2011/07/26

මගේ බ්ලොග් සටහනටත් වැඩේ දීලා ....ස්තුතියි

අද දින මගේ email ගිණුමට ඇතුළුවීමට නොහැකි තත්ත්වයක් ඇතිවූ අතර මෙම සොඳුරු සුව අසපුව සොයාගැනීමට නොහැකි යැයි පණිවිඩයක් නිරන්තරයෙන් blogger වෙතින් ලැබුණි .

ඒ අවස්ථාවේ ඒ බව දැනුම් දෙමින් , මට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් මට සහයෝගය ලබා දුන් ඔබ සැමට මගේ ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි .



දැන් නැවතත්   බ්ලොග් සටහන ක්‍රියාත්මක වුවත් එය නැවන අක්‍රියවීමක් හෝ (අක්‍රිය කිරීමක් ) සිදුවිය හැකි නිසා මේ පිළිබඳ වැඩි දුර උපදෙස් ලබා දිය හැකි තාක්ෂණීක දැනුමක් ඔබ සතු නම් ඔබේ සහයෝගය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙමි.

මෙය සම්පූර්ණයෙන්ම “හැමගේ යහපත පිණිස“ කෙරෙන සටහනක් වන අතර කිසිදු විට තවෙකෙක් රිදවීම පිණිස නොව “තවෙකෙක් සුවපත් කරනු“ පිණිස ලියැවෙන්නකි .ඉතින් මෙම සටහන විනාශ කරන්නට උත්සාහ කළ අයෙක් වේ නම් , ඔබටද කරුණාවෙන් මෙසේ සටහන් කරමි . “මිනිසෙක් ලෙස , ලෝකයට වැරැද්දක් නොකරන්න “ , එසේම එය තාක්ෂණිකමය දෝෂයක් දේෂයක් නම් එහි වරද කිසිවෙකුටත් නොපවරමි.

සිංහල බ්ලොග් කළාවට ලැදි එමෙන්ම තොරතුරු තාක්ෂණයේ දැනුමැති ඔබ සැමට යොජනාවක් කරන්නට මෙය සුදුසුම අවස්ථාව යැයි සිතමි , බ්ලොග් අඩවියක ආරක්ෂාව පවත්වා ගැනීම පිළිබඳ නිසි දැනුවත් කිරීමක් , උපක්‍රම හඳුන්වාදීමක් කළ හැකි නම් ඔබට , එය ශ්‍රී ලංකාවටම අනන්‍යවූ මේ “සිංහල බ්ලොග් කළාවේ “ උන්නතිය වෙනුවෙන් කරන මහත් සහයෝගයකි .


ස්තුතියි ඔබ සැමට .....