Showing posts with label ඩිමෙන්ෂියා සත්කාරය. Show all posts
Showing posts with label ඩිමෙන්ෂියා සත්කාරය. Show all posts

2026/08/30

බිඳුනු වැඩිහිටියෙක් තනන, ගුරු-දෙගුරු සුළු වැරදි

මුලින්ම කියන්න ඕන කරුණූ දෙකක් තිබෙනවා. එකක්,මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් "අනේ අම්ම, තාත්තට ගුරුවරුන්ට මෙහෙම කියනවද" කියල හදවතට දැනෙන කම්පණයෙන් දුක හිතෙන අයත් මේ කියවන ඔබ අතර ඉන්න පුළුවන්. නමුත්, මේ ලියවෙන කරුණ ගැන සමබරව හිතාබලමින් , නැවත මාතෘකාවට හැරි බලන්නැයි ඒ අයට ආරාධනා කරනවා. එලෙසම, කළකට පෙර එක් කළ, "විසකුරු දෙමාපියෝ" ලිපියේ ලියවුනු සමහර කරුණූත් මේ ලිපිය තුල තිබෙන්නට පුළුවන්.

මේ ලිපිය ලියන්නට ප්රධානම හේතුව වුනේ, සිත් සුව අරණ තුල වගේම අපේ සමාජය තුල බහුලව දකින වැඩිහිටි ගැටළු බොහොමයක හේතු බීජය ඇත්තේ, එම පුද්ගලයා කාළයකට පෙර, එහෙම නැත්නම් ළදරු, ළමා හෝ යොවුන් වියේදි මුහුණදුන් මානසික කම්පණයන්ගේ (childhood trauma) බලපෑම් බව හදුනාගන්නට හැකි නිසා සහ එම හදුනාගැනීම් ගැන අද දවසේ වැඩි විමසීමක් කරන නිසාවෙන්.

අවිශ්වාසයන්, පවුල් තුල ඇති ගැටළු, අභියෝග වලට මුහුණදෙන ආකාරයන්, සමාජය ඉදිරියේ මුහුණදෙන පෞරුෂමය ගැටළු, වගේම සමහර කාළීන සෞඛ්යය ගැටළු වලටත් අදාල කාළය තුල මුහුණදුන්, විඳි මානසික පීඩාවන් සහ ඒ ඔස්සේ ඇතිවී, මනස තුල තැන්පත් වී ඇති ළමා හෝ යොවුන් කාළයේ විඳි මානසික කම්පණයන් හේතු වන බව මේ ඔස්සේ යමින් හදුනාගනිමින් තිබෙනවා.

මේ කරුණූ පදනම්ව ළමා කාළයේ සිදුවන මානසික කම්පණයන් (childhood trauma) පිළිබඳ කෙටි සටහන් කිහිපයක් එකතු කරමින් යම් කතාබහක් ආරම්භ කරන්නට උත්සාහ කරන අතරේ, ඒ වෙනුවෙන් මූලික වන මෙම ලිපිය එකතු කරන්නේ, දෙමාපිය, ගුරුවර, වගේම වෙන්ට දෙමාපිය , වෙන්ට ගුරුවරු සහ ළමා , යොවුන් , වැඩිහිටි ඔබ වෙනුවෙන්මයි. මේ සටහන කියවා එක් අයෙක් "(trauma) මානසික කම්පණය සහ එහි බලපෑම් සිතන්නට" පෙළඹේද, එයයි මගේ සතුට.

කතාව පටන් ගනිත්දිම කියන්න ඕන, ඔබ වගේම මාත් පොදුවේ පිළිගන්නා කරුණක් තමයි දෙමාපියන්, ගුරුවරුන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තම දරුවන්ගේ, තම සිසුන්ගේ යහපත. (පොදු අදහස) නමුත්, ඒ ආදරය තුල කරන , හෝ කෙරෙන සමහර සිදුවීම්, දරුවාගේ මනස තුල "තුවාලයක්" ඇති කරන trauma එකක් ඇති කරන්නට සහ එය මනස තුල රැඳී පවතිමින්, දරුවාගේ පමණක් නොව, එම දරුවා වැඩිහිටියෙක් වනදා, එම වැඩිහිටි ජීවිතයටද බලපෑමක් කරන්නට පුළුවන් .

දැන් කෙනෙක් කියන්න පුළුවන්

"අපේ අපි කොයිතරම් නම් ගුටි කාළ තියෙනවද" ,

එහෙම නැත්නම්

"ඕව දරුවන්ට අමතක වෙනවා"

කියල ඔබ තමයි මේ ලිපිය හුඟක් විමසිල්ලෙන් කියවන්නටම ඕන. හේතුව මේකයි, සමහර විට එදා කෑ ගුටි වගේම, ඒ තුල දැනුනු ලැජ්ජාව, මුදා හැරිය නොහැකි වූ ආවේගය නිසා වූ මානසික කම්පණයේ බලපෑම , අද වැඩිහිටියෙක් වුනත් තවමත් හොල්මන් කරනවා ඇති. අනෙක, මේ ඇතිවන තුවාල "අමතක" වෙලා යන්නේ නැහැ, මනසේ පතුලේ කිඳා, රැඳී පවතිනවා. ඒ හැඟීමත් එක්ක ඇතිවුනු "වේදනා+සිදුවීම" හැංගිලා වද දෙනවා. ඒ නිසාමයි මෙම මානසික කම්පණයන් “hidden wounds.” ලෙසත් හදුන්වන්නේ.

අනෙක, දරුවෙක් තුල මෙවන් මානසික කම්පණයන් ඇති වෙන්නට පුළුවන්, දරුවට පහරක් ගැසූ අවස්ථාවේ, එහෙම නැත්නම් ටිකක් සැරට බැන්න අවස්ථාවක පමණක්ම නොවෙන්න පුළුවන්. සමහර විට දරුවෙක්ට හිතේ දැනුනු දුකට , තමන්ගේ අම්ම, තාත්ත සංවේදී නොවුනු අවස්ථාවක්, ජීවිතේම විඳවන වේදනාත්මක කම්පණයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා, වැදුනු පාරට වඩා, දරුවාගේ හිතට "දැනුනු බර" තමයි සැඟවුනු තුවාලය ඇති කරන්නේ.

මෙවන් අවස්ථා කිහිපයක් ගැන වර්ග කිරීමක් සහිත සටහන්, පහුගිය සති කිහිපය තුල සතියකට එක බැගින් "සිත් සුව අරණ" වෙත එක් කළත්, ඒවායෙන් යමක් ගන්නේ කීදෙනාද කියල හිතුණ අවස්ථා නැතිවාම නොවේ. ඒත් , මේ මාසයේ ආරම්භ කළ තේමාව නිමා කරන්නත් එක්ක මේ ලිපිය ලියන්නේ, කැමති අයෙක්ට කියවා, යමක් ගන්නටත්, කැමති නම් යමක් එකතු කරන්නටත් ආරාධනා කරමින්.

කතාව පහසුවෙන් ගෙනියන්නට උදව්වක් විදියට, පෙර කී විදියට, දරුවෙක් මුහුණදෙන, "මානසික කම්පණයක්" විය හැකි සිදුවීම් කිහිපයක් ගෙන ඒ ඔස්සේ යමක් ලියන්නටයි සැලසුම. එහෙම නම්, එන්න කතා කරන්න.

1) දරුවාගේ හැඟිම් නොසලකා හැරීම

හිතන්න, ඔබේ දරුවා කුමක් හෝ සිදුවීමක් නිසා හඬන්නට පටන් ගන්නවා. සමහර විට ඔබ අවිවේකයෙන්, එහෙම නැත්නම් වෙනත් කටයුත්තක යෙදෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මේ ඇඬිල්ල "මහ කරදරයක්" කරගන්න ඔබ කිව්වොත් "නවත්ත ගන්නවා ඔබ ඇඬිල්ල" "ඕක අඬන්න දෙයක්ද" එහෙමත් නැත්නම් "ඔයා කොල්ලෙක් නේද ඔහොමත් අඬනවද" වගේ වචන කිහිපයක්, සමහර විට ඒ ඇති දරුවා තුල මානසික කම්පණ තුවාලයක් ඇතිවන්නට "අම්ම (තාත්ත) මගේ දුක දැක්කෙ නෑ," එහෙම නැත්නම් "මගේ දුක අඩු කරගන්න ආදරේ වෙනුවට අම්ම (තාත්ත) දුන්නේ මගේ හිත රිද්දන, මාව ලැජ්ජාවට පත් කරන දෙයක්" කියන හැඟීමෙන්. මේ තුවාල එක්ක වැඩිහිටියෙක් වෙත්දි ඔබේ දරුවා , තමන්ගේ හැඟීම් නිසි ලෙස මුදා හරින්නට විශ්වාසයක් නැති අයෙක් බවට පත් වෙලා, හැඟීම් හිරකරගෙන ඉඳලා, චිත්තවේග "පුපුරායන" අවස්ථාවන්ට පත් වෙන්නටත් පුළුවන්.

2) දරුවාගේ වැරදිම දැකීම

දරුවා කරන කටයුතු අතර , වැඩිපුරම දකින්නේ, සහ දරුවාට පෙන්වන්නේ "වැරදිම" නම් , තවත් විදියකින් කිව්වොත්, දරුවා කරන හොඳක් , ජයග්රහණයක් දරුවාට දැනෙන්නට නොදීමත් නිසා ඇතිවන "සැඟවුනු තුවාල" , මේ දරුවා වැඩිහිටියෙක් වනදා, තමන්ගේ වටිනාකම් නොහදුනන, හැමවෙලාවෙම තමන් වැරදි කළා හෝ ගත් තීරණ වැරදි ලෙස විඳවන, ඒ නිසාම ජීවිතේ අභියෝග බාර ගැනීමට බියක් දක්වන තරුණයෙක්, වැඩිහිටියෙක් බවට පත් වෙන්නට ඉඩක් තිබෙනවා.

3) නිරන්තර සැසඳීමට ලක් කිරීම

දරුවා, තම සහෝදර-සහෝදරියන්, එහෙම නැත්නම් පාසලේ අනෙක් මිතුරන් සමඟ සැසඳීමට ලක් කිරීම තුල දරුවාට දැනෙන පීඩාව , මනස තුල ඇති කරන "සැඟවුනු තුවාලය" , අනාගතයේ ඊර්ෂ්යාව සහ හීනමානය සහිත වැඩිහිටියෙක් නිර්මාණය කරන්නට හේතුවන්නට පුළුවන්. ඒ වගේම, තමන් කුඩා කාළයේ විඳි වේදනාවන්, අද වැඩිහිටියෙක් ලෙස පවත්වා ගත යුතු මිනිස් සම්බන්ධතා, බැඳීම් , විශ්වාසය පවත්වා ගැනීම් වෙත හානිකර ලෙස බලපෑමෙන්, එම පුද්ගලයා සමාජය තුල නැවතත් පීඩාවකට ලක්වෙන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

4) හානිකර ආකාරයේ දැඩි "විනය"

දරුවා "හොඳින් හදා ගැනීමට" හෝ දරුවාගේ "වැරදි හදා ගැනීමට" තවත් විදියකින් කිව්වොත් දරුවාගේ විනය හදාගැනීමට ( ලෙස සිතමින්) දරුවාට පහර දීම, බැන වැදීම්, පිරිස ඉදිරියේ දරුවා ලැජ්ජාවට පත් කිරීම් නිසාවෙන් ඇතිවන මානසික තුවාල සමඟ ජීවත්වන, ඒ ඔස්සේ වැඩිහිටියෙක් වන පුද්ගලයා සමාජය ඉදිරියේ නිරන්තර අසාමාන්ය බියකින්, අවිශ්වාසයකින් සිටීමට පෙළඹිය හැකි අතර, ඒ නිසාම පවුල , රැකියාව තුල ගැටුම් ඇති කරගනිමින්, තමන්ගේ ආක්රමණශීලී බව මතු කරමින් ගැටුම් වලට පත්වීමටත් ඒ නිසාම සමාජීය ලෙස කොන්වී, වෙන්ව ජීවත්වීමට පෙළඹීමටත් ඉඩක් තිබෙනවා.

5) ආදරය , දැනෙන්නට නොදීම

දරුවෙක් අම්ම තාත්තගේ ආදරය කෑදරයි. ඒ ආදරය ලැබිම දරුවා තුල මානසික සතුටක් වගේම මානසික ශක්තියක් ලබා දෙන අතරේ, එසේ "ආදරය අපේක්ෂා කරන" දරුවාට , නිසි අවස්ථාවේ දෙමාපිය-ගුරු වෙතින් නිසි ආදරය "දැනෙන්නට නොලැබීම" නිසා එම වේදනාත්මක මානසික කම්පණයන් සමඟ වැඩිහිටියෙක් වන පුද්ගලයා, තම සමාජ ජීවිතය තුල පවත්වා ගත යුතු බැඳීම් සහ ඒ තුල තිබිය යුතු විශ්වාසයන් පවත්වා ගැනීමට අපහසු, ආදරය සුහද බව තවත් අයෙකුට ලබා දීමට නොදන්නා හෝ එසේ "දැනෙන්නට දීමට" අපහසු අයෙක් වන්නට පුළුවන්.

6) අනපේක්ෂිත ප්රතිචාර

දෙමාපිය හෝ ගුරවරයා වරින්වර , දරුවා අනපේක්ෂිත (හෝ දරුවාට වටහා ගත නොහැකි) චිත්තවේග ප්රතිචාර දැක්වීම, උදාහරණයක් මොහොතකට පෙර දරුවාට ආදරයෙන් කතා කරන කෙනා, තවත් මොහොතකින් "කිසිදු හේතුවක්" නැතිව දරුවා වෙත කඩා පණිමින් බැන වදිනවා නම් , මේ තුල ඇතිවන මානසික කම්පණය, දරුවා වැඩිහිටියෙක් වනදා , නිරන්තර කාංසා සහගත තත්ත්වය (හේතුවක් නොමැති බියකින් පිරුණූ හිතක් ඇති) , හැම සමාජ බැඳීමකදීම, කටයුත්තකදීම "අති පරිස්සම්" ලෙස කටයුතු කරන, සමාජ බැඳීම් තුල හමුවන අනෙක් අය නිරන්තර සැකයට භාජනය කරන, ඒ නිසාම වැඩිහිටි සමාජ ජීවිතය තුල විඳවන අයෙක් වන්නට පුළුවන්.

7) අධික අපේක්ෂාවන් දරුවා වෙත පැටවීම.

කිසිදු අතපසුවීමකට, වැරදීමකට, ලකුණූ අඩුවීමකට අවස්ථාවක් නොතබා, හැම විටම ඉහළම, හොඳම දේ ලබා ගන්නට "බල කිරීමකට" ලක්වන දරුවා වැඩිහිටියෙක් වෙත්දී, වැඩිහිටි ජීවිතය, සමාජ ජීවිතය, රැකියා තුලද "හොඳම, ඉහළම" යන හැඟීමට කෑදර වීම නිසාවෙන්, වැරදි වලට මුහුණ දීමට බිය, තමන්ගේ අඩුපාඩුවක් වෙනත් අයෙක් වෙතින් ඇසීමට බිය, හැම දේම "අති පරිපූර්ණ perfectionism) තත්ත්වයෙන් කරන්නට උත්සාහ කරන , ඒ නිසාම නිරන්තර මානසික පීඩනය, ආතතිතයට පත්ව ජීවත්වන අයෙක් ලෙස සමාජගත වන්නටත්, මේ හේතුව නිසාම කාළීන කායික සහ මානසික රෝග, පීඩා වලට ගොදුරු වන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

8) වරද නොහදුනාගැනීමේ බර

දෙමාපිය, ගුරු , වැඩිහිටි අප අතිනුත් සමහර අවස්ථා වල වැරදි වෙන්නට පුළුවන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව වන මෙවන් වැරදීමකදි, එය දරුවාට අදාල වන තැන , තමන්ට වැරදුනු බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නට නොපෙළඹෙමින්, තමන්ගේ වැඩිහිටිකම ඔස්සේ සිදුවුනු වරද සඟවා , එසේ නොවුනා සේ සිටින බව දරුවාට දැනීම නිසා ඇතිවන වේදනාව, මානසික කම්පණයක් වන්නට පුළුවන්. "තාත්ත කළ දේ වැරදියි, ඒත් තාත්ත ඒ වෙනුවෙන් සමාව ගන්නවා වෙනුවට ...." ලෙස හිතට හැඟීමක් එක් කරගනිමින් වැඩිහිටියෙක් වන මේ දරුවා, සමාජය තුල දී තම වගවීම්, වගකීම් නොගන්නා, හෝ වැරදීම් බාර බාර ගෙන , නිවැරදි වීමට උත්සාහ කරනවා වෙනුවට , වැරදීම් නිසා අසාමාන්ය ලෙස පීඩාවට පත්වන අයෙක් වන්නට පුළුවන්.

9) දරුවා "නොදැකීම"

මේ කියන්නේ, තම දරුවා, එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්යයා තුල ඇති හැඟීම්, වටිනාකම් ගැන දෙමාපිය හෝ ගුරුවරයා කිසිදු හදුනාගැනීමක් නොකරයි නම්, තවත් විදියකින් කිව්වොත් "දරුවා නොදකී" නම් ඒ "තමාව නොදැකීම" (මේ කියන්නේ ඇසින් නොදැකීමම පමණක් නොවේ) නිසාවෙන් දුකට, වේදනාවට පත්වන, එයම සැඟවුනු තුවාලයක් ලෙස මනස තුල තැන්පත් කරගන්නා දරුවා, වැඩිහිටියෙක් වනදා, අධිෂ්ඨානනය බිඳුනු, තමන් වටා ඉන්නා හැමෝම සතුටු කරවන්නටම පෙළඹෙන, තමන්ගේ සීමාවන් ගැන අවධානයක් නැති අයෙක් ලෙස සමාජය තුල රැදෙන්නටත් ඒ නිසාම පීඩාවට පත්වන්නටත් පුළුවන්.

10) අධි ආරක්ෂාව ලබා දීම

තම දරුවාට කිසිදු "හානියක්" , අපහසුතාවයක් ඇති නොවීමට යැයි සිතමින් "දැඩි" රැකවරණයක් ලබා දීමට කටයුතු කිරීම තුල , දරුවාගේ ස්වාධීත්වය ගොඩනගා ගැනීමට බාධාවක් වන අතර, ඒ "අධි රැකවරණය" තුල වැඩිහිටියෙක් වනදා, තමන්ගේ හැකියාවන් ගැන නිසි අවබෝධයක් නැති, තවත් අවස්ථාවක තමන් ගැන පවා විශ්වාසයක් නැති , වැඩිහිටි සමාජ ජීවිතය තුල "ගත යුතු අභියෝග" පවා බාර ගැනීමට බියවන වැඩිහිටියෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ කියාගෙන ගියේ, දරුවෙක් තුල හානිකර ලෙස මානසික කම්පණයක් ඇති කළ හැකි, ඒ ඔස්සේ සැඟවුනු තුවාල මනස තුල ඇති කරමින් අනාගත වැඩිහිටියා වෙත බලපැමක් කළ හැකි , ගුරු-දෙගුරු අප අතින් විය හැකි යම් සිදුවීම් කිහිපයක්. ඇත්ත, අප කවුරුවත් "සර්ව සම්පුර්ණ" නැහැ. අප අතින් අඩුපාඩු , වැරදි, සමහර විට නොසිතා සිදුවන්නට පුළුවන් වගේම, තවත් අවස්ථාවක, සිතා සැලසුම් කර, දරුවාගේ යහපත වෙනුවෙන් යැයි සිතා අප ගන්නා ක්රියාමාර්ග දරුවාගේ මනස තුවාල කරන්නත් පුළුවන්. ඒ නිසා, මේ childhood trauma සහ ඒවායේ අනාගත බලපෑම් ගැන යම් දැනුවත් බවක් ලබා ගැනීම, ඔබ, අපට වගේම, අපේ දරුවන්ගේ අනාගතයටද සුබදායී කරගන්නට පුළුවන් බව මතක් කරමින් ලිපිය නිමා කරනවා. මතක තබා ගත යුතුම දේ, මේ කතා කළ සහ මෙතැන නොලී තවත් සිදුවීම් ඇති දරුවාගේ මනස තුල "සැඟවුනු තුවාල" ඇති කරමින් ඔවුන්ට childhood trauma ඇති කරන. මේවා සැඟවුනු තුවාල, ඒ නිසා ඒ මොහාතේම, එහෙම නැත්නම් ටික දවසකින් එළියට එන හෝ දරුවාට අමතක වෙලා යන දේ නොව, දරුවාගේ අනාගතයට බලපෑම් කරන්නට පුළුවන්, දරුවාගේ මනස තුල සැඟවී තිබෙන තුවාල බව වටහා ගැනීමයි වැදගත්.

එහෙම නම් childhood trauma ගැන ඔබේ අදහස්, අත්දැකීම් එකතු කරන්නට කොමෙන්ට් තීරුව විවෘතව තබමින් ලිපිය නිමා කරනවා. trauma සහ ඩිමෙන්ෂියා තත්ත්වන් පිළිබඳව, වෘත්තීමය කටයුතු වෙනුවෙන් කළ අධ්යයනය කිහිපයක කරුණූ ඔස්සේ, සහ කැනඩානු මනෝ විද්යාඥයකු වන Dr. Gabor Maté ගේ The Myth of Normal: Trauma, Illness, and Healing in a Toxic Culture නම් ඇබ්බැහිවන සුළු පොතේ සමහර කරුණුද එක් කර මේ ලිපිය ලියූවේ.

2026/08/19

2050දි, තුනෙන් එකෙන් ගැලවෙන්නට

ඩිමෙන්ෂියාව ඔබේ පවුලේ වැඩිහිටියන්ට පමණක්ද?

ඩිමෙන්ෂියාව කියන්නේ, ඔබේ අත්තම්මා, සීයාට විතරක් හැදුනු හෝ ඇති කියන හිතන තත්ත්වයක් කියලම හිතන්න එපා.

අපේ රට හුඟක් වයසට යන රටවල් අතර ඉහළින් ඉන්න තැනක්. ඒ කිව්වේ, වියපත් ජනගහණය ඉක්මණින්ම වැඩිවන රටක්.

2050 වෙත්දි සිදුවෙන්නේ කුමක්ද?

2050 වෙත්දි, දළ වශයෙන් සිරි ලාංකිකයන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 සීමාව පැනපු අය වේවි.

ඒ කියන්නේ, ඩිමෙන්ෂියාව ගැන කතා කරත්දි අවදානම් වයස් සීමාවක්.

දැන් මේ කියන තුන් දෙනාගෙන් එක් අයෙක් අතර ඔබ නොසිටීවි යැයි කියන්න පුළුවන් කාටද?

අනාගතයේ බෙහෙතක් තිබේවිද?

දැන් කෙනෙක් කියන්න පුළුවන්,

"අ‍පෝ ඒ වෙත්දි ඩිමෙන්ෂීයාවට බෙහෙතක් හදාගෙන තියේවි"

කියල.

ඔව්, සමහර විට.

නමුත්, එතැනදීත් "සම්පුර්ණ සුව" කියන වචනයට වඩා ලක්ෂණ අඩු කිරීම හෝ ඩිමෙන්ෂියාව ඇති වීම පමා කරගැනීමට උදව් වන කියන පැහැදිලි කිරීම සහිත ඖෂධ අනාගතයේ නිශ්පාදනය වෙන්නට පුළුවන්.

බෙහෙතක් තිබුණත්, එය අපට ලැබේවිද?

