| ජීවිතයට ...ආදරේ.......වගේම රැකවරණයත් ..... |
“ ෂ් ..ෂ් සද්දකරනනේ නැතිව බලන් ඉන්න“ මගේ බිරිඳගේ උපදෙස් ගත්ත අපේ සද්දපාල හෙවත් චූටි මිතිලි කිසිම සද්දයක් නැතිව බලාගෙන ඉන්නව .....හරිම සුන්දර දසුනක් ...හිතට පුදුම සතුටක් දැනෙනනේ .....දෙමලිච්චන් රෑන අපේ කුරුළු තැටියේ කෑම කනවා ..පැටවුන්ට කවනවා , ....බත් ඇට හැම තැනම හළලා ඒ අස්සේ අපේ මිතුරු කොණ්ඩ කුරුළු ජෝඩුව එහා ගෙදර රඹුටන් ගහේ ඉඳගෙන ලොකු කිචි බිචියක්...තව ටිකකින් එයාලත් මෙතැනට එනවා කෑමට .....