2011/06/06

10th Discussion -“දන්නා බව නොදැනෙන තුරු“

දවසේ වැඩ සියල්ල නිමා කරල , බටගන්විල බෝධිය ළගට යනකොට රෑ 8 ට විතර ඇති . දවස පුරා තිබුණු කළබල , තදබදයන් stresses වලින්  කියාපු තැන...... ,

බිරිදත් දරුවො දෙන්නත් බොහොම ගෞරවයෙන් මල් පහන් සූදානම් කරත්දි මම ඒ පරිසරයේ “නිස්කලංක සුවය“ හුදකළාවම අත්විදිනව , කියන්න බැරි තරම් සිතට සුවයක් , සිසිලසක් දැනෙනවා..


(ආදර දුවේ පුතේ තරුණ වයසෙදි සමහර දරුවන් ටිකක් රැඩිකල් විදියට හිතනව , ආගම  , දේශපාලනය , ආදර .. ගැන, ඒත් බෝධියක සෙවනේ හිදිත්දි ,එහෙම නැත්නම් අල්තාරය ඉදිරියේ යාඥා කරත්දි එහෙම නැත්නම් පල්ලියේ සලාතය කරත්දි දැනෙන සිත් සුවය ජීවිතයට විදින්න ඕන , මොකද ඔබේ ජීවිත හරිම කළබලකාරීයි , එයට මොහොතක හරි සැනසුමක් , සිහිලක් දෙන්න පුලුවන් මේ පරිසරයෙදි)

මල් පහන් පූජා කරපු බිරිදත් දරුවනුත් ලස්සන , හිතට සුවයක්   දැනෙන රිද්මයකට ගාථා කියනවා , දවස පුරාම තිබුණු හිතේ බර සැහැල්ලු වෙලා යනව වගේ දැනෙනවා.....


සියලු කටයුතු වෙලා ආයෙත් ගෙදර එත්දි , ලොකු දුව මගෙන් අහනව “තාත්තා දැන් කීවතාවක් Clutch කළාද “ .... කියල , “අනේ මන්ද දුවේ , කීපාරක්ද කියල මතක නෑ , කොහොම උනත් එක පාරකට වැඩියි නේද ? , “ ......... මම ටිකක් කල්පනා කළා.... ඇත්තටම මම Clutch කළා ද කියලවත් “විශේෂ මතකයක්, නැහැ, ඒ එක්කම මට මතක් වුනා , අපේ තරුණ දරුවන්ට කියල දෙන්න ඕන කරන සංකල්පයක් ගැන ...ඒ තමයි “දැන ගැනීම“ පිළිබද සංකල්පය....


අද අපේ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් සුලු පිරිසක් පසු විශ්ව විද්‍යාලයට , තවත් පිරිසක් වෘත්තිය පුහුණු ආයතන වලට යනව , මොකටද අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය වෘත්තිය මග Occupational pathway හදා ගන්න. ඊට පස්සේ පත්තර වල තියෙන දැන්විම් බල බල Application දානව , එත් බොහොමයක “පළපුරුද්ද“ ඉල්ලනව නේද ? හරිම වදයක් , මොකද පළපුරුද්ද තියෙන වනම් මෙහෙම ඉන්නවයැ නේද දරුවනේ , ....කොහොමින් කොහොම හරි Job එකක් ලැබුනා කියමු ....මුලින්ම හරිම සන්තෝසයි ...සතියක් දෙකක් යන කොට දැනෙනව පඩි මදි , බෝනස් මදි  , වැඩ වැඩිය වගේ කියල....තාම Probation period....

දරුවනේ දැන් ඇත්තටම මොකද ඔබ කරන්න ඕන , ආ රැකියාව ගැන ඉගෙන ගන්න , “දන්නා බව නොදැනෙන තුරු ඉගෙන ගන්න“ එදාට ඔබට සුදුසු තනතුරට නිතරගයෙන් යන්න පුලුවන්...

