| බලනවනං ෆිල්ම්! |
“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !“
“ඒ වුනාට Gravity තමා හොඳම ! “
“එහෙනං ඇයි ඔයා අදත් Frozen බැලුවේ , ? “
දෙන්න එක්ක වාදේ , අද නිවාඩු දවස නිසා ටිකක් විවේක පාඩුවේ ඔස්කාර් සම්මාන උළෙල බලන්න හිතුවත් , ඒක ටිකක් අමාරුවෙයි වගේ මේ වාද විවාද එක්ක .
“ලොකූ , පොඩී ... දැන් වෙලාව හරි .. ගිහින් නිදා ගන්න . නැත්තං හෙට උදේ ඉස්කෝලේ යන්න නැගිටින්න බැරිවෙයි “ අම්මගෙන් වෙලාවටම අවවාදේ ලැබුණ .
පොඩ්ඩක් අදි මදි කරල දෙන්න එක්ක ගියා ඇඳට , වාද විවාද නැතිව නිදහසේ නරඹන්නට ඉඩක් ලැබුණා සම්මාන උළෙලම .
දෙන්නම දිනලා , Gravity හොඳම අධ්යක්ෂණයත් එක්ක තවත් සම්මාන හතකට හිමිකම් කියත්දි අපේ පොඩි නඟාගේ ආදරය දිනපු Frozen Best animated feature Best Original Songකියන සම්මාන හිමිකරගත්ත.දැන් ඉතින් උදේට ඒතරම්ම කරදරයක් වෙන එකක් නැහැ වගේ .
| re-birth |
එහෙම නම් කතාවට ඇතුළු වෙමු මෙන්න මෙහෙම.
ඔන්න එකෝමත් එක කාළෙක , බොහොම තැන්පත් වීනීත කෙල්ලෙක් හිටියා. එයාගෙ නම “ඕවම්“ . මෙයා කොයිතරම් හොඳ වුනත් එයාගෙ වයස හරිගියාම “මහගෙදරින්“ එළියට දැම්ම.
හ්ම් දුකයි තමයි ... දැන් මේ ඕවම් තමන්ගේ “බඩුමුට්ටු“ ටිකත් අරගෙන පොඩි අතුරු පාර දිගේ එනවා .කවුරුවත් නෑ , හරිම පාළුයි , අනෙක වැස්සත් වගේ , ඔන්න දැන් තමයි චිත්තරපටිය පටන් ගන්නෙ . ඔය වගේම වයස හරිගිය නාහෙට නාහන කොල්ලෝ රෑනක් දුවගෙන එනවා අනෙත් මහ පාර දිගේ . ඔන්න දැන් හිතා ගන්නකේ සීන් එක. ඔය කොල්ලෝ රෑන අතරේ ඉන්නව හොඳ හැඩ වැඩ වගේම විසේකාර කොල්ලෙක් . අර කොළු රෑනම පරද්දල දුවගෙන එන මේ කොළුවගේ නම් “ස්පර්ම්“ . දැං තමයි චිත්තරපටියේ නියම මියිසික් දෙන්නෙ . මෙන්න කෙල්ල බිම බලාගෙන හිමීට එනවා , අනෙක් පැත්තෙන් ස්පර්ම් වේගෙන දුවගෙන එනවා . ඔන්න ඇවිත් ........ඇවිත් ......“දඩෝං“ ..........හැප්පුනා නේද මූණට මුණ .....
ට්රීං ................... චිත්තරපටියේ ඉන්ටර්වල් එක වැදුනේ හොඳම වෙලාවේ ...
ඔන්න ඔය විදියට හැප්පිලා , අළුත් සෛලය , තව තව බෙදිලා පොඩි සෛල “බෝලයක් “ බවට පත්වෙනවා . ඕන්න ඒ බෝලේ ..පෙරලිලා ...පෙරලිලා ඇවිත් , ගර්භාෂයේ ඇතුළු බිත්තියේ ඉහළට වෙන්න බෙහොම සැපපහසුවට සූදානම කරපු තැනක තැන්පත් වෙනවා , මෙතනම ඉන්නවා මාස නමයක්ම කියල හිතාගෙන .
