“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“
එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...
ඇයි මේ තරම් පිළිකා ගැනම කතා කරන්නේ ..එකක් ඒක මගේ වෘත්තීය දිවියේ සංවේදීම රෝග කාණ්ඩය වුන නිසා (ඒ කීවේ , මම වැඩිම කැමැත්තෙන් සේවය කළ විශේෂඥ ඒකකය වුනේ පිළිකා ඒකකය ) ..අනෙක ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට , තවත් අවුරුදු අටකදි ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දැනට පවතින ප්‍රමාණය වගේ 50%කින් වැඩි වීමක් වෙන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබීම ...ඒ නිසා කෝකටත් අපි මේ අනතුරු ගැන දැන සිටීම වැදගත් ..ඇයි ද දන්නවද ...බොහාමයක් පිළිකා පෙර හඳුනාගැනීමෙන් සුව කරන්නට පුළුවන් නිසා. ඒ නිසා අපි මේ අප්‍රසන්න ,කකුලුවා(Cancer) ගැන කතා කරමු . අද කතා කරන්න හදන්නේ පිරිමි අපිටම විතරක් කරදර කරන කෙනෙක් ගැන ., කාන්තාවන්ටත් මේ ග්‍රන්ථීයේ යම් සම්බන්ධයක් තිබුණත් වැඩියෙන්ම කරදර කරන්නේ පිරිමින්ටමයි ..
මොකක්ද මේ Prostate නැත්නම් Prostate gland එක කියන්නේ .අපි දැනටමත් දන්නවා අපේ ඇඟේ විවිධ ග්‍රන්ථී පිහිටලා තිබෙන බව . දහදිය නිපදවන ග්‍රන්ථී , සමේ තෙල් ගතිය නිපදවන ග්‍රන්ථී , ඊළඟට ....ඔව් ඛේඨ ග්‍රන්ථි ....ඇයි තයිරොයිඩ් ග්‍රන්ථීය නේද ..ඔය වගේ ග්‍රන්ථී ගණනාවක් අපේ ජීව ක්‍රියා පවත්වා ගන්නට දායකත්වය දෙනවා .. මේ හැම කෙනෙක්ම යම් දියරමය සංයෝගයක් නිපදවමින් එය ස්‍රාවය කරමින් ඒ සේවය කරනවා .
අපි මේ කතා කරන Prostate gland එකත් ඒ විදියට වැඩ කරන කෙනෙක් . ඉන්නේ නම් ටිකක් හැංගිච්ච තැනක . පිරිමින්ගේ නම් මුත්‍රාශය පතුලේ හැංගිලා තමයි ඉන්නේ ..මුත්‍රාශයේ සිට මුත්‍රා , එළියට ගෙනියන බටය Urethra , වගේම ශ්‍රක්‍රාණූ දියරයක් විදියට යොමු කරන බටයත් අපි මේ කතා කරන Prostate gland තුලින් තමයි ගමන් කරන්නේ . ඒ නිසාම ප්‍රොස්ටේට් ග්‍රන්ථීය කරන දේ කුමක් දැයි මතක තියා ගන්නත් පහසුයි , මුල්ම වැඩේ තමයි අපේ මුත්‍රා ගලායාම පාළනය කරන එක ...ඒක කරන්නේ Prostate ග්‍රන්ථීයේ තිබෙන රබර් පටි වගේ පේෂි තන්තු මඟින් .. අනෙක් කාර්යය තමයි ලිංගික උත්තේජනයකදි ශ්‍රක්‍රාණු මිශ්‍ර තරළයට අවශ්‍ය කරන ආරක්ෂක දියරක් හදල වක්කරන එක . විශේෂයෙන්ම ලිංගික උත්තේජනයේ උච්චතම අවස්ථාවේ ඉවතට නිකුත් වන දියරයේ වැඩිම වගකීමක් දරන්නේ අපේ මේ ග්‍රන්ථීය .
