කාළයක් තිස්සේ ලියන්න ඕන කියලා හිතාගෙන හිටියත් ...මේ කතා කරන්න යන මාතෘකාවේ ගැටළුකාරි බව සහ , කෙතරම් ප්රායෝගිකව වැදගත්වේද කියන දේ ගැන කුකුසක් තිබුණු නිසා මෙතෙක් නොලියා සිටියත් ,අපේ චතුර විජේකෝන් මහත්මයගේ “ හද පතුල“ බ්ලොග් එකේ මෙවර ලිපියත් එක්ක නැවතත් මරණයේ හැඩ රුව ගැන යමක් ලියන්නට හිතුනා ..ඒ සිතුවිල්ලටම දිරි දෙමින් මගේ අධ්යයන කටයුතු වලත් මේ දවස් වල මාතෘකාව Thanatology ... සිංහලෙන් කීවොත් “මරණය අධ්යයනය“ .. ඔන්න ඔය හේතු නිසාම අද “සොඳුරු සුව අසපුවේ“ මාතෘකාව “මරණයේ සැබෑ ස්වරුපය කෙසේ වේද “ යන්නයි ...