ඊයේ සවස අපේ ස්වාමින් වහන්සේගේ භූමදාන පිංකමට ගියා (මරණයට අදාල නීත්‍යානුකූල කටයුතු ඉදිරියටත් තිබෙන නිසා එම දේහය භූමදානය කිරීමට කටයුතු යොදා තිබුනේ) , ගමේම පිරිස , විශේෂයෙන් තරුණ පිරිස හරිම සංවේගයෙන් ඒත් හරිම ගෞරවයෙන් එම කටයුතු වලට දායක වෙලා තිබුණ , ..... හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සුන්දර බිම් කඩකදි උන් වහන්සේ අපට “සියලු දේ අනිත්‍ය“ බව නැවත පසක් කර දෙමින් වැලි තලාවක් යට නිසලව වැතිරුනා ......ගමේ පිරිස තවමත් එතැන .....දරා ගන්න අදහා ගන්න බැහැ කාටවත් සිදුවුනේ කුමකුදැයි ....
“ඔව් , සතා කාපු දවසෙම හොස්පිටල් එකට ආවනම් බෙහෙත් විදගන්න තිබුණා , ...මේ.......මේ මහත්තයත් හරියට මහන්සි වුවා මට මතකයි ......, “
“ඔව් මහත්තයා , මේ හමුදුරුවන්ට මෙයා පණ ......පන්සලේ මොකක්ද තියෙන්නේ නැහීගෙන වැඩ ..උදේද රෑද නෑ .......ඒවත් කරන් එපායෑ නේද .....“ මේ තරුණ මහත්මයාගේ බිරිද කතාවට එක් වුනා .....තරුණ මහත්මය දුක් පිරුණූ මුහුණට අහිංසක සිනාවක් නගල මාත් එක්ක හිනා වුනා ....
| තරබාරුවේ තරම.... |
අපි දැන් කතා කරමු මෙම රෝග තත්ත්වය ගැන ........ මොකක්ද මේ P.C.O.S කියන්නේ ?
....කෙටියෙන් කිව්වොත් ....කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වන ගෙඩිති විශේෂයක් නිසා ඇති වන අසාමාන්‍ය රෝග ගණනාවක එකතුවක් .......සාමාන්‍යයෙන් මෙවැනි ගෙඩිති cyst ඩිම්බ කෝෂ වල තිබුනත් මෙහිදී ඒවා සංඛ්‍යාවෙන් වගේම ප්‍රමාණයෙනුත් අසාමාන්‍ය වෙනවා.
මේ අය හරිම මහතයි තරබාරුයි ..... B.M.I. දර්ශකය මතක නම් එහි අගය 28-30 වගේ තත්ත්වයකට පත් වෙනවා ....ඒත් මේ අය කියන දෙයක් තමයි “අනේ මම ගොඩාක් කන්නෙත් නැහැ ...එත් මහත් වෙනව අනේ ....“ , ඒ විතරක් නොවෙයි මුහුණ පුරාම කුරුළෑ එනව ...කළුපාට ලප හැදෙන්නත් පටන් ගන්නවා ....බෙල්ල , අත් යට උදරයේ එල්ලා වැටෙන මස් රැළිති ඇතිවෙනව .......එක්තරා විදියකට කිව්වොත් රූප ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා
අපි මේ අයත් එක්ක කතා කළොත් කියන තව වැදගත් දෙයක් තමයි “වරින් වර තද කොන්දේ කැක්කුමක් එනවා ...ඒ වගේම හරියට තරහ යනවා .....කේන්තිය පාලනය කරගන්න බැහැ වගේ දැනෙනවා කියන එක “ , ඒ වගේම ටිකක් පිරිමි ගති ලක්ෂණත් එනවා ..ඒකියන්නේ පපුවේ , මුහුණේ වගේ තැන් වල රෝම , කෙස් හැදෙන්න පටන් ගන්නවා , ඒ එක්කම කොන්ඩෙ යන එක වැඩි වෙලා තට්ටය පෑදෙන්න වගේ එනවා ....
| ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ (පහළ - රෝගය සහිත ඩිම්බ කෝෂය) |
මෙහෙම වෙන්න නිශ්චිතම හේතුවක් තවම සොයාගෙන නැතත් පරම්පරාවෙන් යන එහෙම නැතිනම් ජානමය වශයෙන් ගමන් කරන තත්ත්වයක් කියල සැක කරනවා , මේකෙදි වන්නේ අර විදියට කුඩා ගෙඩිති විශාල සංඛ්‍යාවක් හැදෙන ඩිම්බ කෝෂයෙන් සාමාන්‍යයෙන් දේහයට අවශ්‍ය තරමට වඩා “ඇන්ඩ්‍රජන්“ කියන හෝමෝනය හදනවා , ඒකෙන් තමයි අර පිරිමි ලක්ෂණ එහෙම ඇති කරන්නේ ...ඒ වගේම ආර්තවය වෙනස් කරන්නෙත් දරුවෙක් පිළිසිද ගැනීමේ හැකියාව අඩු කරන්නෙත් ඒ “ඇන්ඩ්‍රජන් හෝමෝනය“....ඊට අමතරව අපි කවුරුත් දන්න “ඉන්සියුලින් හෝමෝනයත් “ මෙම ලක්ෂණවලට දායක වෙනවා...
| ඔබේ වෛද්‍යවරයා හමුවන්න |
දැන් මේ දිග ලිපිය කියනව ඔබ මගෙන් අසාවි ...මෙයට ප්‍රතිකාර ගන්නම ඕනද කියලා ? ඔව් ප්‍රතිකාර ගත යුතුමයි ....මක්නිසාද නැතිනම් ඔබේ රුව , බර වගේම හිතේ ස්වභාවයත් හරිම කරදරකාරී විදියට වෙනස් වෙනවා ... ඒ විතරක් නොවෙයි අනාගතයෙදි ඔබට දියවැඩියාව , අධීරුධීර පීඩනය වගේම හෘදයාබාධත් ඇති වෙන්න ලොකූ අවදානමක් තිබෙනවා....ඒ වගේද කාන්තාවකට මෙලොව තියෙන සුන්දරතම බලාපොරොත්තුව “සුන්දර දරු පැටියෙක් “බිහි කර අම්මා කෙනෙක් වීමේ බලා පොරොත්තුවත් යම් අවදානමකට ලක් වෙනවා ...දරුවෙක් බිහිවුනත් එම දරුවා නිරෝගි දරුවෙක් විදියට බිහිවීමේ අවස්ථාව අඩුයි
මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........