| ආද ray ............... |
කාළෙකට පස්සේ ටිකක් විවේකයෙන් කාළය ගත වෙනවා ...මට විවේකය තිබුණත් මගේ ජංගම දුරකථනයට නම් නිස්කලංකේ ඉන්න හම්බවෙන්නෙම නැහැ වගේ ...S.M.S වලින් පිරිණු Inbox එක ....නිකමට වගේ බැළුව ...මගේ සිසු දරුවන්ගේ සුභ පැතුම් , විවිධ අදහස් පිරිලා ඉතිරිලා යන තරමට ...එකින් එක බැලන්නට හිතුනා මොකද පහුගිය දවස් ටිකේම ආ S.M.S. මොනවාදැයි කියලවත් බලන්න වෙලාවක් තිබුණේ නැති තරම් ...ඒ අතරේ විශේෂ පණීවිඩයක් හමුවුනා ...
ඒ කෙටි පණිවිඩය ..පහුගිය දිනක යම් අනතුරුදායක තිරණයක හිටිය දුවණියක පිළිබඳව ....ඇයට අපි කියමු “නිමාලි“ කියල ..නිමාලිට පෙම්වතෙක් ඉන්න බව මට ඇයම කියල තිබුණා ...ඒ පහුගිය දිනක ඇතිවුනු ගැටළුවට උපදෙසක් දෙත්දි ...මාස 4ක විතර පෙම් සබදතාවක රස විඳිමිනුයි ඇය පාඨමාලාවේ කටයුතු කරගෙන ගියේ ..එය ගැටළුවක් නොවෙයි ..මොකද යොවුන් වියේ පෙම් සබඳතාවක් ඇති කරගැනීම මහා විනාශකාරි දෙයක් නොවන බවයි මගේ හැඟිම ...නමුත් මේ පෙම් සබඳතාවයේ යම් ගැටළුවක් තිබුණා ...ඒ ...මෙය පෙම් සබඳතාවයක්ම නොවී ඉන් ඔබ්බට ගිය අනතුරුදායක ලිංගික සබඳතාවයක් බවට පත්වීමේ අනතුරු ඇතිවී තිබුණා..ඒ වනවිටත් ඒ සඳහා විවිධ බලපැම් එම පෙම්වතාගෙන් සිදුවෙමින් තිබුණා ... ඒ අනතුර හඳුනාගත් අවස්ථාවේ ඇයගේ හොඳම යෙහෙළිය ඇයට පැහැදිළි කළා ..අවවාද කළා ...වටහා දුන්නා ...පසුගිය දිනක තිබුණු මගේ සමුගැනීමේ සාදයේදී මේ දැරිවියන් දෙදෙනා මා හමුවන්නට විත් මේ තොරතුරු සියල්ල පවසන්නට වුනා ..අවස්ථාවේ හැටියට සහ ගැටළුවේ පමණට නිසි උපදෙසක් ලබා දෙන්නට අපි උත්සාහ කළ ...ඇය පිළිගත්තා ...ඒත් ......
![]() |
| මේ තමයි කතාව හදපු S.M.S එක .. |
මේ කතාවේ කෙටි පණිවිඩය මෙන්න මෙහෙම මට ලැබී තිබුණා ...මේක එවල තියෙන්නේ අර යාළුවා ...තමන් එක්ක එකම බෝඩිමේ ඉන්න මිතුරිය නරක මගක යන අවදානම හදුනාගත් ඇය මට මේ ලෙසින් ලියා තිබුණා.එය අවසන් කොට තිබුණේ මෙළෙසින් ...ay thaththe adareta mehema karanne ? meka adareda ragayada .? bs.....
(මේ සිසුවිය මෙහි තාත්තේ ලෙසින් මා අමතන්නේ ඇයිදැයි මේ දරුවන්ගේම සටහනකින් සොයා ගන්නට මෙතැනින් එන්න) ...මේ සිංග්ලිෂ් ඔබට වැටහෙනු ඇතැයි මම සිතනවා ..මොකද මේ භාෂාව අද පොදු භාෂාවක් වෙලානේ...
