2013/09/13

එන්න ..ජීවිතයේ සොඳුරු රස අත්විඳගන්නට - කිතාරෝගේ නාද රටා

සංගීතය විශ්වීය භාෂාවක් කියන අදහස් පිළිබඳ මොන මතිමතාන්තර තිබුණත් , සුන්දර සංගීතයක රස විඳිත්දි අපි ලෝකේ කොහේ හිටියත් , කුමන ජාතියේ ආගමේ වුනත් දැනෙන දේ හැඟිම හුඟක් දුරට සමානයි . විශේෂයෙන්ම වෙනත් සංස්කෘතියක ,  භාෂාවක “ගීතයක්“ රසවිඳිත්දි  දැනෙන දේ කෙනෙක්ගෙන් අයෙක්ට වෙනස් වුනත් , සංගීතයක “රිද්මය“ අපට කියන්න එකම එක කතාවක් . 


මේ කතාව ඔබට කියන්නට හිතුනේ , පහුගිය දවසක අහම්බෙන් ශ්‍රවණය කරන්නට ලැබුණු “සුන්දර නාද රටාවක්“ නිසාවෙන් . ජපන් ජාතික සංගීතඥයෙක් වන “කිතාරෝ“ ගේ “මත්සුරි“ නම් ස්වර සංකලනය“ . අද සොඳුරු සුව අසපුව තුල මේ කෙටි සටහන් තබන්නේ ඔහුගේ ස්වර සංකලන කිහිපයක් ඔබට යොමු කරන්නට.  විවේකයක් තිබෙනම් මේ වීඩියෝව නරඹන්න , හොඳ මට්ටමේ තාක්ෂණ පහසුකමක් තිබෙනවා නම් ඔබට පුළුවන් වේවි මේ තුල ඇති සියුම් නාද රටාවල රසය විඳිගන්නට දැන් ..ඔබ දැනෙන දේ , හදවතට දැනෙන ප්‍රබෝධමත් බව රසවිඳන්න .



මෙම නිර්මාණ ශිල්පියාගේ ගීත පිළිබඳ විමසන ඔබට යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඒවාට රසවිඳන්නට අවස්ථාව තිබෙනවා . මෙන්න මේ ලිංක් එකෙන් එම ගී ගොමුවට යන්නට ඔබට පුළුවන් 







මේ සුන්දරත්වය රසවිඳන්න , ඔබේ පරිගණකයේ දත්ත සීමාව බාධාවක් නම් , මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් කැමති නාද රටා විතරක් බාගත කරගන්න අවස්ථාවක් තිබෙනවා . 

මෙන්න ලිංක් එක (බය වෙන්න එපා , වෙළඳ දැන්වීම් , ක්ලික් දැන්වීම් නැහැ , මේ සොඳුරු සුව අසපුවේ ලිපි බෙදා ගන්නා පිටුව)  http://share.cx.com/yswf9d

තොරතුරු ගත්තේ ...
http://www.kitaromusic.com/index.php
http://en.wikipedia.org/wiki/Kitar%C5%8D
http://www.last.fm/music/Kitaro?v=popup&utm_expid=44142428-15.qDQ8Jf0nQAWJD148h2r1eA.6&utm_referrer=https%3A%2F%2Fwww.google.ca%2F

මේ නාද රටාව වෙත යොමුවන්නට හේතුවුනේ මා මිත්‍ර කුෂාන් ජයලත් ,  ෆේස්බුක් පිටුව  තුල කළ බෙදා ගැනීමක් . ඒ නිසා ඔහුටත් ස්තුතිය පුදකරමින් සමුගන්නම් .

එහෙම නම් තවත් දවසක සොඳුරු සුව අසපුවේ ලිපියකින් හමුවෙමු .

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට .
kitaro