ඔය ගමේම හිටිය නොතාරිස් මහත්තයෙක් ..නම සෙමෙනේරිස් පීරිස් තමයි නම ...පීරිස් මහත්තය කියල තමයි ප්‍රසිද්ධ ..
ඔන්න දවසක් පීරිස් මහත්තයා , පියදාස අයියලගේ ගෙදර එනවලු ..ටිකක් ඇඳිරි වැටීගෙන එන වෙලාවේ කවුද බොලේ මේ කියලා පියදාසයිය එබිකං කරල බැලුව ...“ආ.....ම් ම් මේ ඒ ඒ අප්පේ ඒ ඒ ඒ නොතාාාාරිස් මාත්තය...එන්න එන්න “
නොතාරිස් මහත්තයත් බොහොම ගෙට ඇවිදින් වාඩි වෙලා බැරෑරුම් විදියට රැල් බුරුල් ඇරළ “පියදාස ...මං කල්පනා කොළේ හංදියේ කඩකාමරේ ඔපීසියක් දාගන්න ..මොකද දැන් වැඩ කරගන්න එන අය ගෙදර ආවම කරදරේ , අපේ උනදැ දන්නැද්ද ...පියදසයෝ ..මට පොඩි බෝඩ් එකක් ඇඳල දියංකෝ ..මං උඹේ කුලිය දෙනේනං .හැබැයි වැඩේ හෙට උදේම ඕන ... මෙන්න මෙහෙම නොතාරිස් කන්තෝරුව , ප්‍රසිද්ධ නොතාරිස් සෙමනේරිස් පීරිස් කියල ලියල දුන්නම ඇති ..මං එන්නං උදේ පාන්දරම මොකද හොඳ නැකතක් තියෙනවා නමයයි පහට ..මේක උදෙන්ම බිත්තියෙ එල්ලුවම , මට නමයයි පහට ට වැඩ පටන් ගන්න පුළුවන් ..“
“හර්රී ..මාත්තයි ..මං වැඩේ කරන්නං ...ගාන මොකක්ද පීරිස් මාත්තය ඔන්න උදේට ඇවිත් ගෙනියන්න .,“
ඔන්න දැං උදේ ...ඔපීසියේ අනෙක් කළමනා ඔක්කොමත් ලේස්ති කරලා නැකතටත් කිට්ටු කරලා පීරිස් මහත්තයා කළබලේට දුනං එනවා ..
“පියදාස ...පියදාස ....“ මග තියාම කතා කරත් පියදාස නෙමේ උත්තර දුන්නේ ...
“ආ මහත්තයා ..උන්දැං දැන් ඕන කාගෙත මඟුලක පෝරුව ගහන්නෙයි කියල එක්කං ගියා ..මහත්තයගේ බෝඩ් එක ඇඳල ඔය එළියේ කණ්ඩියේ ඇතිය කිව්ව ...අරගෙන යන්න මහත්තයා ...“
ඇති යන්තං ..පීරිස් මහත්තයා එළීයේ කණ්ඩිය ළඟට ගිහින් වේලෙන්න වගේ හිටවල තිබුණ බෝඩ් එක ගත්ත ...ලස්සනට අකුරු ටික ...,“නොතාරිස් කන්තෝරුව“ ...??????????????????????????????????
නොතාරිස් පීරිස් ප්‍රසිද්ධ සෙමනේරිස් .... “ ...කළබලේට වෙරි මතේම ලියල තියෙන්නේ වචන මාරු කරලනේ ...දැන් ඉතින් මොකෑ කොරන්නේ කියල අපේ “නොතාරිස් පීරිස් ප්‍රසිද්ධ සෙමනේරිස් “ මහත්තය තක්කු මුක්කු උනාලු ...
දැන් ඉතින් මේක කියවල “මෙලෝ එහක් නෑ.........“ කියල කිව්වට කමක් නෑ ..ඊළඟ ටික නොකියව ගියොත් .........ඒත් ඉතින් මෙලෝ රහක් නැති වෙන්න පුළුවන් ..හැබැයි ටිකක් හරි ගුණයක් වේවි ..
ඒ එදානේ .....ඔය වගේ වැරදි තවත් වෙලා තියෙනවා ...වෙන තැනක නෙවි වෛද්‍ය ක්ෂේත්‍රෙයත් ඔය වගේ නම් , පද , වැරදීම් වෙලා , ඒ වැරැද්දම ප්‍රසිද්ධ වෙච්ච බව ඔබ දන්නවද ? ......ඔව් ...අපි හැමෝම දන්න කුරුළෑ නැත්නම් acne වල නමෙත් එහෙම වැරැද්දක් වෙලා ...හැබැයි ‘වරදට සමාව දීලා ..අදත් හොඳින් ලෝකේ පුරාම ඉන්නව “ ...මොකක්ද මේ වරද ...මේ කුරුළෑ , නැත්නම් Acne වලට ග්‍රීක් භාෂාවෙන් යෙදුනේ Acme කියන පදය ..ඒකේ තේරුම ලපය , තිත කියන තේරුම ..ඔය Acme පදය කාළයක් යත්දි අකුරු මාරුවිල්ලක් වෙලා දැන් තියෙන Acne වෙලා තියෙන්නේ ...
ඔන්න එහෙනං දැන් අපි පටන් ගන්න හදන්නේ අද මාතෘකාව ..ඒ කුරුළෑ ගැන ...
කුරුලෑව ගැනත් වැඩි විස්තර කතා කරන්නට ඉස්සර ඊට අදාල ජීව විද්‍යාත්මක පරිසරය ගැන කතා කරන්නම ඕන , එහෙම නැතිව ලෙඩක් ගැන විස්තර කර දීම නිසා වැරදි තොරතුරු වගේම වැරදි වටහා ගැනීම් වෙන්නත් පුළුවන් , මොකද සමහර බ්ලොග් පිටුවල , වෙබ් පිටුවල වෛද්‍ය විද්‍යාත්මක වැරදි මත (ඒ කිව්වේ කිසිදු වෛද්‍ය ක්‍රමයකින් පිළිනොගන්නා වැරදි කරුණූ) “නිදහසේ ලියල“ තියෙනවා තවමත් දැක ගන්න පුළුවන් . ඔව් ලියන එක හොඳයි , ඒත් ඕනම විෂයානුබද්ධ කරුණක් ලියනවා ( විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක , මොකද වෙන එන්ජිමක් නං කැඩුනොත් අළුත් එකක් ගත හැකි , නමුත් ජීවිත එන්ජිමට වැරැද්දක් වුනොත් ? ) නම් ඒ ගැන අධ්‍යයනය කිරීමක් කරල , තේරුම් අරගෙන ලියනවා නම් වඩාත් හොඳයි කියල මට හිතෙනවා , මොකද ඒ වගේම වැරදි මත , ඖෂධ ගැන වැරදි පැහැදිලි කිරීම් සහිත කරුණූ හුඟක් ජනප්‍රිය විදියට අපේ ඊමේල් වලටත් එනවා , කියවල බැලුවම , ඒ උපදෙස් අනුගමනය කරන්න ගියොත් සිදුවන විනාශය නැවත නිවැරදි කරන්නට බැරි තරම් වෙන්න පුළුවන්.
කතාව නිකං ...රබර් වගේ ඇදුන...නේ ...ඒත් මේ ගැන නොකිය බැරි තරම් ....