කෙසේ වෙතත් ඇය මා තවත් අරමුණකට යොමු කරනවා ....“මේක ආදරයද ? රාගයද ? “.....අද යෞව්වනයේ නොවිසඳුනු , නොතේරුණු ගැටළුවක් ලෙසින් මා මෙය මේ විදියට වෙනස් කරන්නම් ..“මේක ආදරයද love , ලිංගික ආශාවද lust “ ලෙසින් මෙයයි අද දවසේ ඇත්ත කතාව .. මේ ගැන ලියන්නට මට තවත් උත්තේජනයක් ලබා දුන්නේ “ලිහිණි“ , එක් දිනක් මගේ දුරකථනය වෙත ඇමතුමක් දුන් ඇගේ අදහස් ද ගරු කොට ගනිමින් අද මම කතා කරන්නේ මේ ආදරය සහ ලිංගික ආශාව ගැන ...
| උම්........මා ..බෑ................... |
ඇත්තටම මොකක්ද මේ ආදරය ...ඉංග්‍රිසියෙන් love ලෙසින් හැඳින්‍වෙන අර්ථකථන ගණනාවක් ගේන පදයක් ..ආදරය ලෙසින් අපි හදුන්වන්නේ දෙදෙනෙක් අතර චිත්තවේගීයව(Emotion / Feeling) ඇති වන අන්‍යෝන්‍ය බැඳීමක් , මේකත් හරිම සුන්දර වචනයක් , මොකද එක් එක් අය අර්ථදක්වන්නේ වෙනස් දර්ශනයන් සහිතව ....කොහොම වුනත් කෙටියෙන්ම කිව්වොත් ආදරය කියන්නේ මනස මූලික වූ බැඳීමක් ..ප්‍රේමනීය ආකර්ශනයක සංවේදී හැඟීමක් තමයි ආදරය වෙන්නේ ...
මේ ආදරය ඕනම කරන දෙයක්ද? ...ඔව් ජීවයේ පැවැත්මට ..බැඳීමට මේ ආදරය අත්‍යවශ්‍යයි ...මිනිසුන් අතර විතරක්ම නොවෙයි , සතා සීපාවා අතරත් මේ ආදරය පවතින දෙයක් . අනෙක් මේ ආදරයේ රස විඳින්නේ යව්වනයන් විතරක් නොවෙයිනේ ...
ඉතින් ඇයි අපි මේ තරම් කළබල ...? ගැටළුව මේකයි ..අද අපේ රටේ මේ ආදරය සහ නොහික්මුණු ලිංගික ආශාව කියන සිදුවිම් දෙක පටලවා ගෙන ...ඇත්තටම පටලවා ගෙන නෙවි . අපිට පටලවා දෙනව කිව්වොත් තමා නිවැරදි ...ඒකට නොහික්මුණු මාධ්‍යයන්ද ලොකු රුකුළක් දෙනවා ....
Robert Sternberg කියන මනෝ විද්‍යාඥයා කියන විදියට ආදරය ඇතුලේ තවත් අවස්ථා තුනක් තියෙනවා ...ඒ
Robert Sternberg කියන මනෝ විද්‍යාඥයා කියන විදියට ආදරය ඇතුලේ තවත් අවස්ථා තුනක් තියෙනවා ...ඒ
- දැඩි මිත්‍රත්වය Intimacy ,
- Lust රාගය මිශ්‍රිත හැගීම් , සහ
- Commitment බැඳීමක් ..ආදරයක් නියම විදියේ ආදරයක් වන්නට නම් මේ කොටස් තුන සම සමව ගන්නට ඕන ...ඒත් අද අපේ සමහර තරුණ පිරිසට මෙයින් ඉක්මණින්ම සංවේදී වන්නේ Passion රාගික ලිංගික ආශාව කිව්වොත් ඔබ මා සමඟ එකඟ වේව් ...
මෙහි ගැටළුව කුමක්ද ? එහි ගැටළුව තමයි එවිට අර අනෙක් සාධක දෙක මිත්‍රත්වය සහ බැඳීම කියන සංකල්ප පිළිබද නොතකා හැරීම ...ප්‍රතිපලය වන්නේ සමාජයේ අනාථයින් පිරිසක් (මානසිකව , කායිකව සහ ආර්ථිකව ) පිරිසක් බිහිවිම නොවේද ? මක් නිසාද මේ තත්ත්වයේදී ඔවුන්ට වැදගත් වන්නේ ශරීරයේ ව්‍යුහීය වශයෙන් ඇති ස්ථාන සහ ඒ මඟින් ළබා ගත හැකි තිව්‍ර සංවේදනයන් පමණයි ...දැන් ඔබ සිතාවි මෙය ලියන මා lustහෝ sex පිළිබඳ වෛරයෙන් මෙය ලියනවා කියා ...නැහැ ...මමත් සාමාන්‍ය මිනිසෙක් ඉතින් මමත් මේ පිරුණු ආදරයට රිසියි ..
