| මගේ දඬුමොනර රාජයා.... |
| මෙන්න Colon එකයි rectum එකයි |
“මොකද මහත්තය උනේ ..හෙඩ් ලයිට් අප්ෂෙට් කිව්ව නේද .....බලමු කොයිල් එක ...“ චූටිය මගේ දඬු මොනරගේ පිල් එක එක පරිස්සමින් ගලවනවා ...ඒ අතරේ මට ආයෙත් මතක් වුනා “මල් මල් වගේ .......“ ...මට මේක මෙහෙම කියවුනා ....“මල මල් වගේ .....“ , ඒ එක්කම මතක් වුනා අද දවසේ ඉන්න “නිහඬ මාරයෙක් Silent killer ගැන එයාට අපි කියන්නේ Colorectal cancer නැත්නම් මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා කියලා ...මේකේ අවදානම මේකයි ..අන්තිම වෙනකම් හඳුනගන්න අමාරුයි නිසි ලෙස දැනුවත්ව නොහිටියොත් ....ඒ වගේම ප්‍රමාද වුනොත් අතිශ්‍යය වේදනාකාරී , අප්‍රසන්න අත්දැකීම් බහුල ප්‍රමාද වුනොත් ඉක්මණ් මරණය ලබා දෙන අවාසනාවන්ත තත්ත්වයක් මේක...
දැන් අපි කතා කරමු , ටිකක් විස්තර සහිතවම , අපි මුලින්ම දැන ගන්න එපායැ Colon කියන්නේ කොහේද කියා නේද ..Colon කියන්නේ මහාන්ත්‍රය එහෙම නැත්නම් මහ වඩවැල ..ඒකෙන් තමයි අපේ ආහාර දිරවුවට පස්සේ එහි තියෙන වැඩි පුර වතුර උරා ගෙන “මළපහ“ බාහිර නිකුත් කරන්නට පුළුවන් තත්ත්වයට සූදානම් කරල දෙන්නේ ...ඒ වගේම එහි අවසාන කොටස වන Rectum හි තමයි අපිට වෙලාව එනකම් “මළපහ “ ගබඩා කරගෙන ඉන්නේ ...(ඒ නිසා මෙම Colon cancer සහ Rectum cancer එකට යන තත්ත්ව දෙකක් , ඒ නිසා අපි කියමු Colorectal cancer කියලා) , දන්නවද ?, මෙයා තමයි ලෝකයේ තුන් වැන්නා (කාන්තාවන්ට අදාලව හතර වැන්නා ) , මොකකින්ද? ...මරණය ඇති කරන පිළිකා රෝග තත්ත්ව වලින් ...
ඔන්න ඔය මහ බඩවැල් ප්‍රදේශයේ යම් තැනක ඇති වෙන පාළනය කරන්නට බැරි , ප්‍රයෝජනයක් නැති , අසාමාන්‍ය සෛල වර්ධනයක් තමයි Colorectal Cancer කියන්නේ ...පිළිකා ඒකකය තුල මගේ සේවා කාළයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් මුණ ගැහුණ මේ තත්ත්වයෙන් පීඩා විඳින ...
| ලස්සන මල...නැහැ මේ වඩවැලේ Polyps |
“ඔබ මා නොවන තුරු .මා ඔබ නොවන තුරු ...ඔබ ඔබමවෙයි මම මමම වෙයි ...සඳ...“ සුන්දර ගීතය තවමත් ඇහෙනවා ...
