2012/10/11

දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“

ගිය සතියෙන් පටන් ගත්ත චිත්තරපටි වැඩේ ලැබෙන වෙලාවක ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා ..ඒ කිවේ යම් වැදගත්කමක් ඇති චිත්‍රපටයක් බලන්නට ලැබුණොත් එය ඔබත් සමඟත් බෙදා ගෙන “දැනුවත් වෙමින් සතුටක් ලබන්නට “ කටයුතු කරන්නට සිතා ගත්තා . මතක නේ ගිය සතියේ අපි බැළුවේ ඒඩ්ස් රෝගය හඳුනාගැනීම සිට මේ දක්වා පර්යේෂකයන් මුහුණදුන් නානාප්‍රකාර ගැටළු ..ඇත්තටමට අපට ඒ ගැන සිතන්නට ඉඩ නොලැබෙන තරම් නේ .. කොහොම වුනත් එය නැරඹුවා නම් යම් දැනුමක් , සතුටක් ලබන්නට ඇතැයි මම හිතනවා ...


අදත් ඒ වගේම නොවුනත් , එක්තරා රෝග තත්ත්වයක් ගැන අපි හිතනවාට වඩා වෙනස් පෙනුමක් පවතින බව හඳුනාගන්නට පුළුවන් ..ඇත්තටම ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් ඔබ හමුවට ගේන්නයි දැන් හදන්නේ ...

මම ඔබේ ඇහැව්වොත් “මානසික අවපීඩනය“ නැත්නම් Depression මොන වගේ ලෙඩක්ද කියල ඇහැව්වොත් ...“ආ ..ඔය ඉතින් අඬ අඬා ඉන්න මොලේ අමාරුවක්නේ කියල කියාවි ..“ ඒත් ඒ චිත්‍රයට වඩා පැතුරුණු තත්ත්වයක් මේ රෝගයට ඇති බව Prozac nation චිත්‍රපටයෙන් පෙන්වනවා ..ඇත්ත එය ...ඒ නිසාමයි මේකට මානසික රෝග වල හෙම්බිරිස්සාව කියල කියන්නේ ..


මේ ගැන සොඳුරු සුව අසපුවේ 33 වන ලිපියෙදි කතා කළා වගේම තවත් විස්තර “ප්‍රදීප්ගේ පිටුවට“ ගියාමත් බලා ගන්නට පුළුවන් ...

දැන් ඉතින් වැඩි වැඩි කයිවාරු මොකටෙයි ...දැන් ඉතින් හරිබරි ගැහෙමුකෝ චිත්තරපටිය බලන්න .....
මුලින්ම කියන්න ඕන ..මේක ඉංග්‍රිසි චිත්‍රපටයක් ..

*********මෙහි සමහර දර්ශන පුංචිම දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන් ..ඒ නිසා ඒ ගැන අවධානය ඇතිව මෙය බලනවා නම් හොඳයි ....


සත්‍ය ජීවිත කතාවක් මත ගොඩ නැගුණු මේ  චිත්‍රපටයේ විස්තරේ ..

Director: Erik Skjoldbjærg
Writers: Elizabeth Wurtzel (based on the book by), Galt Niederhoffer Stars:Christina Ricci, Jonathan Rhys Meyers and Jessica Lange
Release Date:13 June 2003