![]() |
| සෙනසුරාදාට දවස ගෙවන්නට |
කමක් නැහැ , ජපානේ පැත්තට වෙන්න තිබෙන රටක රැකියාව කරන්න මේ “මල්ලි“ එක්ක කාළෙකින් කතා කරන්න ලැබුණෙත් නැහැනේ.
ගියා වයිබරේට , ඒ වෙනකොටත් ඇමතුම එනවා.
“හලෝ මහේෂ් අයියා , කොහොමද ? දැන් සීතලද ඔහෙට , මෙහේ නම් ගිණි රස්නෙයි අයියා“ කතාව පටන් ගත්තා ඔහුම.
“වරදක් නැහැ මල්ලි, පහුගිය දවස් වල නම් සීතලයි දැන් නම් ටිකක් සීතල අඩුයි , අද නමයක්ද කොහෙද ? ඔය පැත්තට ගිණී රස්නෙයි කිව්වේ? , මං හිතුවේ ඔය රටවලටත් දැන් සීතලඇති කියල “
“මොන රටද අයියා , මං දැන් ලංකාවේ මාස දෙකක් වෙනව ඇවිත් , මෙහේ ඉන්න බෑ අයිය , ගිණිගන්න වගේ “
