Showing posts with label සාමාන්‍ය ලිපි. Show all posts
Showing posts with label සාමාන්‍ය ලිපි. Show all posts

2016/01/19

188) නිකං කරල සැපක් ගන්න “රස රහසක්“

“අනේ මන්ද මෙයා , දැන් මාස පහකුත් වෙන්න ආවනේ , තවම නෑනේ හොඳ ජොබ් එකක් සෙට් වුනේ “ ටිකක් දුර ඈතක ඉන්න මිතුරියක් මනෝජත් එක්ක දුරකථනයෙන් ,
“ඔයා වොලුන්ටියර් කරනවද ? “ මනෝජ අහපු  පළමු ප්‍රශ්නය
“ නෑ අනේ කොලේජ් එකෙන් දුන්න පැය ගණනට වඩා කරන්න ගියේ නැහැ , අනෙක් ලේසිත් නැහැ අනේ වොලුන්ටියර් කරන්න තැනක් අල්ලගන්න එක“ අපේ මිතුරින් පිළිතුරු දෙනවා .
කතාව ටික ටික ඇදෙනවා ,  සාරාංශය නම් ටිකක් සංකීර්ණයි,  ඇය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් කරනවා ලොකු අපේක්ෂාවක් මත , නමුත් තවමත් ඊට අදාල රැකියාවක් සොය ගන්නට බැරි වෙලා .

2016/01/05

180) මැරෙන්න පෙර Pre-Mortem කර ගන්නේ

2016ත් උදා වුනා ලැබුවා වූ නව වසර සුව සතුට පිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සැමට !


අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත් , පහුගිය වසර ගෙවුනේ “හරිම ඉක්මණට“ . ටොරොන්ටෝවේ ගත කළ කාළයට සමු දීලා සස්කචුවාන් පළාතට කිලෝමීටර් 3000ක් විතර දුර ගෙවාගෙන බඩු මුුට්ටුත් කද බැද ගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා , ඒ 2014  දෙසැම්බර් 25දා . අවුරුද්දකට පස්සේ වුනත් ඒ දවස මේ අද ඊයේ වගේ මතකයි.

2014/08/27

168) එබී බලන “එබෝලා“

මෙන්න බලන් අපි අස්සෙ අම්ම ඉන්නෙ පිටිපස්සෙ
දවස ... සෙනසුරාදාවක් 
ප්‍රදේශය .... ගාල්ල , වක්වැල්ල පාර ..
හීරෝ හොන්ඩා යතුරු පැදියේ , හුළං පාර කපා ගෙන යන  “ පුංචි පවුලක් “ 
ගමනාන්තය , ගාලු කොටුවේ , පරණ ලයිට් හවුස් එක ගාව “බිත්තර රොටි කඩේ “ 

“ අද ටිකක් සීතලයි වගේ , වැස්සට අහුවේද දන්නෙ නෑ  .... එන ගමන් මට හිරිඹුරේ මෝළට යන්නත් ඕන තුනපහ ගන්න  , අපි වැඩි වෙලා ඉන්නේ නැතුව එමු අද ...“ 

2014/08/19

166) හොර දොස්තරද ? හොඳ දොස්තරද ?

“පණ එපා කියල දුවනව“ කිව්වත් , ඒ දුවන්නෙත් පණ බේර ගන්න නෙවැ. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ට වඩාත්ම වටින දේ තමන්ගෙ ජීවිතය. ඉතින් ඒ “පණ වගේ රැක ගන්න ජීවිතයේ “ සාමාන්‍ය රිද්මයට යම් අසාමාන්‍ය වෙනසක් වුනොත් , එතැන ලෙඩක්, කායික හෝ මානසිකව ඇතිවූ මේ ‘‘වෙනස“ රෝගයක් , දුබලතාවක් , සහලක්ෂණයක් ,...ඔය විදියට මොන මොන දේ කිව්වත් ඒක “ලෙඩක්“ !

2014/08/15

තවම වයලින් ගහන රොජර් !

රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත  වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව . 

2014/06/01

162) යවන්න පෙර සිතා බලනු ......Sexටින්

“ඔයා දන්නවද මේ ටයිටැනික් ගිලිල තියෙන්නෙ කැනඩා වල නෝර්ත් එකට වෙන්න , “ 
“ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි කියල වගේ .

