“සරාස් …“ …..පොඩ්ඩියි , ලොකුයි සෙල්ලම් කරන පැත්තට මොකක්දෝ විසි වුනා වගේ ඇහුනා . පත්තරේ පැත්තකින් තියල ඒ පැත්තට ගියේ මොකද වුනේ බලන්න …
“තාත්ත දන්නවද , ඒ ඉස්සර අපේ ඉස්කෝල් හිටපු යාළුවෙක් .. එයාට මාසෙට සල්ලි හම්බ කරන්න තමයි පත්තරේ බෙදන්නේ …“ අපේ පණ්ඩිත ආච්චි මට විස්තර කරනවා . මේ රටවල පාසල් සිසුන් බොහොමයක් , පාසල් වෙලාවෙන් පස්සේ ඔවුන්ට මුදල් හොයා ගන්න සුළු රැකියාවල යෙදෙන එක සාමාන්‍ය දෙයක් . ඒ අතරින් පත්තර බෙදන එක බොහොම සුලභ දෙයක් ..
“අපි පත්තරේ ගෙට නොගත්තොත් එයාට මොකද වෙන්නේ ?‘‘ වෙනද නැති ප්‍රශ්නයක් …
“එයාට මොනව වෙන්නද ? පත්තරේ කුණූ ගොඩාට එකතු වෙලා , කුණූ ගෙනියන දවසට දාගෙන යාවි , අපිට වැඩක් වෙන්නෙත් නැහැ , ඒ ළමයට වැඩක් ඇත්තෙත් නැහැ …“
“හරියට , Diabetic වලදි , යුරින් වල ෂූගර් තියෙනව වගේ නේද “ …නංගිත් එක්ක කතාව මැද්දට පැන්නේ ලොකු අක්කා ..
“ඇත්ත තමා , ඒකත් “ …..
මේ කතා එක්ක හවස් වරුවම ගෙවිලා ගියා . ලැබුණූ විවේකයේ , මගේ අළුත් බ්ලොග් එක පැත්තට ගියේ අළුත් පෝස්ට් එකක් ලියනවද කියල හිතගෙන . ඒත් ඊට ඉස්සර වෙල “සොඳුරු සුව අසපුවට“ යමක් ලියන්න තියෙන බව මතක් වුනා ….
ඒ තමයි ඊයේ දවසේ සෞඛ්‍යට සමබන්ධ ජාත්‍න්තර මාධ්‍ය වල ලොකු කතා බහක් වුනු “අනතුරු ඇඟවිමක් “ ඒක අද හවස ෙවච්ච කතාබහටත් අදාල නිසා හිතුනා ලියන්න ඒ් අවදානම ගැන …
ඒ කතාබව තමයි “ප්‍රධාන මහා මාර්ග ආශ්‍රිතව , වායු දුෂණයට තදින් ලක්වී ඇති පරිසර වල ජීවත් වන ළමුන් තුල “ Insulin Resistance ‘‘ තත්ත්වය ඇතිවීමේ හැකියාව ඉහළ බව . තව විදියකින් කීවොත් අනාගතයේ දියවැඩියාව ඇති වීමේ ලොකු අවදානමක් පවතින බව.
මේ සඳහා මුලිකව හේතු විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේ මෙම දූෂීත වාතයේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ , විවිධ අංශු වර්ග (ඊයම් ,වැනි වාහන දුමේ පවතින බර අංශු වර්ග)
හැබැයි මේ පර්යේෂණ වාර්තාවේ කිසිම තැනක මේ දරුවන් දියවැඩියාව තත්ත්වයට පත්වුනාද කියල නිවැරදිව කියැවෙන්නේ නැහැ , ඒත් දියවැඩියාවට පෙර අවස්ථාවක් විදියට මතුවන ඉන්සියුලින් රෙසිස්ටන්ස් තතත්වය පිළිබඳව සංඛ්‍යා ලේඛණමය වශයෙන්ම හඳුනාගෙන තිබෙනවා .
කෙසේ වෙතත් , මේ පර්යේෂණය හරහා , අපේ හිත වලටත් පොඩි අවදානමක සේයාවක් මතුකරන බව නම් කිය්නනම ඕන , හේතුව පැය දෙක තුනක් පාරෙ ඉන්න කොට යන වාහන ප්‍රමාණය , ඒ වගේම ඒවායෙන් බොහොමයක පවතින දුර්වල නඩත්තුව වගේ සාධක නිසා කොයිතරම් වායූ දූෂණයක් ඒ අවට ක්ෂණීකව සිදු වෙනවා ඇත්ද ? …ඉතින් ඒ දූෂීත වායු වර්ග සහ ඊයම් වැනි ඇසට නොපෙනෙන අංශු වර්ග මිශ්‍ර වෙලා තිබෙන වාතය ඇඟ ඇතුලට ගන්න දරු පැටවු , තව අවුරුදු දහයක් දොළහක් මේ විදියටම “නරකම දේ ඇඟ ඇතුලට “ ගන්න වුනොත් … ? ….
