| කොයි මේල් .....ද ....ජී මේල් |
මමත් email ටික එහෙම බලලා උත්තර ලියලා ගියා කුස්සියට , “අද ඔයාගේ පෙනුම එච්චර හොඳ නැහැ , තාම බඩේ ප්‍රශ්නේ තියෙනවා නේද නොකිව්වට , ?“ මම ඇගේ ඇස් දිහා බලාගෙනම ඇහැව්වේ හුගක් වෙලාවට තමන්ගේ ලෙඩ හංගගෙන මගෙත් දරුවන්ගේත් සතුට වෙනුවෙන් ඇය කරන “පරාර්ථකාමී බොරුව“ අඳුනගන්නම ඕන නිසා
“ නෑ ඒතරම් අමාරුවක් නැහැ , ඒවුනාට ටිකක් ඇඟ රිදෙනව වගේ abdominal distension වගේ .... ටිකක් බලමු නේද ? ..“
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,
මොකක්ද මේ සිෆිලිස් කියන්නේ ? අදත් දොරටු පැනය .....
මේ ලිංගිකව බෝවන ආසාදනයක් , කෙටියෙන් කිව්වොත් ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් . අර ඉස්සර කිව්ව විදියටනම් සමාජ රෝගයක් . හුඟක් ප්‍රසිද්ධියේ කතා නොකළාට අපේ අවට මේ රෝග තත්ත්වය තියෙන්නට පුළුවන් , හැබැයි කිසි වෙලාවක මේ රෝගය හුළඟෙන් , එහෙම නැත්නම් නාන තටාක වලින් ඇඳුම් වලින් බොවෙන්නේ නැහැ , බෝවෙන එකම ක්‍රමය ඒ බැක්ටීරියාව (බැක්ටීරියාවගේ නම ට්‍රිපොනිමා පැලිඩම්Treponema pallidum ) අපේ තුවාලයක් හරි සීරුණු තැනක් හරි තුලින් අපේ ඇඟට ඇතුළුවීම , එහෙම තුවාල නොවුනත් අපේ ශ්ලේමල පටල(ඉතා තුනී තෙත් සමක් තියෙන තැන්) හරහාත් ඇඟට ඇතුළු වෙන්න පුළුවන් , උදාහරණයක් විදියට අපේ ලිංගික අවයව , කට , තොල් , දිව වගේ ප්‍රදේශත් Risk zones කිව්වට වරදක් නැහැ. රුධිරය මගින් බෝවෙන්න පුළුවන් , එත් බය වෙන්න එපා රැධිර පාරවිලයනය Blood transfusion එකකට ඉස්සර වෙලා හැම රැධිර දායකයෙක්ගෙම ලේ සාම්පලයක් මේ පරීක්ෂණයට යොමු කෙරෙන නිසා රැධිර පාරවිලයනය ඔස්සේ බෝවන්නට අවස්ථාවක් නැති තරම් ,
හැබැයි ගර්භනී මවකට මේ තත්ත්වය ඇතිවුනොත් හරිම අවදානම් , විශේෂයෙන්ම අර උපදින්න ඉන්න පැටියාට , කිසිම වරදක් නැති ඒ පැටියට උපදින්නම ඉස්සර වෙලා මිය යන්න හරි , ඉපදිල දවසකින් දෙකකින් මියයන්න හරි වේවි , කොහොම හරි ඉපදුනත් ඇස් අන්ධ වීම් , අපස්මාරය වගේ තත්ත්ව , සෙංගමාලය වගේ තත්ත්ව ඇතිවෙලා මේ කිරි කැටිය දුක් විඳීවි . ඒනිසා මේ විදියට මවකගෙන් දරුවාට මෙබඳු අවාසනාවන්ත තත්ත්ව ඇතිවීම වැලැක්වීමට රජයේ “ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන “ සෑහෙන වැඩකටයුතු කරනවා .
කොහොම වුනත් මුලික ලක්ෂණ විදියට ඇතිවෙන්නේ පුංචි තුවාලයක් , ඒක ඇතිවෙන්නේ අපේ ලිංගික අවයවයක මතුපිට , මේ තුවාලය ඒතරම් රිදෙන්නේ නැහැ , සමහර විට තව තුවාලයක දෙකක් මතුවෙලා සති දෙක තුනකින් ඉබේම නැති වෙලා යනවා .(අපි කිව්වේ හැංගෙනව කියලා) , මේ තුවාල ලිංගික අවයව වල විතරක් නෙවි සමහර විට තොල් වල , ඒ ඇතුළු පැත්තේ , දිවේ එහෙමත් හැදෙන්න පුළුවන් , ඔය මුලින්ම තුවාලෙ හැදෙන තැන තමයි , අර බැක්ටීරියාව අපේ ඇඟට ඇතුළු වුනු රහස් දොරටුව .
