2012/05/13

100) එක දෙක වෙන නොහඬන ඇස..

ඊයේ රාත්‍රිය මහ අසාමාන්‍ය රාත්‍රියක් වුනා , හවස් වරුවේ , සොඳුරු හදවතක් ඇති මිනිසෙක්  , ඩිගිටල් 

සටහනකින් මගේ ලිපියට පිළිතුරු දුන්නා , ඔව් , ඒක සාමාන්‍ය දෙයක් , මේ බ්ලොග් අවකාශෙ ඉන්න බොහොමයක් මම හඳුනන්නේ මේ අකුරු ඇමුණුමු හරහාම පමණයි , ඒත් ඒ හරහා , බැඳෙන හෘදයාංගම මිතුදම් නම් පුදුමාකාර බැඳිමක් ...ඉතින් මේ දුන් පිළිතුරට තුති සටහනක් තියල , පුංචි වැඩ කටයුතු කිහිපයකට අසල්වැසි නිවසට ගියත් , එය පැය දෙකක විතර කතා බහකට දිගුවුනා , ඒ සුහද කතාබව , හමුවීම් වලින් පස්සේ ආයෙත් ගෙට ගොඩවැදුනු මම පුරුද්දට වගේම , පරිගණකය පණ ගැන්වුවා ,
 “ඔබා මාමාට නිවන් සුව“ ....සුදු කොඩියක් එක්කම සටහනක් ....මෙය වෙන්නට පුළුවන්ද ? ...වෙන්න බැහැ , අදත් කවුරු හරි අන්දවන්න කරපු වැඩක් වෙන්න ඇති , මොකද මේ වගේ වැඩ කෙරෙනවනේ ..ඒත් දිගින් දිගටම මේ ගැන සටහන් ලියැවෙන නිසා , බ්ලොග් මල්ලට ඇවිත් බලත්දි , මාරයාගේ හෝරාවේ ඒ ගැන කෙටි සටහක් තිබුණා , .....වෙන්න බැහැ ...තවම මට මේ විශ්වාස කරන්න අමාරුයි , ...ඒ වෙලාවේ ඔන් ලයින් හිටි කිහිපදෙනෙක්ගෙන් මේ ගැන විමසල සටහන් දැම්ම ....
පිළිතුරක් ලැබුණ පොඩි මෑන් මල්ලිගෙන් ,...“ඔව් ඒක ඇත්තක් “                  .......................................................................................... ........................................................ ?????????????????????????????????????????????????????

මරණ කීයක් නම් දැකළ ඇත්ද මේ වෙනකොට , රෝහල් සේවා මුර වල ඉඳන් සුනාමි දවසේ ලොරි ගණනින් මළ කඳන් එක්ක කටයුතු කළ මට මෙය නම් “අදහා ගන්නට අමාරු මරණයක් ...“ ....කිසිදාක හමුවෙලා කතා කරලා නොතිබුණත් , මෙතුමාගේ මරණය මට ඇති කළේ , මගේ මව , පියා මා හැරදා ගිය දිනයේ මට ඇති කළ සංවේගයමයි කීවොත් එය අතශ්‍යොක්තියක් නොවේ ....තවමත් මේ ඇත්තක්ද ?.............

“තාත්ති ඇයි ඕක දිහා බලා ගෙන කල්පනාව ...අද ලියන්නේ නැත්ද ?.....“ පොඩ්ඩි මගේ උකුළට ආව ..“ඔව් පුතේ ලියන්න ඕන ...ඒත් මේ බලන්න , අර ඔබ්සවර් මාමා නැති වෙලා ......“ ....පොඩ්ඩිටත් මාත් එක්ක බ්ලොග් කියවත්දි ඉන්න නිසා , කවුද මේ කියල දන්නවා ....

“ඉතිං තාත්ත පෙන්නුවේ අර අවුරුදු උත්සවේටත් ඉන්නව ...“ ...
“ඔව් ...අද නැති වෙලා තියෙන්නේ .....“... 
-----------------------

මේ සංවේගය , සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හැම සිතකම ඇති වෙන්න ඇති කියල මම හිතනවා , මොකද කිසිම දවසක කාගෙවත් හිත රිද්දන වචනයක් මෙතුමාගේ කිසිම සටහනක මම දැක්කේ නැහැ , ඒ වෙනුවට මම දැක්කේ , දොරේ ගලා යන මිතුරු සෙනෙහස නිසා ලියැවුනු , සදාතනික තාරුණ්‍ය යේ උණූසුම් සොඳුරු පද වැල් පමණයි ....

