2014/02/24

මෙන්න දැන් ලැබුණු ඡන්ද ප්‍රතිපලයක් !

කළබල වෙන්න එපා , තවම ඡන්දෙ තිබුණේ නැහැනේ , නේද ?  ඒත් මේ දැන් ලැබුණු අළුත් වෛද‍්‍ය විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපල , පුළුවන් තරම් ඉක්මනට අපේ මිතුර මිතුරියන්ට දැනගන්නට ලබා දෙන එක වටිනවා කියල හිතුනු නිසා බොහොම කෙටි ලිපියකින් මේ විදියට හමුවෙන්නයි අද බලාපොරොත්තුව.

මේ පර්යේෂණය කෙරෙන්නේ ගර්භණී අවදියේ ඉන්නා මවක ලබා ගන්නා පැරසිටමෝල් වලින් උපදින දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට වන බලපෑම් පිළිබඳ සොයා බැලීමක් . 


මොකක්ද දන්නවද ලැබුණු ප්‍රතිපලේ ?....
.
.
.
.
පිංතූරය http://scicasts.com/


උත්තරේ ...... මවක ගැබිණී කාළයේදි , උණ හෝ යම් අපහසුතා වලක්වා ගැනීම පිණිස ගන්න පැරසිටමෝල් ඖෂධය නිසාවෙන් බිහිවන දරුවාගේ මානසික සෞඛ්‍ය ගැටළු ඇති විය හැක , එනම් ADHD තත්ත්වයේ හෝ ඊට සමාන ගැටළු වලට දරුවා අනාගතයේ ගොදුරු කරවන මූලික අඩිතාලම මෙයින් ලබා දෙන බව හඳුනාගෙන තිබෙනවා.

specialedpost.org

දැන් මේ ADHD කියන්නේ , පැරසිටමෝල් කියන්නේ මොනවද කියල දැන ගන්න ඕන නම් මෙන්න මේ පහල තිබෙන පෝස්ට් ටික කියවන්න වෙනවා. (පොඩි ඇඩි එකකුත් දාන්න හිතුනා :)  )

තව වැදගත්ම දෙයක් , ඕනම පර්යේෂණයක ප්‍රතිපල එකවර පිළිගන්නේ නැහැ ලොව පුරා ඉන්න හැම කෙනෙක්ම , මෙයටත් එය පොදුයි , ඒ කියන්නේ සමහර සෞඛ්‍ය වෘත්තිකයන් මේ පිළිබඳව තවමත් සැක පළකරනවා විතරයි ,හැබැයි කිසිම කෙනෙක් පැරසිටමෝල් ගැබිනියක විසින් අනවශ්‍ය දිගින් දිගටම ගැනීම අනුමත කරන්නේ නැහැ.

අපේ රටට අදාලව තව දෙයක් කියන්නට වෙනවා , මේ පර්යේෂණය කෙරෙන්නේ ඩෙන්මාර්ක , බ්‍රිතාන්‍ය වගේ ඖෂධ ප්‍රතිපත්ති වල සෑහෙන ආරක්ෂාකාරී සීමාවන් ඇති රටවල . අපේරටේ නම් පොඩි ඔළුවෙ කැක්කුමටත් “...ඩෝල් පෙති දෙකක්“ කියන සංකල්පයනේ දීල තියෙන්නේ. මොකද අපි අපේ බරට අදාලව නොවෙයි බෙහෙත් ගන්නේ , එක්කො අල්ලපු ගෙදර ඉන්න කෙනා කියන විදියට , නැත්නම් ටීවී එකේ ඇඩ් එකේ ඉන්න බොරු දොස්තර කියන විදියට .  ඒ නිසා අපේ රටට අදාලව මේ පර්යේෂණය කළොත් ප්‍රතිපලේ ?....


එහෙම නම් ගිහින් එන්නම් , සුව සතුට පිරි සොඳුරු දිනයක් පතමින් .

මෙන්න අර මුලින් කී ADHD ලෙඩේ ගැන ලිපියට පාර 
http://www.nursinglk.com/2011/07/27-adhd.html
මෙතැන ක්ලික් කළත් යන්න පුළුවන් ( ලිපි අංකය 27)


පැරසිටමොල් ගැන කතාවට 
http://www.nursinglk.com/2011/06/19th-discussion-fall_21.html 
මෙන්න මේ ලිංක් එක ක්ලික් කරල යන්නත් පුළුවන් (ලිපි අංකය 19)

පර්යේෂණ වාර්තාව (JAMA Pediatr. Published online February 24, 2014. doi:10.1001/jamapediatrics.2013.4914 )