Showing posts with label Deep Vein Thrombosis. Show all posts
Showing posts with label Deep Vein Thrombosis. Show all posts

2011/12/25

73) කකුලෙන් නැඟලා සුදු කොඩි වනනා “‘පණු පැටියා“

ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ...
කාළෙකට පස්සේ දවස් තුනක විතර නිවාඩුවක් ලැබුණා ..සීතලයි , නත්තලයි එක්ක මේ නිවාඩුවේ වටිනාකම වැඩි කළා වගේ ., පහුගිය දවස් ටිකේ නැවතිලා තිබුණු “හිම වැටිල්ල“ ඊයේ ඉඳන් ආයෙත් ටික ටික පටන් අරගෙන , හැම තිස්සෙම පුළුන් වගේ පුංචි පුංචි හිම වැටෙනවා , පොඩ්ඩන්ට නම් “නියමයි “ , ..මේ කාළගුණ තත්වෙත් එක්ක The Weather Network“ අපිට හරිම වැදගත් , ඒ කිව්වේ මෙහේ ප්‍රධාන රූපවාහිනි channel එක , හැම විනාඩි දහයකට වතාවක්ම පවතින , විය හැකි කාළගුණ තත්ත්වේ “හුඟක් දුරට“ හරියටම කියන හොඳ සේවාවක් , අපිට හරිම වැදගත් මොකද මෙහෙ විනාඩි දහයක් තුල ලොකු කාළගුණ විපර්යාස වෙන අවස්ථාත් තියෙනවා ,