| හොඳට දන්න ..දීල ගන්න ...- යක්ෂයා ... |
මොකක්ද ලියන්නේ කියල කල්පනා කරන අතරේ අපේ ඒකකය ළඟම තියෙන මානසික රෝග ඒකකයේ ඉහළ මහළෙ ජනේළයක් ලඟ කවුදෝ කෙදිරිගානවා ...ටිකක් අඳුරුයි ඒ හරිය , මෙයා අපේ ඒකකයේ රෝගියෙක් නොවුනත් හැමදාමත් අපේ එකකයට ඇවිත් අපිත් එක්ක බොහොම සුහදව කතා බහ කරල යන නිසා පවුලේ කෙනෙක් වගේ අඳුනගන්න පුළුවන්., මට මතක විදියට හමුදාවේ කාළයක් හිටපු කෙනෙක් දැන් යම් මානසික ගැටළුවකින් පෙළෙනවා ..එයාගේ වැඩේ හැමදාමත් රෑට ඔය විදියට ජනේලෙන් එළිය බලාගෙන මොනවදෝ කියවනවා .කෙඳරිගානවා ..දඟලනවා ..
ඔය සිද්ධිය බලාගෙන හිටි මට මතක් වුනේ මීට අපි උසස් පෙල කරන කාළේ විතර අහපු කතාවක් , මේක නිකං විහිළු කතාවක් , මට මතකයි මේව අහල අපි ඒ කාළේ පණ යන කං හිනා වුනා , ඔන්න කතාව මේකයි , (මේ කතාව දැනටමත් ඔයාල හැමෝම දන්නවා ඇති , ඒත් නිකං කියන්නම් කෝ ) ඔන්න එක කාළක බොහොම ආදරෙන් බැදුනු යුවලක් හිටියා ..එයාලට දරු පැටවු පහක් විතර හිටියලු . ඔන්න දැන් හය වැන්නටත් ගැබ් අරගෙන ඉන්න කාළේ මහත්තයට බිරින්දෑ ගැන හරියට දුක හිතිල , මොකද මේ ගැබ්බර බවයි , විලිරුදාවයි විඳින විදිය දැකලා ..එහෙම දුක හිතුන “මහත්තයා“ කාටත් හොරෙන් දේවලෙට ගිහින් “දෙයියෝ“ හම්බ වෙලා කීවලු “අනේ දෙවෝත්තමයන් වහන්ස ..මගේ බිරිඳ හැමදාත් මේ විඳින විළිරුදාව මටනං බලාගෙන ඉන්න බැහැ ..දැන් ඉතින් පස් පාරක් වින්දනේ ..අනේ ඔබ වහන්සේගේ කරුණාවෙන් ...මේ ගැබ්බර වේදනාවන් ,විළිරුදාවන් මේ වාරේ ඇයට නොදී බබාගේ තාත්තටම දෙන්න ..තාත්තත් දරන්න එපායැ ඒ වේදනාවන් , “ ...ඒ දේවාලේ හරිම අනුහස්ලු ...ඔන්න දේව කන්නලව්ව කරල ඇවිත් මහත්තය ගෙදර ඉන්නවලු ...
| මට කැක්කුමක් නැහැනේ .. |
ඕක නං නිකම්ම විහිලු කතාවක් ...ඒත් ඔය වගේම ඇත්ත කතාවක් තියෙනවා ...අද කියන්නේ ඒ ඇත්ත කතාව ...
ඒ තමයි එහා ගෙදර අංකල්ගේ සිගරට් දුම නිසා අකාළේ මැරෙන්න වෙන මෙහා ගෙදර බබා ගැන ..තව විදියකින් කිව්වොත් Secondhand smoke නිසා දරුවන්ට වන අනතුරක් ගැන ....
