2014/08/15

තවම වයලින් ගහන රොජර් !

රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත  වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව . 

තීරණය , මේ අසාමාන්‍ය කම්පනය පාලනය  කරන්න නම් , මොළය පතුලේ අදාල ස්ථානයට ඇතුළු කරන්නට ඕන. එම ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් මෙම අසාමාන්‍ය විද්‍යුත් ස්ඵන්දනය යථා තත්ත්වය  ගන්න ඕන.  
ප්‍රශ්නය , කොහොමද හරියටම දැන ගන්නෙ මෙම උපකරණය නිවැරදිම ස්ථානයට ගමන් ගත්තා කියල , උත්තරයට , ඒකට නම් ස්කෑනින් පහසුකම් සහිත වෛද්‍ය තාක්ෂණික පරිගණක තිරයක් මඟින් එය කර ගතහැකි . ඒත් අදාල උපකරණය හරියටම මෙම අසාමාන්‍ය ගැස්ම පාලනය කරන්නට හැකි වේද ? එහෙම නැත්නම් උපකරණයේ පිහිටීමත් එක්ක ලැබෙන ප්‍රතිපලය වෙනස් වේද ?  ප්‍රශ්න ගණනාවක් ! 

ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන වෛද්‍යවරුන් , ස්නායු ශල්‍ය කණ්ඩායම , වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම අමුතුම තීරණයකට එනවා . 

“අපි ශල්‍යකර්මය කරන අතරේ ඔහුට වයලීනය වාදනය කරන්නට දෙමු , ඒ වාදනයට අදාලව වයලීන බෝ එකේ සිදුවන කම්පනයන් තිරයකට ගත්තොත් , අපට බලාගන්න පුළුවන් , මෙ ඉලෙක්ට්‍රෝඩය හරියටම නිවැරදි තැනට ගියාද , ඒ එක්කම මේ අසාමාන්‍ය ගැස්ම කොයිතරමය පාලනය වනවා ද කියන එක. ඒ ඔස්සෙ අපට පුළුවන් වේවි , ඉතාමත් සියුම් විදියට මේ උපකරණය ස්ථාන ගත කරමින් ,  ටියුමර් එක නිකුත් කරන විද්‍යත් කම්පනය බිඳ දාන්න. “ , 

එකඟයි මේ අළුත් අත්දැකීමට මුහුණ දෙන්නට සියල්ලන්.

ශල්‍යකර්මය සහ අදාල ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරන දවස . රෝජර් ශල්‍යාගාරයට එන්නෙ සාමාන්‍ය ශල්‍ය රෝගියෙක විදියටම . නමුත් විශේෂයක් . ඒ ඔහුට සිදු වෙනවා , ශල්‍ය ඇඳමත දිගා වෙලා වයලීනය වාදනය කරන්නට පුරුදු ලෙසින්ම.
දැන් ඔහු වයලීනය වාදනය කරනවා , ඔහුගේ අතේ , ඇත්තටම වයලීන බෝ එකේ ඇති වන ගැස්ම පරිගණක තිරයක ප්‍රස්ථාර ගත වෙනවා.  ඒ ප්‍රස්තාරය දිහා වගේම , මොළය තුලට ඉලෙක්ට්‍රෝඩය ගමන් කරන ආකාරය පෙන්වන තිරයත් දෙකම බලමින් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරනවා , සීරු මාරු කරනවා . ඔවුන්ට පෙනනෙවා ඉලෙක්ට්‍රෝඩයේ සීරුමාරු කිරිමත් එක්ක , අතේ තිබුණු අක්‍රමවත ගැස්ම ක්‍රමයෙන් අඩුවී , නැතිවී යන බව . සාර්ථකයි , ශල්‍යකර්මය සාර්ථකයි . සියල්ලලන්ටම සතුටුයි . වැඩියෙන්ම රෝජර්ට සහ ඔහුගේ සංගීත කණ්ඩායමට . මොකද දැන් ආයෙත් රෝජර් වයලීනයේ සුන්දර නාද රටා ලොවට මුසු කරනවා , හිතේ වගේම අතේ තිගැස්මකුත් නැතිව. ( වීඩියෝව බලන්න )
මේ කතාව මට කියවන්න ලැබුණේ මෙන්න මෙතැනින් 
http://www.dailymail.co.uk/news/article-2721342/Concert-violinist-diagnosed-tremor-plays-career-saving-brain-operation-help-surgeons-locate-exact-spot-fit-implant.html



පසු සටහන : හැමදාමත් “මාගල් වගේ“ ලිපිම  එකතු වන නිසා , හිතුන පොඩි “පැදුරු වගේ“ ලිපිත් අතරින් පතර එකතු කරන්න. ( ඒත් “මාගල් ලියන පුරුද්දට“ , පැදුරත් මාගලක් වුනාද මන්දා)

තවත් පණිවිඩයක් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුන්දර මානුෂීය කතාබහක යෙදුනු , කතුවරියක ,වෛද්‍යවරියක  වූ ඇය  , ඒ සොඳුරු කතා බහ සිංහල බ්ලොග් පරිශ්‍රයේ සීමාවෙන් පිටතට ගෙනයමින්  “අනිත්කොණ “ නමින් පොතක් එළි දක්වන්නට සූදානම් !  සිංහල බ්ලොග් පරිශ්‍රෙයේ හඳුනාගත් සහෘද ලේඛිකාවට, හෘදයාංගම සුබ පැතුම්!

එක් කිරීමක් :
මේ සිදුවීම හා සමාන වූ Black box කතා මාලාවේ Sing like me කතාංගය මෙතැනට එක් කරන්නෙ , “හිරු“ මේ ගැන කොමෙන්ටුවකින් සඳහන් කළ නිසා. රොජර්ට ඇත්තටම මුහුණ දෙන්නට වන දේට සමාන සිදුවීම පුංචි තිරයේ මතුවූ අපූරුව නරඹන්න. ( මෙම වීඩියෝව සමහර රටවලට නොපෙනනවාදැයි නොදනිමි)