2011/07/03

26)මල් වගේ මළ වල බිහිසුණු කතාව - ඔබ දැන ගත යුතුම දේ

මගේ දඬුමොනර රාජයා....
අද ඉරිදා , අදත් night shift ...දවසම නිදහස් ...උදේම ගියා මගේ දඬු මොනරේ හදා ගන්න ...දක්ෂ , එහෙත් ජීවිතේ සැලසුමක් , අරමුණක් නැති නිසා හැමදාමත් එක තැන ඉන්න ..යතුරු පැදි කාර්මික ශිල්පියෙක්ගේ ගෙදරටම...“ ආ මහත්තය උදෙන්ම ...“ කබ කඩ කඩ එළියට  ආව “බයික් චූටි“ (නම හරියට නොදනිතත් බයික් චූටි කිව්වම ඕන කෙනෙක් දන්නවා)  , “මොකද ඊයේ වුනේ මම හවස ආව , කොහෙද ගියා කිව්ව් , ගෙදර කට්ටිය දන්නෙත් නැහැ ...“ .....“සර් ඊයේ යාළුවෙකුට සෙට් වුනා සර් ...එනකොට ටිකක් අමාරුයි ..ආ ගමන් නිදා ගත්ත .., තාම නිකං කරකැවෙනවා වගේ ...“ චූටිය ඔළුව කහ කහ කියෝනවා ...