![]() |
| සොකට් එක හයි වෙන තැන |
මුලින්ම බලමු කොහොමද තමන්ට මේ තත්ත්වය පවතිනවද කියල දැනගන්නේ කියලා ? ගර්භනී කාන්තාවකගේ ගර්භනීත්වයේ මුල් පැය කිහිපය තුල රතු පැහැ මිශ්ර වෙච්ච යම් දියරමය ස්වභාවයේ බිඳු කිහිපයක් යෝනි මාර්ගයෙන් පිටතට එන්නට පුළුවන් වුනත් ඊට පස්සේ යෝනි මාර්ගයෙන් ලේ පහවීමක් සිදුනොවන බව ඔබ දන්නවා . ඉතාම කළාතුරකින් බිඳු කිහිපය රුධීර වහනක් වෙන්නට ඉඩ ඇති වුනත් , ඒ අවස්ථාව ගැන වුනත් ටිකක් අවධානයෙන් ඉන්න එක , නැවත නැවත වනවා නම් ඉක්මණින් තමන්ගේ වෛද්යවරයා හමුවන එක වැදගත් බව අද වෙන කොට අපේ සමාජයේ ඉන්න හැම කාන්තාවක්ම දන්නව.
නමුත් මේ ප්ලෙසෙන්ටා් පිවියා තත්ත්වයේදි මුලින්ම හඳුනගන්න පුළුවන් වෙන්නෙ ගර්භනීතවය හඳුනගෙන සති කිහිපයක් තුලදි යෝනි මාර්ගයෙන් වරින්වර රැධිරය පිටවන්නට පටන් ගන්නවා . වේදනාවක නැතිවම පිරිසිදු රතු පාටටම ලේ බිඳු කිහිපයක් , ඇවිත් , ඉබේම නවතිනවා ,ආයෙත් දවසක් දෙකක් යත්දි මෙන්න ආයෙත් බ්ලීඩිං . මේ විදියට වරින් වර රැධීරය පිටවීම් වෙනවා නම් ටිකක් හොයල බලන්නට වෙනවා . විශේෂයෙන්ම ගර්භයට මාස තුනක් නැත්නම් ඊට ඊට වඩා වැඩි අවස්ථාවක දි එක් වතාවක වුනත් සැක සහිත රැධිර පිටවීමක් හඳුනගත්තොත් පමා නොවී ඔබේ වෛද්යවරයා හමුවන එක හරිම වැදගත් . ඒ සමහර විට ඔබ Placenta previa තතත්වයේදැයි හඳුනාගැනීම වැදගත් නිසා .
එහෙම වෙන්නේ ඇයි ?
මේකට උත්තරේ මෙන්න මේකමයි කියල ටක්කෙටම කියන්න පුළුවන් කමක් නැතත් , මේන්න මේව නිසා වෙන්න පුළුවන් කියල කියන්නට සාධක කිහිපයක් හඳුනාගනෙ තිබෙනව . ඒ තමයි මීට පෙර ගර්භාෂය ආශ්රිතව සැත්කම් කර තිබීම , මීට පෙරත් මෙම තත්ත්යටම මුහුණ දී තිබීම , මීට පෙර දරුවන් හතර පස්දෙනෙක් බිහිකරලා තිබේනම් ඒකත් අවදානමක් , ඒ වගේම වයස . වයස අවුරදු 35ට හෝ වැඩි නම් අවදානම ටිකක් වැඩිවෙන්න පුළුවන් . ඒ වගේම තමන් නැතත් මහත්තය දුම්බොනවා නම් අන්න ඒකත් මේ අවදානම නෝනට දෙන්න හේතු සාධකයක් බව මහත්තයල මතක තබා ගැනීම හරිම වැදගත් .ඔය කිසිම හේතුවක් නැතිව උපතින්ම ගර්භාෂයේ ඇති යම් වෙනස්කමක් නිසා මෙය සිදුවන්නටත් ඉඩක් තිබෙනව .
හරි එහෙම වුනා කියමු ඊළඟට ?