ඒත්, එහෙම නිශ්පාදනය වුනත්, වෙළඳපලට ආවත්, මේ පර්යේෂණ පසුපස සමහර ඖෂධ සමාගම හඹායන ආකාරය දැක්කාම, එහෙම බෙහෙතක් හැදුනත් අපේ මිනිසුන්ට දරා ගන්න පුළුවන් මිලකට එය ලැබේදැයි සැක හිතෙන තරම්.

අද ගන්න පියවර, හෙට වෙනුවෙන් කරන ආයෝජනයක්

ඒ නිසා, තවමත් නැති බෙහෙතක් ගැන හිතමින් ඉන්නවාට වඩා, ඩිමෙන්ෂියාව වලක්වා ගැනීම හෝ ප්‍රමාද කරගැනීම සඳහා කළ හැකි දේ, ගත හැකි පියවර අදම ගන්නේ නම් එය ඔබේම හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.

දැනුවත් වෙන්න

ඒ පියවර සහ තවත් තොරතුරු "ඩිමෙන්ෂියා සුව අසපුව" තුල තිබෙනවා.

ඇවිත් කියවන්න, දැනුවත් වෙන්න. ඒ තමයි ඔබ වෙනුවෙන් කළ හැකි සරළ සහ වැදගත් ආයෝජනයක්. ඩිමෙන්ෂියා සුව අසපුව

අවදානම හඳුනාගන්න

අවදානම හදුනාගන්න වගේම තවත් තොරතුරු සඳහා මෙන්ටියෝ ඇප් එකට එන්න මෙතැනින්. Mentio

2026/07/25

මොළය රැක ගන්න💔

අද World Brain Day , මේකට සිංහලෙන් “ලෝක මොළ දිනය” කියල ලියන්න හිතුනේ නෑ. දවසේ නම කුමක් වෙතත්, අද හොඳ දවසක්, අපේ “මොළ සෞඛ්‍යය” ගැන (අනේ මන්දා එහෙම Brain health කියල ලිව්වම ඊට වඩා පැහැදිලියිද මන්දා) කතා කරන්නට.

ඒ නිසා, අද මේ World Brain Day එකේදී, අපේ මොළයේ සුරක්ෂාව, සෞඛ්‍යයමත් තත්ත්වයක් පවත්වා ගන්නට කළ යුතු , කළ හැකි දේ මොනවාද කියල කෙටියෙන් කතා කරමු.

💜හොඳට කන බොන මොළය

මොළය කියන්නේ, අපේ ඇගේ තියෙන අයවය වලින් වැඩියෙන්ම කන බොන කෙනා. දේහයේ බරත් එක්ක බැලුවොත්, ඉන් 2%ක විතර බරක් තියෙන මේ පුංචි මොලේට , දේහයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%ක් විතර සහ ග්ලුකොස් ප්‍රමාණයෙන් 20%-25%ක් විතර ඕන කරනවා. ඒ නිසාමයි කිව්වේ මේක “හොඳට කන බොන මොළය” කියල. ඉතින් මොළයට මේ විදියට හොඳට කන්න බොන්න නම්, මුලින්ම හෘදය , පෙනහළු, වගේම අක්මාව වගේ ඉන්ද්‍රිය වල ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමක තියෙන්න ඕන, ඒ විතරක්ම නොවෙයි ඒ තැන් වලින් ගේන කෑම බීම මොළය පුරා බෙදා හරින , බෙදාහැරීම් ජාලයක් තියෙනවා, බොහොම සංකීර්ණ වගේම ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන. ඒ තමයි , මොළය පුරා විහිදී පැතිරී තියෙන රුධීර වාහිනී, විශේෂයෙන්ම ක්ෂුද්‍ර නාලිකා ලෙස හදුන්වන ඉතා කුඩා, තුනී රුධිර වාහිනී ජාලය. ඒ ඔස්සේ තමයි කෑම බීම මොළයේ සෛල වලට ලං වෙන්නේ. ඒ නිසා, හෘදය, පෙනහළු සහ අනෙක් ජීව ඉන්ද්‍රියයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම වගේම, මොළයට වඩාත් සුවිශේෂීව, මොළයේ සෛල එක්ක ලංව ගනුදෙනු කරන මේ ක්ෂුද්‍රනාලිකා වල සෞඛ්‍යමත්බව (microvascular health ) පවත්වා ගැනීම , මොළයේ යහපත් සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් අපට කරන්නට පුළුවන් දේවල් විදියට, හොඳ, සක්‍රිය ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගැනීම හුඟක්ම වැදගත්. ඒක, නියමිත ක්‍රමවේදයකට දිනපතා කරන ව්‍යායාම කිහිපයක් වෙන්න පුළුවන්, වේගවත් ඇවිදීමක්, ඇඟට වෙහෙසක් දැනෙන මට්ටමක බයිසිකල් පැදීම, පිහිණීම වගේ සක්‍රිය, ශාරීරික ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ සතියකට අවම විනාඩි 150ක් වත්, හෘදය පෙනහලු, රුධිර සංසරණය සක්‍රිය කරන හොඳට දහදිය වැටෙන්න moderate-intensity aerobic ව්‍යායාම කරනවා නම් එයයි වඩාත් සුබ. මේ කියන විදියටම බැරි වුනත්,එකතැනකට වෙලා වාඩි වෙලා, දවසේ වැඩි වෙලාවක් ගත කරනවා වෙනුවට, ඇඟපත මහන්සි වෙන , ඇඟට දැනෙන වේගවත් ඇවිදීමක්වත්(brisk walking ) කරන්න පුළුවන් නම් ඒකමත් උදව්වක්, තමන්ගේ මොළය වෙනුවෙන් කරන. ‍මේ කී ව්‍යායාම නිසා අපට දැනෙන වාසියක් මොළයට ලැබෙනවා වගේම, අප නොදැනීම, මේ ව්‍යායාම නිසාම මොළය තුල Brain-Derived Neurotrophic Factor (BDNF) කියන රසායනිකය ස්‍රාවය වීම වැඩි වෙනවා. ඒ ඔස්සේ, මොළයේ ස්නායු සෛල වල ආරක්ෂාවක් ලැබීම, මොළයේ සමහර කොටස් වල විශේෂිත ස්නායු සෛල වර්ධනයටත් උදව් වෙනවා. ඒ කියන්නේ, හොඳට ඇඟට දැනෙන ව්‍යයාම කරනවා නම් ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ අප , අපේම මොළයට උදව්වක් කරනවා. මීටම සම්බන්ධව කතා කළ යුතු ඊළඟ වැදගත් පරිස්සම් වීම් තමයි, රුධිර පීඩනය සෞඛ්‍යයමත් මට්ටමක පවත්වා ගැනීම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම හොඳින් පාළනය කර තබා ගැනීමත්, අර අප කී මොළයේ සෛල ළඟින්ම ඉන්න ඉතා කුඩා ලේ නහර වල සෞඛ්‍යයමත් පැවැත්මට වැදගත්. මොකද , මේ සෞඛ්‍යමත් පරිසරය නොපවත්වා ගත්තොත් වෙන්නේ, ඒ තුනී ලේ නහර ඔස්සේ , මොළයට කෑම බීම ලැබීම අවශ්‍ය විදියට සිදු නොවන්න පුළුවන්, සමහර විට මොළයේ කොටස් වලට අවශ්‍ය කෑම බීම නොලැබීම යන්නටත් හේතුවක් වෙන්න බැරි නෑ.

💜දාහය ප්‍රදාහය අඩු කරගන්න.

දේහයේ වැඩි පුර තෙල් තැන්පත්වීම, කාළයක් තිස්සේ පවතින ආසාදන, ප්‍රමාණවත් සුවදායි නින්දක් නොලැබීම , දුම්පානය (සක්‍රිය හෝ අක්‍රිය), සෞඛ්‍යයමත් නොවන ආහාර රටා වගේ හේතු නිසා අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක පද්ධතිය නිරන්තරයෙන්ම අවිවේකයෙන් ඉන්නට වෙනවා (Chronic low-grade systemic inflammation) . මේ විදියට කාළයක් තිස්සේ පැවතීමත්, මේ කී සාධක නිසාම සෛල වල මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රියිකාවන් දුර්වල වීම වගේ හේතු නිසා සෛල දුර්වල විම, මොළයේ සෛල ඉක්මණින් වියපත් වීම හෝ මිය යාම වැඩි වන බව හදුනාගන්නවා. මේ අවදානම සීමා කරගෙන මොළය පරිස්සම් කරගන්න හිතනවා නම්, ඔය හදිසි කෙටි කෑම වලට වඩා, හොඳ කොළ, එළවලු, පළතුරු, තන්තු සහිත හොඳ ආහාර වේලක් ගන්නවා නම්, විශේෂයෙන්ම මේ සියල්ල අඩංගු වන MIND diet කියල හදුන්වා දෙන ආහාර රටාවට හුරු වෙන්නට පුළුවන් නම් ඒ ඔස්සේ, මොළයේ සෛල වලට ලොකු උදව්වක් වන බව පර්යේෂණ ඔස්සේ හදුනාගෙන තිබෙනවා. ‍මේ ආහාර රටාවටම , තෙල් සහිත අළුත් මාළු , walnuts වගේ දේවල් එක් කරගන්න පුළුවන් නම් ඒ ඔස්සේ ලැබෙන Omega-3 මේද අම්ල මොළයේ සෛල වල පැවැත්මට , සෞඛ්‍යයමත් ක්‍රියාකාරීත්වයට වගේම, පෙරකී ප්‍රදාහික තත්ත්වයන් සමනය කරගන්නටත් උදව් වෙනවා. මේ කියාගෙන යන කෑම රටාව තුලටම, යෝගට්, sourdough bread , සමහර අච්චාරු වර්ග වගේ, යීස්ට්, බැක්ටීරියා වගේ දේවල් උදව් කරගෙන හැදෙන කෑම වර්ග ඔස්සේත් , ඒ සමඟම එකතු කරගන්නා ආහාරමය තන්තුත් මොළයට උපකාර කරන කෑම බීම වර්ග. වෙන්නේ මේකයි, මේ කෑම බඩ ගියාම, බඩේ ඉන්න “හොඳ ක්ෂුදුජීවීන්” (gut microbes) හදන සමහර මේද අම්ල , මොළ‍යේ වගේම, ස්නායු සෛල වල ක්‍රියාකාරීත්වයටත් උදව් වෙනවා.

💜කුණූ සුද්ද වෙන සුව-බර නින්දක් ගන්න

කොහොමත් සෞඛ්‍යයමත් ජීවිතේකට “සුවදායී නින්දක” ඇති වැදගත්කම් මෙතැන ලියන්න ඕන නැහැනේ. එය අප ඕන තරම් අහල තියෙනවා, සමහර විට විඳලත් ඇති. නමුත්, මේ තැනදී මොළයට අදාලව කතා කරන නිසා, මේ “සුවදායී” නින්දෙන් මොළයට වෙන උදව්ව මොකක්ද කියල බලමු. දවස පුරා අපිත් එක්ක , හරිහරියට වැඩ කරන මොළය ඇතුලේ කුණූ කසල එකතු වෙනවා. අපට මහන්සි වෙත්දි දාඩිය දාල, දූවිලි එක්ක ඇලෙනව වගේ, මොළය ඇතුලෙත් අපද්‍රව්‍ය, අවශ්‍ය ‍නොවන කරදරකාර ප්‍රෝටීන වර්ග වගේ කුණූ කසල එකතු වෙනවා. අප දවසේ වැඩ ඉවර කරලා හවසට නාල පිරිසිදු වුනාට, මොළය මේ විදියට කුණූ ඉවත් කරලා “පිරිසිදු” වීම වෙන්නේ, අපි හොඳ නින්දක ඉඳිත්දි. Glymphatic Clearance කියල විද්‍යාත්මක නම් කරන මේ ක්‍රියාවලිය වෙන්නේ, අපි සුව තද නින්දෙ ඉඳිත්දි. ඔය වෙලාවේ තමයි මොළය වටා තියෙන cerebrospinal fluid කියන වතුර වැඩිපුර ගෙනත් , මොළයේ සෛල අස්සේ හිර වෙලා , ඇලිලා තියෙන කුණූ ‍හොදන්නේ. දැන් මෙහෙම කුණූ , ඇලෙන ප්‍රෝටීන් අණූ වගේ කුණු කසල හෝදා නොදැම්මොත් මොකද වෙන්නේ, අර මොළයේ සෛල වලට වෙනද වගේ වැඩ කරන්න, පණීවිඩ හුවමාරු කරගන්න බැරිව යනවා, ඒ කියන්නේ, මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. වගේම සමහර විට මේ තත්ත්වය දිගින් දිගටම නොසලකා හැරියොත්, මොළය ඇතුලේ , මොළයේ සෛල අස්සේ විවිධ ප්‍රෝටීන කුණූ හිර වෙලා මොළය දුර්වල වෙන්න, මොළයේ සෛල මියයාම් වැඩි වෙන්න, සහ ඒ ඔස්සේම ඩිමෙන්ෂියාව වගේ තත්ත්ව වලට ඇති අවදානම වැඩි කරන්නත් පුළුවන්. මේ අවදානමෙන් ගැලවෙන්න හෝ සිමා කරගන්න නම් අපට කරන්න තියෙන්නේ, දවසකට පැය 7-9ක් විතර හොඳ, සුවදායී නින්දක් ලබා ගන්න එක.

💜බුද්ධි තැන්පතුව වැඩි කරගන්න.

මේ , Cognitive reserve එහෙම නැත්නම් බුද්ධි තැන්පතුව කියල සිංහලට කියන්න පුළුවන් අවශ්‍යතාව ගැන අපි තවමත් ඒ තරම්ම දැනුමක් හෝ උනන්දුවක් නැත්ද කියල හිතෙනවා. Cognitive reserve කියන්නේ, වයස් ගතවීම, රෝගී වීම වගේ හේතුවක් නිසා මොළයේ, බුද්ධිමය ක්‍රියාකාරීත්වයේ යම් අඩුවක් වෙත්දි, ඒ අඩුව පුරවාගෙන සාමාන්‍ය හෝ ඊට ආසන්න මට්ටමක බුද්ධිමය ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්නට මොළයට ඇති හැකියාව. මේ තැන්පතුව ලොකුවට තියා ගන්න එකේ වැදගත්කම එන්නේ, යම් ලෙඩක් නිසා හෝ වියපත් වීම වගේ හේතුවක් නිසා මොළය දුර්වල වීමක් වුනොත්, ඒ තුල විය හැකි කරදර අඩු කරගන්නට, අමතක වීම්, තීරණ ගැනීමේ හැකියාව බිඳ වැටීම් වගේ අවදානම් වලින් පරිස්සම් වන්නට. මේ විදියට අපේ Cognitive reserve එක වැඩි කරගන්න සහ හොඳ මට්ටමක තියා ගන්නට අපට කරන්න පුළුවන් දේවල් විදියට මොළයට අභියෝගයක් දෙන ක්‍රියාකාරකම් යොදා ගන්න පුළුවන්. උදාහරණ කිහිපයක් විදියට කිව්වොත්, අවධානය සහ විමර්ෂණය සහිත කියවීම්, ලිවීම් , අළුත් විෂයක් , භාෂාවක් හෝ අවශ්‍යතාවය මත යමක් අළුතින් ඉගෙනීම, අළුත් ස්කිල් ඉගෙන ගැනීම , සංගීත භාණ්ඩයක් වාදනය කරන්නට ඉගෙනීම වගේ, මොළය සක්‍රියව උදව් කරගන්නට වෙන, විමර්ෂණය, මතක තබා ගැනීම , නැවත මතක් කිරීම් කළ යුතු ක්‍රියාකාරකම් ඔස්සේ මේ බුද්ධි තැන්පතුවේ දියුණුවක් කරගන්නට පුළුවන්. මේ ක්‍රියාකාරකම් නිසා, මොළයේ සෛල අතර සන්නිවේදනය දියුණූ වීම, සක්‍රිය වීම, අළුත් සන්නිවේදන සම්බන්ධතා මොළය තුල මතුවීම වගේ ජීව විද්‍යාත්මකව හදුනාගත් “යහපත් වෙනස්වීම” සිදුවෙනවා.‍ මේකටම වැදගත් තවත් දෙයක් තමයි, තනි නොවී, සමාජීයව සක්‍රියව කාළය ගත කිරීම. මේ කියන්නේ, හිතවතුන් , මිතුරන් සමඟ යහපත් සම්බන්ධතා , කතාබහ, මිත්‍රත්වයන් පවත්වා ගැනීම සහ ඒ බැඳීම ගැන හිතට දැනෙන විඳීමක් ලබන්නට පුළුවන් තත්ත්වයක් පවත්වා ගැනීම.

💜සංසුන් වෙන්න බලන්න

කාළයක් තිස්සේ පවතින ස්ට්‍රෙස් කියන්නේ, මුළු ඇඟටම හානියක්. ඒක මොළයටත් ලොකු හානියක් කරනවා. විශේෂයෙන්ම කාළයක් තිස්සේ මානසිකව දැඩි පීඩනයකින්, අසහනයකින් , ස්ට්‍රෙස් එකකින් ඉඳීමත් එක්ක, ලේවල ඉහළ යන කෝටිසෝල් වල බලපෑම නිසා මොළයේ සමහර කොටස් වල ඇති ස්නායු සෛල වලට හානි කරන බව පර්ය‍ේෂණාත්මකව, ඇහැට දකින්නට පුළුවන් විදියටම හදුනාගෙන තියෙනවා. ඒ නිසා, තිබෙන මානසික පීඩාවන් අඩු කරගෙන , මනස සංසුන්ව, සෞඛ්‍යයමත් ප්‍රමාණයකට විවේකීව තියා ගන්නට පුළුවන් නම් (මොකද ජීවත් වෙනව කියන ක්‍රියාවලිය තුල යම් ස්ටෙසස් එන එක නවත්වන්න බැහැනේ) ඒ ඔස්සේ මොළයේ සෛල වලට හානිවන ඉඩ අඩු කරගන්නට පුළුවන්. ඒ සදහා භාවනා ක්‍රම, ශ්වසන ව්‍යායාම , පරිසරය, ගහකොළ, සොබාදහම සමඟ බැදෙන විනෝදාංශ, ක්‍රියාකාරකම් වල යෙදීමත් උදව් කරගන්නට පුළුවන්.

💜ඔළු ගෙඩිය පරිස්සම් කරගන්න.

මොළය පරිස්සම් කරගන්න කළ යුතු දේ අතරේ මේක ගැන ලොකුවට ලියන්න ඕනම නැහැනේ, හිසට වන අනතුරකදි මොළයට, මොළය ආශ්‍රිත පටක වලට හානි වෙන්නට පුළුවන් බව මේ කියවන ඕනම කෙනෙක් දන්නවා. ඒ නිසා, හිසට අනතුරු වීම සීමා කරගැනීම වගේම, විය හැකි අවදානම් අවස්ථා වලදී, හිස ආරක්ෂා කරන උපක්‍රම අනුගමනය කිරීම, (ඒ කිව්වේ හෙල්මට් දැමීම වගේ) , හිසට දැඩි කම්පණයන් , තෙරපීම් වල ක්‍රීඩා වගේ අවස්ථා වලදී අනුගමනය කළ යුතු නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමත්, මොළය පරිස්සම් කරගන්නට අපට “කරන්නට පුළුවන්” දේ. මේ ලිපිය මේ වනතුරු කියෙව්වා නම් ඔබ, ඔබේ මොළය ගැන හොඳ අවධානයක් තියෙන කෙනෙක් වෙන්න ඇති, දැන් කියවූ කරුණූ මතක් කරගෙන, ඔබේ මොළය රැක ගන්නට කළ හැකි දේ කරන්නට “මොළයට ගන්න” අද හොඳම දවසයි.

2026/07/04

ඩිමෙන්ෂියාව සහ ලංකාව

සෞඛ්‍යය සේව‍යේ හෝ එම අධ්‍යාපන පසුබිමක නොවන ලාංකික පුරවැසියෙක්ගෙන් ඩිමෙන්ෂීයාව ගැන ඇහැව්වොත් ඊට ලැබෙන පිළිතුරේ සාර්ථක බව ගැන මට ඇත්තේ සැකයක්. සමහර විට දියවැඩියාව ගැන, හෝ ප්‍රෙෂර් ගැන ඇහැව්වොත් නම් හොඳ හෝ යම් සාර්ථක පිළිතුරක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මෙහෙම කියන්න හේතුව, ලංකාවේ සෞඛ්‍යය සේවාව තුල ලැබූ අත්දැකීම් සහ ලංකාව තුල සෞඛ්‍යය අධ්‍යාපනය , විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍යය අධ්‍යාපනය තුල ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව ගැන අද දවසට ප්‍රමාණවත් දැනුමක් සමාජගත වනවාදැයි ඇති සැකය නිසා.

නමුත් වැදගත්ම දේ, ලංකාවේ අපි ඩිමෙන්ෂියාව ගැනත් හුඟක් හොඳින් දැනුවත්වීම අද දවසේ අවශ්‍යතාවයක්

ශ්‍රි ලාංකික අප, මෙම තත්ත්වය පිළිබඳ‍ දැනට වඩා යාවත්කාළීන සහ ප්‍රමාණවත් දැනුවත් වීමේ අවශ්‍යතාවයට හේතු කිහිපයක් සටහන් කරන්නේ, ඔබට ඒ ගැන හිතන්නටත්, ඒ වෙනුවෙන් ඔබේ අදහස් එකතු කරන්නට අවස්ථාවක් දෙන්නටත්ය.

පර්යේෂණ සහ විමර්ශණ හිඟය.

ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන්ගේ තත්ත්වය හඳුනාගත හැකි ජාතික මට්ටමේ පර්යේෂණ හෝ විමර්ශණ කිසිවක් මේ වනතුරු ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමින් ප්‍රකාශයට පත්වී නැත, රාගම, මාතර වැනි යම් කුඩා ප්‍රදේශ ඉලක්ක කරගත් පර්ය‍ේෂණ සහ විමර්ශණ කිහිපයක විනා , සමස්ථ රට තුල ඩිමෙන්ෂියා හෝ ආශ්‍රිත තත්ත්වයන්ගේ ව්‍යාප්තිය "නිවැරදි" ලෙස හදුනාගැනීමට ‍තවමත් නැත. වෛද්‍ය විද්‍යාත්මක ලෙස පිළිගන්නා මට්ටමේ ඩිමෙන්ෂියා පර්යේෂණ කිහිපයක් පළවී ඇතත්, ඒ ඔස්සේ ජාතික මට්ටමේ දත්ත හඳුනාගැනීමක් මෙන්ම, වැඩිවීමේ සීග්‍රතාවය නිවැරදිව හදුනාගැනීමට තවමත් හැකියාවක් නැත.

දියවැඩියා‍වේ තත්ත්වය තුල ඇති අවදානම

ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව සඳහා ප්‍රබල හේතුවක් විය හැකි දියවැඩියාව තත්ත්වය ලංකාව තුල ඉහළ මට්ටමකින් පැවතීම සහ එම ප්‍රවණතාවය වැඩිවීම තුල මතුවන අවදානම ඉහළ යාම. "According to recent WHO estimates, the age-standardized prevalence of diabetes among individuals aged 30 and older in Sri Lanka was 31.2% in 2022. This equates to approximately 4.2 million people in the country living with diabetes. Of these, nearly 41%, or 2.4 million are not on any treatment." - WHO

පෙර හදුනාගැනීමේ ක්‍රමවේදයන්ගේ හිඟකම

මේ සටහන් කරන මොහොත දක්වා, ක්‍රමානුකූලව , වාර්ෂිකව හෝ යම් ක්‍රමවේදයක් ඔස්සේ සිදුවන ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත තත්ත්වයන් ගැන අවදානම් ලක්ෂණ හදුනාගැනීමේ හෝ පෙර හදුනාගැනීමේ (screening) වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නැත.

