Showing posts with label ලිංගාශ්‍රිත රෝග. Show all posts
Showing posts with label ලිංගාශ්‍රිත රෝග. Show all posts

2012/09/30

120) කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන කොල්ලා ..ගැබ් ගෙල පිළිකාව

පාට පාට 
සීතලම , සීතල උදේ  පාන්දරින්ම ඇහැරෙන ඉරිදාව අද ....එහෙම කීවේ , වෙනදනම් ටිකක් පරක්කු වෙනකම්ම නිදා ගන්න දවස තමයි අද ..ඒත් මේ පැත්තට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත ..

2012/05/17

101) හැංගි හැංගි සෙල්ලං කර සල්ලං වෙන ලෙඩේ ...

දැන් නම් හරිම රස්නෙයි , පොඩ්ඩො දෙන්න ගන්න ඉස්කෝලෙ ගාවට ගිහින් හිටි ටිකටත් ඔළුව කකියන්න වගේ , ඒත් තව ටික  වෙලාවක් ඉන්න ඕන , ඉස්කෝලේ දොර ඇරුණු ගමන් පොඩ් පැටවු ටික හිනා පුරෝගෙන දුව පනින හැටි බලන්න ආසයි , බහු සංස්කෘතික පරිසරයක් නිසා , සුදු කළු , දුඹූරු , ..පාට පාට පැටවු පිට්ටනිය පුරාම දුවන හිනාවෙන හැටි බලාන ඉන්නකොට නම් , මේ රස්නේ දැනෙන්නේ නැති තරම් ,

පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...“
“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
harley davidson fat boy
මෙන්න බයික් ...
දෙන්නම එකතු කරගෙන යාන්තං ඉස්කොලෙන් පැනගත්තා...දැන් ඉතින් තුරු සෙවනේ හිමින් සැරේ අපි ගෙදර බලා පිය මනිනවා ...අව්ව තිබුණට මේ ගස් හෙවනින් යත්දි නම් හරිම සිසිලසක් දැනෙන්නේ ...

එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...

බ්රූම් ..බ්රූම් ........

2011/07/18

34) හදවත සූරන මොලේ හපාකන රජ බොරුකාරයා - Syphilis

කොයි මේල් .....ද ....ජී මේල් 
අද මගේ බිරිඳ ටිකක් අසනීපෙන් වගේ , ශල්‍යකර්මයෙන් පස්සේ තවමත් සම්පූර්ණ සුවයක් නැහැ , පුංචි පුංචි ප්‍රශ්න තිබුණත් පහුගිය දවස් ටිකේ රාජකාරියටත් ගියා , ඒත් අද නම් රාජකාරියේ යෙදෙන්නට තරම් සුවදායක පෙනුමක් නැහැ , ඒත් උදේ පාන්දරම ඇහැරගෙන කුස්සියේ සොඳරු පෙළහර පාන්නට පටන් අරගෙන ,
මමත් email ටික එහෙම බලලා උත්තර ලියලා ගියා කුස්සියට , “අද ඔයාගේ පෙනුම එච්චර හොඳ නැහැ , තාම බඩේ ප්‍රශ්නේ තියෙනවා නේද නොකිව්වට , ?“ මම ඇගේ ඇස් දිහා බලාගෙනම ඇහැව්වේ හුගක් වෙලාවට තමන්ගේ ලෙඩ හංගගෙන මගෙත් දරුවන්ගේත් සතුට වෙනුවෙන් ඇය කරන “පරාර්ථකාමී බොරුව“ අඳුනගන්නම ඕන නිසා
“ නෑ ඒතරම් අමාරුවක් නැහැ , ඒවුනාට ටිකක් ඇඟ රිදෙනව වගේ abdominal distension වගේ .... ටිකක් බලමු නේද ? ..“
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,