ඒ නිසා සමහර විට මේ ගැටළුව ඒ වෙස් මුහුණින් ආවරණය වෙලා හැමදාමත් නොපෙනෙන , විඳවීමක් වෙන අවස්ථා වැඩියි . ඒත් සමහර වෙලාවට ජීවිතේ අවුලක් කරන පවුලක් වෙන්නත් මෙයම හේතුවක් .. මේ ගැටළු ගැන නිසි අවබෝධයක් සමාජයේ බහුතරයක් තුල නොමැති නිසා ඒ වෙස් මුහුණු “විද්‍යාවක්“ ලෙසින, තෙල් බෙහෙත් කඩකාරයන් තරුණ මොළ කුණු කරන්නට සොඳුරු ජීවිත කුරවළු කරන්නට යොදාගන්නා අවස්ථා අද සමාජයේ වැඩියි.ඒ නිසා අපි අද කතා කරමු මේ “නිවැරදි කර ගත හැකි“ අඳුරු ගැටළුව මොනවාදැයි .
| නිරාශා ද .......Loss of libido ද |
එහෙම නම් මේ ගැටළුව ගැන ටිකක් විස්තරාත්මකව කතා කරන්නට පටන් ගනිමු , විශේෂයෙන්ම කියන්නට ඕන මේක වෛද්‍ය විද්‍යාත්මක කරුණු අන්තර්ගත ලිපියක් මිසක ඔබේ කාළය කාදමමින් , හැඟීම් රිදවිමින් රසවිඳින්නට ලියූ ලිපියක් නොවන වග .ඒ නිසා ටිකක් සාවධානව රැඳී සිටීවි කියල මම හිතනව.
| යකා නටන්න එපා ... |
මේ තත්ත්වයට ස්ත්‍රී මෙන්ම පුරුෂ පාර්ෂවයත් ගොදුරු වන නිසා මෙන්ම ඔවුනගේ හේතු සාධකයන් වෙනස් වන නිසාත් වෙන වෙනම මේ ගැන කතා කිරීම සුදුසු යැයි සිතෙනවා. අපි මුලින්ම කාන්තා පාර්ශවය ගැන කතා කරමු , ඊට ප්‍රධාන හේතුව Loss of libido or lack of libido තත්ත්වයෙන් වැඩි පුරම පිඩා විඳින්නේ , ඒත් එය එලියට නොපෙන්වන “වෙස් මුහුණ “ පැළඳ සිටිනේත් ඔවුන් යැයි අද පර්යේෂණ මගින් හදුනාගෙන ඇති නිසා.
ඔබට මතකද අපේ 56 වන ලිපියෙදි අපි කතා කළා මේ ලිංගික කාර්යය සාර්ථකව ආරම්භ වන්නට වැදගත් කරුණු දෙකක් ? ඒ Desire හෙවත් ලිංගික එක්වීමකට ඇති කැමැත්ත සහ Arousal හෙවත් ලිංගික පිබිදීම ..මේ අවස්ථා දෙකෙහි පුර්ණත්වයක් , යහපත් මට්ටමක් නොලැබුණු විට එය සාර්ථක එක්වීමක් වන්නේ නැහැ.
මේ සඳහා හේතුවන අසාමාන්‍යතාවයක් Female Sexual Arousal Disorder ලෙසින් වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගන්නවා. මේ අසාමාන්‍යතාවයේදී ඇයට කිසිම අවස්ථාවක ලිංගික පිබිදීමක් ඇති වන්නේ නැහැ. දැන් වරදවා වටහා ගන්නට එපා ටික දවසකටම මෙහෙම දැනුනට ඒක “ලෙඩක් නෙවි“ , නමුත් දිගු කාළීනවම මෙය පවතීනම් ටිකක් හොයල බලන්නට ඕන.