“මෙහෙම කරමු , දැන් බ්‍රේක් එකක් අරගෙන දෙන්න එක්ක හදපු කෑම ටිකක් කාල ඉමුනේ ? “ මනෝජගේ යෝජනාව  , සම්මත කිරීම මගෙන් . නැවැත්තුවා චිත්තරපටිය මොහොතකට , 


2014/03/09

158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග

වයස අවුරුදු හතට , අටක  විතර ලස්සන කෙළි පැටියෙක් , රෝස පාට මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳළ , කොන්ඩේ ලස්සනට ගොතල, රෝස පාට කටුවක් ගහල ,රෝස මලක් වගේ ....හැබැයි   ටිකක් බය වෙලා , කොණ්ඩ කරල් අස්සේ ඇඟිළි යවමින් අම්මගේ අස්සට තුරුල් වෙලා ඉන්නවා , තාත්තත් කොළ වගයක් එහෙට මෙහෙට පෙරළ පෙරළ මොනවදෝ හොයනවා.

2014/02/19

156) සැබෑ වෙනවා නම් හීනයක් . l !

අද තවත් මරණයක් ! ... නැහැ , සිය දිවි නසා ගැනීමක් ,


ගැටේ කපන්නට 
“ දැන් හැමදාමත් වගේ මාධ්‍යවල සිය දිවි නසා ගැනීම් ගැන සඳහන් වෙනව. එක්කෝ විශ්ව විද්‍යාලයක සිසුවෙක් නවක වදයට මුහුණ දෙන්න බැරිව , නැත්නම් තව කෙනෙක් ඔළුවෙ කැක්කුමක් දරා ගන්න බැරිව , තව කෙනෙක් අහිමි වූ පෙමක් නිසා , තවත අයෙක් කෙනෙක්ගේ තර්ජනයක් නිසා .... තව කෙනෙක් ...තවමත් සොයා නොගත් හේතුවක් නිසා .....ඔය විදියට නානාප්‍රකාර හේතු ඔස්සේ , තම ජීවිතය නිමා කරගන්නා පිරිස , නිමා කරගන්නට තැත් දරන පිරිස ක්‍රමයෙන් වැඩිවන වගක් පෙනෙන්නට ඇත්තේ . මේ සඳහා විවිධාකාර හේතු දුන්නත් , මේ සියල්ල තුල ඇති එක සත්‍යයක් තිබෙනවා , මානසික තත්ත්වයේ බිඳ වැටීම , සහ ඒ අවස්ථාවේ ඒ බිඳ වැටීම හඳුනාගන්නට  , එයින් නැගිටින්නට අවශ්‍ය උපකාරය , සහය නොලැබීම කියන කාරණේ . 

2014/02/13

155) වැලන්ටයින් දිනේ... අනා නොගෙන දිනා ගන්න හැටි

අද පෙබරවාරි 13 , 

ඒ කියන්නේ ...................... හෙට පෙබරවාරි 14 .......... .. ඔව් තව විදියකින් කීවොත් “ආදරවන්තයින්ගේ දිනය “ .... මට මතක විදියට නම් මේ අළුත් දිනය අප අතරට ඇවිත් ජනප්‍රිය වෙලා අවුරුදු දහයක් විතර ඇති , නමුත් ඒ මෙහි ආරම්භය නොවෙයි , එහි මුල හොයා ගියොත් අපට යන්න වෙනවා ක්‍රිස්තු වර්ෂයෙන් 496 විතර ඈත අතීතයකට ( In 496 AD Pope Gelasius marked February 14th as a celebration in honor of his martyrdom.)  ............ඔන්න දැන් මේක කියවන ඔබ බලාවි අදත් “මා.....ගලක් “ තමයි පෙරලන්න හදන්නේ කියල . බය වෙන්න එපා , ඔය අතීත කතා ගැන විමර්ශනය කරන්න යන්නේ නැහැ.  කැමති කෙනෙක්ට මෙන්න මේ වීඩියෝව බලල , මේ නම ලැබෙන්නට හේතු වුනු ශාන්ත වැලන්ටයින් පියතුමා පිළිබඳව යමක් දැන ගත හැකි වේවි .

2014/02/12

154) කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..

