එහෙම නම් වැල් වටාරම් අවසන් කරලා එන්නම් මාතෘකාවට .. අද මාතෘකාවේ ප්‍රධාන චරිතය HO41 ගැන ..කවුද මේ ? මොනවද කරන්නේ ? ...
2011 සිට වරින් වර ලෝක සෞඛ්‍යය සංවිධානය සහ Center for Disease Control and Prevention නිකුත් කළ නිවේදන , අනතුරු ඇඟවීම් වලට හේතු කාරණා වුනු “නපුරු බැක්ටීරියාව“ මේ. මේ පිළිබඳ පර්යේෂණ කරන ආයතන අනාවැකි පළකරන ආකාරයට , නිසි ආරක්ෂක සහ ප්‍රතිකාරාත්මක කටයුතු සිදු නොවුනොත් ඉදිරි වසර කිහිපය තුලදි , ඒඩ්ස් වසංගතයට වඩා දරුණූ බලපෑමක් ලොව පුරාම ඇති කරාවි .
කෝ තවමත් හරියට කීවේ නැහැනේ මේ කවුද කියල ...මේ තමයි ගොනෝරියාවට හේතුවන බැක්ටිරියාවේ විශේෂ ආකාරය (ගොනෝරියාව කියන්නේ මොකක්ද කියල මීට ඉස්සර කතා කරලා තිබෙන නිසා නැවත ඒ ගැන කතා නොකර මෙන්න මේ ලිපියට යන්න කියල ආරාධනා කරනවා) (ලිපි අංක 101)
.. විශේෂ ආකාරය කීවේ මේ ගොනෝරියා බැක්ටීරියාව අද ලෝකයේ නිපදවා තිබෙන ප්‍රතිජීවක, Antibiotic සියල්ලටම හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා Multi Drug Resistant . තව කෙටියෙන් කීවොත් , මේ බැක්ටීරියාව මඟින් අයෙක්ට ගොනෝරියාව හැදුනොත් හොඳකරන්නට බැහැ , බොහෝ විට මරණීය , නැත්නම් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට ගෙන යන්නට පුළුවන් අදාල රෝගියාව .
මේ වන විට මේ ප්‍රතිකාර නොමැති ගොනෝරියා තත්ත්වයෙන් ආසාදිත වූවන් රටවල් කිහිපයකින් වාර්තා වී තිබෙන අතර , වාසනාවට අපේ රට තවම එතැන නැහැ , නමුත් එහි අදහස අපේ රටේ මේ රෝග තත්ත්වය නැහැ කියන එකම නොවෙයි, වාර්තා වෙලා නැහැ .හැබැයි වයස අවුරුදු 25-30 අතරේ තරුණ පිරිස අතරේ බහුලව දකින්නට පුළුවන් ලිංගාශ්‍රිත රෝගය විදියට ගොනෝරියාව තවමත් ලංකාවේ තිබෙනව බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහනේ වෙබ් අඩවියට ගියාම බලා ගන්නට පුළුවන්. ඉතින් මේ අතරේ වගේම හඳුනා නොගත් තවත් කොයි තරම් පිරිසක් අප අතරේ සිටී දැයි කාටනම් කියන්නට පුළුවන්ද ? .....
මේ නිසාම ආරක්ෂීත ලිංගික උපක්‍රම භාවිතය , ලිංගික දැනුම ප්‍රජාව තුල , විශේෂයෙන්ම සියළු වයස් කාණ්ඩ ආවරණය වන සේ පැතිරවීම , වගේම අවදානම් සාධක හඳුනාගෙන නිසි පිළීයම් යෙදීමත් අද ලොකු වගකීමක් . කෙසේ වෙතත් මෙතැනින් දැනුවත් කිරිමේ කටයුත්තෙදි , මේ සිංහල බ්ලොග් පරිශ්‍රයටත් යමක් කළ හැකි බව කියන්නම ඕන . එසේ නම් , අන්තර්ජාලය අස්සෙන් , සුන්දර වින්දයක් ලබන ගමන් , මේ වගේ ගින්දර ගැන කතාවක් කියවන්න ආ ඔබට ස්තුති වන්ත වෙනවා.
මගේ ලිපි අතරේ කෙටිම ලිපිය මෙය වන්නට පුළුවන් . ලැබන විවේකය වගේම , ඔබ සැමගේ අදහස් යෝජනා පිළිබඳවත් , මේ මාතෘකාවේ වැදගත්ම කොටස් දෙක පිළිබඳමීට පෙර කතා කර ඇති නිසාත් තමයි මෙලෙසින් කෙටි ලිපියකින් නිමාවන්නට හැකිවන්නේ . කෙසේ වෙතත් ,
කෙසේ වෙතත් , මේ ලිපියට වැදගත්ම කරුණූ ඇති පහත ලිපි මඟින් තවත් දැනුමක් එක් කර ගන්නට ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා . ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !