2016/02/01

192) සල්ලි දීලා ගෙන්න ගන්න - බෙහෙත් නැතිව මැරෙන්න වෙන MDR

 දිනය : අද 
ස්ථානය : රෝහල
හමුව : ඔබත් ඔබේ වෛද්‍යවරයාත්
හේතුව : රෝහල් ගතව සිටින ඔබේ දරුවා

“අද ආපු වාර්තා සියල්ලක් අනුව තහවුරු වෙනවා , ඔබේ දරුවාට තිබෙන්නෙ එක්තරා බැක්ටීරියා ආසාදනයක්  , නමුත් මෙතෙක් අප ලබා දුන් කිසිම ඖෂධයකට රෝග තත්ත්තවය අඩු නොවූ නිසා කළ වැඩි දුර පරික්ෂණ වලින් පසුව අපට දන්වලා තිබෙනවා මේ බැක්ටීරියාවට පහර දෙන්නට කිසිම  බෙහෙතක් නැති බව “

“ඒ කියන්නේ ?“

“ ඒ කියන්නෙ අපට මේ දරුවගේ රෝග තත්ත්වය සුව කරන්න නම් , ඇඟේ ඉන්න මෙම බැක්ටීරියාවන් විනාශ කරල දාන්න  ඕන , නමුත් අප ගාව තියෙන ප්‍රබලම ඇන්ටිබයෝටික් එක දුන්නත් , එයිනුත් මෙම බැක්ටීරියාව විනාශ කරන්න බැහැ , ඒ කියන්නේ  දරුවට මේ තියෙන රෝග තත්ත්වය සුව කිරීම ගැන බලාපොරොත්තු තබා ගන්න අමාරුයි “

“ඒ කියන්නෙ මේ කැස්ස , උණෙන් දරුවගේ ජීවිතේ වුනත් ....... ?“



“ ඔවු , දැනට තිබෙන ඉහළම ඖෂධ ලබා දුන්නත් බැක්ටීරියාව ඊට ඔරොත්තු දෙන නිසා , මොන බෙහෙත දුන්නත් , ලෙඩේ ටිකෙන් ටික වැඩිවෙනවා මිසක , සුව කිරීමක් බලාපොරොත්තු වන්නට බැහැ ‍, සමාවන්න  අපට කළ හැක්කේ අනෙක් අපහසුතා අඩු කරන්නට යමක් කරනවා පමණයි“ දෙබස අවසානයේ වෛද්‍යවරයා මෙලෙස කීවොත් පුදුමයට පත්වන්න එපා .

අද දවස වෙන කොට මේ බහු ඖෂධ ප්‍ර‍තිරෝධීතාව  Multi Drug Resistance කියන තත්ත්වය  ක්‍ර‍මයෙන් ඉහළ යන බව පෙනෙනනවා . මීට වසර පහකට පෙර අවසාන වරට සේවය කළ “ඒකලන ප්‍ර‍තිකාර ඒකකයේ “ Isolation Unit  සේවය කළ කාළය තුල මෙවන් අවාසනාවන්ත තත්ත්වය ගොදුරු වූ වන සෑහෙන ප්‍ර‍මාණයක් දකින්නට ලැබුණා.  නමුත් එය අප දකිනවාට වඩා , සිතනවාට වඩා ඉහළ මට්ටමක තිබෙන්න පුළුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවුවේ මීට වසර ගණනකට පෙර . ඒත් තවමත් අපේ රට මේ MDR තත්ත්වය ඇති වීම පාළනයට ප්‍ර‍මාණවත් පියවර ගෙන ඇත්දැයි සිතන්න බැහැ.

කෙසේ වෙතත් , නිසි දැනුවත් වීම  , ආරක්ෂක පියවර නොගත හොත් අනාගතයේ වැඩිම පිරිසක් මිය යා හැක්කේ AIDS , Cancer වලට වඩා මේ MDR තත්ත්වය තුලින් වන්නට වැඩි ඉඩක් තිබෙනවා , සමහර විටෙක බහු ඖෂධ ප්‍ර‍තිරෝධී බැක්ටීරියා රෝගයක් වසංගතයක් ලෙස පැතිරුණ හොත් , එය එක් රටක , මිනිස් වර්ගයාගේම නිමාව වන්නටත් බැරි වෙන එකක් නැහැ.

මේ අනතුර සහ එය වලක්වා ගන්නට ගත හැකි සරළ ක්‍රියාමාර්ග කිහිපයක් රූප සටහනක සටහන් කළේ , ඔබේ දැනුවත් වීමටත් , තවත් අයෙක් දැනුවත් කිරීමට බෙදා ගැනීමටත් .

මේ තත්ත්වය ගැන පෙර ලියූ සම්පුර්ණ ලිපි වලට යනවා නම් මෙන්න මග http://www.nursinglk.com/2011/06/5th-discussion.html


මුහුණුපොතේ බෙදා ගන්නවා නම් https://www.facebook.com/nursinglk/photos/a.237219116401276.50963.135512636571925/810076865782162/?type=3

පිංතූරය මත ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පූළුවන් වේවි