විශේෂ පුහුණු සහිත වෘත්තික හිඟය

ඩිමෙන්ෂියා හඳුනාගැනීම, ප්‍රතිකාරය සහ සාත්තුව සඳහා විශේෂිත පුහුණු සහ අත්දැකීම් සහිත සෞඛ්‍යය වෘත්තිකයන් කණ්ඩායමක් සිටිය යුතු නමුත්, මේ අවස්ථාව වල විටත් ප්‍රමාණවත් "ඩිමෙන්ෂියා පුහුණූ" සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක් රාජ්‍ය හෝ පෞද්ගලික සේවය තුල සිටී දැයි සැක සහිතය. විශේෂයෙන්ම, මෙම අවස්ථාව සමඟ ජීවත්වන "රෝගියාට" හෝ පුද්ගලයාට මෙන්ම , එම පවුල වෙතද ලබා දිය යුතු චිකිත්සීය සේවා සඳහා අවශ්‍ය කරන සමහර වෘත්තීය ක්ෂේත්‍ර තවමත් ලංකාවේ සෞඛ්‍යය ‍සේවාව තුල නැති හෝ හිඟ බව පැහැදිලිය.

වැඩිවන "වියපත් ජණගහණය"

ආසියාවේ අනෙක් රට වලට සාපේක්ෂව, ලංකාවේ වියපත් ජනගහණය සීග්‍රවැඩිවීමක් දක්වයි. ඒ තුල, ඩිමෙන්ෂියාය සහ ආශ්‍රිත තත්ත්වයන්ගේ අවදානම වැඩිවීමක් අපේක්ෂා කළ හැකි අතර, එය පවතින දියවැඩියා ප්‍රවණතාවය සහ අනෙක් කාළීන තත්ත්ව තත්ත්වය මත , තවත් වැඩිවීමක් අපේක්ෂා කළ හැකිවේ. According to UNFPA Sri Lanka, by 2030, Sri Lanka is projected to have a significant proportion of its population aged 60 and over, with approximately one in five people falling into that age group.

ප්‍රමාණවත් ප්‍රජා දැනුවත් බවක් නොමැතිවීම

ඩිමෙන්ෂියාව පිළිබඳව ප්‍රජාව තුල ඇති දැනුවත් බව සහ පොදුවේ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුල ඇති අසංවිධානාත්මක බව තුල ඩිමෙන්ෂීයාව පෙර හදුනාගැනීම මෙන්ම, ප්‍රතිකාර සහ චිකිත්සාවන් සඳහා යොමුවීමද නිසි ලෙස නොවීමට ද අසාර්ථක ක්‍රම වෙත යොමුවීමටද වැඩි ඉඩක් ඇත.

ජාතික සෞඛ්‍යය ප්‍රතිපත්ති තුල ඇති අක්‍රිය බව

වියපත් ප්‍රජාව වෙනුවෙන් වූ සෞඛ්‍යය ක්ෂේත්‍රයක (specialised geriatric health services) අවශ්‍යතාවය ගැන ප්‍රමාණවත් සහ සක්‍රිය ක්‍රියාත්මක වීමක් සහ ඒ වෙනුවෙන් උනන්දුවක් හෝ බලපෑමක් ඇති කරන ප්‍රජා සහභාගීත්වයක් හෝ පෙළඹවීමක් තවමත් දකින්නට නොමැතිවීමද , මේ අවදානමේ බර වැඩි කරයි.

මෙන්න මේ කාරණා ගැන ටිකක් හිතුවොත් ඔබටම වැටහේවි, ඩිමෙන්ෂියාව ගැන අද අපට ඇති දැනුම අළුත් කරගන්නට ඇති අවශ්‍යතාවය වගේම, ඒ ඔස්සේ අපේ ඉදිරි කාළය වඩාත් සුවදායී විදියට ගත කරන්නට කළ යුතුදේ අදට පටන් ගැනීමේ වැදගත්කමත්.

ඩිමෙන්ෂියාව ගැන තව දුරටත් කතාබහ කරන්නට එන්න අපේ ෆේස්බුක් ගෲප් එකට ඩිමෙන්ෂියා සුව අසපුව

ඇප් එකට මේ ලිංක් එකෙන් යන්නත් පුළුවන් https://mentio.recmike.ca

2026/06/20

20+නම් ඩිමෙන්ෂියාව දුර‍ නොවේ

“ඩිමෙන්ෂියාව”...මේ වචනේ කිව්ව ගමන්ම හිතට එන්නේ, වයසට ගිය කෙනෙක්, කල්පනාව අඩු වුනු පුද්ග‍ලයෙක්, සමහර විට බටහිර චිත්‍රපටයක සිදුවුනු කතාබහක් වෙන්න පුළුවන්. තවත් විදියකින් කිව්වොත්, මේ “ඩිමෙන්ෂියාව” ඒ තරම් අපට ළඟ නැති දෙයක් වගේ දැනෙන්න තියෙන ඉඩ වැඩියි, විශේෂයෙන්ම ලංකාවේ සිට මෙය කියවන ඔබට. හැබැයි ඉතින් එහෙම හිතෙන එක ගැන වරදක් කියන්නත් බෑ, මොකද, මේ නමේම නිකං ඉංගිරිස් ගතියක් නොවැ තියෙන්නේ. අනෙක අපේ රටේ මේ තත්ත්වය ගැන සමාජය තුල ඇති දැනුවත්බව අඩුයි, ඔන්න මම කිව්වේ නෑ ඒක ඔබේ වරදක් කියලා.

එහෙමත් නැත්නම් ඔය ඉඳල හිටල ඩිමෙන්ෂියාව ගැන කතාවන රූපවාහිනී සාකච්ඡාවක් ඇහෙත්දි ඔබට හිතෙන්න පුළුවන්, “ඕක ලෙඩක් යෑ, වයසට ගියාම හැටිනේ” කියලත්. අනෙක, ඒ කියන ලක්ෂණ ඇති ඔබේ සීයා, අත්තම්මා, සමහර විට අම්ම තාත්ත නැත්නම් අසල්වැසියා ගැන මතක් වෙත්දි “අනේ ඕක ඔය තරම් ලෙඩක් යැ” කියල ආයෙත් හිතෙන්නටත් බැරි නෑ.

නමුත්…

ඩිමෙන්ෂියාව කියන්නේ සාමාන්‍ය වියපත් වීමේදී අනිවාර්යයෙන්ම ඇතිවන ගැටළුක් නොවේ වගේම, වියපත් වූ අයට පමණක්ම ඇතිවන තත්ත්වයකුත් නොවේ. ඒ වගේම අමතකවීම්, තීරණ ගැනීමේ හැකියාවන් අඩුවීම්, පෞරුෂයමය වෙනස්වීම් වගේ ලක්ෂණ ඔස්සේ ඒ පුද්ගලයා විවිධ පීඩාවන්ට පත්වනවා වගේම, මේ අනපේක්ෂිත වෙනස්වීම් නිසා, මේ පුද්ගලයා රැකබලාගන්නා අය, පවුලේ අනෙක් අයත් පීඩාවලට, අපහසුතා වලට මුහුණදෙන්නට වන “සංකීර්ණ සෞඛ්‍යය ගැටළු තත්ත්වයක්”.

මෙතැනදී “රෝගයක්” කියල නොකිය "සෞඛ්‍යය ගැටළු තත්ත්වයක්" කියල කියන්නට හේතුවක් තියෙනවා. ‍මොකද, ඩිමෙන්ෂීයාව කියන්නේ තනි රෝගයකට වඩා, ලක්ෂණ ගණනාවක පරාසයක් තුල පැතිර ඇති තත්ත්වයක්, සින්ඩ්‍රෝමයක්.

අනෙක් වැදගත්ම දේ, මේක පිටරට ලෙඩක් වගේ දැනුනාට, ලංකාව තුල මේ වෙත්දී ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සමහර විට එම පුද්ගලයා වගේම, පවුලේ අයත් නොදන්නවා ඇති ඔහුට හෝ ඇයට ඩිමෙන්ෂියාව ඇතිබව. කතා කරන අතරේ වචන හිර වෙලා ටිකක් අපහසුතාවයට පත්වෙන තාත්තාගේ සිට, හැමදාමත් තේ හදපු හැන්ද කිසිම හේතුවක් නැතිව කබඩ් එකට දාල වහන අම්ම වගේම, උදේට හොඳ කෑම වේලක් රසට කාපු , ඊට පස්සේ පාර දිගේ ඇවිදින ගමන් දකින දකින කෙනාට “මගේ ළමයි කන්න දෙන්නේ නෑනේ” කියන සීයාත් ඩිමෙන්ෂියාවෙන් හෝ ඩිමෙන්ෂීයාව වෙත යන ගමනේ ඉන්නවා වෙන්නට බැරි නෑ.

ලංකාව තුල මෙම සෞඛ්‍යය ගැටළුව ගැන ඇති අඩු දැනුවත්බව, දැනුවත්වීමට ඇති අඩු උනන්දුව වගේම, සෞඛ්‍යය සේවාව තුලත්, ඩිමෙන්ෂියාව හදුනාගැනීමට, ඊට අදාල පරික්ෂණ, විමර්ශණ කිරීමට ඇති තාක්ෂණකි වගේම පුහුණූ මානව සම්පත්වල හිඟයත් මේ අවදානම ගැන අපට නොදැනෙන්නට හේතුවක් වෙනවා. (අද වෙත්දි ඩිමෙන්ෂීයාව පිළිබඳ විශේඥතා සහිත සෞඛ්‍යය වෘත්තිකයන් කිහිපදෙනෙක් ලංකා‍වේ ඉන්නවා වගේම එයින් සමහර වෘත්තිකයන් අපේ සමාජය දැනුවත් කරන්නට යම් උත්සාහයක් දරන බවත් පේනවා, එය සතුටක්)

කොහ‍ොම වුනත්, ආසියාවේ තිබෙන වේගවත්ම වයසට යන රටක් විදියට , (ඕං කළබල වෙන්න එපා ‍මේ කිව්වේ රට වයසට යනවා කියන එකම නොවෙයි, රටේ වියපත් ජනගහණය සීග්‍රව වැඩිවන බව. මොකද, නොමිලේ ලැබෙන සෞඛ්‍යය පහසුකම් , ප්‍රතිකාරමය සේවා වල දියුණූව වගේ සාධක නිසා, වැඩි කාළයක් ජීවත්වෙන්නට පුළුවන් වෙනවා, එතකොට වියපත් ජනගහණය වැඩි වෙනවා , මේ කිව්වේ අන්න ඒ කාරණේ. ) මේ වෙලාවේ රට තුල ඇති ඩිමෙන්ෂියා අවදානමේ පුළුල් චිත්‍රය හරියටම නොහදුනාගත්තත්, බොහොම ඉක්මණින්, ලංකාව තුල “ඩිමෙන්ෂියා පුපුරායාමක්” වීමේ අවදානමක් නැතිවා නොවේ. ( නෑ නෑ ඩිමෙන්ෂියාව පුපුරනවා නොවෙයි, මේ තත්ත්වය හදුනාගැනීමේ ප්‍රමාණය ඉහළ යාමක් කියන එකයි කිව්වේ)

මෙහෙම “බය කරන්න” හේතු කීපයක් තියෙනවා. දැනටමත්, මේවෙත්දි කළ බොහොම සීමිත පර්යේෂණ ප්‍රමාණය ඔස්සේ කළ හදුනාගැනීම් තුලත් , ලංකාවේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් විදියට ගත්තාම, දකුණූ ආසියාවේ වැඩිම අගයක ඉන්නවා. ලංකාවේ දළ වශයෙන් 4–11.8%ක් ඩිමෙන්ෂියාව හෝ ඒ අශ්‍රිත තත්ත්ව සමඟ ජීවත්වන බව.

නමුත්, ‍මේ පර්යේෂණ සමස්ථ ලංකාව පුරාම , විශේෂයෙන්ම ප්‍රධාන නගර වලින් එපිට, කුඩා නගර, ගම් , දුෂ්කර ප්‍රදේශ වගේ පුළුල් පරාසයක් පුරා විහිදුනු විමර්ශණයන් නොවන නිසා , සහ ලංකාවේ දැනට පවතින ඩිමෙන්ෂියාව හදුනාගැනීම සඳහා යොමුවීම අඩුවීම මෙන්ම හදුනාගැනීමේ පහසුකම් අඩුවීම වගේ සාධක නිසා, රෝග විනිශ්චයක් නොලබා “වියපත්වීමේ ගැටළු” ලෙස පිළිගනිමින් සමාජය තුල රැදෙන පිරිසක් ඉන්නා බැවින් සමහර විට අවදානම මීටත් වැඩි වෙන්න බැරි නෑ.

මේ අතරේම අපේ වියපත් ජනගහණය සාර්ථක ලෙස ඉහළ යනවා. 2012දි 12%ක් වුනු වයස 60+ සංඛ්‍යාව, 2024 වෙත්දි 18%ක් දක්වා ඉහළ යනවා. මේ විදියට ගියාම, 2040 වෙත්දි (තව මහ ලොකු කාළයක් නෑ) ශ්‍රී ලංකා‍වේ ජනගහණයෙන් 24-25%ක්ම 60+ වැඩිහිටියන් වෙන්නට පුළුවන්. මේක “වරදක්” නොවේ, නමුත් රටක වැඩිහිටි ජනගහණය වැඩිවීමත් සමඟ, සෞඛ්‍යය පැත්තේ අවශ්‍යතා ඉහළ යනවා, අද කතාවට අදාලව ඩිමෙන්ෂීයාව සහ ඒ ආශ්‍රිත ලක්ෂණ මතුවී, “ඩිමෙන්ෂීයා රෝගීන්” ලෙස හදුනාගන්නා ප්‍රමාණය ඉහළ යන්නට වැඩි ඉඩක් තිබෙනවා.

දැන් තේරෙනවා ඇති මේ “බය කිරීමකට” වඩා, අවදාමට පෙර සූදානම් වීම සඳහා කරන පෙළඹවීමක් බව. මොකද, ප්‍රධාන හේතු තුනක් ඔස්සේ, අප අනාගත “ඩිමෙන්ෂියා අවදානමක්” වෙත යමින් ඉන්නවා. ඒ, ජීවත්වන කාළය වැඩිවීම , බිහිකරන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම , වගේම දියවැඩියාව, අධිරුධීර පීඩනය වැනි බෝනොවන කාළීන රෝග තත්ත්වයන්ගේ ඉහළ යාම කියන අවදානම් තුන. දැන් මේ සියල්ල එකතු වුනාම හිතා ගන්නට පුළුවන්ද අප ඉදි‍රියේ ඇති අවදානම ? (සමහර විට තවමත් නොදැක්ක)

දැන් අද කතාවේ ප්‍රධානම තැනට. මෙතෙක් කියවගෙන යත්දිත් “ඩිමෙන්ෂියාව” කියන තත්ත්වය සමඟ ගැලපිලා මතක් වෙන්න ඇත්තේ අවුරුදු හැටක, හැත්තෑවක් කෙනෙක් නේ. නමුත් ඔබ දන්නවාද ඩිමෙන්ෂියාව කියන තත්ත්වය ඕනෑම වයසකදි මතු වෙන්න පුළුවන්, කුඩා දරුවන්ට වුවත්. ඇත්ත, වියපත් වීමත් එක්ක ඒ හදුනාගැනීමේ අවස්ථාවන් වැඩි වෙනවා , නමුත් මේක “වයසක අයගේ ලෙඩක්”ම නෙ‍ාවෙයි.

ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත රෝග තත්ත්ව සමඟ ජීවත්වන අය වෙනුවෙන් චිකිත්සීය ප්‍රතිකාර ලබා දෙන්නෙක් ලෙස වසර දාහතරක විතර මගේ වෘත්තීය අත්දැකීම් තුල අවුරුදු එකසිය තුනක් වෙලා ඩිමෙන්ෂීයාව හදුනාගත් කටපුරෝලා හිනාවක් තිබුණූ ඇලිස් නෝනාගේ සිට, අවුරුදු තිස් හතේදී ඩිමෙන්ෂියාව තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් ලෙස රෝග විනිශ්චය ලැබූ මැක්ද මගේ මතකයට එනවා (සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය රැකීමේ වගකීම මත, මේ නම් ව්‍යාජ ලෙස යෙදුවේ) . මේ කාළය තුල වයස තිහ, හතලිහ වයස් සීමාවට සිට, පනහ , හැට වෙත්දි සීග්‍රව ඉහළ යන ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා.

විශේෂයෙන්ම වැස්ක්‍යුලර් ඩිමෙන්ෂියාව , වයස 30 , 35 වගේ කාළයේ සිටත්, Early Onset Dementia (EOD) වයස අවුරුදු හතලිහේ සිටත්, Frontotemporal Dementia (FTD) තත්ත්වය වයස හතලිස් පහ , පනහ වගේ සීමාවක සිටත් රෝග ලක්ෂණ මෙන්ම, රෝග විනිශ්චයන් සහිතව අපේ සායන වලට , කණ්ඩායම් චිකිත්සාවන් වලට එනවා. ඒ නිසා, ඩිමෙන්ෂියාව මතු වෙන්නේ “හුඟක් වයසට ගියාම” කියන අදහස අතෑරගන්නම වෙනවා.
දැන්, හොඳම කතාවට එන්නේ මෙතැනට.

මේ වයස හතලිහේදී නැත්නම් හැටේදි “ඩිමෙන්ෂීයාව” බවට රෝග විනිශ්චය ලැබෙන පුද්ගලයාගේ , “ඩිමෙන්ෂියා උපත” සිදුවන්නේ , එයින් අවුරුදු විස්සකට විතර එහා වෙන්න පුළුවන්., සමහර විට 25ක් වෙන්නත් පුළුවන්. දළ වශයෙන් කිව්වොත්, අද අවුරුදු පනහෙදි, තමන්ට ඩිමෙන්ෂීයාව ඇති බවට රෝග විනිශ්චය ලැබෙන පුද්ගලයාගේ මොළය තුල , ඩිමෙන්ෂියා‍වේ වෙනස්වීම් ආරම්භ වෙන්නේ ඔහු හෝ ඇය අවුරුදු විසි පහ , තිහ වගේ කාළයේ දී. මේ ලිපිය කියවන ඔබ , ඔබ ගැනම හිතල බලන්න. ‍මේ “ඩිමෙන්ෂියාව ගැන හිතන්න ඕන වයසක්ද?” එළියෙන් බැලුවම හිතෙන්නේ “අපෝ නෑ, අපි තාම තරුණයි” කියල. හැබැයි, මොළේ ඇතුලට ගිහින් බැලුවොත්, සමහර විට දැනටමත් ඩිමෙන්ෂීයාව වෙනුවෙන් ආරම්භක වෙනස්වීම් වීම පටන් අරන් තියෙන්නට පුළුවන්.

අන්න ඒනිසා තමයි මේ ලිපිය , 20+ වලට ප්‍රධානව ඉලක්ක කළේ. මොකද, අනාගතයේ තමන්ට ඩිමෙන්ෂියාව ඇතිවීම වලක්වා ගන්නට හෝ ප්‍රමාද කරන්නට කළ යුතු දේ පටන් ගන්නට, හිතන්නට , ඒ අවදානම ගැන දැනෙන්න දැනගන්නට හොඳම වයස මේ.

ඒ නිසා මුලින්ම, මේ ලිපිය ඔස්සේ ,

ඩිමෙන්ෂියාව කියන්නේ, “වයසක අයගේම ලෙඩක් නොවන බව” සහ “වයස අවුරුදු විස්සේ සිට වුවත් ,ඩිමෙන්ෂියාවේ වෙනස්වීම් මොළය තුල සිදුවීම පටන් ගන්නට පුළුවන් බව”
වටහා ගත්තා නම්, දැනුවත් වුනා නම් එයම ප්‍රමාණවත්.

දැන්, මේ ඩිමෙන්ෂියාව ගැන කතා කරත්දි, වැදගත්ම මාතෘකාවක් තමයි අවදානම් සාධක.

මේ කියන සාධක “අවදානම්” බව දැනීමම, අවදානම සීමා කරගැනීමට උදව්වන නිසා. ඩිමෙන්ෂියාව සඳහා වූ අවදානම් සාධක ප්‍රධාන කාණ්ඩ දෙකකට කැඩෙනවා. ඒ, වෙනස් කළ නොහැකි අවදානම් සාධක සහ වෙනස් කරගත හැකි ලෙස
උදාහරණයක් විදියට , වයස, ස්ත්‍රී පුරුෂභාවයේ වෙනස, ජානමය සම්බන්ධතා වගේම, ජනවාර්ගික වෙනස්කම් වගේ සාධක අපට වෙනස් කරගන්නට නොහැකි , අවදානම් සාධක. දැන් මේ කියන්නේ ,අද දවසට ගැලපෙන වෛද්‍ය තාක්ෂණය අනුව. එහෙම කියන්න හේතුව, අද වෙත්දී සිදුවන ජාන පර්යේෂණ ක්ෂේත්‍රය තුල අද දවසේදී අපට හිතා ගන්නට බැරි තරම් සොයා ගැනීම් සිදුවෙමින් පවතිනවා.

අනෙක් කාණ්ඩය තමයි, වෙනස්කරගත හැකි අවදානම් සාධක (modifiable risk factors) . දැන්, මේ ලිපිය තුල මේ වෙනස් කරගත හැකි අවදානම් සාධක ගැන ගැඹුරු විස්තරයක් ලියන්නට යන්නේ නැහැ. ඒ වෙනුවට, ඒ කරුණු එක්තරා විදියට Dementia Risk Self-Assessment එකක් විදියට ඔබට දෙන්නයි සූදානම. ඒ, ස්වයං තක්සේරුවක් මගින් , ඔබට ඇති අවදානම් ගැන යම් හදුනාගැනීමක් කරගන්නට ,නමුත් වැදගත් යමක් කිව යුතුමයි. මේ ස්වයං-තක්සේරුව යනු , රෝග විනිශ්චයක් නොවන බව. ඒ වගේම, තක්සේරුව ඔස්සේ ඔබට ලැබෙන අගය අනුව , අනිවාර්යයෙන්ම ඔබ ඩිමෙන්ෂීයාව ඇතිවේ හෝ නොවේ කියන තීරණ වලට එන්න එපා. කළ යුත්තේ, ඇති අවදානම හදුනාගෙන, වෙනස් කළ හැකි සාධක වඩාත් සෞඛ්‍යානුකූල ලෙස වෙනස් කරගනිමින් මෙම “අවදානම අඩු කරගැනීමයි”.

මේ ඩිමෙන්ෂියා අවදානම් ස්වයං තක්සේරුව ඔබට ලබා ගන්නට පුළුවන් අපේ Mentio ඇප් එක ඔස්සේ. බය වෙන්න එපා කිසිම වියදමක් යන්නේ නෑ, යන්න Mentio වෙත. එහි Risk කියන බට්න් එක ඔස්සේ, මේ ස්වයං තක්සේරුවට යන්නට පුළුවන්. එය අවසානයේ , ඩිමෙන්ෂියාව සඳහා ඔබට ඇති අවදානම ගැන අදහසක් ලබා ගන්නට පුළුවන්.එය සම්පුර්ණ වාර්තාවක් විදියට වගේම, ඔබට අවදානම් ඇත්නම්, ඒවා මගහරවා ගැනීමට කළ යුතුදේ ගැනත් දැන ගන්නට ඔබට පුළුවන්.

