Showing posts with label Carpal tunnel syndrome. Show all posts
Showing posts with label Carpal tunnel syndrome. Show all posts

2012/01/03

75) කොන හිරිවට්ටන.....ලඳ අත රිද්දන.. . උමඟ පටුවිම ....

දැනුත් minus ......
ඊයේ රාත්‍රි සේවා මුරය අවසන් කරල ...ගෙදර එන්න බස් නැවතුමට යන්න හිතාගෙන කළුවරේම එළියට ආව ...උදේ හතයි කාළයි. ...ඒත් ලංකාවේදි රැ පහමාරට වගේ කළුවර ...අද නම් වෙනදට වඩා සීතළයි ...weather forecast එකේ හැටියට නම් සෙල්සියස් සෘණ 14 විතර ....wind chill factor එකත් එක්ක සෘණ විසි දෙකක් විතර ඇති ...(ඒ කිව්වේ හමාගෙන යන හුඟළ ඇඟට වැදීමත් එක්ක හමට දැනෙන සීතල ප්‍රමාණය , මේ ලියන වෙලාවේ සෘණ 19 ) .....කොහොම වුනත් බස් එකට නැග්ගට පස්සේ නම් ලිප ගාව ඉන්නව වගේ තමයි , හොඳට උණුහුම් ...මොකද බස් එකේ Heaters දාල උපරිමේටම ....ගෙරද ආව ...තේ එකක් බීව ..වෙනද වගේ නෙවි ටිකක් ඇඟට අපහසුවක් ..පිටයි බෙල්ලයි හිර වෙලා වගේ රිදෙනවා ...හැරෙන්න නම් ඇඟෙන්ම හැරෙන්න ඕන හරිම අමාරුයි ...