ඔව් දැං අපි මේ හඳුනගන්න හදන්නේ , කුරුළෑව ඇතිවෙන ඒකකයේ නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වය ගැන කතා කරන්න . මේ රූපයේ පෙන්නන්නේ ඒ අදාල කොටස ..මතුපිටින්ම සමේ බාහිර සෛල ස්ථරයන් , ඊළඟට කූරක් වගේ තියෙන්නේ (hair shaft) රෝම ගස , එයා සම ඇතුලේ වලක් වගේ හදාගෙන පැල වෙලා තමයි ඉන්නේ , ඒ පැලේට ඕන කරන තෙතමනය , දෙන්න වගේ රෝම ගහත් එක්ක ඇළීල ඉන්න මළු (Sebaceous glands) , තෙත් ලිස්සන සුළු තෙල්මය දියරයක් හදලා හම මතුපිටට ගලා එවනවා , ඒකෙන් තමයි සමේ තෙතමනය රඳා පවතින්නේ . ඒ විදියට Sebum කියන තරලය එළියට ගලා එන්න ඕන කරන පුංචි සිදුර සමේ මතුපිට , අර කෙස් ගස ආශ්‍රිතවම තියෙනවා ..සාමාන්‍ය සිදුවීම , පුද්ගලයාගේ වයසට , සමේ ස්වභාවයට අවශ්‍ය ප්‍රමාණයේ sebum හදල හමට වක්කරාම , ටික වෙලාවකින් සමපුරා පැතිරිලා යනවා , ඒව සමේ බාහිර ස්ථරය පුරාමත් , ඒ මත ඇති මැරුණු සෛලත් එක්ක බැඳිල ටික ඉන්නවා , දැන් මේකෙනා සාමාන්‍ය දින චර්යාවේ විදියට මුහුණ , සම සෝදා ගැනීමෙදි මොකද වෙන්නේ , මේ වැඩිපුර සීබම් , ඒ එක්කම අර මැරුණූ බාහිර සෛල ...පේස්ට් එකම හේදිලා ඉවත් වෙලා යනවා , බය වෙන්න එපා ..දැන් හං වේලෙන්නේ නැහැ ..මොකද ආයෙත් අර සමේ තියෙන sebaceous gland එක ..තමන්නේ රාජකාරිය විදියට සීබම් නිශ්පාදනය කරමින් සම මතට එනවනවා ..මේක දිගින් දිගටම සිදුවන නිරෝගී කටයුත්තක් ...
හැබැයි අපි මෙහෙමෙ හිතමු , මේ හදන “තෙල“ ..නැත්නම් සිබම් එළීයට ගේන පාර නැත්නම් විවරය , නැත්නම් කට ...යම් දෙයක් නිසා හිර වුනා කියලා (මේකට හමේ එළියෙ ඉන්න කෙරටීන කියන සංයෝගයත් දායක වෙනවා , ඒ විතරක් නොවේ , පවිත්‍රතාව ගැන සැලකිල්ලක් නැති තැන සමේම ඉන්න මළ සෛල වගේම බාහිර ද්‍රව්‍ය නිසාත් මේවිදියට හිල වැහෙන්න පුළුවන්) , දැන් මොකද වෙන්නේ , කට වැහුනු බව නොදත් ග්‍රන්ථිය දිගටම සීබම් දියරය හදනවා ...ඒව එකතු වෙනවා ..එළියට එන්න හදනකොට තමයි අවහිරේ දැන ගන්නේ ..ඉතින් මේ හැදෙන සීබම් දිගටම රෝම කූපය ආශ්‍රිතව , ග්‍රන්ථීව ඇතුලේ එකතු වෙන්න පටන් ගන්නවා , මේ තමයි කුරුළෑවට ආරම්භය , මේ වගේම සමහර විට ග්‍රන්ථිය විසින් නිපදවන සීබම් ප්‍රමාණය අධීක වීම නිසාත් මේ විදියට ඉදිමීමක් වෙන්න පුළුවන් . ඒ නිසා අපිට කියන්න පුළුවන් කුරුළෑවක ආරම්භයට හේතු දෙකක් , එකක් අර දියරය එළීයට ගෙනියන විවරය අවහිරවීම , ඒ වගේම විවරය අවහිර නොවුනත් , ග්‍රන්ථීය විසින් අධීකව “තෙල“ ස්‍රාවය කිරීම ...