 |
| Daffodil මලක් දෙන දවස නේ... |
අදට දින තුනකට පෙර දිනය අපේ ජීවිතයේ සුවිශේෂි දිනයක් . ඒ අපේ විවාහයේ දහවන සංවත්සරය තිබුණේ එදිනට , තව විදියකින් කිව්වොත් අපේ Tin anniversary එක . එදා අපි හැමෝම ගෙදර , ගෙදර තිබුණු පුංචි පහේ උත්සවයට මනෝජගේ අතින්ම හදපු කේක් එක්ක තේ පැන් සංග්රහයක් දීලා ආපු “සුවිශේෂි අමුත්තෝ එක්ක " ටිකක් කතා බහ කර කර හිටිය . මොකද අමුත්තෝ දෙන්නත් අමුත්තොම නෙවි , අපේ ලොකු දුවයි , පොඩ්ඩියි , ඔය කතා බහ අතරේ මිට අවුරුදු දොළහක විතර ඉස්සර ඉඳළ අතීතයක් ටිකෙන් ටික හාරා අවුස්සමින් හිටිය. අපි ඉගෙන ගත්තු හැටි , මුලින්ම appointment අරගෙන කොළඹ දෙපැත්තක රැකියාව කරපු හැටි , ඒ දවස් වල ඉඳන් ගෙදරට ඕන කරන අඩුම කුඩුම එක්රැස් කළ හැටි ,ආපු කරදර ඒව විසඳගත්ත හැටි ඔය වගේ විවාහයට එනකං අපි දෙන්න ආයෙත් කතා කළා.