එහෙම නම්, සති දොළහක් තිස්සේ ගෙනා DBT Skills ගැන කතාබහ මෙතැනින් නිමාවෙනවා. මේ ලිපි එකොළහ ඔස්සේ කතා කළේ DBT තුල වැදගත්, නමුත් මූලික සංකල්පයක් වන ඉනර් ක්‍රිටික් සහ ඒ ඔස්සේ සිදුවන හැසිරීම ගැන.
ඔබ, යම් චිකිත්සීය ක්‍රමයක් ගැන අධ්‍යාපනය ලබන්නට කැමති අයෙක් හෝ ඔබ කැනඩාවේ හෝ වෙනත් රටක සෞඛ්‍යය වෘත්තිකයෙක් නම්, ඔබේ වාර්ෂික Continuing Professional Development වගේ අවශ්‍යතාවයක් සඳහා තෝරා ගැනීම සඳහා හොඳ "තෝරා ගැනීමක්" වේවි Dialectical Behavior Therapy හෝ එහි ඒකකයන්.
ඔබ මේ චිකිත්සීය ක්‍රමය ගැන කියවා ඉගෙන ගන්නට , අත්විඳිමින් රස විඳින්නට කැමති අයෙක් නම්, ඒ සඳහා පොත් ගණනාවක් ඔන්ලයින් හෝ හාඩ් කොපි විදියට ලබා ගන්නට පුළුවන්. එහෙම පොතක් තෝරා ගන්නවා නම් Marsha Linehanගේ පොතකින් බොහෝ දේ ප්‍රායෝගිකව සහ රසවත්ව ලබා ගන්නට පුළුවන්.
මේ ක්‍රම දෙකම නැතිව ඔබේ දැනුමට, ජීවිතයට එකතු කරගැනීමට DBT ගැන ස්වයං අධ්‍යයනයක් කරන්නට කැමති අයෙක් නම් ඒ සඳහා උදව් කරගත හැකි වෙබ් අඩවියක් මේ https://dialecticalbehaviortherapy.com/ . මේ තුල ගෙවීම් කිරීමකින් තොරව, අධ්‍යයන කළ හැකි බොහෝ චිකිත්සීය ක්‍රම තිබෙනවා.
එහෙම නම්, DBT skills ගැන යම් අදහසක්වත් ඔබට දෙන්නට පුළුවන් වුනායැයි මට සතුටක් දැනෙනවා. ඔබ යමක් ගත්තා නම්, ඔබේ ජීවිතයට යමක් එක් කරගත්තා නම් ඒ සතුට තවත් වැඩිවේවි.
එහෙම නම්, ඔබේ සිත් සුව වේවා!!