2016ත් උදා වුනා ලැබුවා වූ නව වසර සුව සතුට පිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සැමට !අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත් , පහුගිය වසර ගෙවුනේ “හරිම ඉක්මණට“ . ටොරොන්ටෝවේ ගත කළ කාළයට සමු දීලා සස්කචුවාන් පළාතට කිලෝමීටර් 3000ක් විතර දුර ගෙවාගෙන බඩු මුුට්ටුත් කද බැද ගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා , ඒ 2014 දෙසැම්බර් 25දා . අවුරුද්දකට පස්සේ වුනත් ඒ දවස මේ අද ඊයේ වගේ මතකයි.