| කන්න කන්න...අළුත් පළතුරු ... |
දැන් කෑම ගැන ...ආහාරයේ තන්තු අඩු , මේදය වැඩි ආහාර රටාවක් දිගු කාළිනව පවත්වාගෙන ආවා නම් අවදානම ඉහළයි ..හැබැයි පළතුරු වැඩියෙන් පරිභෝජනය කිරීමෙන් මෙම පිළිකා අවදානම අඩුවන බව හඳුනාගෙන තිබෙනවා .....ඔන්න තරබාරු අයට විශේෂ පණිවිඩයක් ඔබ මෙම රෝගයටත් අවදානම් කාණ්ඩයේ ....එ වගේම සිගරට් දුම බොන(Active smoker) මහත්තුරුනුත් , එයාලගේ දුම නොමිලේ බොන (Passive smokers) නෝනලත් ,බබාලත් දැන ගන්න ...ඔය දුමෙන් ඔබේ මහාන්ත්‍රයේ පිළිකාවක් පැන නඟින්නට ඉඩ තියෙනවා
| බඩ කැක්කුමයි..... |
| පොඩි එකාටත් දුම් පොවනවෝ ... |
| කෙට්ටුම වෙලා නේ |
ඒකියන්නේ මාස 2ක් 3ක් ඇතුලත ඉක්මණට සාධාරණ හේතුවක් නැතිවම කෙට්ටු වෙනවා නම් ...තව ලකුණක් දාගන්න ...දැන් එමු අර මල ..මල් වගේ කතාවට ...මේ රෝග තත්ත්වයේදි මලපහ කෙරෙන වාර ගණන , ස්වභාවය හරි ඉක්මණට වෙනස් වෙනවා ...මළපහ කරල ආවට පස්සෙ ආයෙත් “යන්න වගේ“ දැනෙනවා , ඒ විතරද පිට කරන මලපහ හරියට රිබන් පටියක් වගේ ..පටු පැතලි ස්වභාවයක් ගන්නත් පුළුවන් ...ඒ පීත්ත පටිය උඩ මලක් තියල වගේ අර පැතලි මළපහ මත “රතු පාටට“ ලේ ගුලියක් තිබුණොත් ...
අනේ දැන් ඉතින් මල ..මල් වගේ කිය කියා ඉන්නෙ නැතිව ඉක්මණටම රෝහලට යන්න ..යන ගමන් පුළුවන් නම් පිරිසිදු කටලොකු පොඩි බෝතලේකට අර මලපහ ටිකක් , (පුළුවන් නම් එහි උඩ කොටසෙන් ) අරගෙන යන්න , හැකියාවක් තියෙනවා නම් ඔය ලැබ් එකකින් Stool Full report කියන “සම්පූර්ණ මළ පරික්ෂාවක් “ කරගෙනම යන්න , එතකොට ප්‍රතිකාර කටයුතු වලට ඉක්මණ් වගේම පහසුවක් ....
| මෙන්න පිළිකාවක් බොනවෝ...... |
දැන් ඔබේ වෛද්‍යවරයා යම් පරීක්ෂණ කිහිපයක් සිදු කරලා , විශේෂිත X ray එකක් ගන්නට උපදෙස් දේවි , අපි ඒකට කියන්නේ barium enema කියලා ...තවත් විශේෂීත පරීක්ෂණයක් විදියට ගුද මාර්ගයට කැමරාවක් සහිත කඩා බටයක් ඇතුළු කරලා ඒ ප්‍රදේශය පියවි ඇසින් බැලීමක් කරාවි අපි එම පරීක්ෂණයට අපි කියන්නේ Colonoscopy හෝ Sigmoidoscopy කියලා ...(මේ පරීක්ෂණ දෙකක්) ..තවදුරටත් අවශ්‍ය නම් CT abdomen scan එකකුත් කරාවි ...බය වෙන්න එපා රජයේ රෝහලකදි මේ සියල්ලම නොමිලේ කරගන්න පුළුවන් ..සමහර විට CEA (carcinoembyonic antigen) රුධිර පරීක්ෂණය විතරක් ඔබට පෞද්ගලික රසායනාගාරයකින් කරගන්නට වේවි