ඩිමෙන්ෂියාව ගැන තව දුරටත් කතාබහ කරන්නට එන්න අපේ ෆේස්බුක් ගෲප් එකට ඩිමෙන්ෂියා සුව අසපුව

ඇප් එකට මේ ලිංක් එකෙන් යන්නත් පුළුවන් https://mentio.recmike.ca

20+නම් ඩිමෙන්ෂියාව දුර‍ නොවේ

“ඩිමෙන්ෂියාව”...මේ වචනේ කිව්ව ගමන්ම හිතට එන්නේ, වයසට ගිය කෙනෙක්, කල්පනාව අඩු වුනු පුද්ග‍ලයෙක්, සමහර විට බටහිර චිත්‍රපටයක සිදුවුනු කතාබහක් වෙන්න පුළුවන්. තවත් විදියකින් කිව්වොත්, මේ “ඩිමෙන්ෂියාව” ඒ තරම් අපට ළඟ නැති දෙයක් වගේ දැනෙන්න තියෙන ඉඩ වැඩියි, විශේෂයෙන්ම ලංකාවේ සිට මෙය කියවන ඔබට. හැබැයි ඉතින් එහෙම හිතෙන එක ගැන වරදක් කියන්නත් බෑ, මොකද, මේ නමේම නිකං ඉංගිරිස් ගතියක් නොවැ තියෙන්නේ. අනෙක අපේ රටේ මේ තත්ත්වය ගැන සමාජය තුල ඇති දැනුවත්බව අඩුයි, ඔන්න මම කිව්වේ නෑ ඒක ඔබේ වරදක් කියලා.

එහෙමත් නැත්නම් ඔය ඉඳල හිටල ඩිමෙන්ෂියාව ගැන කතාවන රූපවාහිනී සාකච්ඡාවක් ඇහෙත්දි ඔබට හිතෙන්න පුළුවන්, “ඕක ලෙඩක් යෑ, වයසට ගියාම හැටිනේ” කියලත්. අනෙක, ඒ කියන ලක්ෂණ ඇති ඔබේ සීයා, අත්තම්මා, සමහර විට අම්ම තාත්ත නැත්නම් අසල්වැසියා ගැන මතක් වෙත්දි “අනේ ඕක ඔය තරම් ලෙඩක් යැ” කියල ආයෙත් හිතෙන්නටත් බැරි නෑ.

නමුත්…

ඩිමෙන්ෂියාව කියන්නේ සාමාන්‍ය වියපත් වීමේදී අනිවාර්යයෙන්ම ඇතිවන ගැටළුක් නොවේ වගේම, වියපත් වූ අයට පමණක්ම ඇතිවන තත්ත්වයකුත් නොවේ. ඒ වගේම අමතකවීම්, තීරණ ගැනීමේ හැකියාවන් අඩුවීම්, පෞරුෂයමය වෙනස්වීම් වගේ ලක්ෂණ ඔස්සේ ඒ පුද්ගලයා විවිධ පීඩාවන්ට පත්වනවා වගේම, මේ අනපේක්ෂිත වෙනස්වීම් නිසා, මේ පුද්ගලයා රැකබලාගන්නා අය, පවුලේ අනෙක් අයත් පීඩාවලට, අපහසුතා වලට මුහුණදෙන්නට වන “සංකීර්ණ සෞඛ්‍යය ගැටළු තත්ත්වයක්”.

මෙතැනදී “රෝගයක්” කියල නොකිය "සෞඛ්‍යය ගැටළු තත්ත්වයක්" කියල කියන්නට හේතුවක් තියෙනවා. ‍මොකද, ඩිමෙන්ෂීයාව කියන්නේ තනි රෝගයකට වඩා, ලක්ෂණ ගණනාවක පරාසයක් තුල පැතිර ඇති තත්ත්වයක්, සින්ඩ්‍රෝමයක්.

අනෙක් වැදගත්ම දේ, මේක පිටරට ලෙඩක් වගේ දැනුනාට, ලංකාව තුල මේ වෙත්දී ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සමහර විට එම පුද්ගලයා වගේම, පවුලේ අයත් නොදන්නවා ඇති ඔහුට හෝ ඇයට ඩිමෙන්ෂියාව ඇතිබව. කතා කරන අතරේ වචන හිර වෙලා ටිකක් අපහසුතාවයට පත්වෙන තාත්තාගේ සිට, හැමදාමත් තේ හදපු හැන්ද කිසිම හේතුවක් නැතිව කබඩ් එකට දාල වහන අම්ම වගේම, උදේට හොඳ කෑම වේලක් රසට කාපු , ඊට පස්සේ පාර දිගේ ඇවිදින ගමන් දකින දකින කෙනාට “මගේ ළමයි කන්න දෙන්නේ නෑනේ” කියන සීයාත් ඩිමෙන්ෂියාවෙන් හෝ ඩිමෙන්ෂීයාව වෙත යන ගමනේ ඉන්නවා වෙන්නට බැරි නෑ.

ලංකාව තුල මෙම සෞඛ්‍යය ගැටළුව ගැන ඇති අඩු දැනුවත්බව, දැනුවත්වීමට ඇති අඩු උනන්දුව වගේම, සෞඛ්‍යය සේවාව තුලත්, ඩිමෙන්ෂියාව හදුනාගැනීමට, ඊට අදාල පරික්ෂණ, විමර්ශණ කිරීමට ඇති තාක්ෂණකි වගේම පුහුණූ මානව සම්පත්වල හිඟයත් මේ අවදානම ගැන අපට නොදැනෙන්නට හේතුවක් වෙනවා. (අද වෙත්දි ඩිමෙන්ෂීයාව පිළිබඳ විශේඥතා සහිත සෞඛ්‍යය වෘත්තිකයන් කිහිපදෙනෙක් ලංකා‍වේ ඉන්නවා වගේම එයින් සමහර වෘත්තිකයන් අපේ සමාජය දැනුවත් කරන්නට යම් උත්සාහයක් දරන බවත් පේනවා, එය සතුටක්)

කොහ‍ොම වුනත්, ආසියාවේ තිබෙන වේගවත්ම වයසට යන රටක් විදියට , (ඕං කළබල වෙන්න එපා ‍මේ කිව්වේ රට වයසට යනවා කියන එකම නොවෙයි, රටේ වියපත් ජනගහණය සීග්‍රව වැඩිවන බව. මොකද, නොමිලේ ලැබෙන සෞඛ්‍යය පහසුකම් , ප්‍රතිකාරමය සේවා වල දියුණූව වගේ සාධක නිසා, වැඩි කාළයක් ජීවත්වෙන්නට පුළුවන් වෙනවා, එතකොට වියපත් ජනගහණය වැඩි වෙනවා , මේ කිව්වේ අන්න ඒ කාරණේ. ) මේ වෙලාවේ රට තුල ඇති ඩිමෙන්ෂියා අවදානමේ පුළුල් චිත්‍රය හරියටම නොහදුනාගත්තත්, බොහොම ඉක්මණින්, ලංකාව තුල “ඩිමෙන්ෂියා පුපුරායාමක්” වීමේ අවදානමක් නැතිවා නොවේ. ( නෑ නෑ ඩිමෙන්ෂියාව පුපුරනවා නොවෙයි, මේ තත්ත්වය හදුනාගැනීමේ ප්‍රමාණය ඉහළ යාමක් කියන එකයි කිව්වේ)

මෙහෙම “බය කරන්න” හේතු කීපයක් තියෙනවා. දැනටමත්, මේවෙත්දි කළ බොහොම සීමිත පර්යේෂණ ප්‍රමාණය ඔස්සේ කළ හදුනාගැනීම් තුලත් , ලංකාවේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් විදියට ගත්තාම, දකුණූ ආසියාවේ වැඩිම අගයක ඉන්නවා. ලංකාවේ දළ වශයෙන් 4–11.8%ක් ඩිමෙන්ෂියාව හෝ ඒ අශ්‍රිත තත්ත්ව සමඟ ජීවත්වන බව.

නමුත්, ‍මේ පර්යේෂණ සමස්ථ ලංකාව පුරාම , විශේෂයෙන්ම ප්‍රධාන නගර වලින් එපිට, කුඩා නගර, ගම් , දුෂ්කර ප්‍රදේශ වගේ පුළුල් පරාසයක් පුරා විහිදුනු විමර්ශණයන් නොවන නිසා , සහ ලංකාවේ දැනට පවතින ඩිමෙන්ෂියාව හදුනාගැනීම සඳහා යොමුවීම අඩුවීම මෙන්ම හදුනාගැනීමේ පහසුකම් අඩුවීම වගේ සාධක නිසා, රෝග විනිශ්චයක් නොලබා “වියපත්වීමේ ගැටළු” ලෙස පිළිගනිමින් සමාජය තුල රැදෙන පිරිසක් ඉන්නා බැවින් සමහර විට අවදානම මීටත් වැඩි වෙන්න බැරි නෑ.

මේ අතරේම අපේ වියපත් ජනගහණය සාර්ථක ලෙස ඉහළ යනවා. 2012දි 12%ක් වුනු වයස 60+ සංඛ්‍යාව, 2024 වෙත්දි 18%ක් දක්වා ඉහළ යනවා. මේ විදියට ගියාම, 2040 වෙත්දි (තව මහ ලොකු කාළයක් නෑ) ශ්‍රී ලංකා‍වේ ජනගහණයෙන් 24-25%ක්ම 60+ වැඩිහිටියන් වෙන්නට පුළුවන්. මේක “වරදක්” නොවේ, නමුත් රටක වැඩිහිටි ජනගහණය වැඩිවීමත් සමඟ, සෞඛ්‍යය පැත්තේ අවශ්‍යතා ඉහළ යනවා, අද කතාවට අදාලව ඩිමෙන්ෂීයාව සහ ඒ ආශ්‍රිත ලක්ෂණ මතුවී, “ඩිමෙන්ෂීයා රෝගීන්” ලෙස හදුනාගන්නා ප්‍රමාණය ඉහළ යන්නට වැඩි ඉඩක් තිබෙනවා.

දැන් තේරෙනවා ඇති මේ “බය කිරීමකට” වඩා, අවදාමට පෙර සූදානම් වීම සඳහා කරන පෙළඹවීමක් බව. මොකද, ප්‍රධාන හේතු තුනක් ඔස්සේ, අප අනාගත “ඩිමෙන්ෂියා අවදානමක්” වෙත යමින් ඉන්නවා. ඒ, ජීවත්වන කාළය වැඩිවීම , බිහිකරන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම , වගේම දියවැඩියාව, අධිරුධීර පීඩනය වැනි බෝනොවන කාළීන රෝග තත්ත්වයන්ගේ ඉහළ යාම කියන අවදානම් තුන. දැන් මේ සියල්ල එකතු වුනාම හිතා ගන්නට පුළුවන්ද අප ඉදි‍රියේ ඇති අවදානම ? (සමහර විට තවමත් නොදැක්ක)

දැන් අද කතාවේ ප්‍රධානම තැනට. මෙතෙක් කියවගෙන යත්දිත් “ඩිමෙන්ෂියාව” කියන තත්ත්වය සමඟ ගැලපිලා මතක් වෙන්න ඇත්තේ අවුරුදු හැටක, හැත්තෑවක් කෙනෙක් නේ. නමුත් ඔබ දන්නවාද ඩිමෙන්ෂියාව කියන තත්ත්වය ඕනෑම වයසකදි මතු වෙන්න පුළුවන්, කුඩා දරුවන්ට වුවත්. ඇත්ත, වියපත් වීමත් එක්ක ඒ හදුනාගැනීමේ අවස්ථාවන් වැඩි වෙනවා , නමුත් මේක “වයසක අයගේ ලෙඩක්”ම නෙ‍ාවෙයි.

ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත රෝග තත්ත්ව සමඟ ජීවත්වන අය වෙනුවෙන් චිකිත්සීය ප්‍රතිකාර ලබා දෙන්නෙක් ලෙස වසර දාහතරක විතර මගේ වෘත්තීය අත්දැකීම් තුල අවුරුදු එකසිය තුනක් වෙලා ඩිමෙන්ෂීයාව හදුනාගත් කටපුරෝලා හිනාවක් තිබුණූ ඇලිස් නෝනාගේ සිට, අවුරුදු තිස් හතේදී ඩිමෙන්ෂියාව තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් ලෙස රෝග විනිශ්චය ලැබූ මැක්ද මගේ මතකයට එනවා (සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය රැකීමේ වගකීම මත, මේ නම් ව්‍යාජ ලෙස යෙදුවේ) . මේ කාළය තුල වයස තිහ, හතලිහ වයස් සීමාවට සිට, පනහ , හැට වෙත්දි සීග්‍රව ඉහළ යන ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා.

විශේෂයෙන්ම වැස්ක්‍යුලර් ඩිමෙන්ෂියාව , වයස 30 , 35 වගේ කාළයේ සිටත්, Early Onset Dementia (EOD) වයස අවුරුදු හතලිහේ සිටත්, Frontotemporal Dementia (FTD) තත්ත්වය වයස හතලිස් පහ , පනහ වගේ සීමාවක සිටත් රෝග ලක්ෂණ මෙන්ම, රෝග විනිශ්චයන් සහිතව අපේ සායන වලට , කණ්ඩායම් චිකිත්සාවන් වලට එනවා. ඒ නිසා, ඩිමෙන්ෂියාව මතු වෙන්නේ “හුඟක් වයසට ගියාම” කියන අදහස අතෑරගන්නම වෙනවා.
දැන්, හොඳම කතාවට එන්නේ මෙතැනට.

මේ වයස හතලිහේදී නැත්නම් හැටේදි “ඩිමෙන්ෂීයාව” බවට රෝග විනිශ්චය ලැබෙන පුද්ගලයාගේ , “ඩිමෙන්ෂියා උපත” සිදුවන්නේ , එයින් අවුරුදු විස්සකට විතර එහා වෙන්න පුළුවන්., සමහර විට 25ක් වෙන්නත් පුළුවන්. දළ වශයෙන් කිව්වොත්, අද අවුරුදු පනහෙදි, තමන්ට ඩිමෙන්ෂීයාව ඇති බවට රෝග විනිශ්චය ලැබෙන පුද්ගලයාගේ මොළය තුල , ඩිමෙන්ෂියා‍වේ වෙනස්වීම් ආරම්භ වෙන්නේ ඔහු හෝ ඇය අවුරුදු විසි පහ , තිහ වගේ කාළයේ දී. මේ ලිපිය කියවන ඔබ , ඔබ ගැනම හිතල බලන්න. ‍මේ “ඩිමෙන්ෂියාව ගැන හිතන්න ඕන වයසක්ද?” එළියෙන් බැලුවම හිතෙන්නේ “අපෝ නෑ, අපි තාම තරුණයි” කියල. හැබැයි, මොළේ ඇතුලට ගිහින් බැලුවොත්, සමහර විට දැනටමත් ඩිමෙන්ෂීයාව වෙනුවෙන් ආරම්භක වෙනස්වීම් වීම පටන් අරන් තියෙන්නට පුළුවන්.

අන්න ඒනිසා තමයි මේ ලිපිය , 20+ වලට ප්‍රධානව ඉලක්ක කළේ. මොකද, අනාගතයේ තමන්ට ඩිමෙන්ෂියාව ඇතිවීම වලක්වා ගන්නට හෝ ප්‍රමාද කරන්නට කළ යුතු දේ පටන් ගන්නට, හිතන්නට , ඒ අවදානම ගැන දැනෙන්න දැනගන්නට හොඳම වයස මේ.

ඒ නිසා මුලින්ම, මේ ලිපිය ඔස්සේ ,

ඩිමෙන්ෂියාව කියන්නේ, “වයසක අයගේම ලෙඩක් නොවන බව” සහ “වයස අවුරුදු විස්සේ සිට වුවත් ,ඩිමෙන්ෂියාවේ වෙනස්වීම් මොළය තුල සිදුවීම පටන් ගන්නට පුළුවන් බව”
වටහා ගත්තා නම්, දැනුවත් වුනා නම් එයම ප්‍රමාණවත්.

දැන්, මේ ඩිමෙන්ෂියාව ගැන කතා කරත්දි, වැදගත්ම මාතෘකාවක් තමයි අවදානම් සාධක.

මේ කියන සාධක “අවදානම්” බව දැනීමම, අවදානම සීමා කරගැනීමට උදව්වන නිසා. ඩිමෙන්ෂියාව සඳහා වූ අවදානම් සාධක ප්‍රධාන කාණ්ඩ දෙකකට කැඩෙනවා. ඒ, වෙනස් කළ නොහැකි අවදානම් සාධක සහ වෙනස් කරගත හැකි ලෙස
උදාහරණයක් විදියට , වයස, ස්ත්‍රී පුරුෂභාවයේ වෙනස, ජානමය සම්බන්ධතා වගේම, ජනවාර්ගික වෙනස්කම් වගේ සාධක අපට වෙනස් කරගන්නට නොහැකි , අවදානම් සාධක. දැන් මේ කියන්නේ ,අද දවසට ගැලපෙන වෛද්‍ය තාක්ෂණය අනුව. එහෙම කියන්න හේතුව, අද වෙත්දී සිදුවන ජාන පර්යේෂණ ක්ෂේත්‍රය තුල අද දවසේදී අපට හිතා ගන්නට බැරි තරම් සොයා ගැනීම් සිදුවෙමින් පවතිනවා.

අනෙක් කාණ්ඩය තමයි, වෙනස්කරගත හැකි අවදානම් සාධක (modifiable risk factors) . දැන්, මේ ලිපිය තුල මේ වෙනස් කරගත හැකි අවදානම් සාධක ගැන ගැඹුරු විස්තරයක් ලියන්නට යන්නේ නැහැ. ඒ වෙනුවට, ඒ කරුණු එක්තරා විදියට Dementia Risk Self-Assessment එකක් විදියට ඔබට දෙන්නයි සූදානම. ඒ, ස්වයං තක්සේරුවක් මගින් , ඔබට ඇති අවදානම් ගැන යම් හදුනාගැනීමක් කරගන්නට ,නමුත් වැදගත් යමක් කිව යුතුමයි. මේ ස්වයං-තක්සේරුව යනු , රෝග විනිශ්චයක් නොවන බව. ඒ වගේම, තක්සේරුව ඔස්සේ ඔබට ලැබෙන අගය අනුව , අනිවාර්යයෙන්ම ඔබ ඩිමෙන්ෂීයාව ඇතිවේ හෝ නොවේ කියන තීරණ වලට එන්න එපා. කළ යුත්තේ, ඇති අවදානම හදුනාගෙන, වෙනස් කළ හැකි සාධක වඩාත් සෞඛ්‍යානුකූල ලෙස වෙනස් කරගනිමින් මෙම “අවදානම අඩු කරගැනීමයි”.

මේ ඩිමෙන්ෂියා අවදානම් ස්වයං තක්සේරුව ඔබට ලබා ගන්නට පුළුවන් අපේ Mentio ඇප් එක ඔස්සේ. බය වෙන්න එපා කිසිම වියදමක් යන්නේ නෑ, යන්න Mentio වෙත. එහි Risk කියන බට්න් එක ඔස්සේ, මේ ස්වයං තක්සේරුවට යන්නට පුළුවන්. එය අවසානයේ , ඩිමෙන්ෂියාව සඳහා ඔබට ඇති අවදානම ගැන අදහසක් ලබා ගන්නට පුළුවන්.එය සම්පුර්ණ වාර්තාවක් විදියට වගේම, ඔබට අවදානම් ඇත්නම්, ඒවා මගහරවා ගැනීමට කළ යුතුදේ ගැනත් දැන ගන්නට ඔබට පුළුවන්.

ඩිමෙන්ෂියාව ගැන තව දුරටත් කතාබහ කරන්නට එන්න අපේ ෆේස්බුක් ගෲප් එකට ඩිමෙන්ෂියා සුව අසපුව

ඇප් එකට මේ ලිංක් එකෙන් යන්නත් පුළුවන් https://mentio.recmike.ca

2026/06/12

මොකක්ද මේ PSW රස්සාව

මෙහෙමයි, මුලින්ම මේකට PSW කියන පළාත් වගේම, තවත් ප්‍රදේශයකදි HCA තවත් තැනකදි Nurse Assistant වගේ නම් වලිනුත් හදුන්වන්නට ඉඩ තිබෙනවා. තනිව තම දවසේ කටයුතු කරගත නොහැකි, එහෙම නැත්නම් තමන්ගේ දෛනික කටයුතු කරගැනීමට උදව් අවශ්‍ය අය වෙනුවෙන් උදව් ලබා දීම තමයි මේ රැකියාව තුල ප්‍රධාන වගකීම වන්නේ. ඒ තුල වියපත් අය, ඩිමෙන්ෂියාව හෝ වෙනත් සංකීර්ණ සෞඛ්‍යය ගැටළු සමග ජීවත්වන්නන්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබන්නන් වැනි කණ්ඩායම ගණනාවක් වෙත “සාත්තුව” ලබා දීමට මේ රැකියා කාණ්ඩය තුලදී අවස්ථාව ලැබෙනවා. මේ තුල වැඩි වශයෙන් වියපත් හෝ වැඩිහිටි වයස් කණ්ඩායම් වල සේවා ලබන්නන් හමුවුනත්, ළමා , ළඳරු සිට, වියපත් වයස් සීමාවන් දක්වා ඕනෑම අයෙක්ට සාත්තුව ලබා දීමට ඉඩ තිබෙනවා.

මොනවද කරන්නට තියෙන වගකීම්, රාජකාරි?

මේ තුල ප්‍රධානව තිබෙන්නේ ඒ පුද්ගලයා පිරිසිදු කිරීම, පිරිසිදු වීමට උදව් වීම, ඇඳුම් හැඳපැලඳ අළුත් දවසකට සූදානම්වීමට උදව් වීම, ඇවිදීමට, ඇවිදීමට, තැනකින් තැනකට මාරුවීමට උදව් වීම (යන්ත්‍ර උදව් කරගෙන හෝ නැතිව) , සමහර විට සරළ , පහසු ආහාරයක් සකසා දිම, ආහාර ගැනීමට උදව් කිරීම , ඖෂධ ලබා දීම හෝ ලබා ගැනීමට උදව්වීම, තනිව ජීවත්වන සේවාලාභියෙක්ගේ තනියට රැදීම වගේම සමහර අවස්ථා වල විශේෂිත පුහුණු ඔස්සේ පැවරෙන තවත් අමතර වගකීම් වෙන්නට පුළුවන්

කොහෙද වැඩ කරන්නේ?

ප්‍රජාවේ , සේවාලාභියාගේ නිවසේ, රෝහල්, LTC වැනි සාත්තු සේවා පහසුකම් ලබා දෙන සෞඛ්‍යය ආයතන, විශ්‍රාම සුවයෙන් කාළය ගෙවීමට පහසුකම් ඇති ආයතන තුල වගේම පාසල්, ළමුන් වෙනුවෙන් පහසුකම් සලසන ආයතන තුලත් රැකියා අවස්ථා තිබෙනවා.

රස්සාවේ තත්තවේ?

මේ ප්‍රශ්නෙට එත්දි පැති ගණනාවක් ගැන කතා කරන්න වෙනවා. එකක්, මේක කායිකව වගේම මානසිකවත් දැඩි වෙහෙසක් විය හැකි, යුතු රැකියාවක් වෙන්නට පුළුවන්. ඒ වගේම “සාත්තුව” කියන්නේ, හොඳ මානුෂීය බැඳීම් හදා ගන්නට, පවත්වා ගන්නට පුළුවන්කම තිබෙන, ඒ වෙනුවේන කැමැත්තක් තිබෙන කෙනෙක්ට කරන්නට පුළුවන් රාජකාරියක්. මොකද, මේක “යාන්ත්‍රික” නොවී මානුෂීය වන තරමට තමයි සාත්තුව ලබන්නාට අපේක්ෂිත සුවය, පහසුව වගේම වටිනාකම ලැබෙන්නේ. ඒ නිසා, මගේ අදහස නම්, මිනිසුත් එක්ක ළං වෙලා වැඩ කරන්න පුළුවන්, අනෙක් පුද්ගලයා ගැන සහකම්පණයක් දැනෙන, අනෙක් මනුස්සයා තවත් “මිනිසෙක්” විදියට දකින්න පිළීගන්න පුළුවන් කෙනෙක් බාර ගත යුතු රස්සාවක් මේක. එහෙම නැතිව “රස්සාවක්” නිසා, ෆුල් ටයිම් ලැබෙන නිසා, සමහර විට රේට් එක වැඩි නිසා කියල මේ රස්සාවට ඇවිත්, තමන් වගේම සේවය ලබන්නාත් විඳවන්න වුනොත් ලොකු ආසාධාරණයක් දෙන්නාටම.