ඔන්න දැන් ටික දවසක් මොකුත් උනේ නෑ වගේ කවුරුත් තමන්ගේ වැඩ කරගෙන යනවා ., සති දෙක තුනක් ගියා විතරයි , ඇඟට පොඩි උණක් වගේ , මෙන්න බලනකොට ඇඟේ තැනින් තැන රතු පාට ලප දාල , විශේෂයෙන්ම අල්ල , පතුල වගේ තැන්වලත් රතු පාට පුංචි බිබිළ , ලප , හැබැයි වාසනාවට මේව කසන්නේ නැහැ , දාඩිය දාන කොටනම් ටිකක් පිච්චෙනව වගේ දැනෙනව . ඔය අවස්ථාවට පොතේ කියන්නේ නම් secondary stage කියලා , ඔන්න බැක්ටීරියාව ආයෙත් නටන්න පටන් අරන් , ටික දවසක් , සති දෙක තුනක් ඔහොම නටලා ආයෙත් හැංඟෙනවා , ලෙඩේ හොඳ වෙනවා වගේ දැනෙනවා , ඔයා කාළෙට ලප එක්කම උගුර , කට එහෙම නැත්නම් ලිංගික ප්‍රදේශය වණ වෙලා වගේ දැනෙන්න පුළුවන් , හැම තිස්සෙම sore throat , ඇඟ පත රිදෙනවා , හන්දි කැක්කුමයි , කන්න පිරියක් ඇත්තෙම නැහැ , හුඟ වෙලාවට කියන්නේ ඇඟ නිකං වණේ වගේ රිදෙනාව කියලා , ලෙඩ ගොඩයි , එකක් ඉවර වෙන්න තව එකක් , දොස්තර මහත්තයටත් සමහර විට එකපාරටම හඳුනගන්න බැරි වේවි (හැබැයි රෝග ඉතිහාසය , ලිංගාශ්‍රිත තුවාල ගැන දැන ගත්තොත් මේ තත්ත්වයදැයි සැක කර අවශ්‍ය පරීක්ෂණ සඳහා යොමු කරාවි ) , වාසනාවට වඩා අවාසනාවට මේ තත්ත්වයත් ඉබේම හොඳ වෙලා යනවා , තවමත් ප්‍රතිකාරයක් ගත්තේ නැත්නම් ඔබේ හදවත , මොළය , ඇටකටු ටික මේ හැංගිමුත්තා විසින් මේවන විටත් සූරා ගෙන කමින් ඉන්න බව මතක තියා ගන්න ,
අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා අනාරක්ෂිත ලිංගික එක් වීමක් හෝ එම තරළයන් ගෑවෙන විදියේ ක්‍රියාවක් කළ කියලා , ඊට පස්සේ ටිකක් සැළකිල්ලෙන් ඉන්න , අපි මුලින් කීව වගේ ලක්ෂණයක් මතුවෙනවා නම් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රදේශයේ රජයේ රෝහලේ තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට යන්න , පුළුවන් නම් දෙන්නම එක්ක ඒ ගමනත් යන්න , මතක තියා ගන්න STD clinic යන හැමෝම මහ අපරාධකාරයොවත් , ගණිකාවොවත් කියල හිතන්න එපා , විවිධ පරීක්ෂණ , උපදෙස් සඳහාත් මේ සායනයට පුද්ගලයින් එනවා , මේ විදියට වෛද්‍යවරයා හමුවුනාම ඔහූ ඔබේ රෝග ලක්ෂණ පරීක්ෂා කරල රැධිර පරීක්ෂණ කිහිපයක් කරාවි , එමඟින් හරියටම රෝගය කුමක්දැයි තහවුරු කරගන්නට පුළුවන් ,
විශේෂයෙන්ම කියන්න ඕන , ඔබ මේ වන විටත් ගර්භනී යැයි සැක නම් ඉක්මණ් නිසි ප්‍රතිකාරයකට යොමු වන්න, නැතිනම් ඔබේ සතුටේ වේදනාව විදින්නට වෙන්නේ ඔය පුංචි කිරි කැටියාටමයි ...