ඔව් එහෙම වුනා නම් , ඔය බ්ලීඩි කතා කිසිම දෙයක් නැතත් , ගර්භනීතවයට මාස තුනක් විතර වුනාම කරන ස්කෑනින් පරික්ෂණයෙදි වෛද්යවරයා හඳුනගන්නවා ගර්භාෂය තුල පවතින තත්ත්වය (හැබැයි බ්ලිඩිං වුනා නම් ස්කෑනින් එක ඊට ඉස්සර වෙල කරන්න පුළුවන්) , ඒ කියන්නේ Placenta previa තත්ත්වයක් ඇත්? තිබෙනම් එහි මට්ටම කොයි වගේද කියල ( මෙහි ප්රධාන අවස්ථා කිහිපයක් තිබෙනවා ) . මේ හඳුනාගැනීමත් එක්ක වෛද්යවරයා විසින් පවතින තත්ත්වය , විය හැකි අවදානම් තත්ත්ව , ඒවා මගහරවා ගන්නට කළ යුතු දේ පිළිබඳව ඔබ දැනුවත් කරාවි ,
අවදානම් ! ..මොනවද අවදානම් !
ඔව් මේ තත්වයේදි කරදර දෙකක් මුලිකව සිදුවෙනවා , එක (අර සොකට් හරියට හයිවෙලා නැති නිසා) පැටියට අම්මගෙන් ලැබෙන පේෂණය , ඔක්සිජන් නිසි ආකාරයෙන් නොලැබීම හරි ප්රමාණවත් නොවීම හරි සිදුවෙන්නට ඉඩක් තිබෙනවා . ඒ ප්රතිපලය දරු පැටියගේ වර්ධනය ටිකක් විතර අඩුවෙන්න පුළුවන් . ඒ එක්කම වරින් වර සිදුවන ලේ පිට වීම් නිසා අම්ම වගේම පැටියටත් නිරක්තිය වගේ ලේ හිඟ අවස්ථාවකට පත්වෙන්නට අවදානමක් තිබෙනවා. ඒ විතරක් නෙවි , වරින් වර මේ සොකට් එක බුරුල් වෙලා සිදුවන තුවාල නිසා , ඒවා පැසවීම නිසා තව කරදර වලට පත්වෙන්නටත් බැරි නැහැ . නරකම අවස්ථා මේ සියළු තත්තව වල එකතුවක් වගේම , අම්මගෙත් පැටියගෙත් ලේ හිඟ වීම උග්රවුනොත් ජීවිත පිළීබඳ අවදානමක් වුනත් ඇතිවෙන්න පුළුවන් . ..ඕන්න කළබල වුනා ...පොඩ්ඩක් ඉන්න , මේ ලොකුම අවදානම් අවස්ථා වලට පත්වෙන්නට ඇති ඉඩ අද දවසේ හුඟක් අඩුයි . ඒ මේ තත්ත්වයන් පිළිබඳ හඳුනාගන්නට ප්රතිකාර කරන්නට සමත් වෛද්යපහසුකම් අපේ රටේ අද තිබෙන නිසා , අනෙක් බොහෝ රටවලත් මේ පහසුකම් අද සාමාන්ය දෙයක්. ඒ නිසා කළ යුතු දේ මේ අවදානම ගැන හරියට දැන ගැනීම සහ එවන් අවදානම්ක් ඇත්නම් නිසි වෛද්ය උපදෙස් පිළිපැදීම.
පරිස්සම තමා වැදගත් !
