| අළුත් එක ආවා.... |
| හොඳම ගැටුම .... |
ඔව් එය උපත්පාලන ක්‍රමයක් රහිතව වූ බැඳිමක් නම් මෙහිදි මූලිකව වෙන්න පුළුවන් සිදුවිම් දෙකයි තියෙන්නේ , එකක් , ශුක්‍රාණුව හෙවත් sperm පීනල ගිහින් ඩිම්බය ovum සෛලයත් එක්ක එකතු වෙලා Zygote හෙවත් යුක්තාණුව කියන , අපේ පැටියගේ ආරම්භකම අවස්ථාව හදන්න පුළුවන් , එහෙම නොවුනොත් ඒ කිව්වේ අර “පිහිනුම් තරඟයේ“ තෑගි ලැබෙන ජයග්‍රාහකයෙක් නොහිටියොත් , දවස් දෙකකට පස්සේ එම සියළු සෛල මැරිල යනව. ඒ කියන්නේ පිළිසිද ගැනීමක වෙන්නේ නැහැ . නොවුනොත් මොකද කරන්න ඕන කියල අපි කිව්වවේ , try කරන්න , තව try කරන්න , එතකොට “බබා හම්බවෙයි“.
| මෙන්න zygoteට ...... |
| පෙරහැර යන මග |
| සති හතලිහේ පෙරහැර ... |
හැබැයි ඔය ගර්භණීත්වය හඳුනාගැනීමට බහුලව භාවිත වන urine h.C.G. කියන මුත්‍රා පරීක්ෂණයට හොඳම කාළෙ තමයි ඊළඟ ආර්තවය සිදුනොවුනා නම් ඊට දවස් දහයක් විතර ගියාට පස්සේ .ඒ කිව්වේ ඊළඟ ආර්තවය මුල් දිනය හෝ දෙක තුල සිදු නොවුනා නම් ඔන්න ටිකක් සතුටුදායක සැකයක් තියා ගන්න , ඉන් දවස් 10කට පස්සේ Urine h.C.G එකක් හරි Blood h.C.G. එකක් හරි කර ගන්න පුළුවන් . විශේෂයෙන් urine h.C.G. පරීක්ෂණය සඳහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යම නැහැ ,ඔබට පෞද්ගලිකව වෛද්‍ය රසායනාගාරයකින් එය කරවා ගන්න පුළුවන් , ඒ වගේම ගෙදරදීම එම පරීක්ෂණය කළ හැකි බොහාම සරළ උපකරණත් (home Pregnancy Test) ඖෂධ වෙළඳපොලේ තිබෙනවා, හැබැයි එක් කරුනක් කියන්න ඕන , ඉතාමත් සුළු අවස්ථාවන් වලදි h.C.G positive වුනත් එය ගර්භණීත්වයක් නොවෙන්නත් පුළුවන් . ආයෙත් කියනවා එම අවස්ථා ඉතාමත් සීමිතයි , කළාතුරකින් වන දේවල්.
| ක්ලිනික් යනවා ..සපත්තු අතේ ... |
ගර්භණිත්වය හඳුනගන්න සරළම ක්‍රමය මොකක්ද කියල ඇහැවුවොත් ඔබ මගෙන් අහවි , “ඕකවත් දන්නේ නැත්ද අනේ menses නවතිනවනේ “ කියල ඔව් මේ තමයි ඊළඟ අවස්ථාව , නිවැරදිව ගර්භණීවුනා නම් ඊළඟ ආර්තවය නවතිනවා , අර ඇඳේ කතාවෙදි අපි කිව්වේ amenorrhea කියලා.මේ ආර්තවය නැවතීමත් එක්කම සමහර විට ඔබට හඳුනගන්න පුළුවන් වේවි , ඇඟේ රස්නේ ටිකක් වැඩි වෙලා වගේ . ඔන්න දැන් පිළිසිඳ ගැනීමක් වුන බවට “හොඳ හොඳ සෙල්ල පෙන්නන්න“ පටන් ගන්නවා . මොනවද ඒ සෙල්ලං.......
| ඇ(උ) +ඳේ අමාරුව .... |
| හිතේ සැහැල්ලුවෙන් ඉන්න බලන්න.... |
දැන් ටික ටික ඔබේ පියයුරු වල වර්ණයේ වෙනසක් වේවි , විශේෂයෙන්ම “නිපලය අවට තද පැහැ වීමක් “ සිදු වෙනවා , ඒ වගේම පියයුරු වල බර ගතියක් , වරින් වර චුට්ටක් රිදෙන බවක් දැනේවි , බය වෙන්න එපා , මොකද දරු පැටියගේ ‘කිරි කම්හල“ ටික ටික වැඩ පටන් ගන්නකොට එන පොඩි පොඩි දේවල් ඔය .ඒ එක්කම බඩෙත් හිටපු ගමන් තද කැක්කුමක් , සමහර විට විදුලියක් වගේ කැක්කුමක් යන්න පුළුවන් . ඕකට අපි කියන්නේ “abdominal crams" කියලා , ගර්භාෂය ටිකක් ලොකු වෙන්න ඇදෙන කොට තමයි මෙහෙම පොඩි පොඩි රිදිලි එන්නේ .