අපි දැන් හොයමු ප්‍රශ්නේ මුල මොකක්ද කියල ..ඇත්තටම මේ මුල නොවෙන්නත් පුළුවන් ..ඒත් ඉලක්කයක් එපායැ නේද ? ඇත්තටම ආදරයක් ඇරඹෙන්නේ කොහොමද කියල ..(මම මෙතැනදි දෙමාපිය -දූ දරු ආදරය / සෙනෙහස ගැන කතා නොකරන්නේ එය ඉතා සංකීර්ණ මාතෘකාවක් නිසයි ) මෙතැනදි කාන්තාවක් පිරිමියෙක්ට ආදරය කරන්නට ආරම්භ කෙරෙන විදියත් පිරිමියෙක් කාන්තාවකට ආදරය කරන්නට පෙළඹෙන විදියත් තරමක වෙනස් කම් දරනවා ..ඒත් පොදුවේ එකිනෙකා ගේ පෞරුෂ ලක්ෂණ , පෙනුම , කතා බහ කරන රටාව , මිත්‍රශිලී බව වගේ කාරණා ගනනාවක් එක් වෙනවා ..ඊට අමතරව ආර්ථික තත්ත්වය , සමාජ තත්ත්වය වගේම Role model චරිතයක් වීමත් හේතු වෙන බව හඳුනාගෙන තිබෙනවා . ඒ කුමක් වුනත් මුල්ම දේ හඳුනා ගැනීම ...ඊට පස්සේ තමයි බැඳීම් පිළිබද අනාගතය හඳුනාගන්නේ ...එහි උපරිම විශ්වාසයේ සුන්දරම ඵලය විදියටයි රාගයට හෝ ලිංගික සතුටට lust පෙළඹෙන්නේ , පෙළඹිය යුතු වන්නේ ...
| අපි love ද lust ද ? |
ඒ සඳහා යම් කාළයක් යනවා වගේම දෙදෙනා යම් අත්දැකීම් සමුදායක් ලබන්නටත් ඕනෑ ..ඒ වගේම යම් බැඳිම් සහිත සැලසුමක් තිබිය යුතුම වෙනවා ..එසේ නොවී යම් ආදරයක් කරනවා නම් ටිකක් හිතා බලන්න ..එය ආදරයම දැයි කියා ...එය රාගය හෝ ලිංගික ආශාව නම් එහි අනතුරක් පවතින බව තේරුම් ගන්න .විශේෂයෙන්ම මිනිස් සමාජයට ලොකු අනතුරක් මෙහි පවතිනවා .
මීට වැදගත් සාධකයක් ඩෙස්මනඩ් මොරිස් ලබා දෙනවා , ඔහු කියන පරිදි වානර පරම්පරා අතරේ පවතින ස්වභාවික ලිංගික බැඳිමේ ක්‍රමය වන ස්ත්‍රියගේ පිටුපසින් සිට පිරිමි වානරයා තම ලිංගය ඇතුළු කරන ක්‍රියාව , මිනිසාට එත්දි මුහුණට මුහුණලා සිදු කරන ලිංගික චර්යාවකට හැරවෙන්නේම ඉහත කරුණු තුන , මිනිස් වර්ගයාට ඉතා වැදගත් නිසයි , ඒ කිව්වේ හොඳින් මුහුණට මුහුණ හඳුනාගනිමින් ...මිත්‍රත්වයක් පවත්වා ගනිමින් ..හැඳිනීම නිසාම යම් බැඳීමක් ඇති කර ගනිමින් අවසානයේ lust ලෙසින් ලිංගිකව එක් වීමක් සිදු වෙනවා ..එයයි නිවැරදි සහ සමාජයට වැඩදායක Love and lust වන්නේ ..ඒ සඳහා අපේ ඇඟේ හෝමෝන සහ විවිධ රසායනික ගණනාවක් දායක වෙනවා ...විශේෂයෙන්ම එහිදි මොළයේ ක්‍රියාකාරීතවය හරිම වැදගත් ...