මෙතැනදි විශේෂයෙන්ම විවේකය වැදගත් , පවතින තත්ත්වය අනුව විවේකය මොන වගේ මට්ටමක විය යුතුද කියන එක වෛද්යවරයා පවසන්න ඕන. හේතුව මුලින් කීව වගේ රෝග තත්ත්වයේ මට්ටම අනුව එය වෙනස් විය යුතු නිසා . නමුත් සරළව කීවොත් විවේකය වැදගත් . හුඟක් වෙලාවට දිවීම , බර එසවීම වගේ කටයුතු වලින් වලකින එක වැදගත් වේවි . නමුත් ඇඳ විවේකයම ගන්න ඕන අවස්ථාවක නම් එය හරිම වැදගත් . ඒ වගේම මේ තත්ත්වය යටත් ලිංගිකව එක්වීම් කළ හැකිද ? නුසුදුද කියන එක වෛද්යවරයා පවසාවි , හේතුව මේ තත්ත්වය ගර්භාෂයේ පහලටම ඇවිත් යොන් මාර්ග විවරය වසාගෙන යන ආකාරයේ සැකසිලා නම් , ඒ අවස්ථාවේ කිසිදු දෙයක් යෝනි මාර්ගයට ඇතුළු නොකළ යුතුයි . ඒ තරම්ම දරුණු නොවනුත් මේ අවදානම පවතී නම් ගර්භයට සති 28කින් පස්සේ ලිංගිකව (යෝනි-ශිෂ්ණමය) එක්වීමක් නොකරන එක සුබයි .
අනෙක් කටයුතු , කෑම බීම සාමාන්ය විදියට කරගෙන පුළුවන් තරම් සාමාන්ය ජීවිතයක් ගෙනියන්න ඇයට උදව් වෙන්න , දරු පැටියට ආදරෙන් කතා කරන්න , අතගාන්න , පවුලේ ඇතුලේ ආදරය සෙනෙහස රැක ගන්න , කළබල වෙන්න එපා බෝම්බයක් බඩ බැඳගෙන කියල . හැබැයි දැනුවත්ව ඉන්න. යම් සැක සහිත අවස්ථාවක මඟනොහැර , වැඩි මහන්සියක් , කළබලයක් නොවන විදියකින් ඔබේ වෛද්යවරයා වෙත නැත්නම් රෝහලේ ගර්භනී සායනය වෙත යොමු වෙන්න.
එහෙම නම් ................... මට හිතෙන විදියට , මේ ගැටළුව ගැන දැන ගන්නට ඕන කරුණු මේ කතාව ඇතුළු තිබුණා . තවත් ඔබට අදාලවම දැන ගන්නට නම් වඩා සුදුසු ඔබේ ගර්භනීත්වයත් එක්ක කටයුතු කරන , ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරයා . ඒ නිසා සැක සංකා නැතිව ඔහුගෙන් ඒ පිළිබඳ විමසා දැන ගෙන පරිස්සමින් ඉන්න . හරියට පරිස්සමින් හිටියෝත් ලොකු කරදරයක් නැතිව දරු පැටියගේ මුහුණ බලන්න පුළුවන් , හැබැයි සාමාන්ය දරු උපතක් විදියට වඩා , සිසේරියන් සැත්කමකින් ලබා ගන්න බෝල ගෙඩියක් වගෙ ලස්සන කෙළි පැටියෙක් , හරි කොළු පැටියෙක් හරි .
එහෙම නම් ගිහින් එන්නම් ප්රශ්න ඇතොත් එවන්න , දන්න දෙයක් කියන්නම් , ඒ වගේම මේ ලිපි එක්ක එකතු වෙන වෛද්ය සේවයේ නියුතු මිතුරු මිතුරියනුත් ඉන්න නිසා ඔවුන්ගේ අදහසුත් , උපදෙසුත් එක් වුනොත් , ‘‘සොඳුරු සුව අසපුවට“ වඩා මේ කියවන ඔබට වටී .
සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !
මෙන්න අර අපේ කතාවේ මුලින් වාද කරපු අයගේ වීඩියෝ එකක් !
දෙන්නගේ සෙල්ලං ඔක්කොම බලතෑකි මෙතනින් . දෙන්නගේ බ්ලොග් එකට යන්නේ නම් http://dinithimithili.blogspot.ca/ ලිපිනයෙන්
(මුදල් නොගෙවා කළ වෙළඳ දැන්වීමකි :) )
තව ගීත අහන්න කැමැති නම් මේ බ්ලොග් අඩවියේ ඉහළ දකුණූපස , රසවිඳින්න වගේම හිතන්නත් හේතු කාරණා ගෙන දෙන වීඩියෝ කිහිපයක් ඇති විවේක පාඩුවේ බලන්න
පිංතූර ටික ගත්තේ www.merckmanuals.com වෙතින්
