- වැඩිහිටියන්ට දක්වන බය ,
- නැත්නම් ගුරුවරයාට , පූජකයට දක්වන ගෞරවය ,
- ඥාතියාට මිතුරට දක්වන ලෙංගතු බව වගේම
- වෙච්ච දේ දෙමාපියන්ට කියන්නට ඇති බිය නිසාත් මෙවන් අතවර බහුලව සිදු වෙනවා.
මෙවන් ආපදා වලින් තම දරුවා රැක ගන්නට දෙමාපියන්ට ඇති වගකීම ඉහළයි . මේ ආරක්ෂාවට අදාල සියල්ල පොලිසියෙන් ඉස්කෝලෙන් වෙනකම් ඉන්න එපා . ගන්න ඔබේ දරුව ඔබ ළඟට කියා දෙන්න මේ ගැන , මෙවන් අපහසුතා වලින් රැකෙන්නෙ කොහොමද කියන එක. එය දෙමාපියන් විදියට ඔබේ වගකීම .
මේ මාතෘකාව පිළිබඳව Gavin de Becker නම් කතුවරයා ලියූ ලියූ Protecting the Gift ග්‍රන්ථයේ කරුණු සහ , මීට පෙර සොඳුරු සුව අසපුවේ සටහන් තැබූ 170 වන ලිපිය ( යට ඇඳුමේ කතාව) ඔස්සේ දෙමාපිය අප සැමට නැවත සිතිය යුතු , කතා කළ යුතු , ඔබේ දරුවාට කියා දිය යුුතු කරුණූ ටිකක් සාරාංශ කර jpg එකක සටහන් කළා. ආරාධනා කරමින් කැමැත්තෙක් කියවන්න , කැමැත්තෙක් බෙදා ගන්න , කැමැත්තෙක් තවත් කරුණු එක් කරන්නට.
සුව සතුට පිරි සති අන්තයක් ඔබ සැමට !
| පිංතූරය මත ක්ලික් කළාම පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි |
- සබැඳි ලිපියට මග http://www.nursinglk.com/2015/03/170-child-sex-abuse.html