“අනේ මන්ද මලී ....එයා අපට කියන එකක්යැ .....“ ..... 
“ඔව් අනේ ... හරිම මූසලයි දවසම ... එල්ලගෙන ඉන්න හැටි .....“ .......
“ඔය ඔක්කොම අරය බලනකං විතරයි ....ඊට පස්සේ මෙන්න වෙන ලෝකෙක ... අර කොල්ල අල්ලගන්න කරන මායං අපි නොදන්නවයැ ....“ 

----------------------
‘‘මෙලෝ රහක් නෑ බං ඌ ... කරන දේකුත් නෑ , බස්ස වගේ බලාගෙන ඉන්නවා ...කොල්ලෙක්නේ ....සෙට් වෙයන්කෝ වැඩකට ..... කොහෙද ...ඌට කියන්න ගියාම ! ...“ 
“නෑ මචං , උගේ වෙනසක් තියෙනවා බං ... හෝම් වර්ක් කරගෙන තිබුණෙත් නෑ ...මං හිතන්නේ අපේ පිනාටත් අහුවෙලා දෙහි කැපුව ....මූ කියන එකක්ය .. ගල් ආඳනේ ...“ 

2014/02/11

153) සිහිනයක් පමණක් නොවූ අතීතය ...


අද වෙනස්ම කතාවක් ....

කෙනෙක්ට අකුරක් , නිවැරදි යමක් උගන්වනවා කියන්නේ මුළු ආත්මයම සතුටින් පුරවන සුන්දර ආශ්වාදයක් , එයින් උගත් දරුවෙක් අපටත් ඉහළ තළයක ඉන්නවා දකින එක ඊටත් එහා ගිය කියා නිම කරන්නට බැරි සතුටක් ...මේ මට දැනෙන දේ ඔබටත් පොදු ඇතැයි මම හිතනවා ...

මේ ටික ලියන්න මතක් වුනේ ඊයේ මහ රෑ ෆේස්බුක් මාවත ඔස්සේ මා සොයා ආ , මගේ දරුවක් නිසා . මීට අවුරුදු විස්සකට විතර එහා දඟකාර හිනාවකින් හැම වෙලාවකම කම්මුල පුරවගෙන හිටි කොළු පැටියෙක් තවමත් ඒ හිනාව එහෙමමයි ...අද එයා ලොක්කෙක් ... දරු පවුලක් සමඟින් යහපත් ජීවිතයක් ගත කරනවා ..... මේ කොළුව මගේ ප්‍රොෆයිලය වෙත යොමු කරල තිබුණෙත් මගේම තවත් සිසු දැරිවියක් එයත් ලොකු ආයතනයක ලොක්කියෙක් :) ..සමහර විට දෙන්නම මේ ලිපිය බලාවිද දන්නේ නැහැ ... එහෙම වුනොත් එදා වගේම ගොඩාක් ආදරෙන් ස්තුති කරනවා ආයෙත් මාව මගේ සුන්දර අතීතයට අරන් ගියාට ...

මේ අතීත සැමරුමත් එක්ක මගේ මතකයට නැගුණු එක්තරා සිදුවීමක් , අද දවසේ කතා බහ වන දේකටත් සමාන්තර වගේ දැනුනු නිසා , මගේම වෙනත් බ්ලොග් සටහනකට ( කාළ වේලාව මද කම නිසා අළුත් ලිපියක් එක් නොකළ :) ...... )  ලියූ ලිපියක් ඒ ලෙසින්ම මෙහි සටහන් කරනවා ... ඒ සතුටට ඔබටත් එක්වන්නට ආරාධනා කරමින් ......
--------------------------------------------------

2014/02/09

ආදරය සුවය විඳින වැලන්ටයින්ලා

අපි ඊයේ දවසේ ගබ්සාව සහ ඒ ඔස්සේ සිදුවන සංවේදී සිදුවීමක වීඩියෝවක් නැරඹුවා ඔබට මතක ඇති . අද කතාවත් ඊට ටිකක් විතර සම්බන්ධයි , නමුත් මේ ගබ්සාක් ගැන නොවෙයි , .......

බලන්න මේ වීඩියෝව , සත්‍ය කතාවක සටහනක් වූ මෙය ඔබේ හිතට යමක් කොඳුරාවි ....... 



සොඳුරු සුව අසපුවේ මීළඟ සටහන  තවත් සුළු මොහොතකින් මේ අන්තර්ජාල අවකාශයට මුදා හැරෙන්නට පුළුවන් ... එතෙක්  , මේ වීඩියෝවට වැය කරන ඔබේ අන්තර්ජාල දත්ත පරිමාවට වඩා වටිනා මිනිස්කමේ සතුටකට එකතු වන්නට ආරාධනා ...

2014/02/08

සීමා නැති වුනු වැලන්ටයින්ලා ...

“රාගයෙන් මරන්නට නොව ආදරයෙන් සමරන්නට ....“
ගබ්සාව කියන්නේ අද ලෝකය පුරාම විවිධ මතවාද වලට මුහුණ දෙන මාතෘකාවක් , මේ ලිපිය තුල මම ඒ මතවාද ගැන කතා කරන්නට යන්නේ නැහැ  ඒ  නමුත් ගබ්සාව ගැන සවිස්තර ලිපියක් මීට පෙර “සොඳුරු සුව අසපුව “ තුල පළ වුන නිසා , ඒ ලිපිය ඔබ කියවූයේ නැත්නම් මෙන්න ලිංක් එක ගිහින් කියවන්න ...

