Showing posts with label සමේ රෝග. Show all posts
Showing posts with label සමේ රෝග. Show all posts

2014/04/30

160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල

වැස්ස ළඟ අව්ව 
කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට බැහැල “බෝල් රූම් ඩාන්ස්“  දාන්නට පටන් අරගෙන , හැංගිලා හිටපු ඉර දැන්නම් වලාකුළු අස්සෙන් සැරින් සැරේ  එබිලා බලල හිනාවක් දානවා . පොළවත් ටික ටික උණුසුම් වීගෙන එන මේ වස්සාන කාළය හැම තැනම අළුත් වෙනසක් ගෙනත් .


2012/06/24

108) රහස් කියල “කැසිල්ලක්“

අද කොහේවත් යන්නේ නැහැ කියල “දැඩි තීරණයක් ගත්ත“ , මේ දවස් ටිකේම මගම වගේනේ. නිවාඩු දවස නිසා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ . ඒ වෙනකොට මනෝජ නම් අවදි වෙලා උදේ කෑමත් හදල . 


2012/06/04

105) ඉන්න ඇවිත් එක්කං යන ආදර කළු කෙල්ලෝ..



නිවාඩු දවස තරම් වැඩ වැඩි දවසක් නැති තරම් , සෙනසුරාදා ටිකක් පරක්කු වෙලා අවදි උනාට , වැඩ වැඩ වැඩ ...ගෙවල් අස් කරන්න , ඇඳුම් සොදන්න , ඒව වෙන් කරල , නවල පිළීවෙල කරන්න , මනෝජට නම් ඉතින් දවස් තුන හතරකට හරියන්න කෑම උයන්න  .....එකි මෙකි නොයෙක් රාජකාරි වලින් පිරිච්ච දවසක් තමයි අපේ සෙනසුරාදාව .  කොහොම කොහොම හරි හතර දෙනාගෙම එකමුතු වෙන් හවස තුන වෙන කොට ගොඩක් වැඩ ඉවර කරල , ගෙයින් එළියට පැන ගන්නව  කට්ටියම .ඒ පොඩ්ඩො දෙන්නගේ swimming class එකට යන්න . දෙන්නටම තියෙන නිසා හවස් වෙනකම්ම එතන ඉන්න සූදානමින් තමයි ගෙයින් පිට වෙන්නේ ,


2012/03/24

89) ඇස් දෙක උස්සන , හම රැළි වට්ටන උඩු කිරණේ..

දැන් නම් උදේ පාන්දර කිචිබිචිය , මෙතුවක් හැංඟිලා , නැත්නම් ලයිට් කණු උඩ කූඩුවලට වෙලා , ගුලි වෙලා හිටි  කුරුළු පවුල් දැන් නම් හිතු මනාපේ පියාඹනවා ..හරිම සන්තෝසෙන් වගේ ..හැම තැනම කුරුළු සාජ්ජ , රැස්වීම් ..උදේට පොඩ්ඩො දෙන්නත් එක්ක ඉස්කොළෙට යන ටිකට ප්‍රශ්න කෝටියයි ..ඒ සද්දේ කාගෙද ? අර පියාඹන්නේ කුරුළු අම්මද , තාත්තද ? ...ඇයි මේ කරුල්ලෝ දෙන්නා එකට එක වගේ කියන්නේ ? ., ඇත්තමට හරිම ලස්සනයි ...තැනක කුරුළු රංචු ඇඟ පුම්බගෙන අව්ව තපිනවා , තව තැනක පොඩි සටනක් ..තව තැනක් කුරුළු රැනක් ලස්සන හැඩයක් මවමින් පියඹනවා ...ඔය ඔක්කොම අතරේ අපි පාසලට ලං වුනා ...

2012/01/22

78) හැව හරින..පොතු හලන... කස කසා සැරිසරන “මිනිස්සු..“

අළුත් සටහනක් එක් කරන්නට මග බලා සිටියත් , පහුගිය දින ටික වෙනදට වඩා කාර්ය බහුල වුනා නිසා , බ්ලොග් සටහන ලිවීම වගේ “භාවනාවක්“ කරන්නට තරම් විවේකයක් නොලැබුණ තරම් , ඊයේ ලියන්න හිටියත් , බිරින්දෑ උපන් දින කේක් එකක් හදන්න කළ යුද්දේ එක්ක , මාත් එක් වුනු නිසා ඊයෙත් මගේ මේ අරමුණ ඉටු කර ගන්න බැරි උනා ..කොහොම උනත් අපි අද තියෙන  මිතිලිගේ උපන් දිනයට ලස්සන චිත්‍රයක් වගේ කේක් එකක් හැදුවා.(ලංකාවෙදි නම් පැය දෙකක් වගේ ටික වෙලාවකින් ලස්සන උපන් දින කේක් එකක් හැදුවත් , මෙහේ හැම දෙයක්ම ටිකක් වෙනස් නිසා , වැඩේ ටිකක් පමා වුනා, අනෙක ඉතින් birthday එක එක්කෙන්ගේ උනාට දෙන්නටම කේක් හදන්නත් එපායැ ) ...කයිවාරුව ඇති නේද ?....ඔන්න ඔය වැඩේ කරන අතරේ අපේ පවුලේ ළඟම මිතුරියක්ගෙන් ඇමතුමක් ලැබුණා ...“මනෝජ , මේ ඔයා සොරයිසිස් ගැන මොකද කියන්නේ ? ...ඒක හොඳ කරන්න පුළුවන්ද අනේ ...මගේ යාළුවෙක්ට තියෙනවා .එයා හරියම බයෙන් ඉන්නේ , ..“