2016/04/25

2‍‍02) “දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්”

ඔබේ දරුවා , පෙර පාසල් වයසේ හෝ ආසන්න වයසක නම් මේ ප්‍රශ්න ගැන ටිකක් විමසන්න. (විමසීමේදී , එම වයසේ අනෙක් බහුතර දරුවන්ගේ ප්‍රමාණයට සාපේකෂව පමණක් සසඳන්න)  ඉන් වැඩි ප්‍රමාණයකට පිළිතුර “ඔව්නම් කළබල නොවී , යම් ගැටළුවක් වේදැයි තව දුරටත් විමසිලිමත් වන්න.



 1.දරුවා මුලින්ම කතා කරන්නට හුඟක් පමා වුනාද ?

2.තවමත් අකුරු සහ ශබ්ද තේරුම් ගැනීමට  දුර්වලද ?

3.පොතක් කියවීමේදී , නිතර පටලැවෙනවාද ?

4.වචන පිට කරන්නට  හුඟක් වෙලා ගන්නවාද ?

5.කියවන දේ දරුවාට තෙරෙන්නේ නැතිද ?

6.අක්ෂර වින්‍යාසය ගැන  මතකයක් නැති සේද ?

7.පැන්සල අල්ලන්නේ , ලියන්නේ ආසාමාන්‍ය ලෙසද?

8.ලියන අකුරු වයසේ තරමට පිළිවෙලක් නැත්ද ?

9.අදහසක් ලියා ගන්නට , කියාගන්නට අපහසුද ?

10.ඉලක්කම් , ලකුණු, දිසාවන් ගැන අවබෝධය දුර්වලද ?

11.දරුවා දන්නා වචන ප්‍රමාණය සාපේෂව අඩුද?

12.“විහිළු“, “උපහාස“ “අවවාද“ නොවැටහේද ?

13.කතා කරත්දී නිතරම “මැදට පනින්නෙක්“ ?

14.දැන් කියා දුන් කතාවක් නැවත කියන්නට නොහැකිද?

15.පෙර පාසල නිතර මග හරිනවාද?

16.නිතර කේන්තිය/ දුක මුසුව ඉන්නවාද?

17.නිතර වැටීම් තුවාල වීම් ඇති කරගන්නෙක්ද ?

18.එකම  සෙල්ලමකට පමණක් කැමැත්තෙන් සිටීද ?

19.අකුරු , ඉලක්කම් වල වල පැති මාරු කර ලියන්නෙක්ද ?

20.අඳින චිත්‍ර වයසේ තරමට වඩා දුර්වලද ? අපහැදිලිද ?

විශේෂ අධ්‍යාපන විබල්‍යතාව Special Learning Disabilities යනු ,
මුල් අවධියේදීම හඳුනාගෙන ඊට අදාල විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදයකට යොමු කිරීමෙන් ,
ලොවට වැඩක් ඇති යහපත් මිනිසෙක් බිහි කළ හැකි තත්ත්වයක් වුවත් ,
නිසි කළ එය මග හැරීම  දරුවාගේ ඉදිරි ජීවිතයටම බිඳවීමක් වනු ඇත.

ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා , තවත් ප්‍රශ්න ඇත්නම් කියවන්න මේ ලිපි . ලිපි අංක 74 , 175 , 177 , 179

http://www.nursinglk.com/2011/12/74.html
http://www.nursinglk.com/2015/10/175.html
http://www.nursinglk.com/2015/11/177.html
http://www.nursinglk.com/2015/11/179.html


පසුව එක් කළෙමි:

මේ කියවූ ලිපි වලින් සාකච්ඡා කළ තත්ත්වයනට බෙහෝ ආසන්න තවත් කාණ්ඩයක් තමයි Autism  Spectrum Disorders කියල කියන්නේ . ඒහිදීත් මුල් අවදියේදිම හඳුනාගෙන නිසි යොමු කිරීමක් කළ යුතු නිසා . මෙන්න මේ ලිංක් එක ඔස්සේ ගිහින් ඔටිසම් රෝග තත්ත්ව ගැනත් දැන ගන්න ආරාධනා කරනවා.
http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders

අළුත් ලිපියකින් ඉක්මණින් හමුවෙමු.