සොඳුරු සුව අසපුවේ දයාබර මිතුරු මිතුරියනි ,
මීට පෙර ලිපියෙන් දින දහයක් යනතුරුත් නව ලිපියක් සොඳුරු සුව අසපුවේ නොවීම පිළිබඳව ඔබ මා හා උරණ නොවනු ඇතැයි විශ්වාස කරන්නේ , මීට පෙර සතියකට අවම වශයෙන් ලිපි දෙකක්වත් පිළිවෙලින් ඔබ වෙත ලබා දෙන්නට හැකිවූ නිසාවෙනි . නමුත් මේ දින වල පවතින අතිශ්‍ය තීරණාත්මක කඩඉමක වැඩකටයුතු නිසාවෙන් කාර්ය බහුල වී ඇති නිසා , නව ලිපියක් සකසන්නට තරම් මානසික විවේකයක් නොමැති හෙයින් “සොඳුරු සුව අසපුව“ ඔබ වෙත මෙසේ විවෘතවම තබා තාවකාළිකව ඉන් සමුගන්නට සිතමි.
නමුත් ඒ තාවකාළික සමුගැනීමක් පමණි , මේ අතිශ්‍යය කාර්ය බහුල වටපිටාව , යම් තරමකට සාමාන්‍ය වූ දින නැවතත් ඔබ සමඟින් එක්වන බලා පොරොත්තුවෙන් සහ මෙතෙක් රැඳී සිටි ඔබ තව දුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් එක්ව සිටිනු ඇතැයි විශ්වාසය තබා ගනිමින් සමුගනිමි.
නමුත් ඔබට ඇති යම් ගැටළුවක් , විශේෂයෙන් සෞඛ්‍ය ගැටළුවක් හෝ අදහසක් වේනම් මෙහි පළ කිරීමට අවස්ථාව ඇති අතර අවස්ථාව ලද හැම විටකම ඊට පිළිතුරු සපයන්නට උත්සාහ කරමි.
එමෙන්ම “මගේ අරමුණ“ හි සඳහන් ඇමතුම් මාර්ග ඔස්සේ මෙම දින කිහිපය තුල ඔබ හමුවන්නට නොහැකි විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව සමාව දෙනු ඇතැයිද මම විශ්වාස කරමි .
ඔබ සැමට සුව පතමි ....“නිරෝගීකම හැර සුවයක් ලොවේ කොයින්දා .....“
මම මහේෂ් නිශාන්ත
සොඳුරු සුව අසපුව වෙනුවෙන් ...