දැන් මේ පෝස්ට් එක කියවන සමහර කෙනෙකුට ගැටළුවක් ඇති , මෙතන දියවැඩියාව ගැන කතා කරල නැහැ කියලත් කියනවා , ඒත් දියවැඩියාව වගේ කියලත් කියෙනව , මොකක්ද මේ හරැපේ කියලා ..
ඉන්න ..මම දැන් කතා කරන්න හදන්නේ මොකක්ද මේ ඉන්සියුලින් රෙසිස්ටන් කියන තත්ත්වය ගැන …
අපි දැනටම දන්නවනේ , අපි කන සීනී , පිටි වර්ග , පළතුරු ආමාශයේදි , බඩවැල් වලදි ජීරණය වෙලා , සරළ සීනි බවට පත්වෙලා ලේවලට උරා ගන්න බව . ඉතින් මේ සීනි දැන් ලේ නහර දිගේ ලේ එක්ක පාවෙලා ඇඟේ හැම තැනටම යනවා . එහෙම යන්නේ , අපේ ඇඟේ සෛලවලට කන්න , මේ සීනි ඕන කරන නිසා . මේ විදියට ලේ එක්ක පාවෙලා යන සීනී , එකපාරට සෛල ඇතුලට රිංගන්නේ නැහැ , රිංගන්න බැහැ , දොර වහලයි තියෙන්නේ . ඔන්න මේ වෙලාවට තමයි “ඉන්සියුලින් “ කියන හෝමෝනය මැදිහත් කාරයා වෙන්නේ . එයා , ඇවිත් සෛලයේ දොර ඇරළා , අර සීනී ටික සෛලය ඇතුලට රිංගවනවා . දැන් වැඩේ හරි ..සෛලයට ඕන කරන කෑම බීම ලැබෙන නිසා බොහොම නීරෝගිව සෛලයේ වැඩ කටයුතු කෙරෙනවා .මේ තමයි සාමාන්‍ය නිරෝගී තත්ත්වය .
| පිංතූරය - www.heartstudy.ca |
කෙසේ වෙතත් තව දුරටත් මේ පිළිබඳ පර්යේෂණ කරන බවක් තමයි එම ජර්මණ් පර්යේෂක කණ්ඩායම පවසන්නේ , ඒ පර්යේෂණ කෙසේ වේදැයි අපට දැන් කියන්න් බැරි වුනත් , මේ වායු දුෂණයේ අහිතකර පල විපාක ඇති බව නම් හැමෝම දන්න දෙයක් .( හේතුව මේ වන විටත් , වායු දුෂණය මඟින් හෘද සහ පෙනහළු රෝග සහ පිළීකා සඳහා ලොකු බලපෑමක් කරන බවනම් හඳුනාගෙන අවසානයිනේ . )
එසේනම් හැමදාමත් වගේ අදත් ගෙනාවේ තවත් අවදානමක් ගැන දැනුවත් කිරීමක් විතරයි .මේ අවදානමෙන් ගැලවෙන්න කරන්න ඕන දේ ගැන හිතන්න ඔබව පුළුවන් , ඒත් මේ අවදානම් පරිසරයේ ඉන්න දරුවන්ගේ පෝෂණය , ආහාර රටාව සහ නිසි පමණ කය වෙහෙසෙන ක්‍රීඩාවට යොමු කිරීමේ වැදගත් කම ගැන වෙනදාට වඩා හිතන්න ඕන බව තමයි අවසානයේ කියන්නට ඇත්තේ . මොකද දියවැඩියාවට ඇති අවදානම සෑහෙන තරමකින් පාලනය කරගන්න ඒ පියවර මඟින් පුළුවන් වන නිසා .
එසේ නම් අදට ලිපිය අවසාන කරන්නයි සූදානම ….අවසානයේ පුංචි දැන්වීමක් ! …
“සයිබර් සෙවන www.cyberslk.net “ ..මේ මගේ අළුත්ම බ්ලොග් පිටුව “ “ ලියැවෙන්නේ පරිගණක තාක්ෂණය පිළිබඳව , විභාග කිහිපයක් ඉලක්ක කරමින් . වෙලාවක් තිබුණොත් ඇවිත් යන්න එන්න , ඔය දකුණු පැත්ෙත් උඩ ඉන්න බබාට තට්ටුවක් (ක්ලික් ඒකක්) දාලම බලන්න .
එසේනම් සමුගනිමි , සුව සතුට පිරි දිනයක් !