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,
| සෙනඟ පිරෙන O.P.D |
දහයහමාරට විතර අපි O.P.D. එකට ආවේ මනෝජගේ අසනීප තත්ත්වය ගැන වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙසක් ගන්නයි , Medical එකක් ගන්නයි හිතාගෙන .අද O.P.D. එකේ හරියට සෙනඟ , වයසක අය , පුංචි පැටවු ගොඩාක් ඉන්නව වගේ , මේ දවස් වල පැතිරීගෙන යන උණ නිසා වෙන්න ඇති .බිරිඳ එම ඒකකයේ වෛද්‍යවරයා හමුවෙලා එනකම් මම O.P.D. එකේ අයිනකට වෙලා අපේ මිනිසුන්ගේ හැසිරීම් රටා බලාගෙන හිටිය . සමහරු හරිම කළබලෙන් , සමහරු අඬමින් , තවත් අය අයිනකට වෙලා ලොකු කයිවාරුවල ...විවිධ හැසිරීම් බලා ගෙන හිටිය .
“නිශාන්තයියා ....මේ ...“ මම මගේ සමාධියෙන් බිඳුනා .“ මේං අපේ හිරියා...“ හිරියා කිව්වට ඒක නියම නම් නෙවෙයි , හැබැයි නියම නම කිව්වට කවුරුවත් දන්නේ නැහැ , කවුරුත් මේ තරුණ කොළුවව දන්නේ හිරියා කියලම විතරයි මට හිතෙන්නේ .
“මොකො හිරියෝ ...මේ පැත්තේ ..කාගේ හරි වැඩක් ද ?, “
“නෑ නිශාන්තයියා ඇඟට ටිකක් හරි නැහැ වගේ , නිකං උණ උණ වගේ , ත්‍රීවීලේ දිව්වෙත් නැහැ අව්වට ඇස් වැහෙන තරමට රිදෙනව ...බෙහෙත් ටිකක් ගන්න කියල ආවේ ...“
| ආ..එන්න නගින්න ..ටක් ටක් ටක් ... |
“ඇත්තද , ඉතින් යං අපේ ඩොක්ටර් චමින්ද ඇති හතරේ කාමරේ , අපි එතැනට පෙන්නමු .....“ මට කරල දෙන්න පුළුවන් ඔය උදව්ව විතරනේ , ඒකවත් කරල දෙන්න හිතාගෙන කිව්වත් “ නෑ අයියා , තව පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ...මේ ............“ හිරියා මොකක්දෝ කියන්න තෙපර බානවා ...
“නෑ නිශාන්තයියා , පහුගිය දවසක කෑල්ලක් සෙට් උනා , මගේ වීල් එකේම තමයි යන්නේ එන්නේ , මහත්තය රට ගිහින් ....“ .....මට ටිකක් පටලැවිල්ලක් දැනුනා ...දැන් උණ ගැන කියපු මිනිහ දැන් මොකක්දෝ වෙන ජරමරයක් ගැන ...කොහොමත් මෙයාගේ කතාව එයාල ඉන්න උප සංස්කෘතියේ භාෂාවම තමයි..
“ඉතින් “ ....
“ඉතින් , මං එහේ යනවා එනවා ...ටිකක් ඉතින් ආස්සරේ කළා ., දන්නැත්ද ඉතින් අපි නොබැඳපු කොල්ලොනේ අයියා ...“ දැන් මට හිතා ගන්න පූළුවන් වෙන්නේ මොකක්ද කියලා ...
“හරි දැන් ප්‍රශ්නේ මොකක්ද තියෙන ..“
“මේකයි , මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු , මට පොඩි බයක් තියෙන්නේ අර මොනවද සමාජ රෝගයක් හැදිලද කියල , එහෙම වුනොත් ඔතනට ගියාම වෙන ලෙඩක් වැටෙයිද දන්නෑ නේ ...“ හිරියගේ තිබුණු රළු පෙනුම නැතිවෙලා ..පුංචි බලල් පැටියෙක් වගේ කුරු කරු ගානවා ...
“හරි මොකක් වුනත් අපි දොස්තරට පෙන්නල බලමු , මොක උනත් ලෙඩකට හිරේ දාන්නේ නැහැනේ , “ ...කොහොම හරි අමාරුවෙන් හිරියව මං හඳුනන වෛද්‍යවරයෙක්ට පෙන්නුව , කතාවේ වැදගත් කරුණු ටිකකුත් කියන්න උනා , .......