මේ පැත්ත ව‍ගේම, මෙම රැකියාව තුල දැඩි කායික වෙහෙසක් , සහ විශේෂයෙන්ම මානසිකව බරක් දරන්නට ඉඩ තිබෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරගන්නට පුළුවන්, අදාල සේවකයා සහ සේවා ලබන්නා අතර ඇති දැනුවත් බව, දැනුම, අවශ්‍ය උපකරණ භාවිත කිරීම , සේවා මුර බෙදා ගැනීම වගේ ක්‍රම ඔස්සේ, නමුත් පොදුවේ මෙය “බර” වගකීමක්.
ගෙවීම් වශයෙන් ගත්තොත් පැයට ඩොලර් 23-35 වගේ අතරේ වැටුපක් (කැනඩාව තුල), පළාත කරන රැකියාවේ වගකීම්, රැකියාව කරන ආයතන, රැකියාව සඳහා රිය පැදවීමේ අවශ්‍යතාවය, විශේෂිත උපකරණ භාවිත කිරීමේ වගකීම් වගේ තත්ත්ව එක්ක වෙනස් වෙන්නට පුළුවන්.
කොහොම වුනත්, රැකියා අවස්ථා ගැන කිව්වොත් නම් හැමදාමත් “නැති වෙන්නේ නැති” රස්සාවක් මේක. මොන AI ආවත්, මොන දේශපාලනේ වෙනස් වුනත් මේ රැකියාවට ඇති ඉල්ලුම තව තවත් වැඩි වෙනවා මිසක අඩු වීමක් නොවෙන තරම්. විශේෂයෙන්ම කැනඩාව වගේ වියපත් ජනගහණය වැඩි වන රටක මේ අවශ්‍යතාවය තවත් වැඩියි. ඒ නිසා, නිසි පුහුණුවක්, ප්‍රමාණවත් පළපුරුද්දක් වගේම, සම්මුඛ පරික්ෂණයකදී “තමන් ඒ ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක්” බවට පෙන්වාදීමේ ජීවන කුසලතාවයත් එක්ක ඉක්මණින් රැකියාවක් හොයා ගන්න වගේම, ආයතනික රැකියා වලට අමතරව අවශ්‍ය නම් පුද්ගලිකව තමන්ගේ කාළය අවශ්‍ය පරිදි යොදා ගනිමින් අමතර ආදායමක් හොයා ගන්නටත් අවස්ථාවන් තිබෙනවා.

ඉහළට යන්න පුළුවන්ද ?

මෙන්න මේක ගැන කියන්නම ඕන. පුද්ගලිකව මගේ අදහසනම් , කැනඩාව තුල ආරම්භයක් ගන්නට මේ රැකියාව පහසු සහ හොඳ මුලක්, වැඩේට කැමැත්ත ඇත්නම්. හැබැයි, ජීවිත කාළෙම මේ රැකියාවේම ඉන්නවද කියන තැනදි මගේ අදහස නම්, එහෙම ඉන්නවාට වඩා, රැකියාව තුල හෝ රැකියාව ඔස්සේ වෙනත් දිශාවකට ඉහළකට යාමයි වඩාත් සුදුසු. හේතුව මේකයි, මේ සාත්තු කිරීම් වල කාලය ගත කරත්දි එක්තරා කාළයකදි “තමන්ටත් සාත්තුව” අවශ්‍ය වන තරමේ කායික පීඩාවන් එන්නට ඉඩ තියෙනවා. අන්න ඒ අවස්ථාවට ආවම, රැකියාව විදියට තවත් අයෙක්ට සාත්තු කිරීම ලේසි නැහැ.

අන්න ඒ වගේ හේතු නිසා, ආරම්භයක් විදියට මේ රැකියාව ගත්තත්, ඊට පස්සේ ඒ තුලින් ඉහළ පියවර වලට එන්න බලන්න. ඒක සමහර විට PSW supervisor, Scheduler , Community coordinator වගේ යම් පුහුණුවක් සමඟ ලබා ගත හැකි තත්ත්වයක් හෝ , එහෙම නැත්නම් PSW to LPN වගේ bridging program එකක් ඔස්සේ LPN ඊට පස්සේ RN තවත් එහාට ගිහින් NP වගේ වුනත් ඉස්සරහට යන්න බැරි නෑ. ඔව්, තවත් ඉගෙන ගන්න වෙනවා, නමුත් ඒ වෙත්දි PSW විදියට වැඩ කරල ගත්ත අත්දැකීම් ලොකු උදව්වක් ඒ ගමන තුලදි.
නර්සිං පැත්තෙන්ම යන්න අකමැති නම් , තෙරපි පැත්තෙන් ටිකක් “ඇගට බර අඩු” රැකියාවකට එන්නත් බැරි නෑ, අනෙක් වැදගත්ම දේ ඉස්සරහට යන්න ඇති කැමැත්ත. එහෙම තියෙනවා නම් PSW විදියට රැකියාව කරන ආයතනය තුලින්ම අතිරේක පුහුණුවීම් ලබා ගෙන වෙනත් වෘත්තීන් වලට මාරුවෙන්නත් අවස්ථා වගේම පහසුකම් තිබෙනවා.

කොහෙද පුහුණවෙන්න හොඳම ?

‍මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සාධක ගණනාවක් බලපානවා. එකක් ඉන්න පළාත , අනෙක ඒ සඳහා වැය කරන්නට කැමති වියදම, ගත කරන්නට පුළුවන් කාළය වගේ සාධක. ‍මේ සඳහා විධිමත් පුහුණූවීම් ලබා ගන්නට පුළුවන් Publicly funded colleges වගේම Private colleges වලිනුත්, ප්‍රයිවෙට් කොලේජ් වලින් කරන්න ගියොත් වියදම වැඩියි, හැබැයි අපේ අනෙක් වැඩරාජකාරි එක්ක ගලපගෙන කරන්න පහසුකම් තියේවි , ඒ වගේම සමහර ආයතන කමියුනිටි කොලේජ් වලින් ගන්නා පුහුණුවට වැඩි තැනක් දෙනවා. ඒ වගේම , වෙනත් රටක හෙද හෝ සමාන පුහුණුවක් අත්දැකීමක් තියෙනවා නම් කෙටි කාළීන පාඨමාලා ඔස්සේ අදාල සහතික ලබා ගන්නටත් පුළුවන්. හැබැයි ඉතින් 100% ඔන්ලයින්‍ම දෙනවා කියන පුහුණ ගැන නම් කතා කරන්න යන්නේ නෑ මොකද, පීනන්න වතුරට බහින්නම ඕන නිසා.

මේ ගැන තවත් අහන්න දේවල් වගේම ඒ ඔස්සේ කියන්නත් දේවල් ඇති. ඒත් මේ වෙලාවේ මතකයට එන්නේ මේ කරුණු ටික. ආ..සංක්‍රමණයට අදාලව කිව්වොත් ‍මේ රැකියාව කැනඩාව තුල වගේම තවත් සමහර රටවල සංක්‍රමණ ක්‍රම තුල වාසිදායක වන තැන් තිබෙන්නට පුළුවන්.

ලංකාවෙ හෝ වෙනත් රටක ලියාපදිංචි හෙද නිලධාරියෙක් විදියට සේවය කරල, කැනඩාව වගේ රටකට එනවා නම් , ආපු ගමන් කළබලේට PSW හෝ HCA කෝස් කරන්න ඉස්සර වෙලා , මුලින්ම මේ රට තුල නර්සිං බලපත්‍රය ගන්න කටයුතු කරගන්න. මීට අවුරුදු දහයකට පහළොවකට සාපේක්ෂව ගත්තොත් අද ඒ කටයුතු "වඩාත් පහසුවෙන් සහ ඉක්මණින්" කරගන්නට ක්‍රම තිබෙනවා. ඒ නිසා, ඒ වැඩේ කරගන්න බලන්න.

(මේ කෂේත්‍රය ගැන යම් දැනුමක් ලබා දෙන්නට, හයිබ්‍රඩ් මෝඩල් එකකින් කරන පුහුණූ පාඨමාලාවක් , ලංකාවේ මිතුරන් වෙනුවෙන් නොමිලේ ලබා දෙමින් තිබෙනවා. ඒ ගැන තොරතුරු ReCare360 අවශ්‍ය අයෙක්ට දැන ගන්නට පුළුවන්)

2023/11/11

ඩිමෙන්ෂියා සාත්තුවට උදව්වක්: පුහුණු සාත්තු සේවකයෙකු (Dementia Trained Caregiver) තෝරාගැනීම, සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලිය සහ අධීක්ෂණය

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන සාමාජිකයෙකු තම පවුල තුළ සිටින සෑම කෙනෙකුටම වැදගත් වන පොදු කරුණක් වන්නේ සාත්තුව ලබා දීමයි. විශේෂයෙන්ම, සාත්තුව ලබා දීමට සාත්තු සේවකයෙකු (Caregiver) තෝරා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමු.

කොතෙක් උත්සාහ කළත්, පවුලේ කෙනෙකුට තනිවම සියලු සත්කාර සිදුකිරීමට නොහැකි වන අවස්ථාවකදී (Respite care අවශ්‍ය වන විට) බාහිර සාත්තුකරුවෙකුගේ උදව් ලබා ගැනීමට සිදුවිය හැක.



1. Formal vs. Informal Caregivers: වෙනස කුමක්ද?

  • Informal Caregivers (විධිමත් පුහුණුවක් නොලත් සාත්තුකරුවන්):
පවුලේ සාමාජිකයන්, ඥාතීන් හෝ මිතුරන් වේ. විශේෂිත අධ්‍යාපනික පුහුණුවක් නොමැති වුවද, අත්දැකීමෙන් හා කරුණාවෙන් එදිනෙදා වැඩකටයුතු (කෑම, බීම, ඇඳුම් ඇඳීම) කරදීමට උදව් වෙති.
  • Formal Caregivers (විධිමත් පුහුණුව ලත් වෘත්තීය සාත්තුකරුවන්):
ඩිමෙන්ෂියා සාත්තුව පිළිබඳ සැලසුම්ගත අධ්‍යාපනයක්, සායනික පුහුණුවක් සහ අධීක්ෂණයක් ලබා ඇති වෘත්තිකයන් වේ.
⚠️ ඩිමෙන්ෂියා සාත්තුව යනු හුදෙක් "වැඩ ටිකක් කර දීම" පමණක් නොවේ:
බෙහෙත් ටික ලබා දීම, කෑම කැවීම, නෑවීම පමණක් නොව, රෝගියාගේ මානසික හා චර්යාත්මක වෙනස්වීම් (BPSD) තේරුම් ගෙන, චිකිත්සීය ප්‍රවේශයන් (Person-Centred Care & Non-Drug Strategies) ඔස්සේ ගුණාත්මක සත්කාරයක් (Quality Care) ලබා දීම ඩිමෙන්ෂියා පුහුණුව ලත් සාත්තුකරුවෙකුගේ (Dementia Trained Caregiver) විශේෂත්වයයි.

2. ඩිමෙන්ෂියා අවධිය අනුව අවශ්‍ය වන සාත්තු මට්ටම

  • මුල් අවධිය (Early Stage): සුළු අමතකවීම් පමණක් ඇති බැවින්, සාමාන්‍ය සැලකිලිමත් බවක් සහ සහයෝගයක් ප්‍රමාණවත් වේ.
  • මැදි අවධිය (Moderate Stage): මතකය බොහෝ සෙයින් අඩුවීම, අනාරක්ෂිතව ඇවිද යාම (Wandering Risk), චර්යාත්මක වෙනස්වීම් ඇතිවන බැවින් ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍ය වේ.
  • පසු අවධිය (Advanced / Late Stage): එකතැන්වීම, ආහාර ගිලීමේ අපහසුතා (Dysphagia) සහ පූර්ණ යැපීම් ඇතිවන බැවින් පළපුරුදු, විශේෂිත ඩිමෙන්ෂියා සාත්තු පුහුණුවක් අත්‍යවශ්‍ය වේ.

3. සාත්තු සේවකයෙකු තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලිය (Dementia Caregiver Interview)

සාත්තුකරුවෙකු බඳවා ගැනීමේදී පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance) සහ පෙර සේවා නිර්දේශ (References) පරීක්ෂා කිරීමට අමතරව, පහත සඳහන් ලකුණු 50 ක ප්‍රශ්නාවලිය භාවිත කළ හැකිය:

📊 ලකුණු ලබාදීමේ ක්‍රමය (Scoring Guide 1-5):
* 1 = දුර්වලයි (ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුමක් නැත / අනාරක්ෂිතයි)
* 2 = මූලිකයි (සීමිත දැනුම, කාර්යය කේන්ද්‍රීය පමණි)
* 3 = ප්‍රමාණවත් (සාමාන්‍ය පුහුණුව හා ප්‍රවේශය)
* 4 = හොඳයි (ඩිමෙන්ෂියා දැනුම සහ Person-Centred Care හැකියාව)
* 5 = විශිෂ්ටයි (ශක්තිමත් පුහුණුව, සහකම්පනය සහ ආරක්ෂිත ක්‍රමවේද)

ප්‍රශ්න 10:

  1. ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ ඔබ ලබා ඇති පුහුණුව හෝ අධ්‍යාපනය කුමක්ද? (What training or education have you had in dementia care?)
  2. ඩිමෙන්ෂියාව යනු කුමක්දැයි ඔබ පවුලේ සාමාජිකයන්ට පැහැදිලි කරන්නේ කෙසේද? (How do you explain dementia to families?)
  3. නැවත නැවත එකම ප්‍රශ්නය අසන හෝ ව්‍යාකූල වූ රෝගියෙකු සමඟ ඔබ සන්නිවේදනය කරන්නේ කෙසේද? (How would you communicate with a person who is confused or repeating questions?)
  4. පුද්ගලයා කලබලකාරී හෝ ආක්‍රමණශීලී වූ විට ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? (What would you do if the person becomes agitated or aggressive? - Reassurance & Non-drug strategies)
  5. වැටීම් (Falls) හෝ අතරමංවීම් (Wandering) අවදානම ඇති අයෙකුගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? (How do you ensure safety for someone at risk of falling or wandering?)
  6. නෑවීම හෝ ඇඳුම් ඇඳීම වැනි පුද්ගලික සාත්තුවේදී රෝගියාගේ ගෞරවය (Dignity) ආරක්ෂා කරන්නේ කෙසේද? (How do you maintain dignity during personal care?)
  7. රෝගියා සාත්තුව ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ඔබ කටයුතු කරන්නේ කෙසේද? (How do you handle situations where the person refuses care? - Redirection & Flexibility)
  8. සාත්තු ක්‍රියාවලියට පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගන්නේ කෙසේද? (How do you involve family members in dementia care?)
  9. චිත්තවේගීය යහපැවැත්ම ඉහළ නැංවීමට සහ ආතතිය අඩු කිරීමට ඔබ කරන්නේ කුමක්ද? (How do you support emotional well-being and reduce anxiety? - Validation & Engagement)
  10. ඔබ මුහුණ දුන් අභියෝගාත්මක ඩිමෙන්ෂියා සාත්තු අත්දැකීමක් සහ එය විසඳූ ආකාරය පැහැදිලි කරන්න. (Can you share a challenging dementia care situation and how you handled it?)

ලකුණු අර්ථකථනය (Total Score / 50):

  • 45 – 50: විශිෂ්ට ඩිමෙන්ෂියා පුහුණු සාත්තුකරුවෙකි (Excellent).
  • 35 – 44: හොඳ ඩිමෙන්ෂියා දැනුමක් සහිත සාත්තුකරුවෙකි (Good).
  • 25 – 34: මූලික කුසලතා පමණක් ඇත, දැඩි අධීක්ෂණයක් අවශ්‍ය වේ (Basic).
  • 25 ට අඩු: ඩිමෙන්ෂියා සාත්තුව සඳහා නුසුදුසුය (Not Suitable).

4. සාත්තු සේවකයෙකු බඳවා ගැනීමෙන් පසු අනුගමනය කළ යුතු පියවර 5ක්

  1. පැහැදිලි කාර්යභාරයන් සහ සීමාවන් නියම කරන්න (Set clear roles & Care Plan):
දෛනික චර්යාව, කළ යුතු සහ නොකළ යුතු දේ ඇතුළත් ලිඛිත සාත්තු සැලසුමක් (Care Plan) ලබා දෙන්න.
  1. ඔවුන්ගේ ඩිමෙන්ෂියා දැනුම සක්‍රියව භාවිත කරන්න (Active communication):
රෝගියාගේ චර්යා වෙනස්වීම් සහ සාත්තුකරු මුහුණදෙන ගැටළු පිළිබඳව නිතර සුහදව සාකච්ඡා කරන්න.
  1. සාත්තු සැලසුම් යාවත්කාලීන කිරීමට ඔවුන්ව සම්බන්ධ කරගන්න (Care planning):
රෝගියාගේ තත්ත්වය වෙනස්වන විට සාත්තුකරුගේ ප්‍රායෝගික අදහස්ද සැලකිල්ලට ගන්න.
  1. අධීක්ෂණ කැමරා භාවිතය (Safety & Care Review):
ආරක්ෂාව සහ සාත්තුවේ ගුණාත්මකභාවය තහවුරු කරගැනීමට පොදු ප්‍රදේශ ආවරණය වන පරිදි කැමරා භාවිතය පිළිබඳව සාත්තුකරු දැනුවත් කරන්න.
  1. අන්තර්ක්‍රියා නිරීක්ෂණය කරන්න (Observe Interactions):
සාත්තුකරු ඉදිරියේ රෝගියා දක්වන ප්‍රතිචාර, මුහුණේ ඉරියව් සහ සුවපහසුව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන්න.

සමාප්තිය

නිසි දැනුම සහ සහකම්පනය සහිත ඩිමෙන්ෂියා සාත්තු සේවකයෙකු තෝරාගැනීම සහ පවුලේ අය සමඟ කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ඔබේ ආදරණීයයාට වඩාත් ගෞරවනීය හා සුවදායී ජීවිතයක් උරුම කරදිය හැක.

2023/11/04

ඩිමෙන්ෂියා සාත්තුවේදී Respite Care: සාත්තු සපයන්නන්ගේ මානසික බිඳවැටීම (Burnout) වළක්වා ගැනීමට විවේක සත්කාරයේ වැදගත්කම

සාත්තුව හෙවත් සත්කාරය (Caregiving) කියූ සැණින් එහි ඇති බැරෑරුම් වගකීම අපට හැඟේ. තවත් අයෙකුට සාත්තු කිරීමේදී තිබිය යුතු දැනුම, ලබාදිය යුතු සාත්තුවේ නිවැරදි බව, සුවපහසුව, විය හැකි අතපසුවීම් සහ ඒ ඔස්සේ මතුවිය හැකි සංකූලතා පිළිබඳව විශාල වගකීමක් සාත්තුකරු මත පැටවේ.

එයිනුත්, ඩිමෙන්ෂියා සාත්තුව යනු වඩාත් සංකීර්ණ, කායිකව මෙන්ම දැඩි මානසික වෙහෙසක් ගෙනදෙන ක්‍රියාවලියකි. ඒ නිසාම සාත්තු සපයන්නන් ඉතා ඉක්මනින් Caregiver Burnout, Chronic Stress හෝ Depression වැනි මානසික බිඳවැටීම්වලට ලක්වීමේ අවදානම ඉහළය. මෙන්න මේ හානිකර තත්ත්වයන් වළක්වා ගැනීමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ Respite Care (විවේක සත්කාරය) යි.



මොකක්ද මේ Respite Care කියන්නේ?

Respite Care යනු, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයාට සාත්තු කරන ප්‍රධාන සාත්තුකරුට (Primary Caregiver) යම් විවේකයක්, සැහැල්ලුවක් ලබාදීම පිණිස සුදුසු පුහුණුවක් හෝ දැනුමක් සහිත වෙනත් අයෙකු අදාළ සාත්තු ක්‍රියාවලියට තාවකාලිකව මැදිහත් වීමයි.

💡 සරල උදාහරණයක්:
ඔබ දිනපතා ඔබේ මවට සාත්තු කරමින් දැඩි වෙහෙසකින් පසුවන විට, ඔබේ සහෝදරිය පැමිණ "මේ සති අන්තයේ ඔයා නිදහසේ රෙස්ට් කරන්න, මම අම්මව බලාගන්නම්" යැයි පැවසීම ඔබට මහත් සැනසීමක් ගෙනදෙයි. ඉන් අදහස් වන්නේ ඔබ මවට සාත්තු කිරීමට අකමැති බවක් නොවේ; ඔබටත් යම් මානසික හා කායික විවේකයක් අත්‍යවශ්‍ය බවයි. මෙම මැදිහත්වීම පවුල තුළින්ම ලැබෙන Respite Care එකකි.

මෙලෙස නිසි විවේකයක් ලබාගැනීමෙන්, සාත්තු සපයන්නා දිගුකාලීනව burnout නොවී, වඩාත් ඉවසීමෙන්, කරුණාවෙන් සහ කාර්යක්ෂමව දිගටම සාත්තු ලබාදීමට ශක්තිය ලබාගනී.



Respite Care ලබාගත හැකි ප්‍රධාන ක්‍රමවේද 5ක්

1. පවුල තුළින්ම සැලසුම් කරගන්නා විවේක සත්කාරය (Family-Based Respite)

වඩාත්ම ලාභදායී සහ ප්‍රායෝගික ආරම්භය මෙයයි.
  • රෝග විනිශ්චය ලැබුණු මුල් අවස්ථාවේම පවුලේ සාමාජිකයන් එක්ව සාකච්ඡා කර වගකීම් බෙදාගන්න.
  • එක් අයෙකු මත පමණක් සියලු බර නොපටවා, සතියේ දින සහ සති අන්ත ලෙස හෝ දවසේ වේලාවන් අනුව සාත්තු වගකීම බෙදාගන්න.

2. නිවසට පැමිණෙන විවේක සත්කාර (In-Home Respite Services)

විශේෂිත පුහුණුවක් ලත් සාත්තු සේවකයෙකු නිවසට පැමිණ පැය කිහිපයකට හෝ දිනකට රෝගියා රැකබලා ගනිමින් ප්‍රධාන සාත්තුකරුට නිදහසේ තම වැඩකටයුතු කරගැනීමට අවස්ථාව සලසා දීම. (මෙහිදී ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ නිසි පුහුණුවක් ඇති ආයතන තෝරාගැනීම අතිශය වැදගත් වේ).

3. වැඩිහිටි දින සත්කාර වැඩසටහන් (Adult Day Programs)

විදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන්වලදී, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයා දිවා කාලයේදී (උදෑසන 9 සිට සවස 3 දක්වා) විශේෂිත මධ්‍යස්ථානයකට යොමු කෙරේ. එහිදී පුහුණු වෘත්තිකයන් යටතේ මතකය උත්තේජනය කරන චිකිත්සීය හා සාමාජික ක්‍රියාකාරකම්වල යෙදෙන අතර, සාත්තු සපයන්නාට සම්පූර්ණ දවසක් නිදහසේ විවේක ගැනීමට අවස්ථාව ලැබේ.

