කෙසේ වෙතත් ,මේ සිදුවීම ලොකු කළබැගැනියක් බවට පත්වුනේ , එකක් එම ප්‍රෙද්ශය සුවිශේෂි ආරක්ෂක කළාපයක පිහිටීම , වගේම රජය තාවකාළීක අක්‍රිය වීමක් වූ අවස්ථාවක සිදුවීම වගේම නිරන්තරයෙන් පවතින ත්‍රස්තවාදී පහර දීමක අවදානම කියන කාරනා නිසා . මෙම සිදුවීමෙන් පසුව කළ විපරම් වලදි හඳුනාගන්නවා මෙම කාන්තාව පශ්චාත් ප්‍රසූති මානසික අවපීඩනයෙන් “ (Post Partum Depression ) පෙළුනු බවත් , එහි තීව්‍ර මට්ටමකදි ඇතිවනPost partum Psychosis පෙළුනු බවත් ,අවාසනාවට , තමාට ලබා දුන් ප්‍රතිකාර තුල නිසි ලෙස නොරැඳුනු බවත් හඳුනාගැනෙනවා ඒ විතරක් නොවෙයි එම Post patrum Psychosis වලදී බහුලව ඇතිවන Auditory hallucination හෙවත් ,ශ්‍රවණ භ්‍රාන්තිය තත්ත්වයෙන් පෙළුනු බවට සාක්ෂි සොයා ගන්නවා , ඒ , ඇය නිරන්තරයෙන්ම , තමාට අමෙරිකානු ජනාධීපති , කතා කරන බව ඇයගේ මිතුරන්ට පැවසීම නිසා . (ඇත්තටම එය එසේ නොවනුනත් මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගියා , එය ඇත්තටම සිදුවන බවට වටහා ගන්නවා) , උග්‍ර මට්ටමේ මානසික රෝග වලදි බහුලව දකින්නට පුළුවන් මෙම Auditory hallucination ගැන http://www.nursinglk.com/2012/01/77.html ලිපියෙදි කතා කළ නිසා නැවත මෙතැන විස්තර කරන්නට යන්නේ නැහැ , ඔය දෙවිවරුන්ට කතා කරන , රජවරුන්ට කතා කරන අයගේ ඇත්ත තත්ත්වය දැන ගන්නත් එක්ක එම ලිපිය කියවලාම එන්න පුළුවන් නම් තේරුම් ගන්න පහසුවේවි .
පිංතූරය www.soc.ucsb.ed වෙබ් අඩවියෙන්
|
PPD - Post Partum Depression කියන්නේ , දරු ප්‍රසූතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් මානසික අවපීඩන තත්ත්වයන් වලින් මැද මට්ටම වගේ , මොකද , මව්වරුන් වැඩි පිරිසකට ඇති වන්නට පුළුවන් Baby Blues කියන්නේ මෙහි සරළම අවස්ථාව , ප්‍රතිකාර නොගත්තත් , දෛනික කටයුතු එක්කම මගහැරී යන්න පුළුවන් මේ තත්ත්වය බහුලව ඇති වන්නට පුළුවන් , පොදු අවස්ථාවක් කියන එකයි වෛද්‍ය මතය . දින කිහිපයකින් (දින 10කින් විතර) මග හරිලා යන්න පුළුවන් baby blues වලදි ,ඇති වෙන්න පුළුවන් ලක්ෂණ අතරේ (දරු පැටියා සතුටින් හිටියත් , ) අම්මගේ හිත කියා ගන්න බැරි තේරුම් ගන්න බැරි දුකකින් පිරිල තියෙනවා වගේ දැනෙන එක , වෙලාවකට කිසිම හේතුවක් නැතිව හඬන එක , තනිවුනු හැඟීමක් එක්ක හරිම නොසන්සුන් ගතියක් දැනෙනව වගේ ලක්ෂණ තිබෙන්න පුළුවන් . මේ එක්කම කෑම බීම ගැන උනත් ඒතරම් පිරියක් , කැමැත්තක් නැති වෙන්න ඉඩ තිබෙනවා , නින්ද යාමත් අඩුයි , හිතේ හැම තිස්සේම මොකක්දො දුකක් හිර වෙලා .
නමුත් එසේ දින කිහිපයකින් මේ මානසික වෙනස්වීමෙන් නොගැලවෙන ඇය පත්වන අවස්ථාව තමයි PPD . මුලදි තිබුණු “අහේතුක දුක්බර , තනිවුනු“ ලක්ෂණ තව දුරටත් මාස ගණනාවක් පුරා පවතින මෙහිදි , මවට , තම දරුවාගේ කටයුතු පවා එපා වෙන , දරුවා පිළිබඳව පවා කළකිරුණු , ප්‍රතික්ෂේප කරන හැඟීම් එන්නට පුළුවන් . දැන් නම් වැඩියම කැමැත්ත , කාගෙනුත් ඈත්වෙලා තනියම ඉන්න , කඳුළු පිරුණූ දෑස් අයාගෙන , අරමුණක් නැතිව බලාගෙන ඉන්න ඇයට , දරුවගේ හැඬීම පවා ඉවසගන්න බැරි තරමේ කරදරයක් විදියට දැනෙන්න පුළුවන් , සමහර විට , සාමාන්‍ය කෙනෙක් නොකරන විදියට මේ අළුත් උපන් දරුපැටියට පහර දෙන්න , වද දෙන්න පවා හිතෙන්නට පුළුවන් මේ අවස්ථාවෙදි. මේ තත්ත්වයේදි නම් සරළ ඖෂධ කිහිපයක් මඟින් ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයා යොමුවෙනවා , ඒ එක්කම උපදේශනයටත් යොමු කෙරෙනවා , ඒ , අම්මගේ මේ වෙනස හරියට හඳුනගෙන “වෛද්‍යවරයා “වෙත යොමු කළොත් .
මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් , මේක පිස්සුවක් විදියට සළකල , කොන් කරන්නට , වෙන අත්බෙහෙත් කරන්නට යන්න එපා , මේ තත්ත්වය ඕනම අම්ම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් , දරු ප්‍රසූතියත් එක්ක සිදුවන “හෝමෝන වෙනස් වීම්“ , නින්ද , චර්යාරටාව වගේ සාධක ගණනාවක වන වෙනස් වීම නිසා විය හැකි තත්ත්වයක් , හැබැයි , මේ අවස්ථාවට නිසි ප්‍රතිකාර නෙකෙරුණොත් , මව් පදවියේ වාසනාව ලැබූ මේ අම්මගේ අනාගතය , අඳුරු වෙන්නට ඉඩ තිබෙනවා . ඒ නිසි ප්‍රතිකාර නොළැබුව හොත් , PPD තත්ත්වය Post partum Psychosis කියන උග්‍ර මානසික රෝග තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබෙන නිසා .
එහෙම වුනොත් , අර ලක්ෂණ සියල්ල , ඊට වඩා තදින් ඇති වෙනවා , කළබලකාරි චර්යාවත් එක්ක “අසාමාන්‍ය ලෙසින් තරහ යන මේ අම්ම , අනුනට වගේම , තමන්ටත් අනතුරක් කරගන්නට ඇති ඉඩ වැඩියි , කෙටියෙන්ම කීවොත් “සිය දිවි නසා ගැනීමක්“ වුනත් කරගන්නට ඩජ තිබෙනවා, මේ අයට තමා “අමුතු දේවල් පේන්න, ඇහෙන්න ඉඩ තිබෙන්නේ ,“ සමහර විට තනියම කතා කරන , හඬන , එවිටම සිනාසෙන , අසාමාන්‍ය චර්යාවන් දක්වන්නට පුළුවන් .මෙම සයිකෝසිස් තත්ත්වයට නම් රෝහල් ගත කර දිගු කාළීන ප්‍රතිකාර ලබා දීම කරන්නට ඕන. දරු ප්‍රසූතියෙන් මාස තුනක් වගේ කාළයකදි වුනත් PPP තත්ත්වය ඇතිවෙන්න පුළුවන් නිසා , අළුත දරුවෙක් උපන් පවුලක , ස්වාමියා , පවුලේ අනෙක් අය , මේ අළුත් “අම්ම“ ගැන ටිකක් අවධානයෙන් ඉන්න එක වටිනවා . අළුත් අම්ම කීවට , පළමු දරු උපතෙදි විතරක් නොවෙයි ඊට පසු දරු උපත් වලදිත් මේ මානසික බිඳ වැටීම වෙන්නට පුළුවන් . ඒ නිසා අපි කවරුත් මේ ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා .
සාරාංශය , ............දරු උපතකදි මවගේ සිදුවන හෝමෝනමය වෙනස්වීම , සහ අනෙකුත් වෙනස්වීම් එක්ක , මවගේ මානසික තත්ත්වයේ සිදුවන තාවකාළික බිඳි වැටීම් අවස්ථා තුනකින් වෙන් කර හඳුනගන්නට පුළුවන් , Baby Blues , Post Partum Depression , Post Partum Psychosis තමයි මේ අවස්ථා , මීට පෙර මෙම තත්ත්වයට පත්වූ මවක වැඩි අවදානම් වුවත් , දරු ප්‍රසූතියක් කළ ඕනම මවකට විය හැකි තත්ත්වයක් . මුල් අවස්ථාව බහුලයි , ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙනවා , නමුත් දෙවන අවස්ථාවට ප්‍රතිකාර සහ උපදේශනය අවශ්‍ය වෙනවා , තුන්වන අවස්ථාව රෝහල් ගත කර ප්‍රතිකාර කළ යුතු උග්‍ර අවස්ථාවක් .
අපේ කතාවට මුලික වුනු , මවගේ මරණය වුනු ආකාරය ..
මේ වගේ මානසික ගැටළු ගැන ලියැවුනු ලිපි කියන්න කැමැති ඔබට , සොඳුරු සුව අසපුව ලිපි වර්ගීකරණය තුල “මානසික රෝග“ කියන යොමුව ක්ලික් කරලා එම ලිපි කියවන්නට පුළුවන් .