| හුලං ගිය බැළුමක් ද ? |
| මල් හතයි බර වැඩියි |
| වයස ප්‍රශ්නයක් නෑ.... |
මීට අමතරව කාන්තාව යම් මානසික රෝග තත්ත්වයක් සඳහා දිගු කාළීනව සමනකාරක ඖෂධ tranquilizer කාණ්ඩයේ බෙහෙත් ගන්නවා නම් ඇයටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් බව දැන ගන්න. මෙහෙම කියන්නට හේතුව ඇය එම ඖෂධ මත සිටින අවස්ථාවක මේ අසාමාන්‍යතාවය මතු වුනහොත් ,එය පවුලේ ගැටළුවක් නොකර ගෙන ඔබේ වෛද්‍යවරයා ගෙන් නිසි උපදෙස් ලබා ගන්නට යොමු වෙන්න . එවිට ඊට නිසි වෙනසක් කරන්නට ඔහුට පුළුවන්.
ඔය අපි කතා කළේ කායික ගැටළු නේ . දැන් කතා කරන්නට යන්නේ මානසිකමය හේතු , විශේෂයෙන්ම වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් loss of libido තත්ත්වයට පත් වෙන්නේ මේ මානසිකමය හේතු නිසා බව අද සොයාගෙන තිබෙනවා.ඒ යටත් ඇය depression මානසික අවපීඩනය තත්ත්වයෙන් පෙළිම ප්‍රධානයි , ඊට අමතරව අධික මානසික පීඩනයකින් පෙළෙනවා නම් , Stress හේතුවෙනුත් මේ තත්ත්වයට එන්න පුළුවන්. මේ Stress රැකියාවේ , හෝ වෙනත් බාහිර සාධකයක මෙන්ම විවිධ ගැටළු මත යුවල අතරේ ඇති වන සාධක වන්නටත් පුළුවන් .
| ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක රස |
එමෙන්ම ඔබ සහ ඇය අතරේ පවතින ආදරය අඩුවීම මෙන්ම විශ්වාසනීය බැඳිම අඩුවීමත් ඇයට loss of libido හෝ lack of libido තත්ත්වය ඇති කරන්නට පුළුවන් . ඒ නිසා office එකේ කොච්චර වැඩ තිබුණත් සතුයකට දවසක් වත් ඇයත් එක්ක ටිකක් විවේකව ආදරයෙන් ඉන්න .කතා කරන්න , ඇය වෙනුවෙන් ඔබ ඉන්න බව ඇයට දැනෙන්නට සලස්වන්න . එමෙනම ඔබ දෙදෙනා අතර විශ්වාසනීයත්වය රැක ගැනීමත් වැදගත්. මේ දේවල් මගින් සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වා ගන්නට ඔබට පුළුවන්.
මීට අමතරව අද සමාජයේ තරමක කතාබහට ලක්වන ස්ත්‍රී මෛථුන්‍යය Lesbianism තත්ත්වයේ රැඳී සිටීම වගේම කුඩා කාළයේදී ලිංගික අපයෝජනයට ලක් වීමත් ඇයගේ “කැමැත්ත“ නැති වන්නට හේතු වන්නට පුළුවන්.
| මේ වෙන එකක් ... |
දැන් අපි කතා කරමු පිරිමි පාර්ශවය ගැන , ඔවුන්ගේ Libido අඩු වන්නට හේතු මොනවාදැයි ..මෙතැනදී අද සමාජයේ , මුද්‍රිත මාධ්‍ය අතර “විකිණෙන“ ලිංගික බෙලහිනතාවය සහ මේ තත්ත්වය එකිනෙක පටලවා ගන්නට එපා. ලිංගික බෙලහීනතාවයේදී , බොහෝ විට පුරුෂ ලිංගික අවයව ප්‍රාණවත් වීමේ ගැටළු ඇති වෙතත් , එය සසහ ලිංගික කැමැත්ත ඇති නොවීම යනු අවස්ථා දෙකක් . පර්යේෂන මගින් හදුනාගෙන තිබෙනවා මේ ලෙසින් ලිංගික එක්වීමක් සඳහා කැමැත්තක් නැතත් නිසි ලෙස ලිංගික ප්‍රණවත් වීම් erection සිදුවන බව.