4. මාර්ගගත විවේක වැඩසටහන් (Virtual Respite Programs)

ඩිමෙන්ෂියාවේ මුල් හෝ මධ්‍යම අවධියේ පසුවන, තවමත් සන්නිවේදනය කළ හැකි පුද්ගලයන් වෙනුවෙන් පරිගණකය හෝ දුරකථනය ඔස්සේ ක්‍රියාත්මක වන සංගීත, කලා හා සංවාදාත්මක වැඩසටහන්. එම කාලය තුළ සාත්තුකරුට මඳ විවේකයක් ලැබේ.

5. කෙටි කාලීන නේවාසික සත්කාර (Short-Stay Residential Respite)

සති අන්තයක් හෝ සති කිහිපයක නිවාඩුවක් සඳහා සාත්තු සපයන්නාට බැහැර වීමට අවශ්‍ය වූ විට, Assisted Living හෝ Long-Term Care මධ්‍යස්ථානයක රෝගියාව කෙටි කලකට නේවාසිකව රඳවා තබා ගැනීම.

ශ්‍රී ලංකාව සඳහා ඉදිරි දැක්ම: Dementia Community Companion

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආයතනික පහසුකම් තවමත් ප්‍රමාණවත් තරම් නොමැති වුවද, වැඩිවන වියපත් ජනගහනය සමඟ රජයේ සහ පෞද්ගලික අංශයේ මෙවැනි සේවාවන් ඇතිවීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම, පුහුණුව ලත් ස්වේච්ඡා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් Dementia Community Companion ජාලයක් අපගේ සමාජය තුළ ගොඩනැගීම තුළින්, නිවෙස්වල තනිව වෙහෙසෙන පවුල්වල සාත්තු සපයන්නන්ට මහඟු සහනයක් ලබාදිය හැකිය.

2023/10/28

Dementia Caregiver Burnout: ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී වෙහෙස (Fatigue) ඉක්මවා යන මානසික හා කායික බිඳවැටීමෙන් මිදීමට මග

රෝගියෙකුට සාත්තු කිරීම යනු කායික හා මානසික වශයෙන් මහත් වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමකි. ඒ අතරින්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කිරීමේදී එම වෙහෙස තවත් තීව්‍ර වේ.



1. සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue) vs. Caregiver Burnout

  • සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue):
කායිකව හා මඳ වශයෙන් මානසිකව දැනෙන තාවකාලික මහන්සියකි. හොඳ නින්දක්, කෙටි විවේකයක් හෝ නිවාඩුවක් මගින් යථා තත්ත්වයට පත්විය හැක.
  • Caregiver Burnout:
කායික වෙහෙස, මානසික පීඩාව සහ චිත්තවේගීය බර එක්ව හටගන්නා දීර්ඝකාලීන බිඳවැටීමකි (Chronic Emotional & Physical Exhaustion). විවේකයකින් හෝ නින්දකින් පවා සුවයක් නොලැබෙන අතර, ශක්තිය සහ උද්යෝගය සම්පූර්ණයෙන්ම සිඳී යයි.
⚠️ අවදානම් සහගත ප්‍රතිඵල:
Burnout තත්ත්වයට පත්වූ විට සාත්තුවේ ගුණාත්මකභාවය පහත වැටීම, රෝගියා කෙරෙහි නොඉවසිලිමත්කම හෝ කෝපය ඇතිවීම සහ අන්ත අවස්ථාවලදී නොදැනුවත්වම කායික/මානසික පීඩා (Caregiver Neglect or Abuse) සිදුවීමේ "හානිකර විෂම චක්‍රයකට" (Vicious Cycle) මැදිවිය හැක.

2. Caregiver Burnout තත්ත්වයට හේතු 7ක්

1. සන්නිවේදනයේ බාධාවන්

BPSD (Behavioral and Psychological Symptoms of Dementia) නිසා රෝගියා තම අවශ්‍යතා වචනයෙන් පැහැදිලි කිරීමට අපොහොසත් වීම. වචන වෙනුවට ඉඟි, හැඬීම්, කෝපවීම් වැනි නිර්වාචික චර්යාවන් නිරන්තර විමසිල්ලෙන් හඳුනාගැනීමට සිදුවීම අධික වෙහෙසකි.

2. අනපේක්ෂිත චර්යාත්මක වෙනස්වීම්

අහේතුකව අනාරක්ෂිත ලෙස ඇවිද යාම (Wandering / Elopement Risk), සැකකිරීම්, බැන වැදීම්, ආවේගශීලී හැසිරීම් මෙන්ම සවස් කාලයේදී උත්සන්න වන Sundowning සහ රාත්‍රී නිදිවැරීම් හේතුවෙන් සාත්තු සපයන්නාට සුව නින්දක් අහිමි වීම.

3. නිමාවක් නොවන කායික උපකාර

නෑම, ඇඳුම් ඇඳීම, වැසිකිලි යාම, මාරු කිරීම් සහ පෝෂණය වැනි කායික සාත්තු කටයුතු දිනපතා නැවත නැවතත් රෝගියාගේ අවම සහභාගීත්වයෙන් යුතුව කිරීමට සිදුවීම.

4. වෙනස්වීම් අත්දැකීමේ මානසික වේදනාව (Ambiguous Loss)

පෙනුමෙන් තමන්ගේ ආදරණීය මව, පියා හෝ සහකරු වුවද, මතකය හා පෞරුෂය වෙනස්වීම නිසා තමන්ව හඳුනා නොගැනීම දැකීමෙන් සාත්තු සපයන්නා තුළ හටගන්නා දැඩි ශෝකය සහ චිත්තවේගීය බර.

5. පෞද්ගලික ජීවිතය දෙවැනි තැනට දැමීම

පැය 24 පුරා සාත්තු වගකීම නිසා තම රැකියාව, පවුලේ සෙසු දරුවන්ගේ අවශ්‍යතා, සමාජ සම්බන්ධතා සහ පුද්ගලික විනෝදාංශ සම්පූර්ණයෙන්ම අහිමි වීම.

6. ආර්ථික සහ නීතිමය පීඩනය

ඖෂධ, සාත්තු ආධාරක සහ අතිරේක සත්කාර සඳහා යන පිරිවැය මෙන්ම දේපළ හා නීතිමය වගකීම් පිළිබඳ ගැටළු.

7. අපේක්ෂිත පවුලේ හෝ සමාජයේ සහයෝගය නොලැබීම

සියලු බර එක් අයෙකු මත පැටවීම නිසා දැනෙන තනිකම හා අසරණභාවය.

3. Burnout අවදානම වළක්වා ගැනීමේ ප්‍රායෝගික පියවර 5ක්

1. සාත්තුවේ පැහැදිලි ආකෘතියක් (Structure) සකසා ගන්න

  • දෛනික සාත්තු සැලසුම (Daily Care Routine): අවදිවීම, පිරිසිදු කිරීම්, ආහාර, ඖෂධ, කෙටි විවේක සහ රාත්‍රී නින්ද සඳහා නිශ්චිත වේලාවන් සහිත සටහනක් පවත්වා ගන්න. මෙය දෙපාර්ශවයටම මානසික සහනයක් ගෙනදෙයි.
  • සාත්තු කාලසටහන (Caregiving Schedule): පවුලේ සාමාජිකයන් අතර වගකීම් බෙදාගැනීමේ සටහනක් (හෝ Google Calendar භාවිතයෙන්) පවත්වා ගෙන තනි පුද්ගලයෙකු මත බර පැටවීම වළක්වන්න.
  • ස්වයං රැකවරණ සැලසුම (Self-Care Plan): දිනපතා තමන් වෙනුවෙන්ම වෙන්වූ විවේකයක්, සුව නින්දක් සහ මිතුරන් සමඟ සුහද කතාබහක් සඳහා කාලය වෙන්කර ගන්න.

2. අන්‍යයන්ගේ උපකාර ලබාගන්න (Respite Care)

තනිව සියල්ල කිරීමට උත්සාහ නොකරන්න. පවුලේ සාමාජිකයන්, ගෙවීම් ලබන සාත්තු සේවකයන් හෝ ප්‍රජා මට්ටමේ විවේක සත්කාරක සේවා (In-home respite / Adult Day Programs) සම්බන්ධ කරගන්න.

3. උපකාරක කණ්ඩායම් (Support Groups) සමඟ එක්වන්න

සමාන අභියෝගවලට මුහුණදෙන අනෙකුත් සාත්තු සපයන්නන් සමඟ අත්දැකීම් බෙදාගැනීම, සෞඛ්‍ය උපදෙස් ලබාගැනීම සහ මානසික පීඩනය පිටකිරීම මගින් විශාල සැනසිල්ලක් ලැබේ.

4. දැනුවත්වීම සහ දැනුම යාවත්කාලීන කරගැනීම

ඩිමෙන්ෂියා රෝගයේ වර්ධනය, චර්යා කළමනාකරණය සහ හදිසි අවස්ථා සඳහා සූදානම්ව සිටීමෙන් අනපේක්ෂිත කලබල වීම් සහ ආතතිය අවම කරගත හැක.

5. තමන් වෙනුවෙන් කාරුණික වන්න (Self-Compassion)

තමන්ට පාලනය කළ නොහැකි මොළයේ රෝගී තත්ත්වයක වෙනස්වීම් පිළිබඳ වරදකාරී හැඟීම තමන් පිට පටවා නොගන්න. තම ශාරීරික සීමාවන් හඳුනාගෙන, තමන්ගේ සෞඛ්‍යයට මුල්තැන දීම වරදක් නොවන බව තේරුම් ගන්න.

සමාප්තිය

සාත්තු ලබන්නාට උපරිම සත්කාරයක් ලබාදිය හැක්කේ සාත්තු සපයන්නා නිරෝගීව සහ සුවබර මනසකින් සිටියහොත් පමණි. ඔබව රැකබලා ගැනීම ඩිමෙන්ෂියා සත්කාරයේ අංක එකේ ප්‍රමුඛතාවයයි!

2023/10/21

දැනුවත් වීමේ "විශේෂ" වැදගත්කම්: ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා අවදානම, දියවැඩියාව සහ සෞඛ්‍ය ප්‍රතිපත්තිවල අභියෝග

ශ්‍රී ලාංකික අප, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳව දැනට වඩා යාවත්කාලීන සහ ප්‍රමාණවත් දැනුවත් වීමේ අත්‍යවශ්‍යතාවයට හේතු වන කරුණු කිහිපයක් මෙසේ සටහන් කරන්නේ, ඒ ගැන ගැඹුරින් සිතා බැලීමටත් ඔබගේ අදහස් එකතු කිරීමටත්ය.



1. පර්යේෂණ සහ විමර්ශණ හිඟය


ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන්ගේ සැබෑ තත්ත්වය හඳුනාගත හැකි ජාතික මට්ටමේ පර්යේෂණ හෝ විමර්ශණ කිසිවක් මේ වනතුරු ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමින් ප්‍රකාශයට පත්වී නොමැත.

රාගම, මාතර වැනි කුඩා ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගත් පර්යේෂණ කිහිපයක් හැරුණුකොට, සමස්ත රට තුළ ඩිමෙන්ෂියා ව්‍යාප්තිය "නිවැරදි" ලෙස හඳුනාගැනීමට තවමත් නිසි දත්ත පද්ධතියක් නොමැත. වෛද්‍ය විද්‍යාත්මක මට්ටමේ පර්යේෂණ කිහිපයක් පළවී ඇතත්, ඒ ඔස්සේ ජාතික මට්ටමේ වැඩිවීමේ සීඝ්‍රතාවය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවක් තවමත් නැත.



2. දියවැඩියාවේ තත්ත්වය තුළ ඇති දැඩි අවදානම


ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සඳහා ප්‍රබල අවදානම් සාධකයක් විය හැකි දියවැඩියාව (Diabetes) ලංකාව තුළ අතිශය ඉහළ මට්ටමක පැවතීම බරපතල අනතුරු ඇඟවීමකි.

"According to recent WHO estimates, the age-standardized prevalence of diabetes among individuals aged 30 and older in Sri Lanka was 31.2% in 2022. This equates to approximately 4.2 million people in the country living with diabetes. Of these, nearly 41%, or 2.4 million are not on any treatment."
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)

වයස 30ට වැඩි ජනගහනයෙන් 31.2%ක් දියවැඩියාවෙන් පෙළීමත්, ඉන් 41%ක් කිසිදු නිසි ප්‍රතිකාරයක් නොගැනීමත් මගින් ඉදිරි දශක කිහිපය තුළ Vascular Dementia සහ Alzheimer's අවදානම දැවැන්ත ලෙස ඉහළ යා හැක.



3. පෙර හඳුනාගැනීමේ (Screening) ක්‍රමවේදයන්ගේ හිඟකම


අද වනතුරුත් ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූලව, වාර්ෂිකව හෝ සෞඛ්‍ය සායන මට්ටමින් ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත සංජානන දුර්වලතා (Cognitive Screening) කල්තියා හඳුනාගැනීමේ කිසිදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක නොවේ.


4. විශේෂ පුහුණුව සහිත වෘත්තිකයන්ගේ හිඟය


ඩිමෙන්ෂියා හඳුනාගැනීම, ප්‍රතිකාරය සහ සාත්තුව සඳහා විශේෂිත පුහුණුව සහ අත්දැකීම් සහිත බහුවිධ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් (Multidisciplinary Geriatric Team) රාජ්‍ය හෝ පෞද්ගලික අංශය තුළ ප්‍රමාණවත් තරම් නොමැත.

විශේෂයෙන්ම, රෝගී පුද්ගලයාට මෙන්ම එම පවුල වෙත ලබාදිය යුතු මනෝ-සමාජීය සහ චිකිත්සීය සේවාවන් (Occupational therapy, specialized dementia nursing, behavioral support) තවමත් ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ බෙහෙවින් සීමිතය.



5. සීඝ්‍රයෙන් වැඩිවන "වියපත් ජනගහණය" (Rapidly Ageing Population)


ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය සීඝ්‍ර වර්ධනයක් දක්වයි.

"According to UNFPA Sri Lanka, by 2030, Sri Lanka is projected to have a significant proportion of its population aged 60 and over, with approximately one in five people falling into that age group."
UNFPA Sri Lanka

2030 වන විට ජනගහනයෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වියපත් අයෙකු බවට පත්වීමත් සමඟ, ඉහත සඳහන් කළ දියවැඩියාව හා වෙනත් බෝ නොවන රෝග ප්‍රවණතා හමුවේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ යාම නොවැළැක්විය හැකිය.



6. ප්‍රමාණවත් ප්‍රජා දැනුවත් බවක් නොමැතිවීම


ඩිමෙන්ෂියාව පිළිබඳව සමාජය තුළ පවතින දැනුම අවම මට්ටමක පැවතීම සහ පොදුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ ඇති අසංවිධානාත්මක බව නිසා, රෝග ලක්ෂණ "වයසට යාමේ සාමාන්‍ය ස්වභාවයක්" ලෙස සලකා නොසලකා හැරීම හෝ මිථ්‍යා මත හා අසාර්ථක ක්‍රම වෙත යොමුවීමට වැඩි ඉඩක් පවතී.


7. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ ඇති අක්‍රිය බව


වියපත් ප්‍රජාව වෙනුවෙන් වූ විශේෂිත සෞඛ්‍ය ක්ෂේත්‍රයක (Specialised Geriatric Health Services) සහ ජාතික ඩිමෙන්ෂියා උපායමාර්ගික ප්‍රතිපත්තියක (National Dementia Action Plan) අවශ්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් සක්‍රිය ක්‍රියාත්මක වීමක් හෝ ඒ වෙනුවෙන් ප්‍රජා පෙළඹවීමක් තවමත් ප්‍රමාණවත් තරම් දක්නට නොමැත.


අවසන් පණිවිඩය


මෙම කරුණු පිළිබඳව සමාජයක් ලෙස අප විවෘතව කතාබහ කළ යුතුය. පුද්ගලික මට්ටමින් තම මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා අතරම, ජාතික මට්ටමින් වැඩිහිටි සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීමට හඬ නැගීම කාලීන අවශ්‍යතාවයකි.

2023/10/14

වැරදි ඇත්ත සහ සැප බොරුව: ඩිමෙන්ෂියාවේදී පුද්ගලයින් වරදවා හඳුනාගැනීම සහ සත්‍ය පහදා දීම සුදුසුද?

ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී මුහුණදීමට සිදුවන ඉතා සංවේදී සහ ප්‍රායෝගික අභියෝගයක් පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ විමසීමක් සහ එහි චිකිත්සීය විසඳුම් විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"මම ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගන්නවා. ඇය ඇතැම්විට මා සහ අනෙකුත් පිරිමි රැකබලා ගන්නන් ඇයගේ සැමියා විදියට සලකනවා.

1. මෙහිදී ඇයට සත්‍ය පහදා දීම සුදුසුද? නැතිනම් ඇයට එසේ සිතා ගැනීමට හැර කටයුතු කිරීම සුදුසු ද?
2. අනෙකුත් අතීත මතක සමග කටයුතු කිරීමේ සුදුසුම විදිහ කුමක්ද?
3. පුහුණුවීම් වලදී ඇයගේ ලෝකයේ අපත් ජීවත්විය යුතු බව පැවසුවත් තවදුරටත් පැහැදිලි කරගත යුතුයි."



මගේ පිළිතුර

මුලින්ම, ඩිමෙන්ෂියා සාත්තුව තුළදී මුහුණදෙන මෙවැනි ප්‍රායෝගික ගැටළුවක් ගෙන ඒම පිළිබඳව ස්තුතියි. මෙවැනි ගැටළුවලට විසඳුම් සෙවීම සහ අත්දැකීම් බෙදාගැනීම තුළින් තමයි වඩාත්ම සාර්ථක ඩිමෙන්ෂියා සාත්තුවක් ලබා දීමට හැකි වන්නේ.



මගේ වෘත්තීය අත්දැකීමක්

ඔබ සඳහන් කර තිබෙන අත්දැකීම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයට සාත්තු කරන බොහෝ දෙනෙකු (පවුලේ සාමාජිකයන් මෙන්ම වෘත්තිකයන් පවා) මුහුණදෙන පොදු අවස්ථාවක් මෙන්ම විශාල අභියෝගයකි.

කොවිඩ් වසංගත සමයේ අපගේ සියලු චිකිත්සීය වැඩසටහන් දුරස්ථ ක්‍රමයට (Virtual) පත් වූ අවස්ථාවේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එක් සේවාලාභිණියක් සම්බන්ධ වූවාය. පරිගණක තිරයක් හරහා ඇතිවන දුරස්ථභාවය මධ්‍යයේ වුවද, ඇය සෞඛ්‍ය ගැටළුවක් නිසා ජීවිතයෙන් සමුගන්නා තෙක්ම සති ගණනාවක් එම චිකිත්සීය ක්‍රියාවලිය තුළ රඳවා තබාගැනීමට හැකි වූයේ මා ඇගේ ලොකු පුතා (ඔහු විදේශයක හමුදා සේවයේ යෙදී සිටියේය) ලෙස ඇය වරදවා හඳුනාගැනීම නිසාය.

එතැනදී අප ඇගේ එම පිළිගැනීමට බාධා නොකර, ඇය "පුතා" වෙත තබා තිබූ විශ්වාසය ඔස්සේ චිකිත්සීය සේවාව සාර්ථකව ලබා දුන්නෙමු. (සැසිවාර අවසානයේ ඇගේ සැමියා කතා කර "ඔයා දන්නවද, අද මාග්‍රට් ඇඳට ගියේ හරිම සතුටින්, පුතාගේ වරුණෙම තමා කිව්වේ" යැයි පවසද්දී එය සිතට ගෙන ආවේ මහත් සතුටකි).



විද්‍යාත්මක පසුබිම: Delusional Misidentification Syndromes (DMS)

ඩිමෙන්ෂියා සත්කාර ක්ෂේත්‍රය තුළ මෙම "වරදවා හඳුනාගැනීම" හඳුන්වන්නේ Delusional Misidentification Syndromes (DMS) ලෙසයි.

  • Fregoli Syndrome: තමන් නොදන්නා අමුත්තෙකු හෝ සාත්තු සපයන්නෙකු තම සමීපතමයෙකු (සැමියා, පුතා ආදී) ලෙස දැඩිව විශ්වාස කිරීම.
  • Capgras Syndrome: තමන්ගේ සැබෑ සමීපතමයා "ව්‍යාජ වංචනිකයෙකු" (Imposter) ලෙස සැක කිරීම.

ඇයි මෙහෙම වෙන්නේ?

මෙය හුදෙක් සිතාමතා කරන දෙයක් නොව, මොළයේ සෛල ක්ෂයවීම සහ ජෛව-රසායනික වෙනස්වීම් නිසා සිදුවන්නකි. විශේෂයෙන් මොළයේ දකුණු අර්ධගෝලයේ (Right Hemisphere) මුහුණුවරවල්, ඉරියව් සහ හැසිරීම් හඳුනාගෙන ඒවාට අදාළ චිත්තවේගීය හැඟීම් (Emotional processing) ගලපා දෙන ස්නායු පටක අක්‍රිය වීම මෙයට හේතු වේ (විශේෂයෙන් Lewy Body Dementia - LBD වැනි තත්ත්වවලදී බහුලයි).
🧠 සරල උපමාවක්:
මෙය හරියට හිරිවැටුණු අතකින් පෑනක් අල්ලනවාක් මෙනි. පෑන අතේ ඇති බව පෙනුණත්, පෑන අතැඟිලිවලට දැනෙන සැබෑ ස්පර්ශ හැඟීම මොළයට නොලැබේ.

සත්‍ය පහදා දීම (Reality Orientation) අසාර්ථක වන්නේ ඇයි?

මොළයේ අදාළ ගැලපීම කරන කොටස අක්‍රියව පවතින විට, අප කොතෙක් "ඇත්ත" පැහැදිලි කිරීමට ගියද එම පුද්ගලයාට එය තේරුම් ගත නොහැක. එවිට සිදුවන්නේ:

  1. රෝගියා දැඩි චිත්තවේගීය පීඩාවකට, බියට හා කෝපයට පත්වීම.
  2. සාත්තු සපයන්නා කෙරෙහි ඇති විශ්වාසය සහ බැඳීම සම්පූර්ණයෙන්ම බිඳ වැටීම.

මේ නිසා, අතීතයේ භාවිත වූ මුරණ්ඩු ලෙස සත්‍යයම ඔප්පු කිරීමට උත්සාහ කරන Reality Orientation ක්‍රමය වෙනුවට, අද දවසේ පිළිගන්නේ Validation Techniques (චිත්තවේගීය යථාර්ථය පිළිගැනීම) යි. එනම්, ඔවුන් සිටින මානසික ලෝකයට ගරු කරමින්, ඔවුන්ගේ හැඟීම් වලංගු කරමින් සත්කාරය ලබා දීමයි.



සාත්තු සත්කාරයේ "උපකරණ කට්ටලය" (Toolbox)

මෙවැනි අවස්ථාවකදී චිකිත්සීයව භාවිත කළ හැකි උපක්‍රම 5 මතක තබා ගැනීමට උපකාරී වන කෙටි යෙදුමකි:
"Don't Freak, Nana's Really Confused"

1. Distraction (වෙනතකට යොමු කිරීම)

පුද්ගලයාගේ අවධානය, පරිසරය හෝ මාතෘකාව වෙනත් සතුටුදායක ක්‍රියාකාරකමකට හෝ ආහාර පාන වෙත සුහදව යොමු කිරීම.