මොකක්ද මේ Secondhand smoke කියන්නේ ? පුද්ගලයෙක් සිගරට් , හෝ දුම්වැටියක් භාවිත කිරීමෙන් පසුව ප්‍රාශ්වාසය කරන දුම් මිශ්‍රණය තමයි Secondhand smoke කියන්නේ. මේ දුම තවත් අයෙක් වෙත ආඝ්‍රහණය වීම , ආශ්වාසය හරහා පෙනහළුගත වීම නම් කරන්නේ Passive smoking හෙවත් අක්‍රිය දුම්පානය කියලා Secondhand smoking කියලත් කියනවා.
| මේං ලෙඩ ලැයිස්තුව |
එක සිගරට්ටුවක් බිවත් එය අනතුරක් එක් කර ගැනීමක් , මොකද අපේ සමහර මහත්තුරු කියනවානේ “අපි ඉතින් දවසටම එකයිනේ “ කියලා , ඔව් එකයි , ඒත් ඒ එකෙන් ඔබේ පෙනහළු ඇතුලට , ලේ වලට රසායනික ද්‍රව්‍ය 4000ක් එක් කරනවා , ඉන් බොහොමයක් ඔබට රෝග දායක කරන ඒවා .පිළිකා , ශ්වසන රෝග විතර නොවෙයි ඔබේ ප්‍රජනක හැකියාවත් දුර්වල කරන්නට මේ දුමට පුළුවන්.අනෙක ලැබෙන්න ඉන්න බබාටත් ලොකු අනතුරක් එයින් කරනවා , අපි දැන් ටිකක් විස්තරාත්මකව මේ ගැන කතා කරමු .
ඔය දුම්දාන මහත්තරු කියන අළුත් කතාවක් තියෙනවනේ , “ අපි ඉතින් බොන්නේ ....... (රට සිගරට්) නේ ...ඒවායේ නරකක් නෑ “ , ඔය අපේ මහත්තරු රැවටිච්ච තවත් අවස්ථාවක් , සිගරට් එක “Light" ,"mild" වුනත් "Filtered" හෝ “non Filtered" වුනත් දුම එකමයි , අර හානිකාර රසායනිකයන් එකමයි , සමහර විට අර රසායනික අතරේ තිබෙන ඝණ සංඝටක එකක් (තාර වැනි දේ ඉතා සුළු වශයෙන් ) පෙරුණත් , තවත් 3999ක් පෙනහළු වලට යනවා ..මේ පිළිබඳ පර්යේෂණ කරන විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් ෆියෝරේ කියන විදියටම කිව්වොත් “You do not need to add anything to tobacco for it to kill you"
| 4000 X ??????????????????? |
ෆියෝරේ කළ පර්යේෂණ වලින් හදුනාගෙන තිබෙනවා ඔබට හැකිනම් එක් වසරක් මේ දුමෙන් ඉවත් වෙලා ඉන්න , එය ඔබට හෘදයාබාධයක් ඇති වීමේ අවදානමෙන් භාගයක් අඩු කරන බව ...“within a year your risk of having heart attack will be cut 50% "
මෙන්න ඊළඟ trick එක ..“ඔය දුමට ඇබ්බැහි වුනාම ඕකෙන් ගැලවෙන්න බැහැ , එහෙම අයින් වෙන එක ඇඟටත් හොද නැහැ , අමාරුකම් එනවා“ කියන එක ...එය නම් කිසිසේත්ම පිළිගන්න බැහැ, බොහොම සරළ උපක්‍රම වලින් මේ දුම්බීම නවත්ව ගන්න පුළුවන් , තදින්ම ඇබ්බැහි වෙලා හිටිය නම් මුල් දින කිහිපයේ යම් වෙනසක් දැනෙන්න පුළුවන් , ඒත් එයින් කිසිම හානියක් වෙන්නේ නැහැ , දවස් කිහිපයකදි ඔබ “සාමාන්‍ය මිනිසෙක් වෙනවා“ , හැබැයි ඒකට ඔබේ හිත එකඟ කරගන්නට උත්සාහ කරන්න ඕනමයි. තමන්ටම ඒ වැඩේ කරගන්න අපහසුනම් මේ පිළිබඳවම විශේෂඥ දැනුමක් තියෙන “උපදේශන සේවාවක“ උදව්ව ලබා ගන්නත් පුළුවන්.සමහර විට ඔබට නිකොටින් අඩංගු Gum හෝ ටොෆි වගේ දේ භාවිත කරමින් ඔබේ “පුරුද්දෙන් “ මුදවා ගන්නට උත්සාහ දරාවි , බය වෙන්න එපා “නිකොටින්“ නරක දෙයක් නොවෙයි නිවැරදිව භාවිත කරනවා නම් , සිගරට් එකේදිත් ලොකුම හානිය එන්නේ නිකොටින් වලින් නොවෙයි අනෙක් රසායනික 4000න් .