මොකක්ද මේ “දන්නා බව නොදැනීම“ කියන්නේ , ආදර දරුවනේ අපි ඉගැනීමේදී ප්‍රධාන පියවර 4ක් හරහා ගමන් කරනව , ඒ තමයි ,
  1. නොදන්නා බව නොදැනිම,
    • මතක් කරල බලන්නනො ඔබේ පුංචි කාළේ , කොයි තරම් නම් වාහන drive කරනවද , “බ්රූම් ,බ්රූම්......“ එදා අපි හිතුවෙ වාහනයක් Drive කරන එක සුලු දෙයක් කියල , හරියට අපේ සෙල්ලම් කාර් වගේම...ඒ මොකද දරුවට දැනෙනනේ නැහැ තමත් නොදන්නා බව 
  2. නොදන්නා බව දැනීම
    • හරි කොහොම හරි අර දරුව වයස අවුරුදු 15ක් විතර වුනා කියමු , ගෙරදට මාමල ආව මෝටර් බයික් එකකින් , ...පුංචි එකාට හරි ආසයි ඒක පදින්න , මාමෙ මට බයික් එක දෙන්නකො , මට පදින්න පුලුවන් ...හිතට හයිය අරගෙන අපිත් කිව්ව මතකද ?....එත් වාහනේ Start කරල Clutch කරන කොටම වාහනේ නවතිනව , හරිම අමාරුයි , එදාට දරුව දැනෙනවා මේක හිතපු තරම්ම ලේසි නැහැ , ටිකක් ඉගෙන ගන්න වෙනව වගේ කියල , ඒ කියන්නේ දැන් දරුව දන්නවා තමන් නොදන්නා බව....
  3. දන්නා බව දැනීම
    • දැන් අර දරුව තව ටිකක් ලොකුයි , ආසාව නිසා යන්තම් Licence ගන්න වයස වුනා විතරයි යනව driving school , දැන් ඉතින් Instructor කියන කියන විදයට Gear , clutch පාවිච්චි කරනවා , දත් මිටි කාගෙන , searing wheel එකේ එල්ලී ගෙන ටිකක් බයෙන් බයෙන් Driving කරනවා , දැන් හිතල මතල තමයි Gear change කරන්නේ , හරීම පරිස්සමින් වෙලා...වට ටිකක් හිතේ බරකුත් එක්ක , ඒ කියන්නේ දැන් දන්නවා තමන් driving  කරන්න දන්න බව ,
        දන්නා බව දැනීම
  4. දන්නා බව නොදැනීම
    • දන්නා බව නොදැනීම
    • කාළයක් , වසර කිහිපයක් driving  කරන කොට මේ දරුවා හොදින් රිය පදවනවා , අවශ්‍ය වෙලාවට gear change කරනව ,  හොදට clutch balance  කරනව , කරනව නෙවෙයි එයා නොදැනුවත්වම අවස්ථාවට අනුකූලව කෙරෙනවා , හරිම සැහැල්ලුවෙන් රිය පදවගෙන යනව... දැන් ඔහු හොද රියදුරෙක් , හොදින් පදවනවා , ඒත් එයා “දන්නා බව ඇගට දැනෙන්නේ නැහැ, “ මොකද ඒක ඒතරම් විශේෂ නැහැ , සාමාන්‍ය දෙයක් වෙලා .....
දරුවනේ කතාවේ මුලින්ම මම කිව්වනේද මගේ දුව මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන , ....ඒකත් එක්ක මේ කරුණු හිතන්න...

ආදරණිය දුවේ , පුතේ ඔබ වෘත්තීයකට පුහුණුවෙත්දි හැකි තරම් උත්සාහ ගන්න , එම විෂයෙහි , වෘත්තියෙහි Skills  හැකි තරම් වැඩි කරගන්න , ඔබ  මොහොතක් හිතල බලන්න , දක්ෂ කාර්මිකයන් , ඉංජිනේරුවන් ,වෛද්‍යවරුන් තම විෂයට අදාල ගැටලුවකදි ඉක්මණින්ම නිවැරදි තීරණ ගන්නව , ක්‍රියාත්මක කරනවා, ඒ කොහොමද ...ඒ අය නිවැදිව පුහුණු වෙලා skills ඇති කරගෙන තියෙනවා....කොයි තරම්ම හැකියාවක් තියෙනවාද කිව්වොත් තමන් “ඒ ගැන හිතුවද කියලවත් දැනෙන්නේ නැහැ, “....

ඉතින් අමාරුවෙන් ඔබට ලැබෙන රැකියාවේ මුල් කාළයේ උපරිම වෙහෙසෙන්න ...වෘත්තියට අදාල ක්‍රියාකාරකම් වලට එකවෙන්න , එතැනදි O.T එක ගැන  Basic salary ගැන හිතනවට වඩා තමන්ගේ Skills වැඩි කර ගැනිම ගැන උනන්දු වෙන්න...ටික කළකදි “ඔබ දන්නා බව නොදැනෙන තරමට“ ඔබේ Skills දියුණු වේවි .....දැන් සුදුසු කාළයයි ....වෘත්තිය ගමන් මගේ පියවරක් ඉදිරියට තබන්නට .......
ආදර දුවේ , පුතේ ...........
දිරි ගන්න .........
සැකසෙන්න....
ජය ගන්න ..  ජිවිතය