අපේ හිරියට සිෆිලිස් වෙන්න ඉඩ තියෙනවා කියලා ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු කරල තිබුණ , ඒ සිදුවීමෙන් මට හිතුන මේ ගැන ලියන එක වැදගත් වේවි කියල ..මේ සිදුවීම දිගටම ලියන්න ගියොත් අපේ අරමුණ බිඳ වැටෙන නිසා ඔන්න දැන් මම පීල්ල මාරු කරන්නයි යන්නේ ..හයියෙන් අල්ල ගන්න ...
| ෂා ....ඌයි....හපෝයි ... |
| සොඳුරු අඳුර දෙන කසකාරයා Treponema pallidum |
මොනවද මේ රෝගයේ ලක්ෂණ , ඔන්න දැන් ආයෙත් අපේ හිරියගේ කතාවට එමු , “මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු“ , මේ තමයි හොඳම කරුණු ටික , විශේෂයෙන්ම මේ කතාවක් එක්ක ලිංගික එක්වීමක් හෝ එම ආශ්‍රිත ක්‍රියාවක් ගැනත් කියවුනොත් අපිට ටිකක් හොයල බලන්න වේවි ,
මේ රෝගයේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා , ඒ කියන්නේ කාළයත් එක්ක විවිධ ලක්ෂන මතුවෙනවා , මොකද මේ බැක්ටීරියාව අපේ හෘදය , මොළම , අස්ථි ස්නායු පද්ධතිය වගේ හැම තැනක්ම තුවාල කරමින් “සූරමින්“ වද දෙනවා , ඒ එක්කම මෙයා හොඳ හැංගිමුත්තං කාරයා (අපේ හිරිය නෙවි , මේ බැක්ටීරියාව ) , ඒ කිව්වේ මොකක් හරි ලක්ෂණයක් පෙන්නල , ටික දවසක් ගිහින් ඒක හොඳවුනාම ටික කාළයක් යනකං කරදර කරන්නේ නැතිව හැංගිලා ඉන්නවා , එන්න ටික කළක් ගියාට පස්සේ ආයෙත් ලෙඩේ පටන් ගන්නවා .
| හදේ (ඳේ) ආවාටය ...සිෆිලිස් තුවාලයක් |
පොතේ හැටියට කිව්වොත් මේ මුලින්ම තුවාලෙ හැදිල හොඳ වෙන කාළෙට කියන්නේ Primary stage කියලා , එහෙනම් ඉතින් තවත් stage ඇතිනේ බලමු බලමු , ඒ stage වල නැටුමත් කොහොමද කියලා ,
| බලන්න අතේ හැටි ..Stage එකේම නටලා |
ඔය අන්තිම stage එකට එනකොට කාළයක් ගිහින් සමහර විට අවුරුදු දෙක තුනක් (අවුරුදු දහයක් විතර පහුවෙන්නත් පුළුවන්) , හැබැයි ඒ වෙනකොට ඔක්කොම නැටුං ඉවරයි , ඒ වෙනකොට රෝගියා අංශභාගය , ඇස් අන්ධවීම , ඩිමෙන්ෂියා කියන මොළයේ දුර්වලතාවයන් , ඇට බිඳිම් , හෘදයේ විවිධ රෝග ....කියාගෙන ගියොත් ලෝකෙ තියෙන ලොකුම ලෙඩ ලයිස්තුව මෙතැන ලියවෙනවා , කෙටියෙන් කිව්වොත් අවාසනාවන්ත විදියට විඳවල මැරෙන්නයි වෙන්නේ ,
ඔබ මොකක්ද කරන්න ඕන , වැදගත්ම දේ තමයි මේ වගේ රෝග ඇතිවන අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලින් වලකින එක , එහෙම නැත්නම් ආරක්ෂිත ලිංගික ක්‍රම safe sex හෝ ආරක්ෂිත උපකරණ Condom වැනි දේ භාවිත කරමින් අදාල ක්‍රියාවේ යෙදිම , අපේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම කියන්න ඕන මේ කරුණ , ලිංගිකව එක්වීම “සැපක්“ වගේ දැනෙන්න පුළුවන් , ඒත් එය අනාරක්ෂිතව කළහොත් , නුසුදුසු අයුරින් කළ හොත් වෙන්නේ අර කෙටි කාළීන “සැප“ ඔබට අවාසනාවන්ත මරණයක හෙවනැල්ල ගේන එකයි ,