2. Fibs / Therapeutic Lie (චිකිත්සීය බොරුව / White Lie)

අනවශ්‍ය කලබලයක් හෝ වේදනාවක් ඇතිවීම වැළැක්වීම පිණිස, සත්‍යය මුරණ්ඩු ලෙස කියා රිදවනවා වෙනුවට සැනසිලිදායක පිළිතුරක් ලබා දීම (උදා: "මහත්තයා ඉක්මනටම ඒවි, ඊට කලින් අපි මේ බෙහෙත් ටික බීලා ඉමු").

3. No Response / Non-Verbal (නිහඬව සවන්දීම)

තර්ක කිරීමට හෝ වාචිකව ප්‍රතිචාර දැක්වීමට නොගොස්, සිනහවකින්, හිස සැලීමකින් හෝ අත අල්ලා ගැනීමෙන් ආරක්ෂිත බවක් දැනෙන්නට හැරීම.

4. Reality Orientation (සුදුසු කෙටි අවස්ථාවන්හිදී පමණක්)

පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාව සාපේක්ෂව හොඳින් පවතින කෙටි අවස්ථාවකදී පමණක් සත්‍ය තත්ත්වය මෘදු ලෙස සිහිපත් කිරීම.

5. Combination (ඉහත උපක්‍රමවල එකතුවක්)

අවස්ථාව සහ සේවාලාභියාගේ මානසික මට්ටම අනුව ඉහත ක්‍රම කිහිපයක් මුසු කර භාවිත කිරීම.

සමාප්තිය

ඩිමෙන්ෂියා සත්කාරයේදී වඩාත්ම වැදගත් වන්නේ අපේ ඇත්ත ඔවුන් මත බලහත්කාරයෙන් පැටවීම නොව, ඔවුන්ගේ ලෝකය තුළ ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බව සහ බිය තුරන් කරමින් උපරිම සැනසිල්ල හා රැකවරණය ලබා දීමයි.

2023/10/07

වචන පරක්කුව: Tip-of-the-Tongue, MCI සහ ඩිමෙන්ෂියාවේ මුල් සංඥා හඳුනාගැනීම

"පුතේ මට ඉක්මණට අරගෙන එන්න , අර , අර ..අර මේ .. ඔය අපි එලෝලු කපන්න ගන්න ...දිග ..අර...... "

"දුවේ මට හැන්ද ගෙනත් දියං මේ පාන් පෙත්ත කපා ගන්ට"

"අපට ඉක්මන් කරල ගියොත් කස් එක අල්ල ගන්න පුළුවන් වෙයි"

"දවසක් අපි යන කොට අර මේ ...මේ මොකක් අර මේ ඔයා දන්නවනේ අර අර..."

වචන මතක් කරගැනීමේ අපහසුව (Word-Finding Difficulty)

ගැලපෙන වචනය ප්‍රකාශ කිරීමට නොහැකි වීම, අවශ්‍ය වචනය වෙනුවට ඊට සමාන හඬ ඇති වෙනත් වචන ආදේශ කිරීම (උදා: බස් එක වෙනුවට 'කස් එක' කීම), හෝ අවශ්‍ය භාණ්ඩය වෙනුවට වෙනත් වැරදි නමක් පැවසීම (උදා: පිහිය වෙනුවට 'හැන්ද' කීම), නැතහොත් අවශ්‍ය වචනය වෙනුවට ඊට ආසන්න විස්තර වලින් කතාබහ පිරවීමට දරන උත්සාහය පිටුපස MCI (Mild Cognitive Impairment) හෝ ඩිමෙන්ෂියාවේ පූර්ව අවධියක් පැවතිය හැක.



සැලකිලිමත් විය යුතු රතු එළි (Warning Signs)

  • ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවීම: වචන අමතක වන හෝ පැටලෙන වාර ගණන දිනෙන් දින වැඩිවීම.
  • කාලය වැඩිවීම: නිවැරදි වචනය මතක් කරගැනීමට හෝ වාක්‍යය සම්පූර්ණ කිරීමට පෙරට වඩා වැඩි වේලාවක් ගතවීම.
  • මානසික පීඩාව: මෙම "හිරවීම්" (Hesitations) හේතුවෙන් අදාළ පුද්ගලයා ලැජ්ජාවට, ආතතියට හෝ කතාබහෙන් ඈත්වීමට පටන් ගැනීම.
  • දෛනික කටයුතුවලට බාධා වීම: එදිනෙදා වැඩ කටයුතු, සාප්පු සවාරි හෝ දුරකථන සංවාද පවත්වා ගැනීමට මෙම අපහසුව බාධාවක් වීම.

මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ නම්, වෛද්‍යවරයෙකු හෝ ස්නායු විශේෂඥයෙකු හමුවී සාකච්ඡා කිරීම ගැටළු කල්තියා කළමනාකරණය කරගැනීමට අතිශය වැදගත් වේ.



"දිව අග තිබෙන" උත්තරය (Tip-of-the-Tongue - TOT Phenomenon)

සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම අයෙකුට අවශ්‍ය වචනයක් ක්ෂණිකව මතකයට නොපැමිණ "දිව අග තිබුණත් කියාගන්න බැරිවීම" (Tip-of-the-Tongue) සාමාන්‍ය තත්ත්වයක් විය හැක.

නමුත්, එය මතුවන වාර ගණන අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ නම් සහ එදිනෙදා බහුලව භාවිත කරන සරල වචන සඳහාත් එවැනි අපහසුතා මතු වන්නේ නම්, එය සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා හැර විමසිලිමත් වීම වටී.



වෙනත් හේතු (Alternative Causes)

මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ, මෙවැනි වචන පරක්කු වීම් හටගන්නේ ඩිමෙන්ෂියාව හෝ MCI නිසාම පමණක් නොවේ:

  1. මානසික ආතතිය සහ කාංසාව: අධික වෙහෙස හා මානසික පීඩනය නිසා මොළයේ සැකසුම් වේගය මන්දගාමී වීම.
  2. නින්ද නොලැබීම හා විජලනය: මොළයේ ක්ෂණික මතකය දුර්වල වීම.
  3. හෝමෝනමය වෙනස්වීම්: තයිරොයිඩ් හෝ හෝමෝන අසමතුලිතතා.
  4. ඖෂධවල බලපෑම: ඇතැම් සන්සුන්කාරක හෝ ප්‍රතිකාරක ඖෂධවල අතුරු ආබාධ.



සමාප්තිය

වඩාත් වැදගත් වන්නේ ස්වයං රෝග විනිශ්චයකට ගොස් අනවශ්‍ය ලෙස කලබල වීම නොව, තම පවුලේ සාමාජිකයාගේ හෝ තමන්ගේ සිදුවන මෙවැනි වෙනස්කම් ගැන විමසිලිමත් වී, අවශ්‍ය අවස්ථාවේදී නිසි වෘත්තීය වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි.

2023/09/23

"නිදි ණය" ගෙවීම: නිදි මැරීමෙන් මොළයට වන හානිය පසුව නිදාගැනීමෙන් (Sleep Debt) යථා තත්ත්වයට පත්කළ හැකිද?

නින්ද සහ මොළයේ සෞඛ්‍යය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ වැදගත් විමසීමක් සහ එහි සැබෑ විද්‍යාත්මක පසුබිම විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"මම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා නිදි මැරුවාම මොළේ සෛල වලට හානියක් වෙනවා, ඒකෙන් මොළේ වයසට යනවා වගේ දෙයක් වෙනවා, ඒ හානිය නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් ඒ නින්ද නැති වෙච්ච කාලයට සමාන කාලයක් නින්ද නැවත ලබා ගත්තම ඒක හරි යනවා කියලා. මට දැනගන්න ඕන මමත් මේකේ මුල හරිය අහලා තිබ්බත්, අන්තිමට මේකේ කියලා තියෙන දේ ඇත්තක්ද කියලා. ඒ කියන්නේ 'නින්ද නැති වෙච්ච කාලය නිදා ගත්තොත් නැවත ප්‍රශ්නේ හරි යනවද?'"



මගේ අදහස්

මුලින්ම කියන්න ඕන, මේ යොමු කළ ගැටළුව ඉතා හොඳ කතාබහක් වෙනුවෙන් ආරම්භයක්. ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් ගැන විවිධ තොරතුරු සමාජ මාධ්‍ය තුළ දැන් දැන් පළ වෙනවා. ඒ අතර යාවත්කාලීන නොවූ, අර්ධ සත්‍ය හෝ ඇතැම් වාණිජ අරමුණු සහිත නොමග යවන තොරතුරුද තිබෙනවා.

අද දවසේ සෞඛ්‍ය විද්‍යාත්මක පරිසරය තුළ වැඩි පිළිගැනීමක් ඇති තොරතුරු මත පදනම්ව කරුණු කිහිපයක් මෙසේ පැහැදිලි කරමු:



1. ප්‍රමාණවත් නින්දක් නොලැබීම සමස්ත සෞඛ්‍යයටම හානිකරයි


වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්වයන් මත පදනම්ව ප්‍රමාණවත් නින්දක් නොලැබීම ස්ථිරවම පුද්ගලයාගේ සමස්ත සෞඛ්‍යයටම ඍණාත්මක බලපෑමක් ඇති කරයි. එය මොළයට පමණක් නොව, හෘද සනාල පද්ධතිය, හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු මුළු සිරුරටම කරන බරපතල බලපෑමකි.


2. මොළයේ ස්නායු සෛල සහ සමස්ථිතිය (Homeostasis) බිඳ වැටීම


කාළයක් තිස්සේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම තුළ:
  • ස්නායු සෛල මියයාම, දුර්වල වීම සහ ස්නායු අතර සම්බන්ධතා (Synapses) බිඳ වැටීම සිදුවිය හැක.
  • ස්නායු සෛල තුළ පැවතිය යුතු අභ්‍යන්තර සමතුලිතතාවය නොහොත් "සමස්ථිතිය" (Cellular Homeostasis) බිඳ වැටීම නිසා සෛලවල ආයු කාලය වේගයෙන් කෙටි වේ.



3. Glymphatic System එක හරහා මොළය "අතුපතු ගා පිරිසිදු කිරීම"


මොළය යනු අපේ දේහය තුළ වැඩිම කාර්යභාරයක් කරන, විශාල ශක්තියක් වැය කරන පද්ධතියකි. (පරිගණක ප්‍රොසෙසරයක් අධික වැඩ නිසා රත්වනවාක් මෙන්).

මේ නිසාම, මොළය තුළ නිපදවෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය සහ අතිරේක ප්‍රෝටීන අතුපතු ගා පිරිසිදු කිරීමේ සංකීර්ණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. මේ සඳහා Glymphatic System නම් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය දවස පුරාම ක්‍රියාත්මක වුවද, එය වඩාත් කාර්යක්ෂමව සහ උපරිමයෙන් සිදුවන්නේ මොළයේ සෛල විවේකීව පවතින "ගැඹුරු නින්ද" (Deep Sleep) පවතින කාල සීමාවේදීය.

🏢 සරල උපමාවක්:
කාර්යාලයක් පිරිසිදු කරන සේවකයින් කාර්යාල වේලාවෙන් පසුව (හවස 5න් පසු කාර්යාලය නිස්කලංක වූ විට) සම්පූර්ණයෙන්ම අතුපතු ගා පිරිසිදු කරන්නාක් මෙනි.

ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට මේ "පිරිසිදු කිරීමේ කටයුත්ත" නිසි ලෙස සිදු නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස:

  • කෙටි කාලීනව: පසුදා ඇතිවන දැඩි වෙහෙස, මනසේ බර ගතිය, කල්පනා කිරීමට හා තීරණ ගැනීමට ඇති අපහසුව (Brain fog).
  • දීර්ඝ කාලීනව: ඉවත් කිරීමට නොහැකි වූ විෂ අපද්‍රව්‍ය හා අසාමාන්‍ය ප්‍රෝටීන (Beta-amyloid, Tau tangles) ස්නායු සෛල අතර ගොඩගැසීමෙන් මොළයේ පෝෂණ මාර්ග අවහිර වී ඩිමෙන්ෂියාව (ඇල්සයිමර්) වැනි නැවත හැරවිය නොහැකි හානි කරා ළඟා විය හැක.



4. "නිදි ණය" (Sleep Debt) පසුව නිදාගැනීමෙන් ගෙවිය හැකිද?


ප්‍රමාණවත් නින්දක් නොලැබීමේ හානිය පර්යේෂණාත්මකව තහවුරු කර ඇතත්, නැතිවූ නින්ද වෙනුවෙන් පසුව දින ගණනක් එක දිගට වැඩිපුර නිදාගැනීමෙන් ("නිදි ණය" පියවීමෙන් / Catch-up sleep) සිදුවූ ස්නායුක හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වන බව ස්නායු විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.

  • අතීත නිදි ණය පියවීම පිණිස සෞඛ්‍යයට හානිකර වන අන්දමින් දහවල් කාලයේ හෝ දින ගණනක් අසාමාන්‍ය ලෙස වැඩිපුර නිදාගැනීමට උත්සාහ කිරීම තවත් හෝමෝන හා පරිවෘත්තීය ගැටළු ඇති කළ හැක.
  • කළ යුත්තේ "පෙර ණය පියවීම" නොව, අද දවසේ සිට දිනපතා අවම වශයෙන් පැය 7-8ක සුවදායී, ගුණාත්මක නින්දක් ලබාගැනීමට හුරුවීමයි.

5. ප්‍රායෝගිකව ගත හැකි පියවර

පසුගිය කාලයේ නිදි වැරීම නිසා සිදුවූ හානිය ගැන අනවශ්‍ය ලෙස බිය වී පසුතැවෙනවාට වඩා කළ යුතු හොඳම දේ වන්නේ:
  1. තම වයසට හා සෞඛ්‍යයට සරිලන පරිදි දිනපතා පැය 7–9ක සුව නින්දක් නියමිත වේලාවකට ලබාගැනීම.
  2. නින්දට පෙර තිර කාලය (Screens/Phones) අවම කිරීම.
  3. සවස කාලයේදී කැෆේන් (කෝපි/තේ) භාවිතය සීමා කිරීම.
  4. නිදන කාමරය අඳුරු, නිහඬ හා සුවපහසු උෂ්ණත්වයක පවත්වා ගැනීම.
  5. දහවල් කාලයේ ශාරීරික ව්‍යායාමයක හෝ ක්‍රියාශීලී කාර්යයක යෙදීම.

සමාප්තිය

දැනුවත්ව සිටීම මෙන්ම, නිවැරදි විද්‍යාත්මක දැනුම බෙදාගැනීමත් අප සැමගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයට අතිශය වැදගත් වේ.

2023/09/16

තනිවෙන්න ඉඩ දෙන්න (එපා!!!!): හුදකලාව, තනිකම සහ ඩිමෙන්ෂියා අවදානමෙන් මිදීමට මග

*"තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි..."*

අනූව දශකයේ මැද භාගයේ අජිත් ආරියරත්නයන් ගැයූ මේ සුන්දර ගීතය විටෙක තනිව හුදකලා මොහොතක අපූරු රසයක් විඳින්නට උදව් වුවද, දීර්ඝකාලීනව සිරුර හා මනස "තනිකම" නමැති පීඩාකාරී හැඟීම තුළ සිරවී සිටීම බරපතල සෞඛ්‍ය අවදානමකට මගපාදයි.



1. හුදකලාව (Social Isolation) සහ තනිකම (Loneliness): වෙනස කුමක්ද?

  • හුදකලාව (Social Isolation):
භෞතිකව විශාල පිරිසක් සමඟ නොගැටී, නිශ්ශබ්දව හෝ තමන්ගේ පාඩුවේ ජීවත්වීමයි. මෙය බොහෝ විට පුද්ගලික තෝරාගැනීමක් (Choice) විය හැකි අතර, නිවැරදිව පවත්වා ගන්නේ නම් එයින් මානසික සුවයක්ද ලැබිය හැක.
  • තනිකම (Loneliness):
තනිකම යනු හුදෙක් භෞතික තත්ත්වයක් නොව වේදනාකාරී හැඟීමකි (Distressing subjective feeling). තමන් අපේක්ෂා කරන ආකාරයේ අව්‍යාජ, ගැඹුරු හෝ ආදරණීය අන්තර්සබඳතා නොමැති වීම නිසා සිත තුළ හටගන්නා අඩුවකි.
💡 ප්‍රායෝගික සත්‍යය:
එකම නිවසේ පවුලේ සැම එකට සිටියත්, රැකියා ස්ථානයේ සිය ගණනක් වටවී සිටියත්, ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ 5000ක් සිටියත් හිතින් "මම තනිවෙලා" යන හැඟීමෙන් පීඩා විඳින බොහෝ දෙනෙකු අප අතර සිටී.

2. තනිකම සහ ඩිමෙන්ෂියා අවදානම (The 31% - 44% Risk Factor)

මෑතකාලීන ජාත්‍යන්තර සායනික පර්යේෂණ අනුව:

  • දීර්ඝකාලීනව තනිකම (Chronic Loneliness) විඳින පුද්ගලයින්ට ඩිමෙන්ෂියා තත්ත්වයක් වැළඳීමේ අවදානම 31%කින් ඉහළ යයි.
  • අමතකවීම් සහ තීරණ ගැනීමේ හැකියාවන් දුර්වල වන පූර්ව ඩිමෙන්ෂියා (Mild Cognitive Impairment - MCI) තත්ත්වයන්ට පත්වීමේ අවදානම 44%කින් ඉහළ නංවයි.

ස්නායු හා වැඩිහිටි සාත්තු සත්කාරක ක්ෂේත්‍රයේ වසර ගණනාවක වෘත්තීය අත්දැකීම් විමසීමේදීද, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන සේවාලාභීන් බහුතරයකගේ අතීත සමාජ-මානසික පසුබිම තුළ මෙම "තනිකම" ප්‍රබලව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය වේ.



3. "තනි නොවූ" සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රායෝගික පියවර 9

ගීතයේ "තනිවෙන්න ඉඩ දෙන්න" යැයි කීවද, ඔබේ මනසට දීර්ඝකාලීනව තනිවෙන්නට ඉඩ නොදී පහත පියවර අනුගමනය කරන්න:

1. තමන්ට දැනෙන හැඟීම හඳුනාගෙන පිළිගන්න

මිනිසුන් මැද සිටියත් ඔබට තනිකමක් දැනේ නම් එය වසන් නොකර අවංකව හඳුනාගන්න. තනිකම දැනීම වරදක් හෝ ලැජ්ජාවට කරුණක් නොවේ; එය වෙනසක් අපේක්ෂා කරන මනසේ සංඥාවකි.

2. පවතින සැබෑ සබඳතා ශක්තිමත් කරගන්න

ඔබට දහස් ගණනක මිතුරන් අවශ්‍ය නැත. ඔබේ සතුට-දුක බෙදාගත හැකි, හදවතින්ම ඔබ වෙනුවෙන් සිටින එකම එක හෝ දෙදෙනෙකුගේ සබඳතාවය වුවද තනිකම දුරලීමට ප්‍රමාණවත්ය.

3. සම අදහස් ඇති කණ්ඩායම් සමඟ එක්වන්න (Shared Interests)

ඔබ කැමති විනෝදාංශ, ක්‍රීඩා, කලාව හෝ අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් ඇති සමිති හා කණ්ඩායම් වලට එක්වන්න. එහිදී හමුවන අව්‍යාජ මිනිසුන් ඔබේ තනිකම මකා දමනු ඇත.

4. අසම වයස් කණ්ඩායම් සමඟද මිතුරු වන්න (Intergenerational Bonds)

ඔබේ වයසේ අය සමඟ පමණක් නොව, ඔබට වඩා වියපත් ප්‍රවීණයන් සහ තරුණ පරම්පරාව සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කරගන්න.

5. සුරතල් සතෙකු ඇති කරන්න (Pet Companionship)

සුරතල් සතෙකු වෙනුවෙන් කැපවීම, පෙරළා කිසිවක් අපේක්ෂා නොකර ලැබෙන පිරිසිදු සෙනෙහස සහ වගකීම තනිකමේ පීඩනය ක්ෂණිකව බිඳ දමයි.

6. අනෙකෙකුට උපකාර කරන්න (Altruism & Volunteering)

තවත් කෙනෙකුට උදව් කිරීමෙන්, දැනුම බෙදාදීමෙන් හෝ ස්වේච්ඡා සේවයක යෙදීමෙන් ලැබෙන මානසික තෘප්තිය හා ආත්ම අභිමානය තනිකම දුරු කරයි.

7. සමාජ මාධ්‍ය බුද්ධිමත්ව භාවිත කරන්න (Mindful Social Media)

නොදැනුවත්ව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් තුළ පැය ගණන් රැඳෙමින් අන්‍යයන්ගේ ජීවිත සමඟ සංසන්දනය කිරීම තනිකම හා විශාදය දෙගුණ කරයි. සමාජ මාධ්‍ය හුදෙක් සැබෑ දැනුම හෝ සැබෑ මිතුරු හමුවීම් සඳහා පමණක් සීමාසහිතව භාවිත කරන්න.

8. මනස නිරන්තරයෙන් සක්‍රීයව තබාගන්න

තනිකම දැනෙන විට එන අලස බවට ඉඩ නොදී, අලුත් යමක් ඉගෙනීම, ලිවීම, නිර්මාණශීලී වැඩක යෙදීම තුළින් මොළයේ සංජානන හැකියාවන් (Cognitive Reserve) උත්තේජනය කරන්න.

9. අවශ්‍ය විටෙක වෘත්තීය උපකාර ලබාගන්න

තනිකමේ වේදනාව තනිව දරාගත නොහැකි මට්ටමක පවතී නම්, මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු හෝ වෛද්‍යවරයෙකු සමඟ විවෘතව සාකච්ඡා කර උපදෙස් ලබාගන්න.

අවසන් පණිවිඩය

තනිකම යනු මානසික රෝගයක් නොවුණද, එය සීමාව ඉක්මවා සිත තුළ රඳවා තබා ගැනීම කායික, මානසික සහ අනාගත ඩිමෙන්ෂියා අවදානමට සෘජුව බලපායි. ඔබ වෙනුවෙන්, ඔබේ සෞඛ්‍ය සම්පන්න අනාගතය වෙනුවෙන් අදම තනිනොවී ජීවිතය විඳින්න!

2023/09/09

ඩිමෙන්ෂියාවෙන් ගැලවෙන්නට(?): අවදානම 45%කින් අඩුකරගත හැකි සාධක 14 සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග 10

ඩිමෙන්ෂියාව පිළිබඳ ප්‍රජාව තුළ සාකච්ඡා වන වැදගත්ම පැතිකඩක් වන්නේ, එය වළක්වා ගැනීමට හෝ පමා කරගැනීමට තරුණ/මැදි වියේ සිටම කළ හැක්කේ කුමක්ද යන්නයි.



සාමාජික යුවලකගේ විමසීම:


"වයස 38 පසුවන දෙපළක් වන අපිට අනාගතයේ ඇති විය හැකි ඩිමෙන්ෂියා තත්ත්වයක් මගහරවා හෝ වළක්වා ගැනීම සඳහා දැන් සිටම ගත හැකි ක්‍රියාමාර්ග හෝ පිළිපැදිය යුතු/පවත්වාගත යුතු ජීවන රටාව ගැන අදහසක් දැන ගැනීමට කැමතියි. අප වයසට ගිය පසු අපිව බලාගැනීමට කිසිවෙකු නොමැති වෙයි යන උපකල්පනය මත මෙය විමසන බව කාරුණිකව සලකන්න."

