2011/08/01

40) මුව වනසන හාදු නොදෙන හීතල හොරා ..



කිරි වෙහෙරේ කොත් කැරැල්ල..... මතින් ඇදෙන දහම් රැල්ල
ඊයේ ටිකක් දුර ගමනක් ගියා , මොකද මේ දවස් වල පවුලේ හැමෝගෙම උපදෙස් එක්ක බාර හාර , පුද පූජා බොහොමයි , දේවාල වන්දනාව ගැන මගේ ඒ තරම් පැහැදීමක් නැතත් ඒ හැම ගමනකටම මාත් එකතු වෙනවා ,

ඊයෙ ගියේ කතරගම , මේ දවස් වල ඒ පැත්ත හරිම වියළියි , දූවිල්ල පිරිලා , ඒ මදිවට වැලිත් ගසාගෙන එන හුළඟ , ටිකක් කර්කශ ගතියක් දැනෙනවා , ඒත් රාත්‍රියට නම් හරිම සිසිල් බවක් තමයි තිබුණේ ,