මට මෙහෙම කියන්නට හිතුනේ අපි (මමත් , අපේ පැටවුන් සහ බිරිඳ) පහුගිය අවුරුද්දේ නිවාඩු කාළෙ චාරිකාව විදියට බදුලු පැත්තෙ තමයි ගියේ , දින කීපයක් ඉන්න වෙන නිසා අපි නැවතුනේ එක්තරා ප්‍රසිද්ධ තානායමක , ඊට ඉස්සරහ තියෙන කාමර පැය කිහිපයකට කුළියට දෙන ආයතනය තුලට දවස පුරාම වටපිට බලා බලා රිංගූ “යොවුන් ආදර(අදර) වන්තයන්“ අතර හිටියේ පුංචි කෙළි - කොළු පැටවු , ඒ බොහොමයක් දැරිවියන් “ටියුෂන් යන ඇත්තියන්“ වග තමයි වැටහුනේ , සමහරු දහයේ පන්තියෙද කියලත් සැකයි , ඒ තරම් පොඩි කෙළි පැටවු , මේ ඔවුන්ගේ ආදරය කරන ආකාරය දැයි මම නොදන්නාමුත්(ආදරේ ගැන තවත් කතාවක් මෙතැනින්) එහි අනතුරක් පවතින බව නම් හොඳින්ම පැහැදිලියි , (මේ අනතුර ගැන මෙතැනින්)
මට මෙහෙම කියන්නට හිතුනේ අපි (මමත් , අපේ පැටවුන් සහ බිරිඳ) පහුගිය අවුරුද්දේ නිවාඩු කාළෙ චාරිකාව විදියට බදුලු පැත්තෙ තමයි ගියේ , දින කීපයක් ඉන්න වෙන නිසා අපි නැවතුනේ එක්තරා ප්‍රසිද්ධ තානායමක , ඊට ඉස්සරහ තියෙන කාමර පැය කිහිපයකට කුළියට දෙන ආයතනය තුලට දවස පුරාම වටපිට බලා බලා රිංගූ “යොවුන් ආදර(අදර) වන්තයන්“ අතර හිටියේ පුංචි කෙළි - කොළු පැටවු , ඒ බොහොමයක් දැරිවියන් “ටියුෂන් යන ඇත්තියන්“ වග තමයි වැටහුනේ , සමහරු දහයේ පන්තියෙද කියලත් සැකයි , ඒ තරම් පොඩි කෙළි පැටවු , මේ ඔවුන්ගේ ආදරය කරන ආකාරය දැයි මම නොදන්නාමුත්(ආදරේ ගැන තවත් කතාවක් මෙතැනින්) එහි අනතුරක් පවතින බව නම් හොඳින්ම පැහැදිලියි , (මේ අනතුර ගැන මෙතැනින්)
| දෙන්න එක්කම යන්නේ ? S.T.D clinic එකට |
ඊට පස්සේ ඔබට antibiotics අඩංගු ප්‍රතිකාර මාලාවක් එබට ලබා දේවි , ටික කළක් ඖෂධ ගන්න වෙනවා , ඒ වගේම වරින් වර ඔබේ රැධිර පරීක්ෂණ සිදු කරමින් තත්ත්වය පිළිබඳ සොයා බලන්නත් වේවි , හොඳට මතක තියා ගන්න ,ඖෂධ නිසි ආකාරයෙන් ගන්න , ඒ වගේම වෛද්‍යවරයා සුදුසු යැයි කියන තුරු ලිංගික එක් වීම් වලින් වැලකි සිටින්නට වෙනවා ,
| හැංගිමුත්තා හොයන Blood tests |
කොහොම හරි මගේ මිත්‍ර හිරියා ...හිරි ඇර ඇර ගෙදර ගියා ...(ඇත්තටම එයාගෙම ගෙදර ගියා ) , අපිත් ගෙදර ආව , හවස් වෙනකොට මගේ බිරිඳට ටිකක් සනීපයක් දැනෙනව වගේ , ටිකක් නිදා ගත්ත , අද නයිට් ඩියුටිනේ ,ඒක නිසා ...
“මහේෂ් අපි අද හවස පන්සල් යමු නේ ...ඔයා නයිට් ඩියුටිනේ ....පහමාරට විතර යමු ...මං තේත් එක්ක කන්න පෑන් කේක් ටිකකුත් හැදුවා ...ලොකූ , පොඩී ...එන්න කන්න .....කාළ ලෑස්ති වෙන්න ඕනේ ඉක්මණට “ ...මහන්සි වෙන්න එපා කිව්වට .....මොනවා කරන්නද මේ මනුස්සය මටත් හොරා ඔක්කොම වැඩ ටික කරල වගේ , මොනවා කරන්නද “අම්ම කෙනෙක් හිතන හැටිනේ“ නේද ? ඒ විතරක්ද හොඳ බිරිඳක් , ගෘහණියක්නේ ...කොහොම වෙතත් එයාට හෙටත් නිවාඩු ගන්න පුළුවන් ...ඇයි මෙඩිකල් දවස් තුනකටම දීලනේ ..