Showing posts with label සොරයිසිස්. Show all posts
Showing posts with label සොරයිසිස්. Show all posts

2012/01/22

78) හැව හරින..පොතු හලන... කස කසා සැරිසරන “මිනිස්සු..“

අළුත් සටහනක් එක් කරන්නට මග බලා සිටියත් , පහුගිය දින ටික වෙනදට වඩා කාර්ය බහුල වුනා නිසා , බ්ලොග් සටහන ලිවීම වගේ “භාවනාවක්“ කරන්නට තරම් විවේකයක් නොලැබුණ තරම් , ඊයේ ලියන්න හිටියත් , බිරින්දෑ උපන් දින කේක් එකක් හදන්න කළ යුද්දේ එක්ක , මාත් එක් වුනු නිසා ඊයෙත් මගේ මේ අරමුණ ඉටු කර ගන්න බැරි උනා ..කොහොම උනත් අපි අද තියෙන  මිතිලිගේ උපන් දිනයට ලස්සන චිත්‍රයක් වගේ කේක් එකක් හැදුවා.(ලංකාවෙදි නම් පැය දෙකක් වගේ ටික වෙලාවකින් ලස්සන උපන් දින කේක් එකක් හැදුවත් , මෙහේ හැම දෙයක්ම ටිකක් වෙනස් නිසා , වැඩේ ටිකක් පමා වුනා, අනෙක ඉතින් birthday එක එක්කෙන්ගේ උනාට දෙන්නටම කේක් හදන්නත් එපායැ ) ...කයිවාරුව ඇති නේද ?....ඔන්න ඔය වැඩේ කරන අතරේ අපේ පවුලේ ළඟම මිතුරියක්ගෙන් ඇමතුමක් ලැබුණා ...“මනෝජ , මේ ඔයා සොරයිසිස් ගැන මොකද කියන්නේ ? ...ඒක හොඳ කරන්න පුළුවන්ද අනේ ...මගේ යාළුවෙක්ට තියෙනවා .එයා හරියම බයෙන් ඉන්නේ , ..“