මෙන්න ලිංක් එක ... http://www.nursinglk.com/2012/06/106.html 

නමුත් ඔබ ගබ්සාව ගැන හිතන දේ ගැන වඩාත් හොඳින් හදවතට දන්වන්නට සමත් මේ වීඩියෝව නැරඹුවොත් , ගබ්සාවේ බොහෝ දෙනෙක් නොදකින අවස්ථාවක් හඳුනාගන්නට පුළුවන් වේවි .
 විනාඩි පහක් පුරා දිවෙන මේ වීඩියෝව , ඔබට සිතන්නට යමක් එක් කරාවි ...

කෙටි සටහනින් සමුගනිමි , දිගු  සටහනකින් හමුවන අපේකෂාවෙන් ..

2014/01/14

දිලෙන තරුණ තරු ....

රියලිටි වේදිකාවන් එක්ක , එස් එම් එස් බලහත්කාරයේ බලයෙන් “බලෙන් පුළුස්සා ගෙන“ සුළු මොහොතකට  එළිය දෙන ගිණි දළු අතරේ , නියම ශ්‍රී ලාංකීය තරු කිහිපයක එකමුතු කමේ සුන්දරත්වය විඳගන්නට ලැබුණා මුහුණ පොත ඔස්සේ , ඒ තරු ගැන සටහනක් ලියන්නට තරම් මා සංගීත ඥාණයෙන් පොහොසත් නැතත් , මා සවනට දැනුනු , සරළ , මිහිර ඔබටත් විඳින්නට අවස්ථාව ලබා දෙමින් මේ කෙටි සටහන නිමා කරනවා , මෙවන්  දක්ෂයින්ට නිසි ඉඩක් , හොඳ හෙටක් ලැබෙන්නේ නම් කොයි තරම් සුන්දරද ? .....ඒ මේ හැකියාව තවත් හදවත් දහස් ගණනකට නිර්+ඔසු සුවයක් ලබා දෙන නිසාවෙන් ..

මේ තරුණ දරුවන් වෙත , සංගීත ක්ෂේත්‍රෙය් දිගු ගමනකට සුබ පතමින් සමුගන්නවා  ,
මේ ඔවුන් ගැයූ එක් ගීතයක් ...





මේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව , https://www.facebook.com/whistlingbirdssl

මේන්න බ්ලොග් පිටුවත් ...
http://whistlingbirdssl.blogspot.ca/

2013/12/18

ඇගේ “ආදර කතාව“ විඳින්නට

මේ තවත් ආදර කතාවක් , හැබැයි ටිකක් වෙනස් , ඒත් ඒ , හදවතින්ම නැග ආ , ජීවිතයට ආදරය කරන සුන්දර කතාවක් ....

ගබ්සාව කියන වචනය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම් , ඒ කටයුත්ත කෙරතම්ම අවදානම්ද , අවශ්‍යද , හෝ අමානුෂිකද කියන ප්‍රශ්න , නැත්නම් ඒ ප්‍රශ්න වල අනෙක් දිසාවන් ගැන කතා නොකර , මේ මවගේ කතාව අහන්න ,

 .....සංස්කෘතිය , සදාචාරය , ආගම , ආර්ථීක සමාජයීය ප්‍රශ්න වගේ විවිධාකාර ගැටළු මැද “තනිකර දමන , මෙවන් මව්වරුන් “ ඊළඟට ගන්නා තීරණයේදි “පාරිශුද්ධ වූ සමාජයේ“ පහරදීමටත් ලක්වන්නේ ඇය . එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන් ඇය ,  ඒ අඳුරින් , ජීවිතයේ සුන්දරත්වය විඳින්නට ගත් උත්සාහයේ සතුට විඳන්න ඔබත්.


ගබ්සාව ගැන කතා කළ ලිපිය කියවන්න කැමති නම් මෙන්න ලිංක් එක... 
http://www.nursinglk.com/2012/06/106.html






2013/12/12

රජුට ලංව සුර අඟනුන් දකින්නා ...

වීරයෙක් වෙන්නේ කොහොමද ? .....