ඉතින් අපේ හදවත් වලින් කිසිදා නොමියෙන සදාදර මිතුරාට නිවන් සුව පතමින් , අද මගේ ලිපිය අරඹනවා , දැන් අපි කළ යුත්තේ , සිංහල බ්ලොග් අවකාශය පුරා ඔහු පවත්වාගෙන ගිය මිත්‍රශීලී ප්‍රාණවත් බව එළෙසින්ම ඉදිරියට පවත්වා ගැනීමම පමණයි , එය ඔහු වෙනුවෙන් කරන එක්තරා ගරු කිරීමක්ම වනු ඇතැයි මට හිතෙනවා ..

කෙසේ වෙතත් අද අපි හැමෝගෙම ඇස් වලට කඳුලක් ගෙනා මේ ප්‍රවත නිසා , කඳුළු ගැනම ලියන්නයි අදහස ...මේ හදිසි සහ සංවේදී පුවත නොවන්නට , අද දවස සොඳුරු සුව අසපුවට සුවිශේෂී දවසක් වෙන්නට තිබුණා , ...ඒ අදට සොඳුරු සුව අසපුවට හරියටම දින 365ක් ....ඔව් අදට හරියටම අවුරුද්දකට ඉස්සර ආරම්භ කළ සොඳුරු සුව අසපුව , දැන් වසරක් පැරණි බ්ලොග් සටහනක් , ඒ වගේම මේ එහි සිය වන ලිපිය , මේ සුවිශේෂී සිදුවීම් දෙකේ ගෞරවය , ආ ගිය ඔබ සැටම පුදනවා , 


එහෙම නම් අද කතාව පටන් ගනිමු ..කඳුළු ....ඔව් මේ කඳුළු අපිට වැදගත්ද ...ඔව් ...මොකදට මේ වගේ වෙලාවට , කම්මුල්  හිරි වැටෙන කං අඬන්න ...ඔව් එකත් හරි ..ඒ වගේම කඳුළු වඩාත් වැදගත් රාජකාරියක් කරනවා , ඒ තමයි ඇසට ආරක්ෂාව ලබා දීම ..ඒ වගේම ඇසේ බාහිර සෛල , පටක වලට පෝෂණය ගෙනත් දෙන්නත් ඒ වායේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේදීත් මේ කඳුළු වැදගත් කොටසක් කරනවා . විශේෂයෙන්ම කඳුළු වල අඩංගු එන්සයිම ඇසේ ආරක්ෂාවට වැදගත් , ඒ විතරද , ඇස හරියට ක්‍රියාකරන්නට ඕන කරන ලිස්සන සුළු ස්වභාවය දෙන්නේත් මේ කඳුළුම තමයි ....ඒ සඳහා කඳුළු වල , ජලය , ලවණ වර්ග , ප්‍රෝටීන , ඒනසයිම , මේදමය සංයෝග ..ඔය වගේ රාශියක් තියෙනවා .. සාමාන්‍යෙයන් නිරෝගී කෙනෙක්ගේ කදුළු නිශ්පාදනය වීම නිරන්තරයෙන් වන ක්‍රියාවක් , ඇස පියහෙළිමත් එක්ක , ඇස පුරා පැතිර යන කඳුළු තමන්ගේ කාර්යය අවසන් කරල ඉවත් වෙත්දි , තවත් කඳුළු ගලා ගෙන ඇවිත් ...මේ තමයි නිරෝගී ..සහ සාමාන්‍ය සිද්ධිය ....