විශේෂයෙන්ම හෝමෝන වල බලපෑම නිසා මේ විදියට කුරුලෑ ඇති වන්නට පුළුවන් . ඒ වගේම මේ විදයටකට ක්‍රියාකාරීත්වය දුර්වල වෙච්ච පද්ධතියක් ඇතුලට Propionibacterium acnes වගේ බැක්ටීරියාවෙක් රිංග ගත්තොත් “සැප තමා“ ...බැක්ටීරියාවට .. මොකද එයාට ඕනම කරන දේවල් , කෑම බීම , රස්නේ , හැංගෙන තැනක් කියන ඔක්කොම තියෙන නිසා දැන් මේ ග්‍රන්ථිය ඇතුලේ පැටවු දාමින් කුරුළෑව හරිම වේදනාකාරී සැරව පිරිණූ ගෙඩියක් වගේම තත්ත්වයකට පත් කරනවා .....කොහොම වුනත් ඔබ දන්නවද මේ කුරුළෑ ...ජීවිතය නසා ගන්නට තරම් හේතුවෙන තරම් තදබල මානසික ගැටළුවක් බවට පත්විය හැකි බව මේ පිළිබඳ පර්යේෂණ කරන මනෝවිද්‍යාපර්යේෂකයන් පවසනවා .ඔවුන් පවසනව මේ කුරුළූ නිසා මානසික අවපීඩනය , ආතිතික තත්ත්ව Anxiety , වගේම social phobia කියන සමාජ භිතිකා තත්ත්වත් ඇති කරන්න හේතු බව. (Kellett SC, Gawkrodger DJ. The psychological and emotional impact of acne and the effect of treatment with isotretinoin. Br J Dermatol 1999)
වෙන ලෙඩක් වගේ මෙතනදි රෝග ලක්ෂණ කියන්න තරම් දෙයක් නැහැනේ , ඒ නිසා අපි දැන් කතා කරමු මේ තත්ත්වය ඇති වීම වලක්වා ගන්නත් , හැදුනොත් කළ යුතු දේ ගැනත් ,
වලක්වා ගැනීම ගැන කීවොත් තමන්ගේ ශාරීරික පවිත්‍රතාව පවත්වා ගැනිම තමයි වැදගත්ම , දැන් ඉතින් ලෙලි යනකං මූණ අතුල්ලන්න නෙවි කීවෙ. මෘදු සබන් වර්ගයක් භාවිත කරමින් ඔබේ මුහුණ . සම සෝදා ගැනීම වැදගත් , අවම වශයෙන් දවසට එක් වරක් වත් මේ පිරිසිදු කරගැනීම කරන්න ඕන , හැබැයි වැඩේ වැඩිපුර හොඳට කියලා වැඩි වාර ගණනක් අතුල්ල අතුල්ල හොඳන්න පටන් ගත්තොත් තව ලෙඩක් දාගන්න වේවි .
| තුංමුල්ල ...පරිස්සං කරන්න |
මෙතැනදි කියන්නම ඕන “තුංමුල්ලක් “ තියෙනවා ..එන්න ඒ තුංමුල්ලේ තියෙන කුරුළෑ මිරිකීම මරණීය වෙන්න වුනත් අවදානමක් තියෙනවා , මොකද ඒ ආශ්‍රිතව තිබෙන රැධිර වාහිනි සැකැස්මත් එක්ක , හරිම ඉක්මණින් මොළයට විෂබීජ රැගෙන යන්න පුළුවන් නිසා . ඒ නිසා තුංමුල්ලේ ඒව නං මිරිකන්න හිතන්නවත් එපා ...
| කුරුළෑ මකන මැජික් නෑ ... |
එහෙම නම් සමුගන්නට කාළය හරි ..ආයෙත් දවසක මෙලෝ රහක් නැති කතාවක් කියනකං ආයුබෝ වේවා ..(මට මේ මෙලෝ රහක් නැති පදේ මතක් වුනේ මාත් එක්ක කරාපිටිය රෝහලේ ඒකළන ප්‍රතිකාර එකකයේ සේවය කළ සුරේශ් මලයව මතක් වුන නිසා ..මොකද මොනවා කතා කරන්න ගියත් “මෙලෝ රහක් නෑ ...“ කෑල්ල නැති වෙන්නෙම නෑ ...දැන් නම් ඉතිං කොරියාවේ රැකියාව කරන ගමන් හැමදාම ෆේස්බුක් එකේ මොකක් හරි ගේම් එකක request එකක් එනවමයි සුරේෂ් නමින් ...)