| පොතක් කියවන්න .. |
දැන් ඔබේ ගැබිණි බිරිඳට “ටිකක් මහන්සි ගතියක් , සමහර විට කම්මැළි ගතියක් දැනෙන්න “ පුළුවන් . ඇයට විවේක ගන්න දෙන්න , රාත්‍රී හොඳ නින්දක් වගේම දවල් වරුවටත් පොඩි nap එකක් දැම්මට වරදක් නැහැ , හැබැයි මුළු දවසේම නිදා ගන්න යන්න එපා , ඔබටත් දරු පැටියටත් ලෙඩ ගොඩක් ඇතිවේවි එමඟින්. සාමාන්‍ය දවසේ ක්‍රියාකාරකම් , කටයුතු වලට අමතරව පොඩි වෙනසක් කරන්න , film එකක් ගෙනත් දෙන්න එක්කම එකතු වෙලා බලන්න , කියවන්න හොඳ පොතක් අරන් දෙන්න ඇයට කියවන්න , හොඳ සිංදු ටිකක් අහන්න සලස්වන්න , ඇවිදීම හෝ සරළ ව්‍යායාමයක යෙදෙන්න . හැකියාවක් තිබේ නම් තමන්ගේ ආගමික පරිසරයට ගිහින් ඒ සුව විඳින්නට අවස්ථාවක් අරන් දෙන්න . ඒ වගේ ක්‍රියාකාරකම් දරුවාගේ මානසික වර්ධනයටත් හේතු වන බව අද සොයා ගෙන තිබෙනවා.
| කකියන කොන්ද .. |
| නොගෙන ඉන්නවානම් හොඳයි |
පොඩි කැක්කුමක් ආවට වෙනද වගේ “පෙති ගිලින්න“ යන්න නම් එපා , මොකද ගර්භණී සමයෙදි වෛද්‍ය අනුමැතිය මත දෙන විටමින් සහ පෝෂක සැපයුම් වර්ග හැරෙන්නට වෙනත් කිසිම ඖෂධයක් නොගෙන ඉන්න පුළුවන් නම් තමයි හොඳ , මෙතනදි බෙහෙත් කිව්වේ ගිලින ඒව විතරක් නොවෙයි ඔබේ ඇඟේ ගාන ක්‍රීම් වර්ග ගැන පවා වෛද්‍ය අවදානය යොමු කරනවා නම් හොඳයි , මොකද සමහර ර්‍කිම් වර්ල වල තිබෙන steroid මගින් පැටියට පොඩි හරි කරදරයක් වෙන්න පුළුවන් , නමුත් ඔබ යම් කාළීන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ පිළිබඳව පෙර ලිපියේ කතා කළ විදියට වෛද්‍යවරයා සමඟ කතා කරන්න , එවිට අවශ්‍ය වෙනස්කම් කර දේවි , එම ඖෂධ හැර කැක්කුමක් ආ ගමන් “ඩෝල් මෝල් “ ගහන්න එපා .විශේෂයෙන්ම මේ දවස් වල ඔළුවෙ තද කැක්කුමක් එහෙම හැදෙන්නත් ඉඩ තියෙනවා , ඒ වෙලාවට හිස දෙපැත්ත ටිකක් massage කරගෙන නළල , මුහුණ ටිකක් මද රස්නේ වතුරෙන් හොඳගෙන බලන්න , අඩු වේවි , හරි නොගියොත් වේදනානාශක මෘදු බාම් වර්ගයක උදව්ව ගන්න ,
| පිරිසිදුව ඉන්න... |
මෙච්චර වෙලා කතා කළේ ගැබිණි ඇයට මුහුණ පාන්න සිදුවන තත්ත්වයන් ගැනනේ , දැන් අපි අපේ ගමන පොඩ්ඩක් වෙනස් කරමු , දැන් පැටිය ටිකක් ලොකුයි , කොහොමද දැන ගන්නේ කවද විතර හම්බවේද කියලා , සමහර විට ඔබේ සායනයෙන් , නැත්නම් වෛද්‍යවරයා මේ ගැන ඔබ දැනුවත් කරන්නට පුළුවන් , ඒත් ඒ ගැන පොඩි දැනුමක් තියේනම් හොඳයි නේ .
| දුවෙක් නං... :-) ) |
| නියම කික් එක ... |
දැන් පවුලේ අපි හැමෝම දැන ගන්න ඕන දෙයක් කියන්නයි යන්නේ , මේ දවස් වල ඔබේ බිරිඳගේ moods ටිකක් වෙනස් වෙන්න පුළුවන් , ටිකක් දුකෙන් වගේ ඉන්න , සමහර විට හඩන්න , කළකිරිල වගේ ඉන්න පුළුවන් . මේ විදියේ තත්ත්වයක් දැක්කොත් පවුලේ හැමෝම ඇයට විශේෂ උදව්වක් කරන්න , ඇයට පුළුවන් තරම් විවේකයෙන් , සතුටින් ඉන්න අවස්ථාව දෙන්න , ටිකක් ඇවිදින්න යන්න , හිතට සහනයක් දෙන්න , හැබැයි තත්ත්වය ටිකක් වැඩියි වගේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන කතා කරන්න , නැතිනම් තත්ත්වය උග්‍ර වෙන්නත් බැරි නැහැ.
| ආදරෙන් ඉන්න ... |
| මල්ලි එන්න ළඟයිනේ ... |
එහෙම නම් අදට යන්න යනවා , ඊළඟ දවසේ ප්‍රසූතිය සහ ආශ්‍රිත තත්ත්ව සහ ගැටළු ගැනත් ඔබ දැන සිටිය යුතු කරුණු ගැනත් කතා කරන්නට. ඒත් මේ ප්‍රමාණවත් කියල හිතෙනවනම් අපි මෙතැනින් මේ මාතෘකාව නවත්වල වෙන මාතෘකාවකට යමුද ? තීරණය ඔබේ ....
මෙන්න අර පිහිනුම් තරඟයේ වීඩියෝවක් (අපේ බුද්ධි මත්‍රයගෙන් දැන ගන්නට ලැබුණු මේ වීඩියෝව නම් හරිම වැදගත් බලන්නම ඕන දෙයක්)
මෙන්න පැටිය හැදෙන හැටි බලන්න ලස්සන වීඩියෝ එකක්