ඒත් මොකක්ද මෙහි අසාමාන්‍ය දේ ...යම් හේතුවක් නිසා මේ කඳුළු නිශ්පාදනය නැවතුනොත් , නැත්නම් අඩු වුනොත් ....එහෙමත් නැත්නම් කඳුළු එනවට වඩා ඉක්මණින් වියළිලා යන්න ගියොත් ...මෙන්න අසාමාන්‍ය අවස්ථාවක් ...නැත්නම් සෞඛ්‍ය ගැටළුවක් ..මේ තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් නම් කරන්නේ Dry Eye Syndrome කියල කෙටියන් DES කියලයි කියන්නේ ...විටමින් ඒ ඌනතාවය , විවිධ අසාත්මිකතා , ඒ වගේම සිවිකාච නිසි ලෙස නොපැළදීම වැනි හේතු වල ඉඳළ , පරිසරයේ තෙතමනය අඩුවීම , නිසි නඩත්තුවක් නැති වායු සමීකරණය කළ පරිසරයක රැදී සිටීම වගේම ඇසි පිය හෙළන වාර ගණන අඩු වීම (Low blinking rate)  වැනි සාධයක් මීට හේතු වෙන්න පුළුවන් , විශේෂයේම පරිගණක , අන්වීක්ෂ වැනි උපකරණ එක්ක රාජකාරි කරන අයට මේ තතත්වය ඇති වීමේ අවදානම වැඩියි . තවත් සාධක ගණනාවක් තියෙනවා ඒ ඔක්කොම කියන්න තියොත් අර අපේ ඔබ්සර්වර් මහත්තයා කියනව වගේ “ඇහැ උළුක් වෙන්නත් බැරි නැහැ“  නිසා , මේ හේතු ටික විතරක් ලියන්නම් , 


හේතු මොකක් වුනත් ලෙඩේ ආවට පස්සේ එන ලක්ෂණ නම් දැන ගන්නම ඕන ..මොකද එයින් තමයි අපි ප්‍රතිකාරයට යොමුවෙන්නට පොළඹවන්නේ .ඇහැ වියළ බව දැනෙන්න පටන් ගන්නවා ,ඒ එක්කම ඇහේ හැම තිස්සේම පටලැවෙන ගතියක් , වැලි වැටිච්ච වගේ දැනෙනවා , ඒ වගේම ඇහැ ඇතුලෙන් තද වේදනාවක් එක්ක පෙනීමත් වෙනස් වෙලා වගේ ..තව ටිකක් වෙලා ගියාම ඇහැ රතු වෙලා ...ඉර එළිය දිහා බලන්නම බැහැ වගේ දැනෙනවා ..ඔන්න ඔය ලක්ෂණ දින තිබේ නම් , ටිකක් හොයල බලන එක හොඳයි මේ DES ද කියලා ...

ඒ සඳහා ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා ඔබේ රෝග ලක්ෂණ පවසන්න ..සාමාන්‍ය පරික්ෂණ කිහිපයකින් මේ ගැන යම් නිගමනයක් ගෙන  ප්‍රතිකාරයක් ලබා දේවි , සමහර විට ඔබට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ගන්නත් වේවි , එහිදි ඇස , විශේෂීත උපකරණයක් (ස්ලිට් ලැම්ප්) මඟින් පරික්ෂා කරලා ප්‍රතිකාරය අරඹන්නට පුළුවන් . ඒ ප්‍රතිකාරය තුල , කෘතිම කඳුළු Artificial teas එක්කම තවත් ඇසට යොදන ඖෂධ කිහිපයක් ලබා දෙන්නට පුළුවන් .මේ වන විටත් ඇසේ වියලීමත් එක්ක , ඇස තුල තුවාල මතුවෙලා ඇත්නම් ඊටත් දින කිහිපයක් පුරා ගත යුතු විදියට ඖෂධ නියම කරාවි ත ඒ වගේම නැවතත් යම් දින ගණනකට පස්සේ ඇසේ තත්ත්වය ගැන පසු විපරමක් කරන්නටත් රෝහල යන්නට වෙන්න පුළුවන් ...ඒත් කමක් නැහැ , මේ උපදෙස් , ප්‍රතිකාර හරියට ගන්න , ඒ නැතොත් ඔබේ ඇස් දෙක අහිමි වන්නටත් බැරි නැති නිසා ...

එහෙම නම් වලක්ව ගන්නට ටිකක් අමාරු මේ තත්ත්වය මුලින්ම හඳුනගෙන ප්‍රතිකාර කළට වෙලාවට ගෙන ඇස් දෙක ...ඇස් දෙක වගේම පරිස්සම් කරගන්නට ඔබ උත්සාහ කරාවි කියල සිතනවා ...

අද වැඩි කතා නැතිව සටහන හසුරුවන්නට උත්සාහ කළේ ...ඇස් දෙක පියා ගත් , කිසිදා අපේ හදවත් වලින් මිය නොයන ඔබ්සවර් මහත්මයගේ ‘සුව නින්දට බාධා නොවන්නටමයි ...“ ......ඔබට සුව නින්දක් සනත් අයියේ ...