බොහෝ දෙනෙකු "ලෙඩ වූ පසු ප්‍රතිකාර ගැනීම" ගැන පමණක් සිතන පරිසරයක, වයස 38 වැනි තරුණ මැදි වියේදීම මෙවැනි පෙර සූදානමක් ගැන විමසීම අතිශය ප්‍රශංසනීයයි.



The Lancet Commission: ඩිමෙන්ෂියා අවදානම 45%කින් අඩුකරන සාධක 14 (Modifiable Risk Factors)

ජාත්‍යන්තර ඩිමෙන්ෂියා පර්යේෂණ අනුව (The Lancet Commission on Dementia Prevention, Intervention, and Care), ඩිමෙන්ෂියා රෝග තත්ත්වයන්ගෙන් 45%ක් පමණ පහත සාධක 14 පාලනය කරගැනීමෙන් වළක්වා ගැනීමට හෝ සැලකිය යුතු ලෙස පමා කරගත හැක:

1. ළමා වියේදී නිසි පාසල් අධ්‍යාපනයක් ලැබීම

ළමා වියේදී අධ්‍යාපනය, පරිකල්පනය හා නිර්මාණශීලීත්වය තුළින් මොළයේ Cognitive Reserve (සංජානනීය සංචිතය) ඉහළ මට්ටමක ගොඩනැගේ. ශක්තිමත් Cognitive Reserve එකක් පැවතීම වියපත් වීමේදී ඩිමෙන්ෂියා සීමාවට පත්වීම පාලනය කරයි. ළමා වියේ මානසික කම්පන, යුද්ධ හෝ දෙමාපියන්ගෙන් අනපේක්ෂිත ලෙස වෙන්වීම් Cognitive Reserve එක දුර්වල කිරීමට බලපාන බව නිරීක්ෂණය වේ.

2. ශ්‍රවණාබාධ සඳහා ප්‍රතිකාර ලබාගැනීම (Hearing Loss)

ශ්‍රවණ හැකියාව ඩෙසිබල් 10කින් අඩුවී ප්‍රතිකාර නොලබා සිටීමෙන් ඩිමෙන්ෂියා අවදානම 10%කින් පමණ ඉහළ යයි. ශ්‍රවණාධාරක (Hearing aids) භාවිතය මෙම අවදානම වළකයි.

3. රුධිරයේ අධික LDL කොලෙස්ටරෝල් මට්ටම පාලනය

අධික LDL කොලෙස්ටරෝල් මොළයේ ක්ෂුද්‍ර රුධිර නාල අවහිර කරන අතර, මොළයේ සෛල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට බාධා ඇති කරයි.

4. විශාදය (Depression) සඳහා නිසි ප්‍රතිකාර

දීර්ඝකාලීන මානසික අවපීඩනය මොළයේ සෛල හා හෝමෝන සමතුලිතතාවයට හානි කරයි. නිසි මනෝචිකිත්සීය හා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය.

5. හිසට වන අනතුරු වළක්වා ගැනීම (Traumatic Brain Injury)

ක්‍රීඩා, අනතුරු හෝ වැටීම් නිසා හිසට වන තුවාල ඩිමෙන්ෂියා අවදානම ඉහළ නංවයි. ආරක්ෂිත හිස්වැසුම් (Helmets/Seatbelts) භාවිතය වැදගත්ය.

6. අක්‍රීය ජීවන රටාවෙන් මිදීම (Physical Inactivity)

සතියකට අවම වශයෙන් විනාඩි 150ක මධ්‍යම ප්‍රමාණයේ කායික ව්‍යායාමයක් (Moderate-intensity aerobic activity) මොළයේ රුධිර ගමනාගමනය සහ ස්නායු වර්ධක ප්‍රෝටීන ඉහළ නංවයි.

7. දියවැඩියාව පාලනය කිරීම (Diabetes Management)

විශේෂයෙන්ම තරුණ මැදි වියේදී (Midlife) හටගන්නා දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම මොළයේ ක්‍රියාකාරිත්වයට සෘජුව බලපායි. ඇතැම් පර්යේෂකයින් ඇල්සයිමර් තත්ත්වය "Type-3 Diabetes" ලෙසද හඳුන්වන්නේ මේ නිසාවෙනි.

8. දුම්පානයෙන් වැළකීම (Smoking)

සක්‍රීය දුම්පානය මෙන්ම ද්විතීයික දුම්පානයද (Passive smoking) මොළයේ සෛල ක්ෂය වීම වේගවත් කරයි.

9. අධි රුධිර පීඩනය පාලනය (Hypertension)

මැදිවියේදී අධි රුධිර පීඩනය පාලනය කර නොගැනීම මොළයේ සනාල හානි (Vascular damage) ඇති කරයි.

10. අධික තරබාරුව (Obesity)

ශරීරයේ හෝමෝන අසමතුලිතතා සහ දැවිලි තත්ත්වයන් (Systemic inflammation) ඇති කරන බැවින් නිරෝගී BMI හා Waist-to-hip අනුපාතයක් පවත්වා ගැනීම වැදගත්ය.

11. මත්පැන් අධික ලෙස භාවිතය (Excessive Alcohol)

අධික මත්පැන් භාවිතය අක්මාවට සහ මොළයට හානි කරමින් Alcohol-related Dementia සහ Korsakoff Syndrome වැනි තත්ත්වයන් කැඳවයි.

12. සමාජීය හුදකලා බවින් මිදීම (Social Isolation)

සමාජයෙන් වෙන්ව හුදකලා වීම මොළයේ සංජානන සංචිතය වේගයෙන් හීන කරයි.

13. වායු දූෂණයෙන් ආරක්ෂා වීම (Air Pollution)

වාතයේ ඇති ක්ෂුද්‍ර අංශු (PM2.5) සහ විෂ වායු මොළයේ අහිතකර ප්‍රෝටීන තැන්පත්වීම වේගවත් කරයි.

14. ප්‍රතිකාර නොකළ දෘශ්‍යාබාධ (Vision Loss)

ඇස් පෙනීම දුර්වල වූ විට නිසි අක්ෂි පරීක්ෂණ කර ඇස් කණ්ණාඩි හෝ ශල්‍යකර්ම මගින් පෙනීම යථා තත්ත්වයට පත්කර නොගැනීම සංජානන උත්තේජනය හීන කරයි.

ඩිමෙන්ෂියාවෙන් මිදීමට අපට කළ හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග 10

  1. Cognitive Reserve නිරන්තරයෙන් ඉහළ නංවාගන්න:
කියවීම, සැලසුම් සහිතව ලිවීම, අලුත් භාෂාවක් හෝ සංගීත භාණ්ඩයක් ඉගෙනීම, ගැටළු විසඳීම, Dual-Task Activities (WWT) වල යෙදීම.
  1. ක්‍රමවත් ශාරීරික ව්‍යායාම:
සතියකට විනාඩි 150ක් වේගයෙන් ඇවිදීම, පිහිනීම, පාපැදි පැදීම, සමබරතාවය හා ශක්තිය වඩවන ව්‍යායාම.
  1. සමාජ සබඳතා සක්‍රීයව පවත්වා ගැනීම:
මිතුරන්, පවුලේ අය සහ ස්වේච්ඡා කණ්ඩායම් සමඟ අර්ථවත් කතාබහ හා චිත්තවේගීය බැඳීම් පවත්වාගෙන යාම.
  1. මොළයට හිතකර පෝෂණය (MIND Diet):
එළවළු, පලා වර්ග, ධාන්‍ය, ඔලිව් තෙල්, බෙරි වර්ග සහ මත්ස්‍ය ආහාර වැඩි කරමින් සීනි සහ අධික මේදය අඩුකිරීම.
  1. සුවබර රාත්‍රී නින්දක් (7-9 Hours):
මොළයේ පරිවෘත්තීය අපද්‍රව්‍ය (Glymphatic clearance) ඉවත් වීමට අඳුරු, නිහඬ කාමරයක සුව නින්දක් ලබාගැනීම.
  1. වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ හා කල්තියා හඳුනාගැනීම:
රුධිර පීඩනය, සීනි, කොලෙස්ටරෝල්, පෙනීම සහ ඇසීම නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම.
  1. පාරිසරික විෂ හා දුමාරයෙන් ඈත්වීම:
වාහන තදබදයේදී වීදුරු ආවරණය කර Cabin Filter හා Air Recirculation භාවිතය.
  1. යහපත් මානසික සෞඛ්‍යයක් රැකගැනීම:
මානසික ආතතිය, විශාදය හෝ කාංසාවන් සඟවා නොගෙන කල්තියා මනෝ උපදේශන හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම.
  1. තාක්ෂණය බුද්ධිමත්ව භාවිතය:
මනස උත්තේජනය කරන, සංවිධානය පහසු කරන යහපත් මෙවලමක් ලෙස තාක්ෂණය භාවිත කරමින් අධික තිර කාලයෙන් (Screen time) මිදීම.
  1. ආර්ථික හා නීතිමය ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම:
අනාගත සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඉතිරි කිරීම්, රක්ෂණ සහ සැලසුම් සකස් කරගෙන මානසික සැහැල්ලුව පවත්වා ගැනීම.

"අපි වයසට ගිය පසු බලාගන්න කෙනෙක් නැතිවෙයිද?"

යම් පුද්ගලයෙකුට අනාගතයේදී ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇති වුවද, අද ලෝකය පුරා සාත්තු සත්කාරක ක්‍රමවේද (Specialized Memory Care, Adult Day Programs, Assisted Living) අතිශය දියුණු මට්ටමක පවතී. පවුලේ අයෙකු නොවුවද, රෝගය පිළිබඳ මනාව පුහුණුව ලත් වෘත්තිකයින්ගේ සහයෝගය ලැබීම බොහෝ විට රෝගියාට වඩාත් ආරක්ෂිත සහ සුවපහසු විය හැක.

එබැවින් අනාගතය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගෙන, සැලසුමක් සහිතව, සීමා කළ හැකි අවදානම් සාධක වලින් වැළකී, වර්තමාන මොහොත සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න!

2023/09/02

වෙව්ලීම සහ ඩිමෙන්ෂියාව: හේතු, රෝග ලක්ෂණ සහ සාත්තු සත්කාරයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ඩිමෙන්ෂියා තත්ත්වයක් සමඟ ජීවත්වන වැඩිහිටියෙකුගේ ශරීරයේ ඇතිවන වෙව්ලීම (Tremors) පිළිබඳව ප්‍රජාවෙන් යොමු වූ වැදගත් සාකච්ඡාවකට ප්‍රායෝගික හා සායනික කරුණු විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"ඩිමෙන්ෂියා රෝගියෙකුගේ ශරීරය වෙව්ලීමට හේතු මොනවාද? ප්‍රතිකාර කරත් එය විටින් විට මතුවනවා. වෛද්‍යවරුන්ටද මෙය පාකින්සන් රෝගයද යන්න නිශ්චිතවම කීමට අපහසුයි. මෙම රෝග ලක්ෂණ තියෙන ඩිමෙන්ෂියා රෝගීන් ඉන්නවාද?"



1. රෝග ලක්ෂණ නිරීක්ෂණයේ වැදගත්කම (Observation & Evidence)

ඩිමෙන්ෂියා හෝ ආශ්‍රිත ස්නායුක තත්ත්වයන් නිවැරදිව විනිශ්චය කිරීමට වෛද්‍යවරයාට පමණක් තනිව අපහසුය. එහිදී පවුලේ සාමාජිකයන් සහ සාත්තු සපයන්නන් ලබාදෙන දිනපොත් සටහන් (Log/Diary) සහ නිරීක්ෂණ අතිශය තීරණාත්මක වේ.

වෙව්ලීම (Tremor) නිරීක්ෂණය කළ යුතු ආකාරය:

  • ස්වභාවය: අතක, පයක හෝ මුළු සිරුරේම පවතින ගැස්මක්ද?
  • රටාව: එකම රිද්මයකට සිදුවන පැද්දීමක්ද (Rhythmic tremor)?
  • විවේකයේදී (Resting tremor): කිසිදු කාර්යයක නොයෙදී විවේකයෙන් සිටින විටත් අතැඟිලි කරකවන චලනයක් (Pill-rolling tremor) ලෙස පවතීද?
  • වෙහෙස/කාර්යයේදී (Action/Intention tremor): යමක් අල්ලන්නට යන විට හෝ වෙහෙස වූ විට වැඩි වේද?
  • එක්පැත්තක්ද (Unilateral vs. Bilateral): ශරීරයේ එක් පැත්තක පමණක් පටන් ගෙන අනෙක් පැත්තට වඩා පැහැදිලි වෙනසක් පෙන්වයිද?
  • කාල සීමාව: එක දිගටම පවතීද? නැතහොත් මාස කිහිපයකට වරක් විනාඩි 15-20ක් පමණ මතු වී නැතිවී යන රටාවක්ද?
💡 ප්‍රායෝගික උපදෙස: මෙවැනි වෙව්ලීමක් මතුවන අවස්ථාවේදී අදාළ ප්‍රදේශය මෙන්ම සම්පූර්ණ පුද්ගලයාම පෙනෙන පරිදි ඔබේ ජංගම දුරකථනයෙන් කෙටි වීඩියෝවක් (Video recording) ලබාගන්න. වෛද්‍යවරයාට රෝග තත්ත්වය පැහැදිලි කිරීමට එය වචන සිය ගණනකට වඩා ප්‍රබල සාක්ෂියකි.

2. වෙව්ලීමට හේතුවිය හැකි ප්‍රධාන ඩිමෙන්ෂියා හා ස්නායුක තත්ත්වයන්

(අ) Parkinson's Disease Dementia (PDD)

  • බොහෝ විට විවේකයේදී පවා පවතින (Resting tremor), ඇඟිලි කරකැවීම වැනි Pill-rolling tremor බහුලව දැකිය හැක.
  • මුල් අවධියේදී ශරීරයේ එක් පැත්තක (Asymmetric) වඩාත් ප්‍රබලව මතුවේ.

(ආ) Lewy Body Dementia (LBD)

  • විවේකයෙන් සිටින විට ක්ෂණිකව හඳුනාගැනීමට අපහසු විය හැකි අතර, ලක්ෂණ "ඇති නැති වන" (Fluctuating) රටාවක් පෙන්වයි.
  • සමහර විට මාස කිහිපයකට වරක් විනාඩි 20ක් වැනි කෙටි කාලයකට මතු වී පසුව සාමාන්‍ය තත්ත්වයට පත්විය හැක.

(ඇ) Vascular Dementia (VaD) / TIA (Transient Ischaemic Attacks)

  • මොළයේ රුධිර නාල වල සිදුවන ක්ෂුද්‍ර අවහිරතා හෝ තාවකාලික ආඝාත (Mini-strokes) නිසා වෙව්ලීමකට වඩා ක්ෂණික ගැස්මක් (Jerks/Twitches) ලෙස මතු විය හැක.

(ඈ) Essential Tremor

  • ඩිමෙන්ෂියා තත්ත්වයක් නොවන ස්වාධීන ස්නායුක තත්ත්වයකි. යමක් අතට ගන්නා විට (Action tremor) බහුලව මතු වේ.

(ඉ) Partial Seizures (අපස්මාරයේ සුළු අවස්ථා)

  • සාමාන්‍ය මහා අපස්මාරය නොවී, ශරීරයේ එක් අවයවයක හෝ කොටසක සුළු වෙව්ලීමක් ලෙස මතු වී නැතිවී යන අවස්ථා තිබිය හැක.

3. වෙනත් ශාරීරික හා ඖෂධීය හේතු (Non-dementia Causes)

  1. ඖෂධ අතුරු ආබාධ (Drug-Induced Tremors):
ඩිමෙන්ෂියාව, මානසික ආතතිය හෝ ස්නායුක රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධවල බලපෑම නිසා අතුරුඵලයක් ලෙස වෙව්ලීම මතුවිය හැක.
  1. ඉලෙක්ට්‍රොලයිට් අසමතුලිතතා සහ විජලනය (Electrolyte Imbalance & Dehydration):
ආහාර හා ජලය නිසි පරිදි නොගැනීම, වමනය, පාචනය, වකුගඩු හෝ අක්මා ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිසා රුධිරයේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් ලවණ අසමතුලිත වීමෙන් වියපත් ශරීරයක ක්ෂණික වෙව්ලීම් හටගනී.
  1. රුධිර සීනි මට්ටම පහත වැටීම (Hypoglycemia):
දියවැඩියාව සඳහා ඖෂධ ගන්නා අයගේ සීනි මට්ටම හදිසියේ පහත වැටුණු විට දහඩිය දැමීම සමඟ වෙව්ලීම හටගනී.

4. වෛද්‍ය විනිශ්චය පමා වන්නේ ඇයි?

නියුමෝනියාවක් හෝ සරල උණක් හඳුනාගන්නවාක් මෙන් ස්නායුක රෝග ක්ෂණිකව තනි පරීක්ෂණයකින් තහවුරු කළ නොහැක. ඒ සඳහා:

  • රෝග ලක්ෂණවල කාලීන වෙනස්කම් නිරීක්ෂණය කිරීම.
  • රුධිර පරීක්ෂණ (Blood work) සහ ඉලෙක්ට්‍රොලයිට් පරීක්ෂා කිරීම.
  • මොළයේ විද්‍යුත් තරංග (EEG), MRI / CT ස්කෑන් පරීක්ෂණ.
  • ඖෂධ මාත්‍රාවන් සකස් කරමින් (Trial and error adjustment) ලැබෙන ප්‍රතිචාර අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ.



සමාප්තිය හා සාත්තු සත්කාරක උපදෙස්

වෙව්ලීමක් දුටු සැණින් අනවශ්‍ය ලෙස කලබල නොවී, රෝග ලක්ෂණ සහ වේලාවන් සටහන් කරගන්න (හෝ වීඩියෝවක් ගන්න). තැනින් තැනට වෛද්‍යවරුන් මාරු කරනවාට වඩා, එකම විශ්වාසවන්ත ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකු සමඟ නිරන්තර සබඳතාවයකින් යුතුව පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් සුබදායකය.

2023/08/31

මට, මාව පරිස්සම් කරල දෙන්න

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)

පළමු හමුවීම: දවස සිකුරාදා

සිදුවීම: සේවාලාභියෙකු සමඟ පළමු හමුවීම (Intake & Assessment)

"මට ඒ සිදුවීම හොඳට මතකයි... අපි හිම කන්ද පහළට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුණා. අන්තිමට මට මතක මාව අන්ධ වුණා වගේ හැඟීමක්... ඊට පස්සේ වුණු දේ ගැන හරි මතකයක් නෑ."

මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ තරුණ කොළු ගැටයා කියාගෙන යයි.

"හ්ම්... ඒ තමයි එයා ස්කී-ඩූ (Ski-doo / Snowmobile) ගිය අවසාන දවස. මාස හතරක් රෝහලේ හිටියා. ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේරගන්න..." ඔහු සමඟ පැමිණි අම්මා කතාව මැදට එකතු වූවාය.

"මගේ පෙම්වතියත් එයින් තුවාල වුණාලු. ඒත් දැන් එයා සුවෙන්... ඒක මට සතුටක්. ඒත් මට එයාව තව කොයිතරම් කාලයක් මතක තියේද, හඳුනාගන්න පුළුවන් වේවිද කියන බය තමයි මට තියෙන්නේ..." ඔහුගේ ඇසේ කඳුළක සේයාවක් මතු විය.

"දැනටමත් මාව වෙන කවුරු හරි කියලා හඳුනාගන්න අවස්ථා බොහෝමයි. මෙයාගේ වෛද්‍ය කණ්ඩායම නම් කියන්නේ, අමතක වීම ශීඝ්‍ර වන වේගය අනුව, හුඟ කාලයක් මතකය රඳවා ගන්න අපහසු වේවි කියලා..." අත තිබුණු ටිෂූ එකෙන් ඇස් අග පිසදාන ගමන් අම්මා පැවසුවාය.



"ජීවිතේ කියන්නේ ඒ මතක..."

හමුවීම සාර්ථකව නිමාවට පත් විය. සේවා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ බැවින් ඔහු අපගේ වැඩසටහන තුළට ඇතුළත් කරගන්නා ලදී.

"ඔයා අපත් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?" සේවාලාභියාගේ අවශ්‍යතාවය, කැමැත්ත සහ අවබෝධය පිළිබඳ කරන විමසීම වෙනුවෙන් අවසන් ප්‍රශ්නය මා ඇසුවෙමි.

"මගේ සෞඛ්‍ය කණ්ඩායම තමයි මේ වැඩසටහනට මාව යොමු කළේ. මම දන්නේ නෑ එයාලගේ අරමුණු මොනවාද කියලා... මට නම්, මගේ මතකයේ තියෙන මේ සුන්දර මතකයන් ටික තව ටික කාලයක්වත් රඳවා ගන්න පුළුවන් නම්... වැඩියෙන්ම මට මගේ පවුලේ අය, මගේ ආදරවන්තිය, ඇගේ සිනහව, ඒ උණුසුම මතකයේ තව කාලයක් තියාගන්න පුළුවන් නම් ඒ ඇති..."

ඔහු මොහොතක් නතර විය.

"මං දන්නවා මගේ ජීවිත ගමන හුඟක් දුර නෑ කියලා... ඒත් මට ජීවිතේ කියන්නේ ඒ මතක... ඒ ටික පරිස්සම් කරගන්න මට උදව් දෙන්න..."

එතෙක් හිත තද කරගෙන සිටි මේ තරුණ දරුවාගේ කම්මුල් දිගේ කඳුළු වැලක් ගලා හැලුණි.

"ඔව් පුතා... එන්න අපිත් එක්ක මේ ක්‍රියාකාරකම් වල යෙදෙමු. අපි උපරිමයෙන් උත්සාහ කරමු ඒ සුන්දර මතකයන් තවත් කාලයක් රඳවා ගන්නට..." මගේ අත තදින් අල්ලා සිටි ඔහුගේ හැඟීමට ඉඩ දෙමින් මම කෙටි පිළිතුරක් දුන්නෙමි.



"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

මේ සියල්ල ඉදිරියේ සිත් ශක්තිමත් කරගෙන සිටි අම්මාත්, දරුවාත් හමුවීම නිමවා ආයතනයෙන් නික්ම යද්දී මාද ඔවුන් සමඟ එළියට පැමිණියෙමි. අම්මාගේ අත අල්ලාගෙන, තරමක අසමබර පා තැබීමකින් යන මේ උස මහත තරුණ දරුවාගේ චර්යාව දෙස මම බලා සිටියෙමි.

"මට ලබන සතියෙම එන්න පුළුවන්නේද?" මා පසුපසින් එන බව දුටු ඔහු නැවතී විමසුවේය.

"ඔව් පුතා..." මට කියැවිණි. "ඔයාට තවත් හරියටම දවස් පහකින් අපිත් එක්ක එකතු වෙන්න එන්න පුළුවන්." හිතේ බරටම වෘත්තීය සීමාවන් තරමක් බිඳී ගිය බව මට වැටහුණේ මොහොතකට පසුවය.

අම්මාගේ අතින් මිදුණු ඔහු ක්ෂණිකව මා වෙතට පැමිණියේය.

"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

තදින් මා වැළඳගත් මේ තරුණ දරුවා මගෙන් කළ ඒ බරසාර ඉල්ලීම මුළු හදවතම හිරිවට්ටවාලීය.

හිමේ සීතල වගේම හිරුගේ උණුසුමත් මොහොතකට විඳි මා, නැවතත් වැඩසටහන් පරිශ්‍රය තුළට පැමිණියේ මගේ දරුවන්ගේ වයසේ සිටි මේ තරුණ දරුවා කී වැකි දෙක හදවත තුළ දෝංකාර දෙද්දීය:

"ජීවිතේ කියන්නේ ඒ මතක..."
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."