2011/06/04

7th Discussion - අඩුවිය ගැබ් ගැනීම් හෙවත් “බබාලා සිටින බබාලා“-Teenage pregnancy - පළමු පියවර

සමාජමය ගැටලුවක්
අද අපි කතා කරන්න හදන මාතෘකාවත් අපේ රටේ තවත් එක් සෞඛ්‍ය ගැටලුවක් , ඒ වගේම මේ වගේ තත්ත්ව වලක්වා ගැනීම වැදගත් වුවත් , ඒ සදහා අපේ දැනුවත් බව හරිම වැදගත් ,

අපි දන්නවා Pregnancy කියන්නේ “ගැබ් ගැනීමක්“ , නමුත් මොකක්ද මේ Teenage Pregnancy කියන විශේෂ අවස්ථාව , Dictionary එකේ දැක්වෙන විදියට කිව්වොත් “Pregnancy by a female, age 13 to 19, which is understood to occur in a girl who hasn’t completed her core education—secondary school—has few or no marketable skills, is financially dependent upon her parents and/or continues to live at home and is mentally immature" මේ කතාව කෙටියෙන් කිව්වොත් අවුරුදු 13 ත් 19ත් අතරේද ගැහැණු දරුවෙක් මවක් බවට පත්වීම , 








ඔබ මොකද හිතන්නේ මේ ගැන , අපි මේ කරුණ සමාජ විද්‍යාත්මකව වගේම වෛද්‍ය විද්‍යාත්මකව බැලුවත් අනතුරුදායක සිදුවීමක් , ඇයි ඒ අපි මුලින්ම බලමු සමාජ විද්‍යාත්මක බලපැම මොකක්ද කියල ,වයස අවුරුදු 13-19 අතර අයෙක් සමාජය දකින්නේ “මුල් හෝ මැදි යොවුන්වියේ දරුවෙක් “ ලෙසට , ඇයට සමාජයේ ආදරණීය  පිළිගැනිමක් ලැබෙන අතරේ “අධ්‍යාපනය“ වෙත යොමු විමට , යොමු කිරීම තමයි මුලික වගකීම ලෙසින් සමාජය පිළිගන්නේ , දෙමාපියන්ගේ එසේත් නැතිනම් භාරකරුවන්ගේ මුල්‍යමය සහයෝගයෙන් තමා ඇය තම සියලු කටයුතු සිදු කරන්නේ , ඒ වගේ අවස්ථාවක ඇය “මවක්“ වුනොත් සමාජයේ ඇය කෙරේ කෙබදු සැලකිල්ලක් දක්වයිද කියන එන අප දන්නවා නේද ? එයින් සිදුවන්නේ කුමක්ද ? ඇගේ අනාගතය ගොඩනගන “පාසල් අධ්‍යාපනය“ බිද වැටීම , එහිදී පාසල් හැරයාම හෝ අධ්‍යාපනය සදහා වන මානසික පසුබිම බිද වැටීමත් වෙන්න පුලුවන් , ඒ වගේම සමාජය ඇය “වැරදිකාරියක“ ලෙස හදුන්වාදීම මගින් සමාජයෙන් ඇයට ලැබිය යුතු අයිතිවාසකම් පවා බිද වැටෙන අවස්ථා තිබෙනවා ,ඒ විතරද මෙබදු අවස්ථාවක මෙම දරුවා වෙත පමණක් නොවේ , ඒ දරුවා අයත් පවුල් පරිසරය වෙතම සමාජයේ කැළැල් දැක්මක් (stigmatism) ඇති වෙනවා , දරුවා සාමජයෙන් කොන්වීමක් (social isolation) වීම මගින් ඇය මානසිකව බිද වැටීමකට ලක් වෙන්නේ හරිම ඉක්මණින් ,එහි අවසානය ඇය මානසික අවපිඩනය(Depression) කියන රෝග තත්ත්වයට ගොදුරුවීමකින් වෙන්න පුලුවන් , අවසාන ප්‍රතිපලය කුමක්ද ? සමාජයට ඵලදායී සේවාවක් කළ හැකි මිනිස් ජීවිතයක් , සමාජයට බරක් වන පුද්ගලයෙක් වීම ... ඉතින් අපි කුමක් කරමුද ? 


මෙම ලිපියේ ඉතිරි කොටසින් මෙහි වෛද්‍යවිද්‍යාත්මක කරුණු සහ වලක්වා ගැනිම සදහා කුමක් කරමුද යන්නත් , ලාංකික සමාජයට මෙය බලපානවාද යන්නත් උදාහරණත් එක්කම කතා කරමු.... ටික වේලාවකට සමුගන්නම්.