2014/08/14

165) හිස කළඹණ බඩලොකු වෙන Budd-Chiari

සුන්දර Ball's falls ඇරඹුම 
පොඩ්ඩන්ට නිවාඩු නිසා අපට නිවාඩු නැතිම දවස් ටික (අළුත් පෝස්ට් එකක් පමාවට මේතක් එක හේතුවක්)  ,  හැම සති අන්තයකම වගේ පහුගිය සෙනසුරාදාවක , Ball's falls වෙතට ගිය චාරිකාව නිමා කරන ගෙදර එන ගමන් .

“දැන මෙතනම පැය බාගෙකටත් වැඩියි , එක වාහනයක්වත් හෙලවෙන්නේ නෑ , අපරාදෙ මං කීවේ මීට ඉස්සර වෙලා තිබුණු  exit එක ගත්තනම් දැන් මෙලහකටත් ගෙදර “ මනෝජගෙන් පොඩි නෝක්කඩුවක්