Showing posts with label ග්ලුකෝමා. Show all posts
Showing posts with label ග්ලුකෝමා. Show all posts

2012/01/24

79) නයන නිවන තිත් කොමාව ...

අද වැස්ස..තද හුළඟත් එක්ක ...ආරංචි විදියට හෙට අනිද්දා ටිකක් දරුණු කාළගුණයක් (Active weather) ඇති වෙන්න පුළුවන්ලු ..සීතල හුළං කපාගෙන පැටවු දෙන්නයි , මනෝජයි ගියා ඉස්කෝළෙට ..මම ගෙදර ..අද ටිකක් විවේක ගන්න පුළුවන් දවස ..කාළගුණේ එච්චර හොඳ නැත්ද කියල හිතුන නිසා ගෙට ඇවිත් රූපවාහිනිය නරඹන්නට හිතාගත්ත ...ක්‍රියාත්මක කළා ...මොන කාළගුණයක්ද කාටුන් චැනල් එකක් , ඊළඟට ..ඒකත් එහෙමමයි ..තව එකකට යමු ....මෙන්න හරිම ලස්සන  චිත්‍රයක් , රිද්මයක් එක්ක  පාඩමක් ...නැවතුනා ..ටිකක් බලන්න ඕන ...