දැන් මේ ටික කියවනව නම් “දුමට යටවෙච්ච “ මහත්තුරු කියාවි “එයාට මොකද , සිගරට් එක බිව්වම මටනේ හානිය , ?“ කියලා ..දැන් ඉතින මොකද හිතන්නේ ?...ඔයාට විතරක් නොවෙයි ඔබේ අපට ඉන්න විශාල පිරිසකට , විශේෂයෙන් මේ මුකුත් නොදන්න අපේ පැටවුන්ට තමයි වැඩිම හානිය ...ඒ අපි කතා කල secondhand smoke නිසා .
| ඔබේ දරුවාගේ ලෝකයට ගිනි තබන්නද හදන්නේ |
| තාත්තගේ දුමට ...මට inhaler |
දැන් තේරෙනවද “පොඩි ෆන් එකක් ගන්නට දල්වන සිගරට්ටුවෙන් අපේ පැටවුනට වන හානිය , ඉතින් ඔබත් “ආදරණිය තාත්ත කෙනෙක් නම් ,කවද හරි තාත්ත කෙනෙක් වෙන්න හිතනවා නම් , ඔබේ දරුවා වෙනුවෙන් , ඔබට තාත්තේ කියන්නට ඉන්න දරු පැටියා වෙනුවෙන් , මේ ලෝකේ ඉන්න සුන්දරම , අහිංසක වස්තුව වෙනුවෙන් , පරිසරයට Environmental tobacco smoke (E.T.S) මුදා හරින පුරුද්ද අතහැරියොත් හොඳයිනේද ,
| මෙන්න නියම ජෝඩුව ...ආදරේ පාවෙනවා ... |
ඔබ බිරිඳක් , මවක් , පෙම්වතියක් නම් මේ secondhand smoke පිට කිරීමට විරුද්ධ වන්න , ආදරෙන් කියාදෙන්න ඔබේ හිතවතාට මෙහි අනතුර , ඔබට , ඔහුට සහ ඔබේ පැටියාට විය හැකි (ලැබෙන්න ඉන්න පැටියාට වුනත්) ...
දුමෙන් මිදෙන්නට කැමැත්තක් දක්වනවා නම් තවත් තොරතුරු http://www.smokefree.gov/ මගින් සොයාගන්නට පුළුවන් ... හොඳ වීඩියොවකුත් මෙන්න තියෙනවා
| සිතන්න ..... |
දැන් රෑ එකයි , අපේ ඒකකයේ ප්‍රධානම කටයුත්තේ , ඒකියන්නේ antibiotic infusions ලබා දීමේ කටයුත්තේ තවත් අදියරක් දැන් කරන්නට තියෙනවා , එහෙම නම් අදට සමු ගන්නවා මෙයි ලොකු කතාවක් නොවුනත් කියැවූ ඔබට ස්තුතිය පුද කරනවා , මොකද දැන් නොහිතුවත් මේ ගැන පහු වෙලා හරි ටිකක් හිතන්න පෙළඹේවිනේ ....