ඔබාමාට දකුණු පසින් සිටින්නේ “තම්ස්න්කා“
අයෙක් තමන් කළ සූර - වීර ක්‍රියාවලින් “වීරයෙක්“ බවට පත්වෙන්නෙ මරණයට පත්වුනාට පස්සේ , නමුත් බොහොම සුළු පිරිසක් තමන්ගේ ජීවිත කාළයේදිම “වීරයෙක්“ බවට පත්වෙනවා. ඒ අතරින් අන්තර්ජාතික වශයෙන්ම “වීරයෙක්“ බවට පත්වුනු පුද්ගලයෙක් “නෙල්සන් මැන්ඩෙලා “ කියන්නේ ... 


“තම්ස්න්කා“ යනු ?....

2013/12/10

වැළි මාළිගාවෙන් වළාකුලට නැගි සැක්ගේ කතාව

ඔහු ....... , Zach Sobiech අවුරුදු දහ අටක් තරුණ දරුවෙක් වුනා , පසුගිය මැයි මාසයේ දවසක .. සිනිඳු සුදු මුදු වළාකුළු අතරින් , ස්වර්ගයේ සුව විදින්නට නික්ම ගියදා ... ඔස්ටියෝසාකෝමා පිළිකාව නිසාවෙන් ජීවිත කාළය තවත් මාස පහකට සීමා වුනු තැන ,  තම ගත , සිත නැගි වේදනාවන් අපුරුතම ආකාරයෙන් දරා ගන්නට  කටයුතු කළේ , ඒ සුන්දර උත්සාහයේ ප්‍රතිපල කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ , “ ජීවිතයේ සමහර ගැටළු වලදී , පිළීතුර ,  ඊට ශක්තිමත්ව මුහුණ දීම “ කියන එක නැවත නැවතත් මතක් කරන්නට , 

2013/12/06

ජීවිතයට ආදරය කරන්න !

ආදරය , සෙනෙහස, ජීවිතය සහ එම සාධක වල බැඳීම සහ සබඳතාව ගැන මීට පෙර කතා කළා ඔබට මතක ඇති , නොකියවූ ඔබට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් එම ලිපි කියවන්නට ..

කෙසේ වෙතත් මේ වීඩියෝවත් ඒ ගැන ... “ලෙඩ ගැන ලිපියකින් හමුවනතුරු“ ...මේ සුන්දර නාද රටාව රසවිඳින්න ... වීඩියෝවත් සමඟින්ම , එමෙන්ම ඒතුල සැඟව ඇති “ජීවිතයේ අපුර්වත්වය “ විඳින්න .. ...

නැවත හමුවනතුරු ආයු බෝවන් !





පළමු වාද්‍යයේ පියානෝවෙන් රස මවන ඔහු , කුහාඕ ....මේ ඔහුගේ සංවේදීබවේ  සුන්දරත්වයි ... 

2013/11/28

මේ නිහඬ බව බිඳින්න ....

අළුත් ලිපියකින් හමුවනතුරු මේ සුන්දර වීඩියෝව නරඹන්න , එයත් , අපේ මේ ලිපි මාලාවටම සම්බන්ධ නිසා වගේම එහි වටිනාකමත් නිසාමයි එක් කළේ. මේ Flash mob එකක් , විශේෂත්වය මෙහි රඟන්නේ , ගයන්නේ පිළිකාවෙන් පෙළුණු , ඉන් සුව වුනු , සහ සුව වෙමින් පවතින පිරිසක් , ඔවුන් ලබා දෙන පණිවිඩය අසන්න ....එක්වන්න ..

ඉදිරි දිනකදි පැවැත්වෙන සයිබරයේ මිතුරු හමුවටත්  සුබ පතමින් සමුගන්නවා නැවත ඉක්මණින්  හමුවන අපේකෂාවෙන් .




2013/09/13

එන්න ..ජීවිතයේ සොඳුරු රස අත්විඳගන්නට - කිතාරෝගේ නාද රටා

සංගීතය විශ්වීය භාෂාවක් කියන අදහස් පිළිබඳ මොන මතිමතාන්තර තිබුණත් , සුන්දර සංගීතයක රස විඳිත්දි අපි ලෝකේ කොහේ හිටියත් , කුමන ජාතියේ ආගමේ වුනත් දැනෙන දේ හැඟිම හුඟක් දුරට සමානයි . විශේෂයෙන්ම වෙනත් සංස්කෘතියක ,  භාෂාවක “ගීතයක්“ රසවිඳිත්දි  දැනෙන දේ කෙනෙක්ගෙන් අයෙක්ට වෙනස් වුනත් , සංගීතයක “රිද්මය“ අපට කියන්න එකම එක කතාවක් .