මොන වගේ කරදරද ? ...සමහර විට ග්‍රන්ථිය ඉදිමිලා ඒක මැදින් ගමන් කරන බට තද කරන්නට පුළුවන් . දැන් මොකද වෙන්නේ ...අපි කිව්වනේ මැදින් ගමන් කරන්නේ මුත්‍ර අරගෙන යන බටය කියල ..දැන් ඒක හිරවෙනවා , . එතකොට මුත්‍රා කරගන්න බැහැ , සමහර විට මුත්‍රා කරන්න ඕන වුනත් පිට කරගන්න සෑහෙන තටමන්න ඕන ...සමහර විට මුත්‍රා කරලා ඉවර වුනාම ..ඕන්න ආයෙත් යන්න වගේ දැනෙන්නත් පුළුවන් ., මුත්‍රා පිට වුනත් වෙනද වගේ ඈතට වැටෙන්නේ නැහැ ..කකුල් දෙක ගාවටම වැටෙන තරමට වේගෙ අඩවෙලා . අනෙක හුඟක් වෙලාවට බිංදු බිංදු මත්‍රා පිට වෙනවා පාලනයක් කරගන්න බැරිවම ., මොන විදියට කරත් තෙමාගන්නම වෙනව ....දැන් ඉතින් මේ කීව දේට හේතු වුනේ අර ග්‍රන්ථිය ඉදිමීමනේ ...මේ ඉදිමිම පිළිකාමය නොවන තත්ත්වයේ Benign එකක් වුනොත් සරළ ප්‍රතිකාර කිහිපයකින් මේ කරදරේ මගහරවා ගන්නට පුළුවන් ...ඒත් ඒක පිළිකාමය malignant ඉදිමීමක් වුනොත් .......? .....
ඔව් ඔබ දැනටමත් දන්නව පිළිකාවක් කියන්නේ “මහ අකීකරු , විකෘති සෛල වගයක් “ කියලා ...කිසිම පාළනයක් නැතිය බෙදෙන මේ සෛල නිසා හැදෙන පිළීකා ගෙඩිය නිසා ඔය විදියට බට තද වීම විතරක් නෙවි , වටේ ඉන්න අනෙක් ඉන්ද්‍රියයන් මරල දාන්නත් පුළුවන් . පිළිකාවක හැසිරීම මොනවගේද කියල හරියටම දැන ගන්න පිළිකා ගැන මීට පෙර ලියැවුනු සටහන් වලට යන්න..
Prostate cancer එකේදිත් වෙන්නේ ඒකමයි ..එයා මුලින්ම මුත්‍රා බටේ මිරිකල කියනවා ..“ඔන්න මම වැඩ පටන් ගන්නයි හදන්නේ , ඕන නං අල්ලගන්නෝ ...“ කියල ...මෙතනින් එහාට මේ පිළිකාව හැංගි මුත්තං සෙල්ලං කරනවා ...ඒ කියන්නේ දැන් අපි නොසලකා හැරියොත් , මෙයා හෙමින් සැරේ අවට ඉන්න අවයව විනාශ කරන්න පටන් ගන්නවා, එයින් ප්‍රධානම තැන කොඳු ඇට ..ඊළඟට පෙනහළු , ඒ කියන්නේ අපේ ඇඟේ වැදගත්ම තැන් අපෙන් උදුරගන්නට පටන් ගන්නවා ..එහෙනම නම් මොකක්ද කරන්න ඕන ...
වැදගත්ම දේ තමයි මේ හැංගි හොරා පැමිණියා දැයි සැක කළ හැකි ලක්ෂණ ගැන පොඩි අවබෝධයක් තිය ගන්න එක . මුලිකම ලක්ෂණ එන්නේ මුත්‍රා සම්බන්ධව , අපි මුලින් කීව වගේ මුත්‍රා කරගන්න ඇති අපහසුකම් එක්ක මුත්‍රා එක්ක ලේ පිටවීමක් වෙන්නත් පුළුවන් , ඒ වගේම ශ්‍රක්‍ර තරලයත් එක්ක Semen ලේ පිට වෙන්නත් පුළුවන් ..සමහර විට ඔබ ලිංගිකව එක් වෙලා ඉන්න අවස්ථාවේ ශිෂ්ණය පතුලෙන් පිච්චෙන , තද වේදනාවක් එන්නත් පුළුවන් .
