2014/01/17

151) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී

අද කතා කරන්න යන මාතෘකාව ටිකක් සංකීර්ණයි , මට ඔබට විතරක් නොවෙයි මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය පර්යේෂකයන්ට පවා තවමත් හරි හැටියටම කියා ගන්න අමාරු රෝග තත්ත්වයක් , ඇත්තම කීවොත් ලෙඩ මල්ලක් (syndrome) තමයි මේ “සුවිශේෂී කම්මැලිකම“ ...තද කම්මැලි කමක් , එදිනෙදා කරන්න ඕන වැඩ ටිකවත් කරගෙන යන්න බැරි තරම් , මහන්සි , වැටුනු තැනින් නැගිට ගන්න බැරි , ඇඟ පත තලල දාල වගේ රිදෙන මේ “භයානක ලෙඩේ“  කොයි තරම් භයානකද කියනවා නම් , ලෙඩේට නම් ගොඩයි , Myelgic Encephalomyelitis , Chronic Fatigue Immune Disfunction Syndrom  , Chronig Fatigue Syndrome ...ඔය වගේ එකිනෙකට ආසන්න නම් ගණනාවකට හිමිකම් කියන මේ අසාමාන්‍යතාවය ගැනයි අද කතා කරන්නේ .