කවුද මේ ...ඒ තමයි “ආහාරයේ කැලරි අගය“ ..Calorie value of the food ...මොකක්ද ඇත්තටම මේ ...කැලරි කියන්නේ එක්තරා මිනුම් ඒකකයක් , ඒ කිව්වේ කිලෝග්‍රෑම් , මීටර් වගේම තවත් measuring unit එකක්. හැබැයි මෙමඟින් මනින්නේ ශක්තිය , තව විදියකින් මේ අපේ කතාවට අදාල විදියට කිව්වොත් , ආහාර , නැත්නම් පානයක් මඟින් අපේ ඇඟට ඇතුළු වන ශක්ති ප්‍රමාණය ....
අපේ ඇඟට ශක්තිය ඇතුලු වෙනවද අනේ ......ඔව් අනේ ...අපේ ආහාර පාන , සහ ඇඟ ඇතුලේ ගබඩා වෙලා තියෙන තෙල් , ප්‍රෝටීන් දේවල් වලින් ලැබෙන ශක්තිය ගැන තමයි මේ කතා කරන්නේ . මේ අපි කියපු දේවල් අපේ ඇඟේ තියෙන සෛල ඇතුලෙදි , එක්තරා විදියකින් පිච්චිලා , (ඔක්සිකරණය වෙලා) තමයි අපිට ඕන කරන ශක්තිය ලබා දෙන්නේ . අපි පොඩි උදාහරණයක් ගනිමු , මතකයිනේ අපි ඉස්කෝලෙ යන කාළෙ නිවාසාන්තර ක්‍රීඩා තරග කාළේ ...(පාසල් කාළේ සුන්දරම මාසය කිව්වොත් ඔබ එකඟ වේවිද මන්ද ..ඒත් මට නම් එහෙම තමයි දැනුනේ ඒ කාළේ ..) ..අපි දැන් කෙටි දුර තරඟයට යන්නයි හදන්නේ ...ඔක්කොගෙම ජය පැතුම් , අත්පොලසන් මැද්දේ දැන් “තරඟ ආරම්භක ස්ථානයට“ අපි ළඟ වුනා ...දැන් ඇඟ රත්වෙනවා ..දැඟලෙනවා ...ඔන්න ඔය අතරේ අපේ කණ්ඩායමේ නායකයි ඇවිත් පොඩි බඩ්ඩක් අතට දීලා ගුලි කරල යන්න යනවා ....ඔව් ඒ කාළෙ නම් ඉතින් ඔය දෙන දේ ගැන බය වෙන්න ඕන නැහැ , මොකද අපි දන්නවා ඒ දුන්නේ කට සීතල වෙලා යන “ග්ලුකොස් “ කියල ...අපි දැන් දාගන්නව ග්ලුකොස් ටික කටට ....ඊට පස්සේ මොකද වෙන්නේ ..ඒ ටික ඉක්මණට ඇඟට උරාගෙන ..සෛල වලට ගිහින් අපි මුලින් කී විදියට පිච්චිලා මෙන්න හැදෙනව ශක්තිය .....දැන් ඉතින් දුවන්න බැරියැ ......එන්න ඒ විදියට අපිට ලැබුණු ශක්තිය කීයද කියල මනින්න පුළුවන් ඒකකය තමයි මේ ...අපි හිතමු අපි ග්ලුකෝස් ග්‍රෑම් එකක් කෑවා කියලා ....ඒ ටික ඔක්කොම සෛල ඇතුලෙදි පිව්වුනා නම් දැන් අපිට “කැලරි 4ක්ම“ හම්බ වෙලා තියෙනවා .
| කන්නෙ මොනවද |
දැන් ඉතින් මේ ගණන් මිමි කොහොමද අපිට වැදගත් වෙන්නේ ...කතාව මේකයි ...මේ කැලරි අගය , ඒ කියන්නේ ඇඟට දාගත්ත ශක්ති ප්‍රමාණය (ශක්ති දායක පෝෂක ප්‍රමාණය) , ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුනොත් මොකද වෙන්නේ ...හරිම සිම්පල් ප්ලෑන් එකක් ...වෙන්නේ ඇඟට පණ නැහැ , කම්මැලියි , නිදිමතයි , දවසේ වැඩ කරගන්න කිසිම උනන්දුවක් නැහැ ..නිකං බැරි බැරි ගාණට තමයි ඉන්නේ . මේ විදියට ටික දවසක් ඇඟට දාගන්න කැලරි ප්‍රමාණය අඩුවුනාම , ඇඟේ තැන්පත් වෙලා තියෙන කෑම අරගෙන හරි “ඇඟ ජීවත් වෙන්න “ හදන නිසා , ටික ටික කෙට්ටු වෙන්න පටන් ගන්නවා. කෙටියෙන්ම කිව්වොත් කෙට්ටුම වෙලා යන්න පටන් ගන්නවා.
දැන් ඕකේ අනිත් පැත්ත , දවසට ඕන ප්‍රමාණෙට වඩා වැඩියෙන් ගත්තොත් මොකද වෙන්නේ , වෙන්නේ , දවසට ඕන ප්‍රමාණයට වැඩට අරගෙන , ඉතිරි පෝෂක ප්‍රමාණය ඇඟේ තැන්පත් කරගන්නවා , ගබඩා කරගන්නවා ...ප්‍රතිපලේ තරබාරුව , ඒ කිව්වේ අධීක තරබාරුවීමට හේතුවක් තමයි අධි කැළරි ප්‍රමාණයක් ඇඟට දාගැනීම .