දැන් ප්‍රතිකාරය ,ඔබට මෙම තත්ත්වය තිබේ යැයි හඳුනාගත්තොත් බොහෝවිට ඔබට ශල්‍යකර්මයක් කරන්නට වැඩි ඉඩක් තියෙනවා ...එමගින් එම පිළිකා කොටස කපලා ඉවත් කරවි ..එත් සමහර විට ඔබේ ගුද මාර්ගය තාවකාළිකාව හරි ස්ථිරව හරි වසා දමන්නටත් සිදු වෙන්න ඉඩ තියෙනවා ...දැන් ඔබ බලයි එතකොට කොහොමද ......ඔව් ඉන්න කියනකම් ..ඒ විදියේ ශල්‍යකර්මයක් සිදු වුනොත් මහාන්ත්‍ර යේ නරක් වූ කොටස කපල දාල හොඳ කොටස ඔබේ උදර බිත්තයේ තනන සිදුරකට බද්ධ කරාවි Colostomy දැන් මලපහ කරන්නට වෙන්නේ ඔන්න ඔය කොලොස්ටොමිය මගින් ඒකට සවි කරපු බෑග් එකක් ඇතුලට , තව එකක් මේ වගේ තත්ත්වයක් පිළිබඳව හඳුනගත්තොත් එම ශල්‍යකර්මය “පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ටම“ Onco-surgeon කියලා කරවගන්න බලන්න .| පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරය |
මේ ප්‍රතිකාරත් එක්කම ඔබට කරන්ට් අල්ලටත් අවශ්‍ය බව වෛද්‍යවරයා පවසාවි ..බය වෙන්න එපා ඔබට කරන්ට් වද්දනවා නොවෙයි ...යම් විකිරණයක් ඔබේ ආබාධිත ප්‍රදේශයට ඇතුළු කරලා එය සුළු “පිළිස්සීමක්“ තමයි කරන්නේ ...ඉහත ප්‍රතිකාර එක්ක බැළුවම වේදනාව අවම ක්‍රමයක් ...හැබැයි හොඳට මතක තියා ගන්න ඕන මේ දෙවන සහ තෙවන ප්‍රතිකාර ක්‍රම දෙකේදිම (ඖෂධ සහ විකිරණ) ඇඟේ ලේ අඩු වෙන්න පුළුවන් ..එතකොට ඇඟේ පතේ අමාරු , උණ , හම යට කළු ලප ,තොල් කට තුවාල වීම වගේ ඇති වුනොත් ඉක්මණට ඔබේ වෛද්‍යවරයාට දන්වන්න ..ඒ තමයි මේ ප්‍රතිකාර වල අහිතකර පැති ...
| පරිස්සම් වෙන්න අනේ.... |
විශේෂයෙන්ම ඔබේ මළපහ රටාව සහ ස්වභාවය ගැන අනෙක් ඔබේ වසය අවුරුදු පනහට වැඩිනම් වාර්ෂිකව මළ පරික්ෂණයක් Fecal occult blood කරවගෙන වෛද්‍යවරයාට පෙන්වන්න ...අවුරුද 5කට වතාවක් වත් අර උපකරණය ඇතුළු කරල කරන Sigmoidoscopy පරීක්ෂණයක් කරවා ගන්න ..මේවායින් පුළුවන් පිළිකාවේ මූලික අවස්ථාවම හඳුනාගන්න ...ඒ එක්කම Barium enema එකකුත් කරගන්න ...හැබැයි ඔබට අර මුලින්කී කාළින බඩේ අමාරු (Ulcerative colitis , Crohn colitis ,Polyps ) වගේ තත්ත්ව තිබුණානම් හෝ ඔබේ පවුලේ කෙනෙක්ම (ලේ ඥාතියෙක්ට) මෙම රෝගය තිබුණානම් අවුරුදු හතලිහ වෙනකම් ගනන් හද හද ඉන්න එපා , ඊට පෙර මෙම පරීක්ෂණ කර ගන්න (අඩුම තරමේ අවුරුදු 40 ඉඳලවත් )
දැන් දැන ගත්තනේ , ඉතින් මේ වෙලාවේ ඉඳලා කළබල වෙන්න එපා ..අවදානයෙන් ඉන්න ..මේ නිහඬ මාරයාට ඔබේ ජීවිතයේ ඉඩ ගන්නට දෙන්න එපා...
“හරි මහත්තය ...ස්ටාර්ට කරල බලන්න ....දැන් හෙඩ් ලයිට් වෙඩි වගේ ඇති .....“ , මම මගේ භාවනාවෙන් මිදුනා , ඇත්තටම කිව්ව වගේමයි , මගේ යතුරු පැදියෙ තිබුණු දෝෂ්‍ය සම්පුර්ණයෙන් නිරාකරණය වෙලා ...ඒත් මේ තරම් දක්ෂතා තියෙන මේ මනුස්සයගේ “දෝෂය“ කවදා විසදේවිද ?
අහන්න ආසයි නම් අර සිංදුව ඔබට ගන්නට පුළුවන් මෙන්න මෙතැනින්