අද කතාවත් “හදවත“ ගැන . මේ දවස් වල වැඩියෙන්ම කතාවන , වැඩියෙන්ම “විකිණෙන“ දෙයක් නොවැ මේක. ඉතින් ඒ නිසාම මමත් අද පෝස්ට් එකට “හදවත“ම මාතෘකා කරගත්ත. ඒ වගේම ඔබ දන්නව “සොඳුරු සුව අසපුවෙන්“ වැඩි පුර දකින්නට ලැබෙන්නෙ ලෙඩ රෝග , බෙහෙත් හේත් ගැන කියලා . ඉතින් ඒ සම්මතය නොබිඳම අද අපි කතා කරන්න හදනවා තවත් එක් හදවත් රෝග තත්ත්වයක් ගැන . ඒ තමයි Left Ventricular Hypertrophy කියන තත්ත්වය . මේ ලොකු කතාවට එන්නට ඉස්සර අප පොඩ්ඩක් හෘදයේ ක්‍රියාකාරීත්වය මතක් කරගනිමුද ?