දැන් මේ වගේ ලක්ෂණයක් දෙකක් ආවොත් , කෝකටත් කියල ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියල පරික්ෂාවක් කර ගන්න .. ඔහු ඔබේ ගුද මාර්ගය තුලින් ඇඟිල්ලක් ඇතුලු කරල P.R.පරීක්ෂණය මඟින් මේ ග්‍රන්ථීය ස්ඵර්ශ කරල බලාවි , දැන් ඔහුට දළ අවබෝධයක් ගන්න පුළුවන් Prostate gland එකට මොකද වෙලා තියෙන්නේ කියලා ..සැක සහිත නම් සරළ රුධීර පරික්ෂණයක් නියම කරාවි ...ඒකේ නම මතක තියා ගන්න එක වටින නිසා නම කියන්නම් ...P.S.A. මේ Prostate Specific Antigen කියන රුධීර පරික්ෂණයේ අගයන් එක්ක මෙය පිළීකාවක් දැයි තහවුරු කරගන්න හැකියාවක් ඇති වෙනවා . ඒ අගය 4.0 ng/mL ට වඩා වැඩි නම් වෛද්‍යවරයා ඔබ තවත් පරික්ෂණ කිහිපයකට යොමු කරාවි , ඒ අතරේ එක්සේ , සිටී ස්කෑනින් වගේම , පොඩි ශල්‍යකර්මයක් මගින් ග්‍රනිථීයෙන් පටක කෑල්ලක් Biopsy අරගෙන එහි සෛල වල හැඩය ස්වභාවය පරික්ෂා කරන්නටත් යොමු කරාවි .
ඔන්න ඔය ඔක්කොම කළාට පස්සේ වෛද්‍යවරයා ඔබට කියාවි , එය පිළිකාමය ගෙඩියක්ද නැත්ද යන වග ..නැවතත් මේ කීව එක් ලක්ෂණයක් හරි P.S.A. අගය 4ට පොඩ්ඩක් වැඩිවුනා කියන එකෙන්ම මෙය පිළිකාවක් කියල හිතල කළබල වෙන්න එපා .. කළ යුත්තේ නොසලකා නොහැර හරියම තත්ත්වය කුමක්දැයි හඳුනාගන්නා තුරු අදාල පරික්ෂණ වලට කැමැත්තෙන් ඉදිරිපත්වෙන එකයි.මොකද නොසලාක සිටීම ලොකු අනතුරකට අතවනන නිසා .
දැන් ...මේ තතත්වය පිළිකාවක් වුනොත් මොකද වෙන්නේ ...ඔව් ...වැදගත්ම දේ මේ තත්ත්වය මුල් අවස්ථාවෙම හඳුනා ගැනීම , මොකද මෙයා ඇඟ ඇතුලෙ හැංගිමුත්තං ගහමින් අනෙක් අවයවත් විනාශ කරන කෙනෙක් නිසා , වෙන තැන්වලට පහර ගහන්න ඉස්සර හඳුනගත්තොත් ශල්‍යකර්මය මඟින් පිළිකාමය පටක කපා ඉවත් කිරීමත් ...විකිරණ ප්‍රතිකාර සහ පිළිකා ඖෂධ ප්‍රතිකාරත් ලබා දේවි ..ඒ වගේම හෝමෝනමය ප්‍රතිකාර ලබා දෙමින් ග්‍රන්ථීයේ සක්‍රිය බව පාලනය කරන්නත් උත්සාහ කරාවි .
මේ පද ආදේශ කිරිම් වලට යනකම් ඉන්න එපා ...මුලින්ම හදුනගැනීමට සහය වෙන්න ..එය කරන්න පුළුවන් ඔබටමයි , මොකද මේ එළියට පේන තැනක් නොවෙන නිසා වෙන කෙනෙක්ට වඩා “මේ වෙනස“ හඳුනාගන්නට පුළුවන් ඔබටමයි ...
එසේ නම් තවත් එක් සොඳුරු හමුවීමක් නිමා කරන්නටයි සූදානම් ..
ඒ නිසා මේ රෝගය ගැනත් ලක්ෂණ ගැනත් කළ යුතු දේ ගැනත් ඔබේ මිතුරාටත් කියන්න ...