩක් වෙන්නේ නැහැ හොඳද ?.
පරිස්සම් වෙන්න හොඳ තව උපදෙස් ටිකක් දෙන්නම් ,
- ඔබේ ජංගම දුරකථනය පපුව , බෙල්ල , බඩ හෝ ලිංගික අවයව ආසන්නයේ ආශ්‍රිතව රඳවන්න එපා ,
- ඔබේ සංවාදය හැකි තරම් සීමා කරන්න. කතාව දිගුවන තරමට අපි දෙන්නාටම හානිකර බව වටහා ගන්න.
- විනාඩි දෙකකට වඩා කතාව වැඩි වෙනවා නම් දුරකථනය අනෙක් කනට ගන්න , (එකම පැත්තේ තියාගෙන දිගු වෙලාවක් එය භාවිත කළාම හානිය වැඩියි)
- දුරකථයේ signal දුර්වල අවස්ථාවන් වලදී ගන්නා ඇමතුම් ප්‍රමාණය අතිශ්‍යයින් සීමා කරන්න .
- ඔබේ ප්‍රතිශක්තිය දුර්වල නම් , කාළින රෝග වලින් පෙලෙනවානම් , ගර්භනීනම් හෝ කුඩා දරුවෙක් නම් ජංගම දුරකථනය භාවිතය සීමා කරන්න , .
- ඔබේ ඇමතුම අනෙක් පුද්ගලයා විසින් ලබා ගන්නා තුරු දුරකථනය ‘කණට‘ ලං නොකරන්න ( එයා කෝල් එක ගන්නකං , දැන් තියෙන සිංදු අහ අහ ඉන්න නම් එපා ,) මොකද මේ වෙලාවට තමයි ඔබේ දුරකථනය වැඩිම සක්‍රිය තත්ත්වයට පත්වෙන්නේ
- ඔබ නිදා ගන්න විට එයත් ඔයාගෙම ඇඳේ තියා ගන්න එපා .(මේ එයා කිව්වේ Mobile phone එක ..! )
2006 කළ තවත් පර්යේෂණයකින් තව අනතුරක් පෙන්වා දෙනවා ඒ තමයි දිගු කාළීනව ජංගම දුරකථන භාවිත කරන පිරිමින්ගේ ප්‍රජනක ශක්තිය , ඒ කිව්වේ ඔවුන්ගේ Sperm count වගේම එම ශුක්‍රාණූ වල සක්‍රිය බව අඩුවෙනවා , එතකොට මොකද වෙන්නේ කියල විස්තර කරන්නම ඕන නැහැනේ , එහෙනම් අදට මම යනවා ,ආයෙත් දවසක් එනවා .
මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට මෙතැනින් යන්න පුළුවන් ,
මේ ගැන විඩියෝ එකක් බලන්නකෝ මෙතැනින් ගිහින්
මේ ගැන විඩියෝ එකක් බලන්නකෝ මෙතැනින් ගිහින්