මේ Gastritis සහ ඊටම සම්බන්ධ GERD උගුර- පපුව දැවිල්ල ඇතිවීම , ආමාශයික වෘණ (Gastric Ulcer) වගේ තත්ත්ව වලදි ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ අතර , අවස්ථා කිහිපයක් තිබෙනවා .
- රෝග කාරකය බැක්ටිරියාවක් නම් (H.pylori) ඒ සඳහා ප්‍රතිජෛවක වර්ග
- ආමාශයේ පවතින දැඩි ආම්ලිකතාව පාලනයට , ප්‍රතිඅම්ල (Antacids)
- ආමාශයික යුෂයට එක්වන අම්ල ප්‍රමාණය අඩු කිරීමට යොදා ගන්න ප්‍රතිහිස්ටැමීන වර්ගයේ ඖෂධ (Antihistamines)
- ආමාශයික , අම්ල නිපදවීම අඩු කරනවන Proton Pump Inhibitors (PPI) ගණයෙ ඖෂධ
මෙයින් අන්තිමට කීව PPI ඖෂධ අද ලංකාවෙත් හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා.........prazole වගේ නම් සහිත විවිධ වෙළඳනාම සහිත PPI ඖෂධ අද ඕනම ඖෂධ වෙළඳ සැළක දකින්නට , වගේම පහසුවෙන් මිලට ගන්නටත් පුළුවන්.රෝග තත්ත්වය අනුව නියමිත කාළය තුල මෙම ඖෂධය ලබා ගැනීමේ වරදක් නැහැ . (සාමාන්‍යෙයන් එකවර සති දෙකකට වඩා මේ ඖෂධය නියම කරන්නෙ නැතත් , විශේෂ අවස්ථා වල සති 16ක් දක්වා වරින් වර පසු අගැයුම් සහිතව නියම කරන්නට පුළුවන් ) නමුත් ගැටළුව ඇත්තේ , දිගින් දිගටම බොහෝ කළක් තිස්සේ මෙම ඖෂධය භාවිතයට ගැනීම. මොනවා කළත් හැමදාමත් ගැස්ට්‍රයිටිස් තියෙන නිසා , හැමදාමත් ...........prazole පෙත්තෙන් ජීවත් වෙන්නට හුඟ දෙනෙක් උත්සාහ කරනවා , සමහරුන් වසර ගණනක් තිස්සේ පුරුද්දක් විදියට ගන්න තරමටම එය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා . නමුත් ,දිගින් දිගටම මෙම PPI කාණ්ඩයේ ඖෂධ ගැනීම ආපදා ගණනාවකට හේතු වෙන බව කළක් තිස්සේ පර්යේෂකයන් පැවසුවා , ඒ අතරේ
- දරුණූ නියුමෝනියා වැනි ශ්වශන ආබාධ ,
- ආහාර මාර්ගයේ ඇතිවන ආසාදන , උදරාබාධ (ඉතා අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි මට්ටමේ)
- අස්ථි දුර්වල වීම්
- විටමින් බී ඌණතා සහ ඒ ආශ්‍රිත රෝගාබාධ තිබුණා.
මේ අනුව ඔබත් බඩේ දැවිල්ලට , ගැස්ට්‍රයිටිස් වලට වෛද්‍ය අනුමැතියකින් තොරව .......prazole ඖෂධය දිගටම ගන්නවා නම් ටිකක් හිතන්න. සල්ලි දීලා තවත් ලෙඩක් ගන්නවාට වඩා ,රෝග තත්ත්වය පාළනයට ගත හැකි අනෙක් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වෛද්‍යවරයා සමඟින් කතා කරන්න, නිවැරදි ආහාර රටාව , මානසික සැහැල්ලු බව පවත්වා ගැනීම , ඔබට ගැස්ට්‍රයිටිස් වැඩි කරන ආහාර භාවිතය අඩු කිරීම වගේ උපක්‍රම ඔස්සේ ගැටළුවට විසඳුමක් ලබා ගන්නට උත්සාහ කරන්න. නැතොත් වෛද්‍ය උපදෙස් මත පමණක්ම මෙවන් ඖෂධ නිසි පරිදි පාවිච්චි කරමින් මෙ දැවිල්ලෙන් ගොඩ එන්නට උත්සාහ දරන්න. එය අදට වගේම ඔබෙ හෙට දවසටත් වැදගත් වේවි.
ඩිමෙන්ෂියා රෝගය යනු කුමක්දැයි දැන ගන්නට කැමති නම් මෙන්න ලිංක් එක http://www.nursinglk.com/2012/08/112.html
ගැස්ට්‍රයිටිස් ගැන විස්තර ඇතිව දැන ගන්නට මෙතැනින් පුළුවන් වේවි. http://www.nursinglk.com/2011/07/32.html
එසේ නම් වැලන්ටයින් උත්සව සහ ඊට පස්සේ තිබුණූ Family day වැඩසටහන් වගේම , පොඩ්ඩන්ට ඉස්කොළෙ නිවාඩු නිසා තිබෙන අවිවේකය අතරේ “පොඩි ලිපියකින්“ අදට සමුගන්න හිතනවා . හැකි ඉක්මණින් තවත් ලිපියක් එක කරන අපේකෂාවෙන් .
ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !
පසුව ලියමි : කළක් තිස්සේ සිංහල බ්ලොග් ලියූ මගේ දූවල දෙන්නත් ටික කළක් නතර වෙලා තිබුණු “පුංචි හිතට දැනෙන දේ“ බ්ලොග් පිටුව ආයෙත් ලියන්න පටන් අරගෙන . වෙලාවක් ඇතොත් ඒ පැත්තට ගිහින් පුංචි දිරි ගැන්වීමක් කරල එන්න පුළුවන් නම් ස්තුතියි ඔබට මෙන්න එතැනට යන ලිංක් එක http://www.cyberslk.net/