මෙතැනදිත් ඔහු දියවැඩියාව , හයිපොතයිරොයිඩිසම් වැනි හෝමෝන රෝග තත්ත්ව වලින් පෙළෙනවා නම් libido අඩු වීමේ අවදානමක් ඇති වෙනවා. ඒත් අපේ රට වල ප්‍රධාන සාධකය , මත්පැන් . alcoholism ලෙසින් මත්පැනට උග්‍ර ඇබ්බැහි වන පිරිමියාගේ , පිරිමිකම නැති වන බව ඔබ දන්නවාද ? , නමුත් එහි අවසන් බලපෑම , කාන්තාව කෙරෙහි ඔහු යොමු කරන්නේ , ඇය පිළිබඳව “සැකයක් “ ඇති කරමින් . මෙහි විය හැකි ප්‍රථිපලය ගැන ලියන්නට ඕනද නේද ?....
| මේ ඇහුනද ..ඔයා බයයිද ..? |
දැන් “මෙහෙම දේකුත්“ තියෙන බව හඳුනගත් ඔබ කළ යුත්තේ කුමක්ද ? ....ඉහත කතා කළ හේතු සාධක අතරින් ඔබටම ඉවත් කළ හැකි සාධක ඉවත ලමින් යහපත් ලිංගික සම්බන්ධතාවයක් ඔබේ නීත්‍යානුකූල සහකරුවා හෝ සහකාරිය සමඟින් පවත්වා ගැනීමයි. එසේ කළ නොහැකි නම් “පත්තරේ තියෙන වෙළඳ දැන්වීම් “ ඔස්සේ පෙති වර්ග ගිලිමින් , බළි තොවිල් කරමින් සිටීම නොවෙයි . මේ තත්ත්වය පිළිබඳ ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න ,එවිට ඔහු ඔබට නිසි ඖෂධ හෝ වෙනත් විශේෂඥ ප්‍රතිකාරයක් සඳහා යොමු කරාවි .,
හැකියාවක් ඇතොත් “උපදේශන සායනයකට“ යොමු වන්න" එය හරිම වැදගත් . මෙහිදී ඔබ සහ ඇය sexual counselling සහ family counselling යන පියවරයන් දෙක වෙත යොමු කෙරන අතර ඔබ දෙදෙනා සමඟම සකච්ඡා කරමින් උපදේශනය මගින් අදාල ගැටළු විසඳිමට මග ඔවුන් කියා දේවි.මේ සඳහා ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමයේ “ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර ඊට අමතරව තවත් වෘත්තීය උපදේශන සේවා ලබා දෙන ආයතනද පවතී. මෙය ලැජ්ජාවට කාරණයක් නොවයි , මෙයත් අපේ නිරෝගී සෞඛ්‍යය සඳහා වැදගත් සෞඛ්‍යානුකූළ එක් කාර්යයක් පමණයි. ඒ වගේම ඔබේ මිතුරා , මිතුරිය මෙවන් තත්ත්වයක් ගැන ඉඟි පළ කරයි නම් ඇයට , ඔහුට උදව් වන්න නිවැරදි ප්‍රතිකාරයක් හෝ උපදේශනයක් කරා යොමු වන්නට , එමඟින් යුග දිවියේ සතුට පවත්වා ගන්නට.
අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙයයි loss of libido හෝ lack of libido කියන තත්ත්ව මහා රෝග නොවෙයි , ඒවා අසාමාන්‍යතා විතරයි . ඒත්එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් , ඒ වගේම එසේ සාමාන්‍ය තත්ත්වයට ගැනීමයි වැදගත් . එසේ නොවී ගෙදරදී විඳිවමින් සමාජය ඉදිරියේ වෙස් මුහුණු දමාගෙන රවටා ගන්නේ ඔබම විය හැකියි. ඒ රවටා ගැනීමේ පල-අපල .....?
මේක ලියන්න පටන්ගත්තේ නුවරදි , ලියලා අවසන් කරලා publish කළේ ගාල්ලේදීය ...සටහනක් ගිය දුරක් !