Showing posts with label මරණය. Show all posts
Showing posts with label මරණය. Show all posts

2013/09/26

144) මැරෙන්නට නිදහසක් ! මරන්නට නිදහසක් !

“අපි .......බැඳලා ...........දැනට .........අවුරුදු තිහක් !......“ ...
“නෑ නෑ අවුරුදු හතලිස් හතක් ....බ්‍රයන්ටත් වයස හතලිස් දෙකක් නේ ...! ,..“
“ම්හ් ..මට ගණන් වරදිනවා ,........හැ..ම ....දා ..ම....“  කැස්සක් ඔහුගේ කතාවට බාධ කළා ...
“ඔයාට මතකද ...... බ්‍රයන්  ...පොඩි ....කාලේ ..අර දරමඩුවෙ.............“ ..
‘‘ හ්ම් ...දර මඩුවෙ හැංගිලා හිටපු හැටි .......මේ කියන්නේ අපේ ලොකු පුතා අවුරුදු හයේදි විතර .....“ .......... 

2012/09/23

119) මරණයේ වේදනා බිඳලනා මේ පිනා ...-එන්ඩොෆින්

කාළයක් තිස්සේ ලියන්න ඕන කියලා හිතාගෙන හිටියත් ...මේ කතා කරන්න යන මාතෘකාවේ ගැටළුකාරි බව සහ , කෙතරම් ප්‍රායෝගිකව වැදගත්වේද කියන දේ ගැන කුකුසක් තිබුණු නිසා මෙතෙක් නොලියා සිටියත් ,අපේ  චතුර විජේකෝන් මහත්මයගේ “ හද පතුල“  බ්ලොග් එකේ මෙවර ලිපියත් එක්ක නැවතත් මරණයේ හැඩ රුව ගැන යමක් ලියන්නට හිතුනා ..ඒ සිතුවිල්ලටම දිරි දෙමින් මගේ අධ්‍යයන කටයුතු වලත් මේ දවස් වල මාතෘකාව Thanatology ... සිංහලෙන් කීවොත් “මරණය අධ්‍යයනය“ .. ඔන්න ඔය හේතු නිසාම අද “සොඳුරු සුව අසපුවේ“ මාතෘකාව “මරණයේ සැබෑ ස්වරුපය කෙසේ වේද “ යන්නයි ...