ඩිමෙන්ෂියාව ඔබේ පවුලේ වැඩිහිටියන්ට පමණක්ද?
ඩිමෙන්ෂියාව කියන්නේ, ඔබේ අත්තම්මා, සීයාට විතරක් හැදුනු හෝ ඇති කියන හිතන තත්ත්වයක් කියලම හිතන්න එපා.
අපේ රට හුඟක් වයසට යන රටවල් අතර ඉහළින් ඉන්න තැනක්. ඒ කිව්වේ, වියපත් ජනගහණය ඉක්මණින්ම වැඩිවන රටක්.
2050 වෙත්දි සිදුවෙන්නේ කුමක්ද?
2050 වෙත්දි, දළ වශයෙන් සිරි ලාංකිකයන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 සීමාව පැනපු අය වේවි.
ඒ කියන්නේ, ඩිමෙන්ෂියාව ගැන කතා කරත්දි අවදානම් වයස් සීමාවක්.
දැන් මේ කියන තුන් දෙනාගෙන් එක් අයෙක් අතර ඔබ නොසිටීවි යැයි කියන්න පුළුවන් කාටද?
අනාගතයේ බෙහෙතක් තිබේවිද?
දැන් කෙනෙක් කියන්න පුළුවන්,
"අපෝ ඒ වෙත්දි ඩිමෙන්ෂීයාවට බෙහෙතක් හදාගෙන තියේවි"
කියල.
ඔව්, සමහර විට.
නමුත්, එතැනදීත් "සම්පුර්ණ සුව" කියන වචනයට වඩා ලක්ෂණ අඩු කිරීම හෝ ඩිමෙන්ෂියාව ඇති වීම පමා කරගැනීමට උදව් වන කියන පැහැදිලි කිරීම සහිත ඖෂධ අනාගතයේ නිශ්පාදනය වෙන්නට පුළුවන්.
බෙහෙතක් තිබුණත්, එය අපට ලැබේවිද?
ඒත්, එහෙම නිශ්පාදනය වුනත්, වෙළඳපලට ආවත්, මේ පර්යේෂණ පසුපස සමහර ඖෂධ සමාගම හඹායන ආකාරය දැක්කාම, එහෙම බෙහෙතක් හැදුනත් අපේ මිනිසුන්ට දරා ගන්න පුළුවන් මිලකට එය ලැබේදැයි සැක හිතෙන තරම්.
අද ගන්න පියවර, හෙට වෙනුවෙන් කරන ආයෝජනයක්
ඒ නිසා, තවමත් නැති බෙහෙතක් ගැන හිතමින් ඉන්නවාට වඩා, ඩිමෙන්ෂියාව වලක්වා ගැනීම හෝ ප්‍රමාද කරගැනීම සඳහා කළ හැකි දේ, ගත හැකි පියවර අදම ගන්නේ නම් එය ඔබේම හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.
දැනුවත් වෙන්න
ඒ පියවර සහ තවත් තොරතුරු "ඩිමෙන්ෂියා සුව අසපුව" තුල තිබෙනවා.
ඇවිත් කියවන්න, දැනුවත් වෙන්න. ඒ තමයි ඔබ වෙනුවෙන් කළ හැකි සරළ සහ වැදගත් ආයෝජනයක්. ඩිමෙන්ෂියා සුව අසපුව
අවදානම හඳුනාගන්න
අවදානම හදුනාගන්න වගේම තවත් තොරතුරු සඳහා මෙන්ටියෝ ඇප් එකට එන්න මෙතැනින්. Mentio