ඒ නිසා ඇඟ වගේම ශරිර සෞඛ්‍යයත් හොඳින් තියා ගන්න කරන්න ඕනේ , තමන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවය හඳුනගෙන ඊට ගැලපෙන ආහාර සැලසුමක් යොදාගන්න එක , ඒ කීවේ ඕන කැලරි ප්‍රමාණයට කන එක .
| වැඩි කැලරි මලු |
| නෝනලාගේ චාර්ට් එක .. |
මෙන්න මහත්තයලගේ චාර්ට් එක
දැන් ඉතින් මේකේ බර දාන්න තමන්ගේ වයස සහ දවසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගැන අදහසක් ගන්න පුළුවන් නම් ඔබේ සාමාන්‍ය කැලරි අවශ්‍යතාවය ගණනය කරගන්න පුළුවන් .
![]() |
| සුදු හාල් කොප්පෙක තියෙන ගනන් |
අනෙක් ක්‍රමේ තමයි එක් එක් ආහාරයේ අඩංගු කැලරි ප්‍රමාණය සොයාගැනීම , ඒ සඳහා පොත පතින් හරි අන්තර්ජාලයෙන් හරි උදව් ගන්න පුළුවන් , ඕන්න මමත් පොඩි උදව්වක් කළා , ඒ වැඩේ කරගන්න හොඳ ගැජට් එකක් මේ දකුණූ පැත්තේ ඇති (මෙය මෙම ලිපියේම පහලින් ඇත) ගිහින් බලන්න , ඒකෙන් හුඟක් කෑම වර්ග වල කැලරි ගණන හොයා ගන්න පුළුවන්. ඒ අනුව ඔබේ දවසේ ආහාර වේලේ කැලරි ගාණ හදා ගන්න , ඒ තමයි නිවැරිදිම ක්‍රමේ ..
මෙන්න Calorie Counter
අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු දවසට ඇඟට දාගන්න කැලරි ගාණ හොයා ගන්න
| කෑම වර්ගේ | කැලරි ගාණ |
| උදේට | |
| බටර් ග්‍රැම් දෙකක් එක්ක පාන් පෙති දෙක | 474 |
| සිනි හැදි දෙකක් දාපු කිරි කොප්ප එකයි | 154 |
| ඔෆීසියෙදි දහයට විතර | |
| බිස්කට් දෙකයි | 360 |
| කිරි තේ එකයි | 154 |
| දවල්ට | |
| බත් කෝප්ප තුනයි | 720 |
| පරිප්පු ග්‍රෑම් දහයයි | 96 |
| කරවල ග්‍රෑම් විස්සයි | 200 |
| අල තෙම්පරාදුව ග්‍රෑම් දහයක් | 150 |
| එකතු වෙච්ච තෙල් ග්‍රෑම් පහක් | 80 |
| දෙකට විතර | |
| කෝපි කෝප්පයක් | 12 |
| සීනි හැදි දෙකක් | 34 |
| රෑ කෑමට | |
| බත් කෝප්ප තුනක් | 720 |
| මාළු කෑල්ලක් | 220 |
| බම්බටු මාළුවයි | 140 |
| බතල වෑංජනයයි | 230 |
| කෙසෙල් ගෙඩියක් | |
| එකතුව 3744 |
කන එකත් පොඩි සිම්පල් ප්ලෑන් එකක් වගේ සැලැස්මක් දාගෙනම කළ නම් එහෙම වෙන්න ඉඩ අඩුයි .
පොඩියට වැඩේ කරන්න ගියත් ටිකක් ලොකු වුනාද මන්ද ? ...(කෑමත් ඔහොමයි නේ ...නේද) ....එහෙම නම් මේ ගැන ටිකක් අවධානේ යොමු කරන එක අපි කාට කාටත් හොඳයි මයේ හිතේ ...එහෙමනම් අදට සමුගන්න අවසරයි ...ආයෙත් ඉඩක් ලැබුණු සැණීන් පොඩි පෝස්ට් එකක් දාන්න හරි එනවා.. ඒවගේම , ඔබ සටහන් තබන කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නට පමා වුනොත් ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා , ඉඩ ලද සැනින් ඊට පිළිතුරු දෙන්නම් ....
පොඩියට වැඩේ කරන්න ගියත් ටිකක් ලොකු වුනාද මන්ද ? ...(කෑමත් ඔහොමයි නේ ...නේද) ....එහෙම නම් මේ ගැන ටිකක් අවධානේ යොමු කරන එක අපි කාට කාටත් හොඳයි මයේ හිතේ ...එහෙමනම් අදට සමුගන්න අවසරයි ...ආයෙත් ඉඩක් ලැබුණු සැණීන් පොඩි පෝස්ට් එකක් දාන්න හරි එනවා.. ඒවගේම , ඔබ සටහන් තබන කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නට පමා වුනොත් ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා , ඉඩ ලද සැනින් ඊට පිළිතුරු දෙන්නම් ....
