ඊයේ දවසේ මේ පළාතේ උශ්නත්වය , සෙල්සියස් සෘණ 43 දක්වා පහල ගියා . අවදානම් දිනයක් , නමුත් පුදුම ලස්සන දවසක් . වළාකුලක්වත් නැති අහසේ තද දීප්තියට පායල තිබුණු හිරු එළීය දකිත්දි ගෙට වෙලා ඉන්නෙ කෝමැයි . “අවදානම් සහිත“ දිනයක් ලෙස බලධාරින් විසින් නම් කරල තිබුණත් , මේ ඉරිදාව නිකං නාස්තිකරන්න බැහැ.පවුලේ කට්ටිය දාගෙන රිය පැදෙව්වා Hershel කියන පළාතට . ඩයිනෝසර්ල(Dolichorhynchops herschelensis) හිටි ප්‍රදේශයක් ලෙසින් හඳුනගෙන තිබෙන මේ කඳුවැටි මායිම හරිම ලස්සනයි. හැබැයි දරන්න බැරි සීතලයි . ලස්සනේ බැහැ ඒත් මෙහෙම ඉන්නයැ , බැස්ස කට්ටියම , වටේ ටිකක් ඇවිද්ද, කම්මුල් පිච්චෙන සීතලක් . විනාඩි දහයකට වඩා එළියේ ඉන්න නැතිව ඇති. ආයෙත් ඔක්කොමල නංවගෙන කඳු වටේ අරන් ගිහින් ගෙදර එත්දි හවස් වෙලා . ගෙදර ඇවිත් බලත්දි හැමෝගෙම කම්මුල් , තොල් පිච්චිලා .
![]() |
| එදා ඩයිනෝසර්ලගේ ගමේ අද |
මොකක්ද මේ “සීටී දීලා වගේ කියන්නෙ“ ? ඒ ගැන මෙහෙම කියන්නම්කෝ
| එදා මේ ආරක්ෂක උපක්‍රම තිබුනේ නැහැ |
මේ මොන දුක වින්දත් , ලංකාවේ රාජකාරි කළ , කාළය තුල වඩාත්ම සතුටින් සේවා කළේ මේ පිළිකා ඒකකයේමයි. එදා අපි හැමෝගෙම “මහ ගෙදර “ වෙලා තිබුණේ “පිළීකා ඒකකය“ .
මේ කතාබහ ඔස්සෙ අද ලියන්නට පෝස්ට් එකට මාතෘකාව දුන්නේ අර සීටී දීලා ඇවිත් කිරි දුන්නට පස්සේ , දරුවන්ගේ සිදුවුනු වෙනස්කම් අනුව යමින් කිරි දෙන අවස්ථාවේ සිටින මවක් තම දරුවාට කිරි ලබා නොදිය යුතු තත්ත්වයන් කිහිපයක් ගැන ටිකක් කතා කරන්නයි හිතුවේ .
මෙන්න මේ තත්ත්ව වලදී තම දරුවාට කිරි දෙන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි , මොනවද මේ අවස්ථාවන් ,
- මව පිළිකානාශක ඖෂධ ලබා ගන්නවා නම්
- සමහර පිළිකානාශක ඖෂධ මව්කිරි ඔස්සෙ දරුවා වෙත ගමන් කිරීමේ අවදානමක් පවතින නිසා කිරි ලබා නොදීම හෝ තාවකාළිකව නතර කළ යුතු වෙනවා.
- මව විකිරණ ප්‍රතිකාර ලබනවා නම් ,
- මේ තත්ත්වයක් තාවකාළිකව හෝ කිරි දීම නතර කළ යුතු අවස්ථාවක් ලෙසයි ගැනෙන්නේ.
- මව , ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගයෙන් පෙළෙනවා නම් ,
- මව ඒඩ්ස් තත්ත්වයෙන් හෝ HIV ආසාදිත තත්ත්වයෙන් සිටී නම් , දරුවාට මව්කිරි ලබා නොදෙන්නට කටයුතු කරන්නෙ නම් දරුවාට ආරක්ෂාවක්.
- මේ තත්ත්වය සඳහා අදාල ඖෂධ ගන්නා අවස්ථාව පවා කිරී දීමට නුසුදුසු අවස්ථාවක් බවයි හඳුනාගෙන ඇත්තේ .
- මව මෙවන් ඖෂධ ලබා ගන්නේ නම් ,
- මානසික රෝග සඳහා (උදාහරණයක් , ලිතියම් වැනි ඖෂධ)
- නිද්‍රාකාරක ඖෂධ
- ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව අඩංගු උපත්පාලන පෙති
- සමහර ප්‍රතිජෛවක ඖෂධ
- ප්‍රබල වේදනානාශක නිතරම ගන්නවා නම්
- තුවාල වලට යොදන අයඩීන් අඩංගු ඖෂධ දිගුකළක් භාවිත කරන
මේ කියු තත්ත්ව වල සිටින හෝ ඖෂධ ගන්නා මවක් , හිතුමනාපෙට දරුවාට “කිරි “ දුන්නොත් එය , දරුවාගේ ජීවිතයට අවදානමක් ලබාදීමක්ම වේවි. ඒ නිසාවෙන් මුලින් කීව වගේ , දරු පැටියට කිරි දෙන්නට ඉස්සර වෙලා , තමන්ගෙ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා , තමන් ගන්න බෙහෙත් ගැනත් , ලෙඩ රෝග ගැනත් කතා කරළා , දරුවාට කිරි දිය යුතු අවස්ථාවක සිටිනවා දැයි සැකහැර දැන ගන්න. මොකද “ආදරෙන් ලේ කිරි කරලා පැටියට පොවත්දි , ඒ එක්ක වස මුසු වනවා නම් “ ඒ අවදානම ඔබේම දරු පැටියගේ ජීවිතයටමයි. මේ ලිස්ට් එක විතරක් නොවෙයි , ඔබ කිරි දෙන මවක නම් ඔබ ගන්නා ඕනම ඖෂධයක් භාවිත කරන්නට පෙර උපදෙස් ලබා ගන්න එක වටිනවා .
හිතට දැනුන දේ ලියාගෙන ගියා මිසක , ලොකු පසු සැකසීමක් කරන්න ගියේ නැහැ . කෙනක්ට හිතෙන්න පුළුවන් මොනවද මේ ලියන්නෙ කියලා. නමුත් අපේ රටේ රජයේ සෞඛ්‍ය සේවය දිහා පිටින් බලත්දි දැනෙන දේට වඩා දුෂ්කරතා බොහොමයක් ඇතුලේ තියෙන බව හුඟදෙනෙක් දන්නෙ නැහැ.ඒ නොදැනෙන එක අංශයක් ගැනත් පොඩ්ඩක් ලියන්නට හිතුනා මේ ලිපි අතරේ , නමුත් තුන් වෙනි ලෝකයේ රටක් විදියට අපේ රටේ නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දීම ගැන පුදුම හිිතෙන්නෙ , දියුණූ රටවල ලබා දෙන සේවාවත් එක්ක සැසඳුවාමයි.
නැවත ලිපියකින් හමුවනු තුරු සුව සතුට රැදේවා ඔබ ගත සිත !