මීට වැදගත් සාධකයක් ඩෙස්මනඩ් මොරිස් ලබා දෙනවා , ඔහු කියන පරිදි වානර පරම්පරා අතරේ පවතින ස්වභාවික ලිංගික බැඳිමේ ක්‍රමය වන ස්ත්‍රියගේ පිටුපසින් සිට පිරිමි වානරයා තම ලිංගය ඇතුළු කරන ක්‍රියාව , මිනිසාට එත්දි මුහුණට මුහුණලා සිදු කරන ලිංගික චර්යාවකට හැරවෙන්නේම ඉහත කරුණු තුන , මිනිස් වර්ගයාට ඉතා වැදගත් නිසයි , ඒ කිව්වේ හොඳින් මුහුණට මුහුණ හඳුනාගනිමින් ...මිත්‍රත්වයක් පවත්වා ගනිමින් ..හැඳිනීම නිසාම යම් බැඳීමක් ඇති කර ගනිමින් අවසානයේ lust ලෙසින් ලිංගිකව එක් වීමක් සිදු වෙනවා ..එයයි නිවැරදි සහ සමාජයට වැඩදායක Love and lust වන්නේ ..ඒ සඳහා අපේ ඇඟේ හෝමෝන සහ විවිධ රසායනික ගණනාවක් දායක වෙනවා ...විශේෂයෙන්ම එහිදි මොළයේ ක්‍රියාකාරීතවය හරිම වැදගත් ...
නමුත් අද බොහෝ විට වන්නේ කුමක්ද ? අද බහුලව දක්නට ලැබෙන්නේ ලිංගික ආශාව හෝ lust මුලික වූ බැඳීම් , මෙහි අවසාන ප්‍රතිපල වන්නෙ මොනවාදැයි අපි සොයා බලමු ...ඉච්ඡජභංගත්වයට Frustration පත් තරුණ පිරිසක් , ලිංගාශ්‍රිත රෝග , ගබ්සාවන්ට පෙළඹවීම , සිය දිවි නසා ගැනීම සඳහා පෙළඹීම වගේම සමාජයට වෛර කරන යොවුන් පරම්පරාවක් බිහිවීම සිදු වෙමින් පවතිනවා . පවුල් බැඳීමකින් තොර අනාගත පරපුරක් කෙසේ වේදැයි ඔබට සිතන්නට පුළුවන්ද ? ...
| සොඳුරු ආදරේ ..සොඳුරු පරිසරේ.... |
යොවුන් දරුවන්ට කිව යුතුම කරුණු කිහිපයක් තියෙනවා , කිසිවිටෙක ආදර බැඳීම් ඇති කර නොගත යුතුය යන අමිනිස් බලපැම කරන්නට අපි නොයා යුතු මුත් ආදරයේ නිවැරදි මග පෙන්වීම වැඩිහිටි ඔබ / අප සැමගේ යුතුකමකි. ඒත් වැදගත්ම දේ ආදරයේ සතුට විඳින්නට කාමරයක් ඇතුලේ හිර වෙන්නටම ඕනෑ නැහැ හැංගෙන්න ඕන නැහැ ...සුන්දර විවේකි බිම් කඩකදී , මුහුදු වෙරළකදි කෙරෙන ආදරණීය කතාබහකින් , සුමුදු ස්ඵර්ශයකින් ඒ ආදරය වර්ධනය කර ගන්නට පුළුවන් ...විටෙක රහසින් ලැබෙන සුන්දර හාදුවකින් ඒ ආදරයේ උපරිම විදීම ලබන්නට උත්සාහ කරනවා නම් කෙතරම්ම වටීද ? නමුත් නිසි කළ සහ අරමුණ ලැබුණු දිනක රාගයේ උපරිම සුව විදින්නට ඔබ සූදානම් වන්නට ඕනෑමයි ... එසේ නොමැතිව අවසානයට ආයුතු දේ පළමුවට ගත හොත් අනාගතය අඳුරේ වන්නටත් පුළුවන් ...
අවසානයේ මෙහෙම කියන්නම් ආදරය ගැන දැනගෙන ආදරය කරන්න ..එවිට ආදරයට වෛර කරන සමාජයක් බිහිනොවී පවතීවි ....
මේ ලිපිය ඔබ සැමගේ අදහසට විවෘත වන අතර ආදරයේ නිවැරදි මඟ පෙන්වාදීමේ යුතු කමට ඔබත් දායකවනු ඇතැයි සිතමි. එමෙන්ම මගේ අදහසක යම් වරදක් වේනම් එය නිවැරදි කරන්නට ඇති ඔබේ අයිතිය මම පිළිගනිමි.

